2025 කියවීම් මාසයට සමගාමීව "පුනරුදයක් සදහා කියවමු" තේමාකොට ගනිමින් ගාල්ල මහා නගරසභාව හා ආචාර්යය රිචර්ඩ් පතිරණ පුස්තකාලය මගින් සංවිධානය කළ අන්තර්පාඨශාලීය සාහිත්‍ය හා විවාද තරඟාවලියේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අද (26) දින ගාල්ල නගරශාලාවේදී පැවැත්විණි.
GMC ICT&Media
Official page of Galle Municipal Council’s IT & Media division
13/01/2026
2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන දැයේ දරුවන් වෙනුවෙන් ගාල්ල මහා නගරසභාව මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාව අද (13) දින ගාල්ල නගරශාලාවේදී ආරම්භවිය.
මෙම අවස්ථාව සදහා ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්,නියෝජ්‍ය නාගරික කොමසාරිස් තුමිය,නාගරික ලේකම් තුමිය,ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිළධාරීතුමිය ඇතුලු ප්‍රජා සංවර්ධන අංශයේ නිළධාරීන් හා නගරසභා නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම සම්මන්ත්‍රණ මාලාවේ මීලග සම්මන්ත්‍රණය හෙට (14) දින පැවැත්වේ.
පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා විද්‍යාව (සිංහල මාධ්‍ය)
ප.ව 1.15 සිට ප.ව 5.45 දක්වා ගණිතය (දෙමළ මාධ්‍ය)
යන විෂයන් පැවැත්වේ.
දැයේ දරුවන් වෙනුවෙන් ගාල්ල මහා නගරසභාවේ තවත් ප්‍රජා සත්කාරයකි!
ගාල්ල මහා නගරසභා පෙරපාසල් වල සිඟිත්තන්ගේ 2025 වර්ෂයේ විසිරයෑමේ උත්සවය
18/12/2025
ගාල්ල "කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය" මගින් ගාල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන අතර පැවැත් වූ "දක්ෂිණ සුවසෙත" සුහද ක්‍රිකට් තරඟාවලියේ අනුශුරතාවය දිනා ගැනීමට ගාල්ල මහා නගර සභාවේ "සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම" සමත්විය.
ජයග්‍රාහී කණ්ඩායම අද (18) දින එම කුසලානය ද සමගින් ගරු නගරාධිපති තුමන් හමුවිය.
12/12/2025
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල පිරිසිදු කිරීම් හා ජන ජීවිත යාථාවත් කිරීමේ සහන සේවා කටයුතු සදහා විදේශිය කණ්ඩයමක් විසින් ගරු නාගරික මන්ත්‍රී අතුකෝරල මැතිතුමන්ගේ සම්බන්ධීකරණය මත අත්‍යවශ්‍ය යන්ත්‍ර උපකරණ හා ආරක්ෂක මෙවලම් ඇතුලත් පරිත්‍යාගයක් අද (12) දින ගාල්ල මහා නගරසභාව වෙත සිදු කළ අතර එම අවස්ථාව සදහා ගරු නගරාධිපති තුමන් හා නගරසභා කාර්යයමණ්ඩලයද එක්විය.
11/12/2025
කියවීමේ මාසයට සමගාමීව ගාල්ල මහා නගරසභාවේ "ආචාර්යය රිචර්ඩ් පතිරණ" පුස්තකාලය මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව පවත්වනු ලබන "අන්තර් පාඨශාලීය විවාද" තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (11) දින කළුවැල්ල බෞද්ධමධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
එහිදී පළමු තරගය ලෙස පැවති මහින්ද විද්‍යාලය හා ඇලවීෂියස් විද්‍යාලය අතර තරගයෙන් ජයගත් "මහින්ද විද්‍යාලයීය කණ්ඩායමත්" දෙවන තරගය ලෙස පැවති රිච්මන්ඩ් විද්‍යාලය හා අනුලාදේවී බාලිකා විද්‍යාලය අතර තරගයෙන් ජයගත් " අනුලාදේවී බාලිකා විද්‍යාලයත්" අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
07/12/2025
ගාලු සහෘද යාත්‍රා!
පිපාසය නිවාලන්නට අවැසි ජලය සපයාගන්නට "ගම්පොළ" ජනතාවට දින ගණනාවක් පුරා සහය වන "ගාල්ල මහා නගරසභාවේ" අපේ කණ්ඩායම අද දිනයේදීත් අඛණ්ඩව "ලිං සුද්ද පවිත්‍ර කිරීමේ" නිරතවෙයි .
