Divisional Secretariat - Kegalle

Call Directions Website Contact the organization

Divisional Secretariat - Kegalle ආර්ථික සංවර්ධනයෙන් හා සමාජ සාරධර්මවලින් පිරිපුන් ජනතාවගෙන් හෙබිප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්

දැක්ම - "ආර්ථික සංවර්ධනයෙන් හා සමාජ සාරධර්මවලින් පිරිපුන් ජනතාවගෙන් හෙබි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්"

මෙහෙවර - "රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

*ඩිජිටල් දැනුමෙන් සවිබල ගැන්වුණු සක්‍රීය වැඩිහිටි ප්‍රජාවක් උදෙසා!*========================================ජාතික වැඩිහිට...
10/10/2026

*ඩිජිටල් දැනුමෙන් සවිබල ගැන්වුණු සක්‍රීය වැඩිහිටි ප්‍රජාවක් උදෙසා!*
========================================

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, කෑගල්ල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජිකයින් සඳහා සංවිධානය කළ "ඩිජිටල් සාක්ෂරතා පුහුණු වැඩසටහන" අද (10) දින කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේදී සාර්ථකව පැවැත්විණි .

වැඩිහිටි ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයට හුරුකරවීම සහ ඔවුන්ගේ දෛනික ජීවිතය පහසු කිරීම අරමුණු කොට ගත් එම වැඩසටහනේදී,

📌 **ආවරණය කළ ප්‍රධාන ක්ෂේත්‍ර**

* 📱 ස්මාර්ට් ජංගම දුරකථන හා ප්‍රයෝජනවත් යෙදුම් භාවිතය.
* 💬 WhatsApp හරහා පණිවිඩ, හඬ හා දෘශ්‍ය ඇමතුම් සහ ඡායාරූප හුවමාරුව.
* 🌐 සමාජ මාධ්‍ය භාවිතයෙන් තොරතුරු, ගීත හා ධර්ම දේශනා නැරඹීම.
* 🛡️ අන්තර්ජාල ආරක්ෂාව සහ මාර්ගගත අවදානම්වලින් ආරක්ෂා වීම.
* 🏦 ඩිජිටල් බැංකුකරණය පිළිබඳ මූලික දැනුම.

මේ සදහා සම්පත්දායකත්වය ලබා දුන් කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.එම්.කේ. ගුණරත්න මෙය විසින් වැඩිහිටියන් බල ගැන්වීම සඳහා ඩිජිටල්කරණය වැදගත් වන ආකාරයද, තොරතුරු තාක්ෂණ සංවර්ධන නිලධාරි සිසිර දිසානායක මහතා හා මහජන බැංකුවේ නිලධාරියෙකු විසින් අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳවද හරවත් දැනුමක් ලබා දෙන ලදී.

වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ශ්‍යාමලා සුවදරත්න මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමාජ සේවා සංවර්ධන නිලධාරි අමන්ති උඩමුල්ල මහත්මිය ඇතුළු වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.

🌏"ඔබේ තොරතුරු - සදයි දියුණුව රටේ නිරතුරු"  🌾 ජනලේඛන හා  සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මි...
09/10/2026

🌏"ඔබේ තොරතුරු - සදයි දියුණුව රටේ නිරතුරු"

🌾 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමේ ජාතික සංගණනය දිවයින පුරාම 2️⃣0️⃣2️⃣6️⃣ ඔක්තෝබර් මස 0️⃣1️⃣ වන දින සිට දෙසැම්බර් මස 1️⃣5️⃣ වන දින දක්වා පැවැත්වේ.

