21/09/2026
හෘදයාංගම ස්තූතිය පුදකිරීම.
පහළ බෝමිරිය අභිනවාරාම විහාරස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ,මීට වසර 15කට පෙර නිර්මාණය කරන ලද ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ, පැන් දෝවනය කර අනතුරුව එම පිළිම වහන්සේ වැඩ සිටින බුද්ධ මන්දිරය, තුල ස්ථාපනය කර ඇති සැරියුත් මුගලන් පිළිම වහන්සේලාත් එහි ඇති චිත්‍ර සිතුවම් ආදිය පිරිසිදු ජලයෙන් පවිත්‍ර කිරිම, ප්‍රධාන දොරටුව පිළිසකර කර වර්ණාලේප කිරීමත්, විදුලි පද්ධතිය නවීකරණය කර ආරක්ෂිත වැට, පියගැටපෙළ පවිත්‍ර කර අලංකාර කිරීමේ පින් කම පහළ බෝමිරිය සුභසාධක ප්‍රජා මණ්ඩලයේ මූලිකත්වයෙන්, අප සාමාජිකයන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද දායකත්වයෙන් පසුගිය 19 වන දින සාර්ථකව අවසන් කරන ලදි.
මෙම මහගු කාර්යය සදහා මඟපෙන්වමින් ආශීර්වාද කළ. පහළ බෝමිරිය අභිනවාරාම විහාරාධිකාරී පූජ්‍යපාද සුබෝධවංශ ස්වාමීන් වහන්සේටත්, මුදලින් ආධාර කළ, ශ්‍රමයෙන් දායක වූ, අවශ්‍ය ද්‍රව්‍ය සපයා දුන්, සංග්‍රහ කටයුතු සිදු කළ සහ වචනයකින් හෝ වෙනත් ආකාරයකින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා පුණ්‍යානුමෝදනාව පුද කරමු.
ඔබ සැමගේ සහයෝගය හා කැපවීම මෙම පින්කම සාර්ථක කර ගැනීමට මහත් ශක්තියක් විය.
මෙම සියලු පුණ්යකර්මයන්ගෙන් රැස් වූ පින් සියලු දෙනාටම අනුමෝදන් වේවා
පහල බෝමිරිය සුභසාධක ප්‍රජා මණ්ඩලය.
2026.සැප්තැම්බර් 21 වන දින.