Divisional Secretariat Mahiyangana

Call Directions Website Contact the organization

Divisional Secretariat Mahiyangana ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය - මහියංගනය
(1)

09/10/2026
ජීවිතයේ සැඳෑ සමය වර්ණවත් කළ මහියංගනයේ අභිමානවත්වැඩිහිටි සැමරුම් උළෙල 2026◾◾◾◾◾◾◾◾◾◾◾◾ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන්...
07/10/2026

ජීවිතයේ සැඳෑ සමය වර්ණවත් කළ මහියංගනයේ අභිමානවත්
වැඩිහිටි සැමරුම් උළෙල 2026
◾◾◾◾◾◾◾◾◾◾◾◾

ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සුවතාවය සහ කලාත්මක හැකියාවන් අගයනු වස් සංවිධානය කළ "වැඩිහිටි කලා උළෙල - 2026" (තෙවන වරටත්) 2026.10.06 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය "සම්භාෂිණි" ශ්‍රවණාගාරයේදී පැවැති මෙම අභිමානවත් උළෙල සඳහා කොට්ඨාසයේ වසම් 35 ම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් එකතු විය.

එදා හෙළූ දහඩිය මහන්සියෙන් අපේ හෙට දිනය ලස්සන කළ ඒ ආදරණීය අම්මලා, තාත්තලාගේ ප්‍රදර්ශන සහ රංගනයන්ගෙන් මුළු ශ්‍රවණාගාරයම සිනහවෙන් සහ සතුටෙන් පිරී ගිය අමතක නොවන දවසක්!

මූල්‍ය දායකත්වය: ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම. ◾◾◾◾◾◾◾◾◾◾◾◾◾           මහියංගනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපත...
02/10/2026

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම. ◾◾◾◾◾◾◾◾◾◾◾◾◾

මහියංගනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් 01 වන දින මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ "සම්භාෂිණි" ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මහියංගනය ප්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතා, ප්‍රාදේශීය සභාවේ සභාපති උපේක්ෂා විජේතුංග මහත්මිය, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු බලප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

මෙහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කරුණු:

◾ අධිකරණ සංකීර්ණය ස්ථානගත කිරීම: පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල පිහිටි භූමිය වෙත අධිකරණ සංකීර්ණය ගෙන යාම.

◾ කසළ හා අපජල කළමනාකරණය: දොඩම්වත්ත කසළ අංගනය පිහිටි භූමියේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් සහ ගලි පිරිපහදු ඒකකයක් ස්ථාපිත කිරීම.

◾ නගරයේ රථවාහන තදබදයට විසඳුම්: රථවාහන තදබදය අවම කිරීම සඳහා පුද්ගලික බස් නැවතුම්පොළ වෙනුවෙන් නව පිවිසුම් දොරටුවක් ඉදිකිරීම.

◾ ගොවිජන හා ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති: දඹගොල්ල හෑපොල අමුණ අලුතින් ඉදිකිරීම සහ ඇලෑවෙල උඩවැව ප්‍රතිසංස්කරණය කිරීම.

මහියංගන රාජමහා විහාරස්ථානයේ සහ සුමන සමන් දේවාලයේ 2026 වර්ෂයේ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව...
29/09/2026

මහියංගන රාජමහා විහාරස්ථානයේ සහ සුමන සමන් දේවාලයේ 2026 වර්ෂයේ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව...

මහියංගන රාජමහා විහාරස්ථානයේ හා සුමන සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අවසානයේ පැවැත්වුණු මහා ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව...
28/09/2026

මහියංගන රාජමහා විහාරස්ථානයේ හා සුමන සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අවසානයේ පැවැත්වුණු මහා ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව නිම විය.

මෙම උතුම් කර්තව්‍යයට සහභාගී වී සහයෝගය දැක්වූ සැමට පින්

ඓතිහාසික මහියංගන පූජා භූමියෙන් සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය කැඳවන අවසාන රන්දෝලි පෙරහැර මංගල්‍යය!
28/09/2026

ඓතිහාසික මහියංගන පූජා භූමියෙන් සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය කැඳවන අවසාන රන්දෝලි පෙරහැර මංගල්‍යය!

27/09/2026

ඓතිහාසික මහියංගන රාජ මහා විහාරය හා ශ්‍රී සුමන සමන් දේවාලය එක්ව පවත්වනු ලැබූ 2026 ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත සිය කෘතවේදී ස්තුතිය පළ කරමින්, මහියංගන ප්‍රාදේශීය ලේකම් ඩබ්. විමංස සෙනෙවිරත්න මහතා විසින් සිදු කෙරෙන විශේෂ ස්තුති පණිවිඩය.

Address

Mahiyangana
90700

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94552257763

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Mahiyangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Mahiyangana:

Shortcuts

Share