♦️ මෙම සංගණනයේදී ආවරණය වන ප්‍රධාන ක්ෂේත්‍ර:

🌲කෘෂිකාර්මික බෝග වගාව
🐮🐷සත්ව පාලනය / ජල ජීවී වගාව
🏞️වගාව සඳහා යොදා ගන්නා ඉඩම් පිළිබඳ තොරතුරු

♦️ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තොරතුරු රැස්කිරීම සඳහා ඔබගේ නිවසට / ආයතනයට පැමිණෙන සංගණන ගණන් ගන්නා නිලධාරියා වෙත නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදී මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහයෝගය ලබා දෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.🙏

🔸කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය🔸

🎶 යහපත් ආකල්පවලින් පිරිපුන් සුවපත් ප්‍රජාවක් උදෙසා..🎶=======================================දැනුම, යහපත් ආකල්ප හා සමාජ අ...
09/10/2026

🎶 යහපත් ආකල්පවලින් පිරිපුන් සුවපත් ප්‍රජාවක් උදෙසා..🎶
=======================================
දැනුම, යහපත් ආකල්ප හා සමාජ අවබෝධය තුළින් වඩාත් සවිමත් ප්‍රජාවක් ගොඩනැඟීමටත්, සංගීතයේ සුවදායී ස්පර්ශයෙන් දරුවන්ගේ හා ප්‍රජාවගේ මානසික සුවතාවය වර්ධනය කිරීමත් අරමුණු කොට ගනිමින් ක්‍රියාකාරකම් සහිත උපදේශන වැඩසටහනක් හා සංගීත චිකිත්සක වැඩසටහන් දෙකක් උඩකරඩුපන හා මලවිට වසම්වලදී සාර්ථකව පැවැත්විණි.

පරිවාස, ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත, සමාජ සේවා අංශයේ සහ එම වසම්වල නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවති එම වැඩසටහන් සඳහා විශ්‍රාමික සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි උපාලි රණසිංහ මහතා සහ 2025 සබරගමුව පළාත් ගී තරුව වූ අමල් යශෝමන් ජයසිංහ මහතා සම්පත්දායකයන් ලෙස එක් විය.

මෙම අවස්ථාවන් සඳහා සමාජ සේවා නිලධාරි මාධව සෝමරත්න මහතා, සමාජ සේවා සංවර්ධන නිලධාරි අමන්ති උඩමුල්ල මිය ඇතුළු උඩකරඩුපන හා මලවිට යන වසම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

✨ **යහපත් හෙට දවසක් වෙනුවෙන් සිත් පුබුදුවන, ජීවිතයට සතුට එක් කරන සොඳුරු සමාජ මෙහෙවරක්!** ✨

♦️සුව දිවි පෙවෙතකට නිරාඖෂධ සායනයක්♦️=======================================නීරෝගීමත් වූ සුව දිවි පෙවෙතක් ගොඩ නැගීම අරමුණ...
08/10/2026

♦️සුව දිවි පෙවෙතකට නිරාඖෂධ සායනයක්♦️
=======================================
නීරෝගීමත් වූ සුව දිවි පෙවෙතක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරි මනෝරි රාජගුරු මහත්මියගේ සම්බන්ධීකරණයෙන් කාර්යාලයීය නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද "නිරාඖෂධ සායන" වැඩසටහනක් අද (08) දින කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

එම සායනයේ වෛද්‍ය කටයුතු සඳහා කෑගල්ල රංවල ආයුර්වේද රෝහලේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය නිලධාරී මොහොමඩ් රමීෂ් මහතා සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ඩබ්.එම්.සී එස් විජේසිංහ මහත්මිය සම්බන්ධ විය.

"සුවය රැකගනිමු - නීරෝගී හෙටක් ගොඩ නගමු"

🛑 සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන සවිමත් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද ආබාධ සහිත වූවන්ග...
08/10/2026

🛑 සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන සවිමත් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද ආබාධ සහිත වූවන්ගේ ස්වශක්ති සංවිධානයේ මාසික රැස්වීම අද (08) දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ශ්‍යාමලා සුවදරත්න මිය විසින් වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩිහිටි ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර, ස්වශක්ති සංවිධානයේ අරමුදල තර කර ගැනීම සදහා අලෙවි පොළක් සහ භාණ්ඩ වෙන්දේසියක්ද මෙහිදී පැවැත්විණි.

මීට සමගාමීව මානව සම්පත් සංවර්ධන නිලධාරි මැණිකේ මිය විසින් ආබාධ සහිත, රැකියා අපේක්ෂිත පුද්ගලයින් රැකියාගත කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක "සිහින ශ්‍රී ලංකා" වැඩසටහන පිළිබඳවද දැනුවත් කිරීමක් සිදු කෙරිණ.

