Governor Media Unit - North Western Province

Directions Website Contact the organization

Governor Media Unit - North Western Province Official News & Updates from Governor's Media Unit - ආණ්ඩුකාර මාධ්‍ය ඒකකයෙන් නිකුත් කරන නිල පුවත්

09/10/2026

The Buddist TV
Susandesha News

08/10/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026.10. 07 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ළමුන්ගේ දක්ෂතා එළිදැක්වීම, සිතිවිලි සිත්තම් සමස්ථ ලංකා චිත්‍ර කාටූන් තරගයේ ජාතික ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර ප්‍රදානය , පාසැල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනේ ජාතික ජයග්‍රාහකයින් ඇගයීම,දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සදහා ලිස්සන බෝට්ටුක් ප්‍රදානය, 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකතන සේවාව ඇතුලත් සිහිවටනයක් සියලුම දරුවන්ට හා නර්තනය ඉදිරිපත් කරන ලද දරුවන්ට පිරිනැමීම,එමෙන්ම දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂාව ප්‍රවර්ධනයට කටයුතු කල මාධ්‍යවේදීන් ඇගයීම ඇතුලු විශේශාංග රැසක් මෙහිදී සිදුකෙරිණි
විවිධ ආයතන හා පුද්ගලයින්ගේ අනුග්‍රාහකත්වයද මේ සඳහා ලැබුණු අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
See less

"Cornell University" අනුබද්ධිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.වයඹ ආණ්ඩ...
07/10/2026

"Cornell University" අනුබද්ධිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ එම නියෝජිතයින් අතර පැවති මෙම සාකච්ඡාවේදී පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යාපෘතීන් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ආණ්ඩුකාර ලේකම්තුමා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා,වයඹ සංවර්ධන අධිකාරියේ සභාපතිතුමිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.07

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද  ලෝක ළමා දින සැමරුම් උළෙල  කාන්තා හා ළමා ක...
07/10/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026.10. 07 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ළමුන්ගේ දක්ෂතා එළිදැක්වීම, සිතිවිලි සිත්තම් සමස්ථ ලංකා චිත්‍ර කාටූන් තරගයේ ජාතික ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර ප්‍රදානය , පාසැල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනේ ජාතික ජයග්‍රාහකයින් ඇගයීම,දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සදහා ලිස්සන බෝට්ටුක් ප්‍රදානය, 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකතන සේවාව ඇතුලත් සිහිවටනයක් සියලුම දරුවන්ට හා නර්තනය ඉදිරිපත් කරන ලද දරුවන්ට පිරිනැමීම,එමෙන්ම දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂාව ප්‍රවර්ධනයට කටයුතු කල මාධ්‍යවේදීන් ඇගයීම ඇතුලු විශේශාංග රැසක් මෙහිදී සිදුකෙරිණි

විවිධ ආයතන හා පුද්ගලයින්ගේ අනුග්‍රාහකත්වයද මේ සඳහා ලැබුණු අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.07

වයඹ පළාත තුල පළාත් පාලන කටයුතු සහ මානව හිමිකම් ගැටළු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේ...
07/10/2026

වයඹ පළාත තුල පළාත් පාලන කටයුතු සහ මානව හිමිකම් ගැටළු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේදී පැවැත්විණි.

තම බලප්‍රදේශයේ මානව සම්පත සමග සම්බන්ධව ඍජුව වැඩ කටයුතු කරන ආයතනයක් වන පලාත් පාලන ආයතන‍යන්හි පැන නගින ගැටළු හා ඔවුන්ගේ බලසීමාවේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරුන්, ලේකම්වරුන් හා නිලධාරින් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, මානව හිමිකම් කමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා, ශ්‍රි ලංකා මානව හිමිකම් කමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ නීතිඥ සුමනලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු මානව හිමිකම් කමිෂන් සභාවේ නිලධාරින්ද, ආණ්ඩුකාර ලේකම්තුමා,පළාත් පාලන කොමසාරිස්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.07

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම...
06/10/2026

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකෙහි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 28 දෙනෙකු දැනට සේවයේ නිරත වන අතර ඔවුන්ගේ වෘත්තීය ගැටළු හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය, ආණ්ඩුකාර ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.06

පළාත් කළමනාකරණ සේවා නිලධාරින්ගේ සංගමය හා වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වී...
06/10/2026

පළාත් කළමනාකරණ සේවා නිලධාරින්ගේ සංගමය හා වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

වයඹ පළාත් කළමනාකරණ සේවා නිලධාරින් සඳහා වන වාර්ෂික ස්ථාන මාරු පිළිබඳව අළුතින් සංශෝධනය කිරීමට යෝජනා කර ඇති ස්ථාන මාරු පටිපාටිය පිළිබඳව මෙන්ම, වාර්ෂික ස්ථාන මාරු මගින් අයදුම්කරනු ලබන නිලධාරින් වෙත ස්ථාන මාරු නොලැබීම, හා එම සේවයට බලපානු ලබන පොදු ගැටළු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආණ්ඩුකාර සහකාර ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ද පළාත් කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.06

කුරුණෑගල නගරයේ ජලසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක්  වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ ප්‍රධානත...
06/10/2026

කුරුණෑගල නගරයේ ජලසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දායකත්වය ඉදිරියේ කුරුණෑගල නගරයේ ජල සැපයුමට දායක වීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, කුරුණෑගල නගරාධිපතිතුමා, ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු නිලධාරින්ද, නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමා ඇතුළු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.06

වයඹ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ බාරගත් සිසිර කුමාර මහතා වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී (06) අද දින පෙරවරුවේදී  ආණ්ඩ...
06/10/2026

වයඹ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ බාරගත් සිසිර කුමාර මහතා වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී (06) අද දින පෙරවරුවේදී ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා හමුවිය.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.06

ලෝක ළමා දිනයට සමගාමීව  වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද අන්තර් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක...
03/10/2026

ලෝක ළමා දිනයට සමගාමීව වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද අන්තර් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩා උළෙල කුලියාපිටිය ශිල්ප ශාලිකාවේදී පැවැත්විණි.

මෙහි ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මැතිතුමා සහභාගි විය.

දරුවන්ගේ විවිධ සංසංස්කෘතිකාංග රාශියකින් සමන්විත මෙම වැඩසටහනට වයඹ ප්‍රධාන ලේකම්තුමා, සංසංස්කෘතික අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද, ආරක්ෂක අංශ නිලධාරීන් ද එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.10.03

Address

Governor Office
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Governor Media Unit - North Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Governor Media Unit - North Western Province:

Shortcuts

Share