එක්සත් ජනරජ පෙරමුණ-ගාළු දිසාව United Republican Front-Galle
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from එක්සත් ජනරජ පෙරමුණ-ගාළු දිසාව United Republican Front-Galle, Political Party, No. 46, Baddegama Road, Hikkaduwa, Galle.
30/03/2024
27/03/2024
25/03/2024
සුනිල් විමලසූරිය යනු මගේ ජීවිතයේ හමු වූ අපූර්වතම මිනිසෙකි. හොඳ ගුරුවරයෙකි, සටන් සගයෙකි, වෘත්තීයවේදියෙකි, දශක දෙකහමාරක් අප හා විශ්වාසයෙන් බැඳී කටයුතු කළ, ගරු කටයුතු මහත්මයෙකි.
සුනිල් විමලසූරියගෙන් මා උගත් දෑ බොහෝය. වෘත්තියෙන් නාවුුක ඉංජිනේරුවරයෙකු වූ ඔහු ලෝකයේ නාවුක ක්‍රියාවලිය සිදුවන ආකාරය ගැන මට පැහැදිලි කර දුන්නේ දශක දෙකහමාරකටත් පෙරය. නාවුක ඉතිහාසය, විශේෂයෙන් පෘතුගීසි, ලන්දේසි, ඩෙන්මර්ක්, ප්‍රංශ, ඉංග්‍රීසි නාවුක ක්‍රියාවලියන් පිළිබඳව ඔහුට තිබුණේ අපමණ දැනුමකි. ඔහුගේ පවුලට අයත් පැරණි නිවස තිබුනේ කොළඹ වරායට ආසන්නයේ මට්ටක්කුලියේය. ෂෙන් හෝ (චීන) ආගමනයෙන් හා කෝට්ටේ රාජධානිය පිහිටුවීමෙන් (ක්‍රි.ව.1412) පසුව කොලොම් ගඟ හා කැලණි ගඟ ආශ්‍රිතව, කොළොම්තොට වරායක් ලෙස සංවර්ධනය වූ ආකාරය ගැන ඔහුට කදිම ජීවන අත්දැකීමක් සහිත දැනුමක් තිබිණි. කිඹුලාඇළ ප්‍රදේශය අද පැල්පත්වලින් ගහන වී ගියද, සියවස් ගණනකට පෙර වරාය ආශ්‍රිත ප්‍රභූවරුන්ගේ වාසස්ථානය වී තිබූ අතර, විමලසූරිය අයත් වූයේද එම ප්‍රභූ පවුල් වලටය. මා, මහ නගර ඇමතිව සිටියදී (2016 – 2019) සුනිල් මට ලබා දුන් අදහසක් අනුව, කිඹුල ඇළ ප්‍රදේශයේ පැල්පත් වාසීන්ට නව නිවාස ලබාදී, තොට ළඟ පාලමේ සිට කැලණි මුව විට දක්වා දිවෙන ජලාශ්‍රිත වරාය නගරයක් සැලසුම් කිරීමට, එවකට අප යටතේ සේවය කළ අද්මිරාල් ජයකොඩිට (Maritime City Project) භාර කළෙමි. එහි සැලසුම සුනිල් අතින් තවත් වර්ණවත් විය. එහි නිවාස තැනීම සඳහා චීන රජය ( නිවාස 2,000 කට ) පරිත්‍යාගයක්ද කළේය. අවාසනාවකට ව්‍යාජ විරුවෙක් ගෙන ඒමට කළ, මාධ්‍ය කූට නාටකය (2019 ජනාධිපතිවරණය) එකී කැලණි ගඟ ආශ්‍රිතව නව නගරය සමඟ තවත් බොහෝ දේ රටට අහිමි කලේය.
සුනිල් විමලසූරිය මහතාට අයත් පැරණි නිවස බිඳ වැටුණු විට, වසර සීයකට අධික කාලයක් එහි තිබූ, බුරුම තේක්ක ලී තොගයක් ඔහු මට පරිත්‍යාග කළේය. ඒවා මගේ හෝමාගම නිවසට යොදාගත් අතර පැරැණි ඇණ ඉවත්කළ විට හා වරක් යතු ගෑවිට පෙනී ගියේ ඒවා නවීන තේක්ක ලී වලටම බෙහෙවින් සමාන බවය. ලොවේ මුලින්ම Metal detector බිහි වූයේ, පරිහරණය කරන ලද ලී වල පැරණි ඇණ ඉවත් කිරීමට පෙර එය දැනගැනීමට බව මා උගත්තේ ද ඔහුගෙනි.
