District Secretariat- Kurunegala

Call Directions Website Contact the organization

District Secretariat- Kurunegala Kurunegala District Secretariat is lead to 30 Divisional Secretary’s Divisions in the district and 1610 Grama Niladhari Divisions.

This district consists of 14 electorates and 4432 villages. Altogether, this is the largest administrative district. Our Vision is to manage the physical and human resources of the district productively efficiently in order to achieve a good living standard for the people

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (වර්ණය - කහ) -----------------------------------------------------------------කුර...
26/10/2026

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (වර්ණය - කහ)
-----------------------------------------------------------------
කුරුණෑගල දිස්ත්‍රික්කය:

* ⁠නාරම්මල
* ⁠මාවතගම
* ⁠අලව්ව

ප.ව.8.00 වන විට මාඔය ජල මට්ටම ගිරිඋල්ල ජල මාපක ඒකකට අනුව මීටර 5.11 ක අගයක් ගෙන ඇත.අවට ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන මෙ...
26/10/2026

ප.ව.8.00 වන විට මාඔය ජල මට්ටම ගිරිඋල්ල ජල මාපක ඒකකට අනුව මීටර 5.11 ක අගයක් ගෙන ඇත.අවට ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන මෙන් දිස්ත්‍රික් ලේකම්තුමා දැනුම් දෙයි.

2026.10.26
ප.ව.8.00

Dmc Kurunegala

කරුණාකර මෙම පණිවිඩය බෙදා හරින්න..👇https://dsku.lk/disaster/public/warnings/all👆අනතුරු අවම කරගැනීමේ නිවේදනයයි.- මාඔයපවතින...
26/10/2026

කරුණාකර මෙම පණිවිඩය බෙදා හරින්න..👇

https://dsku.lk/disaster/public/warnings/all

👆
අනතුරු අවම කරගැනීමේ නිවේදනයයි.- මාඔය

පවතින වර්ෂාපතනය හේතුවෙන් මාඔය ජල මට්ටම පෙ.ව 7 වනවිට මි.3 ක මට්ටමින් පවතින බවත් වර්ෂාපතනය මිමි.81 ක් ගිරිඋල්ල ප්‍රදේශයට ලැබී ඇති බව මා ඔය ජලපාලන ඒකකය ප්‍රකාශ කර සිටී.

දැනට අවදානම් තත්වයක් නොමැති වුවත් නිරන්තරයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අවදානම් තත්වයන්ගෙන් ජීවිත දේපල ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුවත් කරන මෙන් දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි කාරුණිකව දැනුම් දෙමි .

විරාජ් දිසානායක
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ආපදා කළමනාකරණ

කරුණාකර මෙම පණිවුඩය බෙදා හරින්න..🙏දැදුරු ඔය  ජලාශයේ වාන් දොරටු 08 මේ වන විට අඩි දෙක බැගින් විවෘත කර ඇත.දැදුරු ඔය පහළ ප්‍...
26/10/2026

කරුණාකර මෙම පණිවුඩය බෙදා හරින්න..🙏

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 මේ වන විට අඩි දෙක බැගින් විවෘත කර ඇත.දැදුරු ඔය පහළ ප්‍රදේශවල හා අවට ජනතාවට ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙස කුරුණෑගල දිසාපතිතුමා දැනුම් දෙයි.👇

https://dsku.lk/disaster/public/warnings/all

25/10/2026
25/10/2026
කුරුණෑගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගිය දා (20)  දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාගේ ප්‍රධානත්වයන් කාර්යා...
22/10/2026

කුරුණෑගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගිය දා (20) දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාගේ ප්‍රධානත්වයන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දි පැවැත්විණ.

වයඹ පලාත තුල වනඅලි ගැටළුව අවම කිරීම සදහා සකස් කල ව්‍යාපෘති වාර්තාවක් වයඹපලාත් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් කමිටුවේ දැනුවත්වීම සදහා ඉදිරිපත් කරන ලදී. වයඹ පලාත තුල වන අලින් 700-800 ප්‍රමාණයක් වාසය කරන බව අනුමාන කරන අතර දැනට වසර 40 ක පමණ කාලයක සිට මෙම ගැටළුව විසදීම සදහා උත්සාහ දැරුව ද එය අසාර්ථක වී ඇති බවත් වසරෙන් වසර වන අලි තර්ජනය වැඩි වි ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ඇහැටුවැව, ගිරිබාව සහ අඹන්පොල ආදී ප්‍රදේශවල මෙම තර්ජනය තිව්‍ර වී ඇති බවත් අලි පලවා හැරීම, විදුලි වැට ආදී උපක්‍රම යෙදුවද දැනට වන අලින් විදුලිවැටෙන් පිටත ජීවත්වන බවද පෙන්වා දුන්නේය. මෙයට විසදුම් ලෙස අලින්ට සුදුසු වාසස්ථාන හදුනාගෙන ඒවා තුල ජලය , තෘණබිම් ආදී පහසුකම් සැලසා ඔවුන් ඒ තුල රැදවීම ආදී යෝජනාවන් මෙයට ඇතුලත් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතන එකතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත බව මෙහිදි ලේකම් වරයා යෝජනා කලේය.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ බොහොමයක් මේ වන විට පිරී බැවින් ජනවාරි මස නියගයක් ඇති වුවද ජලය කළමණාකරණය කර ගත හැකි වනු ඇතැයි දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ දිල්රුක් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලේය. වර්ෂාව ලැබීමත් සමග වී වගා නොකිරීමට තීරණය කර තිබූ කුඹුරුද වගා කරන බව වගා කරන බවත් , කාලගුණ අනාවැකි අනුව බතලගොඩ වැනි ව්‍යාපාර වල වී වගා කිරීම අවධානම් බව වාරිමාර්ග ඉංජිනේරු වරයා ප්‍රකාශ කලේය.වාරිමාර්ග ඉංජිනේරු වරයා ප්‍රකාශ කලේය.

