16/05/2026
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පුහුණු වැඩසටහන - 2026 🎓
📅 දිනය: 2026 මැයි 15 වැනිදා
🎯 සම්පත් දායකත්වය:
🔹 එන්.ඒ.කේ.එල්. විජේනායක මයා
ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශය
දකුණු පළාත
🔹 ඩබ්.ඒ. ජනහිත මයා
ප්‍රාදේශීය ලේකම්, බෙන්තොට
🔹 ඩී.එන්. චාමිනී මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්, මාදම්පාගම
━━━━━━━━━━━━━━━━━━━━
👥 සහභාගිත්වය:
✅ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු
✅ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු
✅ සංවර්ධන සම්බන්ධීකාරකවරු
✅ ව්‍යාපාර නාම විෂයභාර නිලධාරීන්
━━━━━━━━━━━━━━━━━━━━
🌟 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණයි.
07/05/2026
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් අංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවේ පළමු පුහුණු වැඩසටහන ලෙස ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි, ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් සඳහා ආහාර නිෂ්පාදන ඇසරුම්කරණය හා ලේබල්කරණය සම්බන්ධයෙන් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 මැයි මස 05 සහ 06 යන දිනයන්හි ඇඹිලිපිටිය කැතිරිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.
29/04/2026
ගාල්ල දිස්ත්‍රික්කයේ 2026 කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම පිළිබද සාකච්ඡා කිරීම හා 2027 කෘෂිකර්ම සංවර්ධන සැලැස්මට අදාල අදහස් හා යෝජනා ලබාගැනීම පිළිබඳ සාකච්ඡාව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා ශක්ති නියෝජිතයින් හා ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාල කෙෂත්‍ර නිලධාරීන් අතර පැවැත්විණි. සහභාගීත්වය : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ.ජයසුන්දර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා හා ද.ප.කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, ද.ප.කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ හා ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරුන් හා කෘෂිකර්ම උපදේශකවරුන්ද සහභාගී විය.
11/04/2026
⚡️ අද නිවාඩු දවසක් නේද? විදුලිය ඉතිරි කරමු - රටට ශක්තියක් වෙමු! 🇱🇰
නිවාඩු දවසේ ගෙදර දොරේ වැඩ කටයුතු පහසු කරගන්න ඔබ බොහෝ දෙනෙක් රෙදි සෝදන යන්ත්‍රය (Washing Machine) භාවිතා කරන බව අපි දන්නවා.
රාත්‍රී කාලයේදී විදුලිය සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළයි. ඒ නිසා, ඔබේ රෙදි සෝදන වැඩකටයුතු රාත්‍රී කාලයට ඉතිරි නොකර, අද දහවල් කාලයේදීම අවසන් කරගන්න.
මෙම පුංචි වෙනස තුළින්:
💡 රාත්‍රී කාලයේ විදුලි පද්ධතියට ඇති පීඩනය අඩු කළ හැකියි.
🌿 බලශක්තිය සුරැකීමට ඔබේ දායකත්වය ලබා දිය හැකියි.
✅ හිරු එළියෙන් රෙදි වියළා ගැනීම මගින් අමතර විදුලි පිරිවැයද ඉතිරි කරගත හැකියි.
අද දහවල් කාලයේ රෙදි සෝදා අවසන් කර, රාත්‍රී 6.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට එක්වන්න.
එකතු වෙමු - එළිය දෙමු! 🤝
07/02/2026
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයට අනුබද්ධ රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ ආයතනය මගින් සංවිධානය කරන හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම්-2024 තරගාවලියේ
1. අමාත්‍යංශය කාණ්ඩය - රන් සම්මානය
2. සමස්ත කාණ්ඩය - ලෝකඩ සම්මානය
දකුණු පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිනාගැනීමට සමත්විය. ඒ සඳහා මග පෙන්වූ, අමාත්‍යාංශ ලේකම්තුමා, ගණකාධිකාරීතුමියටත්
ඒ සඳහා ඇප කැපවීමෙන් කටයුතු කළ නිලධාරී මහත්ම මහත්මීන්ටත් හෘදයාංගම සුබපැතුම් .