Haldummulla Pradeshiya Sabhawa

Directions Website

Haldummulla Pradeshiya Sabhawa විශිෂ්ඨ හා කාර්යක්ෂම සේවයක් තුළින් ප්‍රදේශයේ පොදු සංවර්ධනයක් ගොඩනැගීම

අවුරුදු  ගණනාවක්  තිස්සේ විසඳුමක් අපේක්ෂාවෙන් සිටින පවුල් 57ක නිවාස ගැටලුවට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක්!ගරු පාර්ලිමේන්ත...
27/10/2026

අවුරුදු ගණනාවක් තිස්සේ විසඳුමක් අපේක්ෂාවෙන් සිටින පවුල් 57ක නිවාස ගැටලුවට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක්!
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමාගේ අවධානයට ප්‍රාදේශීය සංවිධායකවරුන් මාර්ගයෙන් යොමු කරන ලද වැදගත් ජනතා ගැටලු අතර, දිගුකාලයක් තිස්සේ අතරමඟ නතර වී ඇති නිවාස ව්‍යාපෘතියේ ගැටලුව ද ප්‍රධාන තැනක් ගනී.
2017 වසරේදී NSD බැංකුව මගින් රුපියල් ලක්ෂ 5ක මූල්‍ය ප්‍රතිපාදන සහ වතු අංශය මගින් ඉඩම් ලබාදෙමින් ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය විවිධ හේතූන් මත අතරමඟ නතර වී ඇති අතර, වසර නවයක් ගතවී ඇතත් එය තවමත් සම්පූර්ණ කර නොමැත.
පූනාගල උඩහේන ප්‍රදේශයේ නිවාස 36ක් සහ මකල්දෙණිය ප්‍රදේශයේ නිවාස 21ක් වශයෙන් නිවාස 57ක ඉදිකිරීම් අර්ධ වශයෙන් අවසන් කර තිබුණද, එම නිවාසවල පදිංචි කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැත. මේ හේතුවෙන් අදාළ පවුල් දිගුකාලයක් තිස්සේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පසුගිය දින දෙක තුළ පැවැති සාකච්ඡාවලට
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමාගේ පර්යේෂණ නිලධාරි මහේන්ද්‍රන් මහතා, ගරු උප සභාපති රුමේෂ් මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාරිමුත්තු මහතා, සහ නිවාස අංශයේ නිලධාරීන් සහභාගී වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමාගේ මැදිහත්වීමෙන් අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමටත්, ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කර අදාළ පවුල්වලට තම නිවාසවල පදිංචි වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් මේ වන විට පියවර ගනිමින් සිටිමු.

06/10/2026

ලෝක ළමා දිනයට සමගාමීව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා පෙරපාසලේ දරුවන්හට සභා අනුමැතිය මගින් ලබා දුන් ස්මාර්ට් පුවරුව ( Smart Board ) මගින් නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.10.05 දින ප්‍රාදේශීය සභා පෙරපාසල් පරීශ්‍රයේදි සිදු විය.
පෙරපාසලේ ගුරුතුමියන් දෙපළගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවෙ ගරු සභාපතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතාගෙ සම්බන්ධීකරණ ලේකම් අසංක මහතා, ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රි සජිත් මහතා හා ගරු මන්ත්‍රි දයාරත්න මහතා ඇතුළුව දෙමාපියන් සහභාගි විය.

ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයේදි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා පෙරපාසලේ දරුවන්හට ගරු සභාපතිතුමන්ගෙ යෝජනාවකට අනුව සභා අනුම...
05/10/2026

ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයේදි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා පෙරපාසලේ දරුවන්හට ගරු සභාපතිතුමන්ගෙ යෝජනාවකට අනුව සභා අනුමැතිය මගින් ස්මාර්ට් පුවරුවක් ( Smart Board ) ලබා දුන් අතර නවීන තාක්ෂණයට අනුව දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදු කර ගැනීමට හැකියාව පවතියි.
තවද පෙරපාසලේ පුංචි දූ දරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී මණ්ඩලයේ දායකත්වයෙන් ආහාර වේලක් සහ ත්‍යාග ලබා දීමක්ද සිදු විය.