06/12/2025
ගාලු සහෘද යාත්‍රා!
අප විසින් දියත් කරනු ලබන ගාලු සහෘද යාත්‍රාව අඛණ්ඩව අද දිනයේදීත් ය්‍රත්‍රා වේ.
අද දිනයේදී ගම්පොළ ප්‍රදේශයේ අම්බුලුවාව ජලාශ පාර හා අම්බුලුවාව හරස්පාර යන මාර්ග සුද්ද පවිත්‍ර කිරීම මෙන්ම ප්‍රදේශයට අවශ්‍ය ජලය සපයා ගැනීමට අවශ්‍ය "ලිං" පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමද ගාල්ල මහා නගරසභා කණ්ඩායම මගින් සිදුවිය.
04/12/2025
ගාලු සහෘද යාත්‍රා!
අප විසින් දියත්කළ "ගාලු සහෘද යාත්‍රාව" දින ගණනක් පුරාවට තවමත් තම වගකීම් නිසිලෙස ඉටුකරමින් නිවැරදි දිශාවට ය්‍රත්‍රාවෙමින් ඇත.
දින කීපයක් පුරා "ගාල්ල මහා නගරසභා කාර්යයමණ්ඩලය" හා "ගිනි නිවීමේ ඒකකයත්" "ගම්පොල දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලය" මෙන්ම මෙම අවස්ථාවේ උපකාර සදහා "ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති කණ්ඩායම් වල සහයෝගීතාවයෙන්, එකමුතුවෙන් හා අධිෂ්ඨානයෙන් අද දින වනවිට ගම්පොළ දුම්රියපොළ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබිණි.
04/12/2025
ගාලු සහෘද යාත්‍රා!
ගාල්ල නගරවාසී ඔබ ගාල්ල මහා නගරසභාව වෙත බාරදුන් පරිත්‍යාගයන් නිසි ලෙස අත්‍යවශ්‍ය ජනතාව වෙත ලබාදීමේ වගකීම නිසි අයුරින් ඉටු කරමින් අද (04) දිනයේදී ද එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය පිටත්කර හැරීමට කටයුතු කරනු ඇත.
-ගාල්ල මහා නගරසභාව-
03/12/2025
අඛණ්ඩව තෙවැනි දිනටත් අපේම රටේ අපේම ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ගාල්ල මහා නගරසභාවේ කණ්ඩායම හුදෙක් පරිත්‍යාගයන් බෙදාදීමේ කටයුතු වලින් පමණක් නොනැවතී එම ප්‍රදේශල පිරිසිදු කිරීමේ හා එළිපෙහෙළි කිරීමේ කටයුතු වලදි නිරතව ඇත.
අද දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ආසනයේ, "දොළුව රජතලාව" ගම්මානයේ අවහිරව තිබූ මාර්ග සුද්ද පවිත්‍ර කර යථාතත්ත්වයට පත්කිරීම, පිරිසිදු කිරීමේ කටයුතු හා ප්‍රදේශයට අවශ්‍ය ජලය සපයා ගන්නා "ලිං ඉසීමේ" කටයුතුද අද දින ගාල්ල මහා නගරසභාවේ කණ්ඩායම,ස්වේච්ඡා සහන කණ්ඩායම් හා ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් සිදුවිය.
02/12/2025
ගාලු සහෘද යාත්‍රා!
ඔබ විසින් ගාල්ල මහා නගරසභාව වෙත ලබාදුන් පරිත්‍යාගයන් නිසි ලෙස සකසා අද දෙවන දිනයටත් මහනුවර වෙත පිටත්කර හැරීමට ගාල්ල මහා නගරසභාවේ කාර්යය මණ්ඩලය ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරන ලදී..
එමෙන්ම නුවර රැදී සිටින ගාල්ල මහා නගරසභාවේ කණ්ඩායම තව දුරටත් එම ප්‍රදේශවල පිරිසිදු කිරීම් කටයුතු වලට සහය වෙමින් ඇත.
හෙට දිනයේද අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් සමගින් ලොරි රථ ගාල්ල මහා නගරසභා පරිශ්‍රයෙන් පිටත්වීමට නියමිතය.
මෙම කර්තව්‍යයේදී අපහට සහය දැක්වූ ගාලු නගරවාසී ඔබ සියලු දෙනාට අපගේ කෘතඥතාවය පුද කරමු!
-ගාල්ල මහා නගරසභාව-
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Galle Municipal Council, Colombo Road
Galle
80000
