28/12/2025
📍අස්වැසුම Re - certification අවස්ථාව සදහා තොරතුරු යාවත්කාලීන කල හැක්කේ 2022 වර්ෂයේ සමීක්ෂණය වූ එනම් පළමු අදියරේදී පද්ධතියට ඇතුලත් වී ඇති ප්රතිලාභීන්ට හා අයදුම්කරුවන්ට පමණයි.
1. 2023 වර්ෂයේ සිට මේ දක්වා ප්රතිලාභ ලබන සියලුම අය Re Certification අවස්ථාවට අදාලව online ක්රමයට හෝ අයදුම්පත් යොමු කර හෝ තොරතුරු යාවත්කාලීන කර ගැනීම අනිවාර්ය වේ. නැතහොත් ගෙවීම් ලබා ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයන් ඇති විය හැක.
2. මේ වන විට ගෙවීම් නතර වී ඇති අය හට ද Re Certification අවස්ථාව හරහා නැවත තොරතුරු ඉදිරිපත් කල හැක
3. 2022 වර්ෂයේ සමීක්ෂණය වූ නමුත් ප්රතිලාභ ලැබීමට තේරී පත් නොවූ අයට, පවුල් ඒකක වල සාමාජිකයන්ගේ වෙනස්කම් සිදු වී ඇති අය, පදිංචිය මාරු වූ අය Re certification අවස්ථාව හරහා තොරතුරු යාවත්කාලීන කර ගෙන නැවත සමීක්ෂණය සදහා යොමු විය යුතුය.
eservices.wbb.gov.lk හරහා Online ක්රමයට ඔබගේ ගෘහ ඒකකය Re Certify කර ගත හැක. නැතහොත් online තොරතුරු යාවත්කාලීන කිරීමට පහසුකම් සලසා ඇති ස්ථාන ග්රාම නිලධාරීන් මගින් හෝ තුලානට අදාල අස්වැසුම නිලධාරී මගින් දැනුවත් වී ඒ සදහා යොමු විය යුතුය. එලෙස online හරහා Re Certification යොමු කිරීමේදී ඔබ සතුව තිබිය යුතු දෑ..
👉 අවු. 18 ට වැඩි පවුලේ සියලු සාමාජිකයන්ගේ හැදුනුම්පත්. 18 අඩු අයගේ උපන්දිනය
👉 QR කේතය (ගෘහ ඒකක අංකය)
👉 ජංගම දුරකථනය (OTP අංකයක් sms හරහා ලබා ගැනීම සදහා)
👉 සමෘද්ධි සහනාධාර ලැබූ අයගේ සමෘද්ධි බැංකු පොත
👉 විදුලි බිලේ ගිණුම් අංකය
සැ.යු -
1. හැදුනුම්පත් නොමැති අයට කිසිසේත්ම Re certification හරහා අස්වැසුම පද්ධතියට ඇතුලත් විය නොහැක.
2. ඔබගේ මූලික තොරතුරු එනම් ලිපිනය, තුලාන, නම, උපන්දිනය, සිත්රී/පුරුශභාවය, හැදුනුම්පත් අංකය යන ඒවා වෙනස් කලහොත් සෘජුවම නැවත සමීක්ෂණ සදහා යොමු වේ.
3. අයදුම්පත් හරහා තොරතුරු යොමු කිරීමේදී අයදුම්පතේ උපදෙස් පරිදි එය නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කල යුතුවේ.
🛑👉 ඔබගේ QR කේතය ඔබ සතුව නොමැති නම්, ඔබගේ දැනට භාවිතා වන දුරකථන අංකය අස්වැසුම පද්ධතියේ යාවත්කාලීන කර නොමැති නම් අදාල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති අස්වැසුම ඒකකය වෙත පැමිණෙන්න.
තොරතුරු යාවත්කාලීන කල හැකි අවසාන දිනය 2025/12/31 වේ.