මෙම වැඩසටහන සඳහා සමාජ සේවා නිලධාරි මාධව සෝමරත්න, සමාජ සේවා සංවර්ධන නිලධාරි අමන්ති උඩමුල්ල, සංවර්ධන නිලධාරි (සමාජ සේවා) ඩී.යූ සුරාජි චූලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ස්වශක්ති සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

🏆 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2026 🏆🥇 අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලියේදී කොට්ඨාස 11ක් අභිබවා… සමස්ත ශූරතාව ක...
06/10/2026

🏆 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2026 🏆

🥇 අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලියේදී කොට්ඨාස 11ක් අභිබවා… සමස්ත ශූරතාව කෑගල්ලට!
========================================

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේදී, කොට්ඨාස 11ක් අතරින් සමස්ත ශූරතාව දිනාගනිමින් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළ වගයි.🏆✨

💪 අප ලැබූ ජයග්‍රහණ…

♦️ පාපන්දු – පිරිමි ශූරතාවය
♦️ පාපන්දු – කාන්තා අනු ශුරතාව
♦️ එල්ලේ – පිරිමි ශූරතාවය
♦️ දැල්පන්දු – ශූරතාව
♦️ ක්‍රිකට් – කාන්තා අනු ශූරතාව
♦️ මේස පන්දු – පිරිමි ශූරතාව
♦️ මේස පන්දු – කාන්තා අනුශූරතාව
♦️ වොලිබෝල් – කාන්තා අනුශූරතාව
♦️ පැසිපන්දු – පිරිමි ශූරතාව
♦️ පැසිපන්දු – කාන්තා ශූරතාව
♦️ කඹ ඇදීම – පිරිමි අනුශූරතාව
🏃‍♀️ මළල ක්‍රීඩා – කාන්තා ශූරතාව සමඟින්

🏆 මේ සියලු ජයග්‍රහණයන්ගේ එකතුවෙන්
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් අත්කර ගන්නා ලදී!** 🏆🎉

මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව, **කෑගල්ල කොට්ඨාසයේ එකමුතුකම, කැපවීම සහ ක්‍රීඩාශීලීත්වය සනිටුහන් කළ අභිමානවත් සන්ධිස්ථානයකි.** ❤️🏆

✨ මේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තියක් වූ
▪️ කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපතිතුමිය ඇතුළු දේශපාලන අධිකාරියට,
▪️ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරී මණ්ඩලයට,
▪️ ජයග්‍රහණය කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වූ හා මෙහෙයවූ පුහුණුකරුවන්ට,සහ
▪️ මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ප්‍රණාමය හා උණුසුම් සුබ පැතුම්! 🙏💐

කෑගල්ලේ ක්‍රීඩා අභිමානය තවත් ඉහළට ඔසවමින්, ක්‍රීඩාශීලී හෙටක් වෙනුවෙන් අපි සැවොම එකට ඉදිරියට යමු!🏆

🛑"ඇති තැන හිසට සෙවනක් - එය වෙයි සිතට නිවනක්"🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️ 🌐අද (05) දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට...
05/10/2026

🛑"ඇති තැන හිසට සෙවනක් - එය වෙයි සිතට නිවනක්"
🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️

🌐අද (05) දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන යටතේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අදාළ නිර්ණායක යටතේ සුදුසුකම්ලත් පරගම්මන,උඩුමාගම හා පුවක්දෙණිය යන වසම්වල ඉදි කරන ලද නව නිවෙස් 03ක් එම ප්‍රතිලාභී පවුල් වෙත ප්‍රදානය කිරීම කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි නීතිඥ සාගරිකා අතාවුද මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් රණසිංහ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මිය හා නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාර කේ.පී.ඩබ්.එස්.එච්. කරුණාසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (05) දින සිදු කෙරිණ.

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" සහතික කරමින්, ආරක්ෂිත මෙන්ම ස්ථිර නිවාස හිමිකමක් ලබාදීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණයි.

