Youth Buddhist Association - Ridi Viharaya

Call Directions

Youth Buddhist Association - Ridi Viharaya Venerable Thibibatuwawa Sri Siddhartha Buddharakkitha Nayaka Thera and our aim is to mobilize the you

ඓතිහාසික රිදී විහාරය කියන්නේ බෞද්ධය ජනතාව හට ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් විහාරස්ථානයකි . බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ‍රැවන්වැලි සෑය ඉදිකිරිමේදි වස්තුව නොමැතිව දුටු ගැමුණු රජතුමා කනස්සල්ලෙන් සිටි අවස්ථාවේ එහි වැඩ නිම කිරිමට හැකි වුයේ රිදි විහාරයෙන් මතු වු රිදී ගොබය නිසයි . ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති හිමියන් වන්නේ මල්වතු පාර්ෂවයේ මහා නායක අති පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක හිමිපානන් වහන්සේ වන අතර වර්ථමාන භාරකාර නායක හිමියන් වන්නේ ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ෂවයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදි විහාරයේ භාරකාර පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන් වන අතර වුන් වහන්සේගේ අවවාද අනුසාසනා හා මග පෙන්විම අනුව තරුණ පිරිස එකරාසි කරගෙන ආගමික, සමාජිය,ආර්ථික හා පාරිසරික වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම අපේ අරමුණයි..

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමේ සාකච්ඡා ඇරඹේ..
25/09/2026

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමේ සාකච්ඡා ඇරඹේ..

මහ මග කුණු දමා යන පිරිස් හදුනා ගැනිමට රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේන් CCTV කැමරා පද්ධතියක් Hagarankotawa View point එක...
16/09/2026

මහ මග කුණු දමා යන පිරිස් හදුනා ගැනිමට රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේන් CCTV කැමරා පද්ධතියක් Hagarankotawa View point එකට..

මේ හගරන්කොටාව View point එක .මේ තැන කටුපිලගොල්ල ,මොරතිහ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ . ඒ නිසා මාර්ගය භාවිතා කරන අය තමන්ගේ ගෙවල්වල කුණු මේ අවට විසි කරලා ලස්සන තැන් විනාශ කරලා.😭

කුණු දමන පිරිස් හදුනා ගැනීම සඳහා රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මගින් මොරතිහ රන්තරු සුභ සාධක සංගමයට CCTV කැමරා පද්ධතියක් ඒම ස්ථානයේ සවි කිරීමට ලබාදුනි..
රිදී විහාරයේ නායක හිමියන් වන ගෞරවණිය තිබිබටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන් එම උපකරණ ප්‍රධානය කල අයුරු..

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ පෙරහර ඊයේ දින (සැප්. 05) පෙරවරුවේදී නි...
06/09/2026

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ පෙරහර ඊයේ දින (සැප්. 05) පෙරවරුවේදී නිලන්තට්ටුව දැදුරු ඔය දිය කැපුම් තොට දක්වා ගමන් කොට දැදුරු ඔයෙන් දිය කපා ගෙනවිත් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරිණි.

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ දින (සැප්. 04) රාත්...
05/09/2026

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ දින (සැප්. 04) රාත්‍රී 7.18ට යෙදුණු සුබ මොහොතින් රිදීගම නගරය දක්වා වීදි සංචාරය කල වගයි.

ඡායාරූප : රිදී විහාරයේ නිල මාධ්‍ය ඒකකය

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ දින (සැප්. 04) සධාත...
05/09/2026

ඓතිහාසික රිදී විහාර සත් පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ දින (සැප්. 04) සධාතුක කරඬුන් වහන්සේ ඓතිහාසික රිදී විහාරයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ කාරක සංඝසභික පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ රිදී විහාරයේ බස්නායක නිලමේ තැන්පත් වෛද්‍ය චූලා බණ්ඩාර බස්නායක නිළමේතුමන් විසින් විහාර මන්දිරයේ සිට සධාතුක කරඬුව තැන්පත් කරන මණ්ඩපය දක්වා වැඩම කරවන ලද වගයි.

ඉන් අනතුරුව පස්වරු 7.18ට යෙදුණු සුබ මොහොතින් පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත්, වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු තිස්ස වර්ණසූරිය මැතිතුමාත්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගරු අමාත්‍යතුමා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියේ සහ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ බොහෝ පරිසකගේත් සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් සිංහ රාජා මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කරන ලදී.

ඡායාරූප : රිදී විහාරයේ නිල මාධ්‍ය ඒකකය

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි 2026 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ දින ...
04/09/2026

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි 2026 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ දින (සැප් 03) රාත්‍රී 8.48ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කල වගයි.

අවසන් රන්දෝලි මහා පෙරහර අද දින පස්වරු 7.18ට යෙදෙන සුබ මොහොතින් රිදීගම නගරය දක්වා වීදි සංචාරය කරන වගයි.

ඡායාරූප : රිදී විහාර නිල මාධ්‍ය ඒකකය

04/09/2026
ඔබ සියලු දෙනාට ආරාධනා !
04/09/2026

ඔබ සියලු දෙනාට ආරාධනා !

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි 2026 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර ඊයේ දින (ස...
03/09/2026

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි 2026 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර ඊයේ දින (සැප් 02) රාත්‍රී 9.18ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කල වගයි.

අවසන් රන්දෝලි මහා පෙරහර සැප්තැම්බර් 04 දින පස්වරු 7.18ට යෙදෙන සුබ මොහොතින් රිදීගම නගරය දක්වා වීදි සංචාරය කරන වගයි.

ඡායාරූප : රිදී විහාර නිල මාධ්‍ය ඒකකය

Address

Youth Buddhis TAssociation-Ridi Viharaya, Ridigama
Kurunegala
60040

Telephone

+94724395770

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Buddhist Association - Ridi Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share