27/06/2026
ගොඩක් දෙනෙක් බලාගෙනම හිටපු News එකක් මේක..🥺🤌
සත්ව සුබසාදන පනතට කැබිනට් අනුමැතිය ලැබිලා..😍
දැන් සත්තුන්ට කරදර කරන අයට ලේසි වෙන්නෑ..
මේක ගැන පැහැදිලි කලොත්,
අලුත් පනත මඟින්:
✅ සත්ව හිංසාව සිදු කරන අය සඳහා දැඩි දඬුවම් ලැබෙනවා
✅ සුරතල් සතුන්ගේ සුබසාධනය සඳහා පැහැදිලි නීති මාලවක් තියෙනවා
✅ සතුන් අතහැර දැමීම සහ අපයෝජනයට එරෙහි දැඩි ක්රියාමාර්ග
✅ සත්ව සුබසාධනය පිළිබඳ ප්රමිතීන් අලුත් වෙනවා..
අප රටේ දැනට ක්රියාත්මක වන්නෙ සත්ව ආරක්ෂණ නීතිය වන 1907 වසරේ සිට පැවත එන පැරණි නීතියකි. සත්ව හිංසාවට එරෙහිව දැඩි දඬුවම් සහ සතුන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමට මෙම සත්ව සුබසාදන පනත ඉදිරියට දැඩි ලෙස උපකාරි වන බවට නොඅනුමානයි..
සතුන්ට ආදරය කිරීම පමණක් නොව, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමද අපගේ වගකීමයි. - pouty💜️
අවංකවම මේ News එක නම් සතුන්ට ආදරේ කරන කාරුණික ආදරණීය හදවත් සතුටින් උතුරා යන News එකක් ❤
මේ වගේ දෙයක් වෙනකන් සත්ව ප්රේමීන් කාලයක් බලන් හිටියා. දැන් ඒක වෙලා තියෙනවා.
මොකක්ද මේ සත්ව සුභසාධන කෙටුම්පත කියන්නෙ ?
මේක හඬක් නැති අහිංසකයන් වෙනුවෙන් කතා කරන නීති මාලාවක්. ඔවුන්ගේ සුභසාධනය ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සකස් කරන නීති කෙටුම්පතක් ❤
ශ්රී ලංකාවේ මෙම කෙටුම්පත මගින්:
* ස තු න් ට හිංසා කිරීම, අ මා නු ෂි ක ලෙස සැලකීම සහ නොසලකා හැරීම වැළැක්වීම.
* ස තු න් ට ප්රමාණවත් ආහාර, ජලය, නවාතැන් සහ වෛද්ය ප්රතිකාර ලබාදීමේ වගකීම අවධාරණය කිරීම.
* සත්ව හිං සා ව න්ට එරෙහිව දැඩි දඩ හා දඬුවම් හඳුන්වාදීම.
* ගෘහස්ථ සතුන්, ගොවිපළ සතුන් සහ වෙනත් සතුන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම.
වැනි දේවල් පිළිබද අවධානය යොමු වෙනවා. ඇත්තටම සතුටුයි ❤
කැබිනට් අනුමැතිය ලැබීම යනු මෙහි මූලික පියවරයි, ඊළඟට වෙන්නෙ මේ කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පල කර පාර්ලිමේන්තු විවාදයකින් පසු සම්මත කර ගැනීම. මෙයට පාර්ලිමේන්තුවෙ වටිනා කාලය යෙදවීමට තීරණය කරමින් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබීම ද ලොකු ජයග්රහනණයක්.
අවසානයේ මෙම කෙටුම්පතේ මූලික අරමුණ වන්නේ සතුන්ට වඩා මානුෂීය ලෙස සැලකීම සහ ඔවුන්ගේ යහපැවැත්ම නීතියෙන් තහවුරු කිරීමයි. ❤️
හඬක් නැති නිහඬ ස තු න් ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සත්ව සුභසාධන පනතට කැබිනට් අනුමැතිය ලබා දීමට කටයුතු කළ ගරු ජනාධිපතිතුමාට සහ වත්මන් රජයට සමස්ත ශ්රී ලාංකීය සත්ව ලෝලීන්ගේ ගෞරවණීය ස්තූතිය 🙏🤍
සටහන - Mr & Mrs 🤍
🥺