මෙම අවස්ථාවන් සඳහා එම වසම්වල රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වූහ.

සැමට සුරක්ෂිත සෙවනක් උරුම කර දෙන මේ ජනාවාස දිනයේ, මෙම සමාජ සත්කාරය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට අපගේ ප්‍රණාමය! 🙏🙏

♦️ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන  2025/26 ...
05/10/2026

♦️ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන 2025/26 ආර්ථික සංගණනයට (කෘෂිකාර්මික) සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භය අද (05) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී.එස්.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇකිරියගල වසම මූලික කොට ගනිමින් සිදු කෙරිණි.
උපුටා ගැනීම - කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය https://www.facebook.com/share/1EbCPXoodg/

♦️ආදරණීය වැඩිහිටියන්ටසෙනෙහසින් පිරි උපහාරයක්....💐💐ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව විශේෂ වැඩිහිටි දින සැමරුම් උළෙලක් අද...
02/10/2026

♦️ආදරණීය වැඩිහිටියන්ට
සෙනෙහසින් පිරි උපහාරයක්....💐💐

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව විශේෂ වැඩිහිටි දින සැමරුම් උළෙලක් අද (02) දින පෙරවරුවේදී පුවක්දෙණිය ප්‍රාථමික රෝහලේ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාව සදහා ආරාධිතයින් ලෙස කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පී. නිදර්ශනි මහත්මිය ,කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.එම්.කේ.ගුණරත්න මෙය,
කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ හිටපු ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෞශල්‍යය පලුගස්වැව මහතා ,ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරි ඉන්දුමාලා අබේසිරිවර්ධන මිය එක් වූ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් එම ආරාධිතයින් විසින් වැඩිහිටියන් වෙත සුබ පැතුම් එක් කළ අතර ඔවුන් වෙත ත්‍යාග ලබා දීමක්ද එහිදී සිදු කරන ලදී.

වැඩිහිටි පරපුරේ සතුට හා යහපැවැත්ම වෙනුවෙන් සමාජ සේවා අංශයේ නිලධාරීන් හා ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන
ආදරණීය මතකයන් රැසක් ඉතිරි කළ සුන්දර දිනයක් විය. ආදරණීය වැඩිහිටියන්ගේ නර්තන ,ගායන අංග වලින්ද එය වර්ණවත් වූ අතර විදේශ සේවා නිලධාරි සමන්ති හතුරුසිංහ මහත්මිය විසින්ද ගී ගායනා කරන ලදී. මේ සදහා වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ශ්‍යාමලා සුවදරත්න මිය, සමාජ සේවා සංවර්ධන නිලධාරි අමන්ති උඩමුල්ල මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

💻තාක්ෂණික දැනුමෙන් කාර්යක්ෂම සේවාවක් කරා ....💻රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂම හා ඵලදායී සේ...
02/10/2026

💻තාක්ෂණික දැනුමෙන් කාර්යක්ෂම සේවාවක් කරා ....

💻රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා ගැනීම මෙන්ම කාර්යාලීය දත්ත කළමනාකරණය වඩාත් කාර්යක්ෂම හා නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගත කිරීමේ අරමුණින්, Access දත්ත පද්ධති සැකසීම පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් ඉතා සාර්ථකව කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී කාර්යාල නිලධාරීන් සඳහා පවත්වන ලදී.

👨‍🏫මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී තාරක තිසේරා මහතා විසිනි.

📖මෙම පුහුණුව මඟින් දත්ත සුරක්ෂිතව පවත්වාගෙන යාම, නිවැරදිව කළමනාකරණය කිරීම, තොරතුරු කාර්යක්ෂමව භාවිත කිරීම සහ ඩිජිටල් තාක්ෂණය සමඟ රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට නිලධාරීන්ට අවස්ථාව උදා විය.

**කාර්යක්ෂම සේවාවක් සඳහා නව දැනුමෙන් සන්නද්ධ වෙමු.**

Address

Rathambalawaththa Road
Kegalle
71000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94352230452

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Kegalle:

Shortcuts

Share