Ja ela Pradeshiya Sabha

Directions Website

Ja ela Pradeshiya Sabha ජා-ඇල ප්‍රාදේශීය සභාව

05/07/2026

"මෙත් මල් වර්ෂා - 2026" පොසොන් බැති ගී සරණිය.

ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද "මෙත් මල් වර්ෂා" පොසොන් බැති ගී සරණිය,2026.07.03 දින ජා-ඇල ප්‍රාදේශීය සභා ප...
05/07/2026

ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද "මෙත් මල් වර්ෂා" පොසොන් බැති ගී සරණිය,2026.07.03 දින ජා-ඇල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.ප්‍රදේශයේ දහම්පාසල්,පාසල්,පෙර පාසල් දුවා දරුවන් සම්බන්ධ කරගනිමින් ඉතා විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ජා-ඇල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයද ඉදිරිපත් කිරීම් රැසකින් දායක විය.මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු.

04/07/2026

🟠ජා-ඇල ප්‍රාදේශීය සභාව සංවිධානය කරනු ලබන චරිත් සංජීව ගුණානුස්මරණ සිව්කොන් එල්ලේ තරගමාලාව

⛳ නාගොඩ ලින්ටන් ක්‍රීඩා පිටියේ සිට සජීවීව

🎥 SL Sport TV 0704936000

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් වූ මහවත්ත කොට්ඨාසයේ නිවසක් සඳහා රජයේ ආධාර මත නැවත ඉදිකිරීමට මුල් ගල තැබීම ...
26/06/2026

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් වූ මහවත්ත කොට්ඨාසයේ නිවසක් සඳහා රජයේ ආධාර මත නැවත ඉදිකිරීමට මුල් ගල තැබීම 2026.06.24 දින සිදු කෙරිණි.

21/06/2026

ජා-ඇල ආසනය ආවරණය වන පරිදි සිදුකල ඩෙංගු මර්දන වැඩසටහන.

ජා ඇල ප්‍රදේශය තුල ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ද මෙහෙයුමක් 2026.06.20 දින උදෑසන ...
21/06/2026

ජා ඇල ප්‍රදේශය තුල ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ද මෙහෙයුමක් 2026.06.20 දින උදෑසන ආරම්භ විය.

මේ වැඩසටහන යටතේ ප්‍රදේශය තුල සෑම ග්‍රාම නිළධාරී වසමකම නිවාස පරික්ෂාවට ලක්කල අතර ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හදුනාගෙන එම ස්ථාන විනාශ කිරීමේ ක්‍රමවේද සම්බන්ධව ජනතාව දැනුවත් කරන ලදි.

ඒ අනුව පරික්ෂාවේදී හදුනාගත් කීටයන් බෝවන ස්ථාන ගැන අදාල නිවැසියන් ගෙන ඇති ඉදිරි පියවර සම්බන්ධව එළඹෙන දිනවලදී නැවත පරික්ෂාවක් සිදුකරන අතර ඩෙංගු ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම නතර කිරීම දක්වා සෑම පියවරක්ම ගැනීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ජාඇල ප්‍රාදේශීය සභාව,ජා-ඇල ප්‍රදේශීය ලේකම් කාර්යාලය,ජා ඇල/රාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය, ජා ඇල නගර සභාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ ප්‍රාදේශීය ප්‍රජා සංවිධාන වල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලදි.

20/06/2026

රාගම නගරයේ ඩෙංගු මර්දන වැඩසටහන

වර්ශාපතනයත් සමග පැතිර යන ඩෙංගු උවදුර මැඩලීමේ අරමුණින්, ජා-ඇල ප්‍රාදේශීය සභාව,රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව, ර...
20/06/2026

වර්ශාපතනයත් සමග පැතිර යන ඩෙංගු උවදුර මැඩලීමේ අරමුණින්, ජා-ඇල ප්‍රාදේශීය සභාව,රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව, රාගම නගරය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026.06.16 දින පැවැත්විණි.

මෙහිදී රාගම නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම හා ඉවත් කිරීම,පොදු ස්ථාන සුද්ද පවිත්‍ර කිරීම,ධූමායනය කිරීම හා මහජනතාව දැනුවත් කිරීම වැනි ක්‍රියාකාරකම් රැසක් සිදු කරන ලදි.

ජා-ඇල ප්‍රාදේශීය සභාව,ජා-ඇල ජාතික විද්වත් සංවිධානයේ පරිසර සංවර්ධන කමිටුව සහ කඳාන පොලීසිය එක්ව සංවිධානය කළ ඌන භාවිත පළතුර...
14/06/2026

ජා-ඇල ප්‍රාදේශීය සභාව,ජා-ඇල ජාතික විද්වත් සංවිධානයේ පරිසර සංවර්ධන කමිටුව සහ කඳාන පොලීසිය එක්ව සංවිධානය කළ ඌන භාවිත පළතුරු ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අද උදෑසන කඳාන පොලිස් පරිශ්‍රයේ සාර්ථකව පවත්වන ලදි.

ඒ අනුව මෙම වැඩසටහනේදි

1. නෙල්ලි
2. පේර
3. මාදං
4. දොඩම්
5. යම නාරං
6. දූරියන්
7. අලි පේර
8.ගිනි වරකා
9. කටු අනෝදා
10. රඹුටන්
11. දිවුල්
12. ගඩුගුඩා
13. සැතපිල්ලා
යන පලතුරු පැළ කඳාන පොලිස් පරිශ්‍රයේ සිටුවීම සිදුකරන ලදි.

Address

Chairman, Ja-Ela Pradeshiya Sabha
Kandana
11320

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Ja ela Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share