NPP Hambantota

Call Directions

NPP Hambantota Official NPP Page of Hambantota District

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සහ  තිස්සමහාරාම විවිධසේවා සමූපකාර සමිතියේ අනුග්‍රහයෙන් පසුගිය 18 වෙනිදා දෙබරවැව...
22/10/2026

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සහ තිස්සමහාරාම විවිධසේවා සමූපකාර සමිතියේ අනුග්‍රහයෙන් පසුගිය 18 වෙනිදා දෙබරවැව ජනාධිපති විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ‘‘සොදුරු සිහිනයකි රෑ‘‘ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී

මෙහිදි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා කවි ගී විමසුම සිදුකරන විට සොදුරු අමාන්ත්‍රණය සිදුකරන ලද්දේ මහේෂ් නිශ්ශංක මහතා විසිනි. මෙහිදි ගීත ගායනයෙන් ප්‍රේමවර්ධන කපුගේ, පුනදී ප්‍රනාන්දු,ග්‍රීනාත් පැතුම්,ක්‍රිෂාන් කෞමද,ශානිකා කුමුදුනි,භාග්‍යා සේව්වන්දි යන තරුණ ගයක ගායිකාවන් එකතු වු අතර සංගීත මෙහයවිම සිදුකරන ලද්දේ විශාරද ප්‍රණීත් සාරංග සමග සප්තා සංගීත කණ්ඩායමයි.

මේ සදහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය, රුවන් සෙනරත්,ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් , හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුල වෙළදගොඩ සහෝදරවරු සහ තිස්සමාහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.එල් ජයසිරි සහෝදරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම , තිස්සමාරාම විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති කමල් තුෂාර දික්කුඹුර සහෝදරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ තිස්සමාරාම විවිධසේවා සමූපකාර සමිතියේ සේවක මණ්ඩලය , තිස්සමහාරාම බලප්‍රදේශයේ ජනතාව මේ සදහා සහභාගී විය.

22/10/2026

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පැරණි දේශපාලඥයන් අතර සම්බන්දය

22/10/2026

සජිත් ප්‍රේමදාස හම්බන්තොට වන සංරක්ෂණ භුමි ඇතුලේ අසාර්ථක ගම්මාන කියක් ඉදිකලාද

13/10/2026

2024 අංක 37 කාන්තාවන් සයිබල ගැන්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව කාන්තාවන් පිළිබඳ පළමු වරට පිහිටුවන ජාතික කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳ විවාදය හා එක්වෙමින් පා.ම. අතුල වෙළදගොඩ සහෝදරයා පලකල අදහස්

08/10/2026

රිදුනේ ඔබට නොව හිමියනි අප හටය
වසවර්තියෝ තාමත් හම්බන්තොටය

08/10/2026

නැහැදෙන එකා ගුණ දහමින් වෙළුවත්
උගේ ගතිය ඌ නාරිති මැරූවත්

නිහාල් ගලප්පත්ති
2026.10.08 පාර්ලිමේන්තු කතාව

08/10/2026

ගොවියා වෙනුවෙන් පැය 24ම කැපවෙන ආණ්ඩුවක්!

නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්
2026.10.07 දින පාර්ලිමේන්තුවේදි...

“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්වසර ගණනාවක් පුරා සිහිනයක්ව පැවති තමන්ගේම නිවසක අයිතිය, අඩු ආදායම්ලාභී පවුල් 30,000කට වැඩි...
06/10/2026

“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්

වසර ගණනාවක් පුරා සිහිනයක්ව පැවති තමන්ගේම නිවසක අයිතිය, අඩු ආදායම්ලාභී පවුල් 30,000කට වැඩි සංඛ්‍යාවකට ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළ, අප රජයේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් ඇරඹූ “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” වැඩසටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝක ජනාවාස දිනයට සමගාමීව ඊයේ(05) දිවයින පුරා ඉදිකර අවසන් කළ නව නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේද ඉදිකිරීම් අවසන් කළ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිලාභී පවුල් තම නව නිවෙස්වල අලුත් ජීවිතයක් ආරම්භ කළහ. ඒ නව නිවාස අතර මෙතෙක් කල් නිසි ආකාර නිවසක් නොමැතිව දුෂ්කර ජීවිතයක් ගෙවූ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහජ්ජාව ප්‍රදේශයේ පදිංචි තරුෂි ලක්ෂාණි මහත්මියගේ පවුල වෙනුවෙන් ද නිවසක් ඉදිවිය.

අද වනතුරු කුඩා පැල්පතකට සීමා වූ ඔවුන්ගේ ජීවිතයට, “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ හිමි වූ රුපියල් මිලියනයක නිවාස ආධාරය අංග සම්පූර්ණ නිවසක නව බලාපොරොත්තුවක් විය. අද, එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්ව වී පුංචි පුතුන් දෙදෙනා ඇතුළු පවුල තමන්ගෙම නව නිවසක අලුත් ලස්සන ජීවිතයක් ආරම්භ කරන ලදී.

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්ඊයේ (05) යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ "ත...
06/10/2026

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්

ඊයේ (05) යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ දිවයින පුරා ඉදිකළ නව නිවාස 5,000ක් ඊයේ (05) ජනතා අයිතියට පත් කෙරින. මෙම වැඩසටහන මඟින් මෙකී වසර තුළ පමණක් අඩු ආදායම්ලාභී පවුල් 30,000කට වැඩි සංඛ්‍යාවකට සුරක්ෂිත හිසට සෙවණක් හිමිවේ.

මේ හා සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද නිවාස 100ක පමණ ප්‍රතිලාභී පවුල් සිය අලුත් ජීවිතය ආරම්භ කරති. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ බැරගම ප්‍රදේශයේ පදිංචි තුවාන් රිස්වාන් ඩෝල් මහතා ද එම සතුට භුක්ති විඳින එක් ප්‍රතිලාභියෙකි. මෙම වැඩසටහන හරහා ලැබුණු රුපියල් මිලියනයක නිවාස ආධාරය හරහා, මෙතෙක් කල් කටුමැටි නිවසක විඳි දුෂ්කරතාවලට තිත තබා කුඩා දිණිය සහ කුඩා පුතුනුවන්, ඇතුළු පවුල සිය නව නිවස වෙත පියනඟන්නේ සැබවින්ම "ලස්සන ජීවිතයක" අලුත් බලාපොරොත්තුකිනි.

Address

9c, Sangabomawatha, Dankatiya Rod, Tangalle
Hambantota
82000

Telephone

+94472242302

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share