Chief Secretariat Southern Province

Chief Secretariat Southern Province

Share

Chief Secretariat - Southern Province, Galle, Sri Lanka

01/06/2026

පිලිවෙතින් පෙළ ගැසී - සම්බුදු තෙමගුල සමරමු

බුද්ධ වර්ෂ 2570 වැනි වෙසක් සැමරුමට සමගාමීව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලබන කාව්‍යමය ධර්ම දේශනා පිංකම ජුනි මස 01 සදුදා ප.ව.2.30 ට ප්‍රධාන ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී....

දේශකයාණෝ:
ගා/සුධර්මා විද්‍යාලයේ ආචාර්ය,
රෑපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක,
කාව්‍ය ශ්‍රී පූජ්‍ය කිරම සුභාහු ස්වාමීන් වහන්සේ

31/05/2026
31/05/2026

2026 ජූනි මස 01 දින සිට ගාල්ල සිට ගිංතොට හරහා මොල්ලිගොඩ දක්වා සීමා වී තිබූ බස් රථ සේවාව, වක්වැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය දක්වා දීර්ඝ කිරීමට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර ඇත.

එමගින් අම්බලන්ගොඩ, හික්කඩුව ආදී ප්‍රදේශවල සිට පැමිණෙන පිරිසට ගිංතොට හන්දියේ සිට පුහුණු ආයතනය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන අතර, කාලය හා මුදල් ඉතිරි කර ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත.

තවද මාතර ආදී ප්‍රදේශ වෙත කොළඹ–මාතර මාර්ගය හරහා ගමනාගමන ප්‍රවේශය ලබා ගන්නා පිරිසටද මෙය තවත් වැදගත් අවස්ථාවක් වනු ඇත.

29/05/2026

⚡ බලශක්තිය කළමනාකරණය කරමු - රටම දිනවමු! 🇱🇰

රටේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන 'සුරකිමු ලංකා' ජාතික මෙහෙයුමට අපේ දායකත්වය ලබා දෙමු.

*ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය*🇱🇰

28/05/2026

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢

ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම සියලූම සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොසිල ඉන්ධන මත අධික ලෙස රඳා පැවතීම, අහිතකර කාලගුණය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවිධිමත් විදුලි භාවිතය නිසා ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර ජනනය වන කාලසීමාවන් තුළ විදුලිය පරිභෝජනය කිරීමට මහජනතාව යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වඩාත් ත්‍රීව ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
-----------------------------------------------
*ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය*🇱🇰

27/05/2026

දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව


27/05/2026

ස්වභාවදහමට හිතකාමී උතුම් දානයක්
මෙවර වෙසක් දන්සල - ප්ලාස්ටික්වලින් තොරව🙏💚

🛑කැන්ද කොළ / නෙළුම් කොළ – කෙටි ආහාර සඳහා 🍽️
🛑කෙසෙල් කොළ – ප්‍රධාන ආහාර බෙදීම සඳහා 🍌
🛑කඩදාසි කෝප්ප – පාන වර්ග බෙදීම සඳහා ☕

පින් පුරවාගන්නා දන්සල, පරිසරය වනසන තැනක් වීමට ඉඩ නොදෙමු!

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Galle

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15