28/09/2026

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිකපොත බටහිර ග්‍රාම නිලධාරී වසමේ පැවැත්වු "ගම් මැද්දේ කළාලය"

කිරිමැටිය උඩවේරිය මාර්ගය සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ශ 30ක මුදල් ප්‍රතිපාදනයක් වෙන් වී ඇති අතර සංවර්ධන කටයුතු සිදු කළ...
28/09/2026

කිරිමැටිය උඩවේරිය මාර්ගය සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ශ 30ක මුදල් ප්‍රතිපාදනයක් වෙන් වී ඇති අතර සංවර්ධන කටයුතු සිදු කළ යුතු එම මාර්ගය නිරීක්ෂණය සිදු කිරීම අද දින සිදු විය. මේ සදහා ගරු ප්‍රාදේශීය සභා
මන්ත්‍රි දයාරත්න මහතා සහ ප්‍රාදේශීය සභාවෙ තාක්ෂණික නිළධාරි ආනන්ද මහතා සහභාගි විය..

අමිලගම වසමේ ඔක්වෙල්වත්ත සිට බත්ගොඩ දක්වා මාර්ගය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා  මාර්ගය සකසා කාණු සැකසීම හල්දුම්මුල්ල ප්‍රාදේශ...
27/09/2026

අමිලගම වසමේ ඔක්වෙල්වත්ත සිට බත්ගොඩ දක්වා මාර්ගය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මාර්ගය සකසා කාණු සැකසීම හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව සේවක මහතුන් විසින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සිදු කෙරිණි.
--------------------------------------------------------------------------

அமிலகம கிராம சேவகர் பிரிவில் ஒக்வெல்வத்தையிலிருந்து பத்கொட வரையிலான வீதியின் எதிர்கால அபிவிருத்திப் பணிகளுக்காக, வீதியை சீரமைத்தல் மற்றும் வடிகால்களை அமைத்தல் ஆகிய பணிகள் ஹல்தும்முல்ல பிரதேச சபை ஊழியர்களால் பேக்கோ இயந்திரங்களைப் பயன்படுத்தி மேற்கொள்ளப்பட்டன.

ගම්මැද්දේ කළාලය රසවින්දනාත්මක වැඩසටහන  මෙවර නිකපොත නිවාඩු නිකේතන පරීශ්‍රයේදි 2026.09.25 දින සාර්ථක ලෙස පැවැත්විණි. මේ සද...
27/09/2026

ගම්මැද්දේ කළාලය රසවින්දනාත්මක වැඩසටහන මෙවර නිකපොත නිවාඩු නිකේතන පරීශ්‍රයේදි 2026.09.25 දින සාර්ථක ලෙස පැවැත්විණි. මේ සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර මහතාගෙ සම්බන්ධීකරණ ලේකම් අසංක මහතා, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රි තුමන්ලා, හල්දුම්මුල්ල සෞඛ්‍ය නිළධාරි කාර්යලයේ වෛද්‍යතුමා, රාජ්‍ය නිළධාරි මහත්ම මහත්මීන්, නිකපොත ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයින් හා ගම්වාසීන් සහභාගි විය.

හල්දුම්මුල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන ආචාර්ය අනුරසිරි ගුරුතුමාගෙ මගපෙන්වීම යටතේ නිකපොත ශාඛාවේ දරු දැරියන් විසින් නර්තනාංග ඉදිරිපත් කරනු ලැබූ අතර පැමිණ සිටි මහත්ම මහත්මීන්ද රසවින්දනාත්මක අංග ඉදිරිපත් කරනු ලැබීය.

25/09/2026
වින්දනීය සංස්කෘතික සන්ධ්‍යාව රස විදින්න ඔබත් එන්න
24/09/2026

වින්දනීය සංස්කෘතික සන්ධ්‍යාව රස විදින්න ඔබත් එන්න

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " පුනරුදයේ පුරවර " පළාත් පාලන සතිය - 2026  අවසන් දිනය වූ 2026.09.19 වන දින සහතික පත්‍ර ප්‍...
23/09/2026

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " පුනරුදයේ පුරවර " පළාත් පාලන සතිය - 2026 අවසන් දිනය වූ 2026.09.19 වන දින සහතික පත්‍ර ප්‍රදානය හා සමාප්තිය සිදු විය. මෙදින අත්තම වැඩසටහන හල්දුම්මුල්ල විහාරස්ථානය මූලික කර ගනිමින් සිදු කෙරිණි.

Address

Haldummulla Pradeshiya Sabhawa
Haldummulla
90180

Opening Hours

Monday 08:00 - 16:45
Tuesday 08:00 - 16:45
Wednesday 08:00 - 16:45
Thursday 08:00 - 16:45
Friday 08:00 - 16:45

Alerts

Be the first to know and let us send you an email when Haldummulla Pradeshiya Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category