Our Citizens

Directions

Our Citizens for our citizens

04/07/2026

Anura Kumara Dissanayake ඇවිත් මාස 20යි ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා... ❤️

සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත්, ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න .. 😊

මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි ! ❤️‍🔥

1 🔴 පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් , CT ස්කෑන් යන්ත්‍ර 11 ක්.

2 🔴 මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට

3 🔴 මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය , ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම

4 🔴 රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට.

5 🔴 මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට ළමා දැඩිසත්කාර ඒකකයක්.

6 🔴 දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම..

7 🔴 හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින් මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම.

8 🔴 ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට , ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම

9 🔴 පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා මිලියන 765ක් වටිනා මැනෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට.

10 🔴 කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම

11 🔴 මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් , මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම

12 🔴 ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම

13 🔴 සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් තිබුන අතර , එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම

14 🔴 සුවසැරිය කාර්‍යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම

15 🔴 මහියංගනය මූලික රෝහල තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම

16 🔴 බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම.

17 🔴 මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම

18 🔴 නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ 2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම

19 🔴 2025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම

20 🔴 මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම 2025 දී ලබාගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම

21 🔴 ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය 2025 දී වාර්ථා කරමින් කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම.

22 🔴 2026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම.

23 🔴 පඩු ලබමින් , වසාදමනවා කියූ ත්‍රීපෝෂ සමාගම ඉතිහාසයෙ ඉහලම ලාබ ලබමින් මෙරට දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතාවය සපයන මට්ටමට ගෙන ඒම.

24 🔴 මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් , දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම.

25 🔴 අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම.

26 🔴 ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට.

27 🔴 හෘද සැත්කම් , සහ අක්ෂි කාච දැමීමේ සැත්කම් සදහා රට පුරා පොරොත්තු ලේඛණ වල බලා සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් හරහා විශේස සායන සහ සැත්කම් සායන හරහා අදාල සැත්කම් කඩිනමින් කොට පොරොත්තු ලේඛණ වල පිරිස අවමකිරීමෙ වැඩ සටහන් සහ ඊට අදාඅ උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමට් ක්‍රියාකිරීම.

28 🔴 වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක් රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරබීම

29 🔴 අනුරාධ පුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට බිලියන 20 ක් වෙන් කිරීම.

30 🔴 රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි , මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන , උධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට.

31 🔴 මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක් නැවත ඇරබීමට
2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම
2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම.
2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම.

32 🔴 හම්බන්තොට මහා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කිරීම.

33 🔴 මෙරට හෘද සැත්කම් පොරොත්තු ලෙඛණයෙ රෝගීන් අවම කිරීම වෙනුවෙන් මිලියන 1200 ක වියදමින් කැත් අසායනාගාර 04ක් රෝහල් පද්ධතියට එක්කිරීම ඇරබීම

34 🔴 මිලියන 250 ක වියදමින් ඉදිකර වීදියගොඩ ආයුර්වේද රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ල ජන්තා අයිතියට පත්කිරීම සහ එහි අදල ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම.

35. 🔴 වකුගඩු රෝගය රටින් තුරන් කිරීමට ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමග උතුරු මැද පළාත මූලික කරගත් වකුගඩු රෝග බහුල ප්‍රදේශ වල නව පානීය පිරිසිදු ජලය ලබාදීමේ විශාල ව්‍යාපෘති ගනනාවක්ම මේ වන ක්‍රියාත්මක කරමින් තිබීම.

ඔය මට අහුවුන , ටිකක් හොයද්දි හොයාගන්න පුලුවන් වුන වැඩ 35 ක් විතර , තව තියෙනවා ඇති ඕන තරම් , මෙතන බෝහොමයක් මේ ජනවාරියේ සිට වුන දේවල්.. මේවගෙ සමහරක් ඉවරයි , සමහර ඒවා වෙමින් තියෙනවා , තව සමහරක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ , තව සමහරකට කැබිනට් අනුමැතිය ලැබිලා....

ඔන්න ඔහෝමයි අනුර සහෝදරයා මේ මාස 20 ට Dr Nalinda Jayatissa සහෝදරයා ඇතුළු පිරිස එක්ක එකතුවෙලා රටේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරන්නෙ .. 🔥

රටේ ආදායම් මට්ටම් එන්න එන්න හයිය වෙනකොට , ඒ ආදායම් නැවත අපෙ රටෙ සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්න යෙදවෙනකොට , ලෝකෙ දියුණුම රටක සෞඛ්‍ය සේවයක් තියෙන රටක් බවට අපි පත්වේවි...

මගෙ රට ගැන මට සතුටුයි ! පුරවැසියන් ලෙස සතුටු වෙමු ! බලන්න අමාරු අය කකුලෙන් අදින්නෙ නැතුව , අමාරුවෙන් හරි බලන් ඉන්නවනම් ඒක ඊට වඩා මරු ! ජය ! 🇱🇰✊

Kolla - ඩුබායි කොල්ලා

21/02/2026

සුවද විහිදා හමන්නත්
හදුන් කූරක් දැල් වෙන්න
ඕන..!

සමහරු
සුවද වග දැන දැනත්
ගින්දරෙන් දල්වා
නිවන්නත් ඕන..!

~වෙහෙස~

🍃❤️✌

Address

Kegalle
1234

Website

Alerts

Be the first to know and let us send you an email when Our Citizens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category