සුනිල් විමලසූරිය පවුලට (අම්බලන්ගොඩ) විශාල ඉඩම් ප්‍රමාණයක් ඇල්පිටිය ප්‍රදේශයේ තිබිණි. ඒවා සමාජවාදීන් විසින් ජනසතු කිරීම ගැන ඔහුට කිසිදු කණගාටුවක් හෝ වෛරයක් නොවීය. ඔහු තමාට ඉතුරු වූ අක්කර 50 වනයට පූජා කළේය. වසර 30 ක් ඇතුළත සිංහරාජයටත් වඩා ජෛව විවිධත්වයක් සහිත වන තීරයක් ස්වභාවිකව නිර්මාණය කරන්නට ඔහුට හැකි විය. ඔහු ඒ සඳහා කිසිදු ප්‍රචාරයක් නොකළද, බොහෝ පර්යේෂකයෝ ඔහුගේ ඒ වන ප්‍රජාව සිය ගවේෂණ සඳහා යොදා ගත්හ.
සුනිල් විමලසූරිය මහතා සිය ප්‍රදේශයේද (මට්ටක්කුලිය) වෙරළ සංරක්ෂණයට කැපවිය. කාක දූපත අසල වෙරළ උද්‍යානය අප අමාත්‍යාංශය ස්ථාපිත කළ විට, ඔහු තරම් සතුටු වූ අයෙක් නැති තරම්ය.
ඔහු ක්‍රිස්තියානි බැතිමතෙක් විය. ලෝකප්‍රකට පරිසර විනිසුරුවරයෙක් වූ වීරමන්ත්‍රී මහතා මෙන්ම, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පවුලද ඔහුගේ ඥාතීන් විය. ඔහු කිසිවිටෙක ධර්මය ජාතික මෙහෙවරකදී පටලවා ගත්තේ නැත. ඔහුගේ පුත්‍රයෙකු හදිසියේ අභාවප්‍රාප්ත වූ විටද ඔහුගේ නොසෙල්වෙන ආත්ම ශක්තිය කා හටත් දැක ගත හැකි විය.
අහිංසකයන් ඝාතනය කළ ත්‍රස්තවාදයට එරෙහිව සිය ධනය, ශ්‍රමය කැප කළ ඔහු, ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු, උතුරෙන් පළාවුත්, වත්තල හා උතුරු කොළඹ පදිංචිව සිටි දෙමළ ජනයාට හැකි සෑම අයුරින්ම උපකාර කළේය. නාගරික පැල්පත් වාසීන් සඳහා අප විසින් ක්‍රියාත්මක කළ (මහින්ද රාජපක්ෂ සමයේ අරඹන ලද) නාගරික පුනර්ජීවන ව්‍යාපාරයේ ඔහු ද ගරු උපදේශකයකු විය.
ඔහු මට නිතර කීවේ මෙකී ව්‍යාපෘතිය හරහා පාක්ෂිකයන්ට හා හිතවතුනට නිවාස ලබාදී, ඡන්ද පදනම තර කර නොගන්නා ලෙසය. එමෙන්ම ඊළඟ මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තු නොවන ලෙසය. (2020 අගෝස්තුවේදී එය එසේම විය.) නමුත් කවදා හෝ ඔවුන්ගේ ඊළඟ පරපුර අධ්‍යාපනය ළඟා කරගත්විට පුරෝගාමීන් සිහිකරනු ඇති බවය. සිංගප්පූරුවේ මේ පිළිබඳව අත්දැකීමද ඔහු මට පැහැදිලි කර දුන්නේය.
ඉතින් සුනිල් විමලසූරිය මහතා නික්ම ගොසිනි. සුදු උස පැහැබර සිනාවකින් යුතුව, සැමවිටම අප සමග සිටි ඔහු නැවත නොඑනු ඇත. ඇතැම් විට මෙවැනි පරහිතකාමී මිනිසුන්ගේ අවසාන පරම්පරාව ඔහුගේ පරම්පරාවද විය හැකිය. ලෝකයේ ඕනෑම රටක පදිංචි වීමට හැකියාව තිබියදී නාගරික මට්ටක්කුලියත්, සියතින් නිමකල ඇල්පිටියේ මහ කැලෑවත් අතර ජීවත් වූ ඔහුට, මිනිස් ජීවිත පිළිබඳව තිබූ අවබෝධය නිමකළ නොහැක.
සුනිල් විමලසූරිය මහතාට මොක්සුව පතන්නෙමු.
- පාඨලී චම්පික රණවක -
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
No. 46, Baddegama Road, Hikkaduwa
Galle