2026/27 මහ කන්නය සදහා දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 83372 ක් වගා කිරීමට ඉලක්ක කර ඇති බවත් ඒ සදහා යූරියා මෙට්‍රික් ටොන් 17406 ක් ද, TSP මෙට්‍රික් ටොන් 4044ක් ද, MOP මෙට්‍රික් ටොන් 4735 ක් අවශ්‍ය බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ චමින්ද සම්පත් මහතා ප්‍රකාශ කලේය.

මහා වාරිමාර්ග ව්‍යාපාරවල වී වැපිරීම මෙම මස අවසන් කරන බව ව්‍යාපාර කළමණාකරුවන් පෙන්වා දුන් අතර රිදී බැදිඇල්ල ව්‍යාපාරයේ දිට්වා සුළිකුණාටුවෙන් විශාල වශයෙන් හානි සිදුවි ඇති කුඹුරු අක්කර 200 ක් පමණ දැනට කන්න 03ක් වගා කිරිමට නොහැකි වී ඇති බවත් එම ගොවීන් සදහා කිසියම් සහනයක් අවශ්‍ය බව එහි ව්‍යාපාර කළමණාකරු ආර්.ඩී.එස්.කේ. රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේය.

කුරුණෑගල දේශගුණික සුහුරු ව්‍යාපෘති සදහා විශාල ආයෝජනයක් කර ඇති බවත් ප්‍රාදේශීය කෘෂිකර්ම කම්ටු වලදී ඒ පිළිබදව ප්‍රගතිය සාකච්ඡා කරන ලෙස දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් අක්කර 05 ට අඩු පොල් ඉඩම් සදහා නොමිලයේ පොහොර සහනාධාරයක් ලබා දෙන බවත් ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි හරහා ඉල්ලුම්පත් යොමු කිරීමට ගොවීන් දැනුවත් කරන ලෙස පොල් වගා කිරීමේ මන්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු ඩී.පී.පී. මහීලාල් මහතා ප්‍රකාශ කලේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 50% ගොවි දායකත්වය මත වායු රයිපල් ලබා දීමේ වැඩසටහන යටතේ වායු රයිපල් 256 ක් ලබා දෙන බව ද නොවැම්බර් මස ඇතුලත පුහුණුවකින් පසුව ඒවා ලබා දෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.ඒ. ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රකාශ කලාය.



ඉදිරි දින 04 තුල කුරුණෑගල දිස්ත්‍රික්කයට වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බැවින් ආපදා පෙර සූදානමින් සිටින ලෙසත් , ග්‍රාමීය ආපදා කළමණාකරණ කමිටු පිහිටුවීමට කටයුතු කරන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් ඉල්ලා සිටියේය. 2027 වර්ෂයට ක්‍රියාත්මක කිරීම සදහා වෙනත් ආයතනයකින් ක්‍රියාත්මක නොවන ආපදා අවම කිරීමේ ව්‍යාපෘති නොවැම්බර් 20 ට පෙර තමන් වෙත ලබා දෙන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.



කොටවෙහෙර ප්‍රදේශයට මේ වන විට වැඩිම වන අලි හානිය සිදුවෙන බව එම ප්‍රාදේශීය ලේකම් වරයා ප්‍රකාශ කල අතර එම ප්‍රදේශයේ අලි පාලන ඒකකයක් ස්ථාපනය කිරීමට තීරණය විය. එල්ලෙන විදුලිවැට මේ වන විට කිලෝමීටර් 06 කට සීමා වී ඇති බවත් , එම කොටස ඉදිකිරීමට ද මහවැලි අධිකාරියෙන් ඇස්තමේන්තු ලැබි නැති බවත් මෙහිදි අනාවරණය විය.



සුලු හා මධ්‍ය පරිමාණ වි මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුල වී මෝල් 51 ක් හරහා වී මෙට්‍රික් ටොන් 2680 ක් මිලදීගෙන ඇති බවත් මේ සදහා රුපියල් මිලියන 360 ක් ගෙවා අවසන් බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ චමින්ද සම්පත් මහතා ප්‍රකාශ කලේය.



ග්‍රාම නිලධාරි වසමක සේවය කිරීම සදහා රාජ්‍ය නිලධාරීන් 05 දෙනෙකු පමණ සිටිය ද රජයෙන් තමන්ට ලැබෙන සේවාවන් සම්බන්ධ දැනුවත් නොකරන බව ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන් අතර මේ පිළිබදව ප්‍රාදේශීය කෘෂිකර්ම කම්ටු වලදි දැනුවත් කිරිමට තීරණය විය.



මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා ජයවර්ධන මහත්මිය, සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් , ආයතන ප්‍රධානීන් හා ගොවි නියෝජිතයින් ද සහභාගී වූහ.

Address

District Secretariat Kurunegala
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372222238

Alerts

Be the first to know and let us send you an email when District Secretariat- Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Secretariat- Kurunegala:

Shortcuts

Share