Ceylon Rail Diaries

Directions

Ceylon Rail Diaries This is Informational and entertainment e-magazine for the people who have interest and curiocity about sri lanka railway and its day to day activities.

🔴පේරාදෙණිය කළු පාලමට සමාන්තරව තවත් දුම්රිය පාලමක් ඉදිකිරීමට සැලසුම් පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ගමනාගමනය සඳහා ත...
03/10/2026

🔴පේරාදෙණිය කළු පාලමට සමාන්තරව තවත් දුම්රිය පාලමක් ඉදිකිරීමට සැලසුම්

පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ගමනාගමනය සඳහා තවත් පාලමක් ඉදිකරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

එම පාලම ඉදිකිරීමට අදාළ සැලසුම් සහ නිර්මාණාත්මක ශිල්පී සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා.

කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් අද (02) පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා කොටසේ ධාවන කටයුතු ඇණහිට තිබූ අතර, මාස දහයක කාලයකට පසුව එම මාර්ගය නැවත දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කෙරුණා.

එහි මංගල ගමන සංකේතවත් කරමින් කොළඹ කොටුවේ සිට පැමිණි විශේෂ දුම්රියෙන් පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ළඟා වූ අමාත්‍යවරයා, එහි නිරීක්ෂණ කටයුතුවලින් පසුව මෙම අදහස් පළ කළා.

පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙන බවත්, විවිධ හේතූන් මත එහි කටයුතු ප්‍රමාද වූවද එය ඉක්මනින් නිම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියා.

එමෙන්ම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය ප්‍රවාහන සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම, දුම්රිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් සිදුකරන විවේචන හේතුවෙන් දැඩි චිත්ත පීඩාවට පත්වන්නේ සමස්ත දුම්රිය කාර්ය මණ්ඩලය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතු ඇතැමුන් විවේචනය කරන තරම් වේගවත් නොවන බවද සඳහන් කළා.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ඇතුළු නිලධාරීන්, දුම්රිය කාර්ය මණ්ඩලය මෙන්ම දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වුණා.

READ MORE >>> https://www.itnnews.lk/2026/10/02/836779/

© ITN Sri Lanka

See less

Online සීසන් එකක් ලබා ගැනීම සඳහා දුම්රිය මගීන් දැනගත යුතු කරුණු සහ පියවරෙන් පියවර Season Ticket ලබාගන්නා ආකාරය 👇දිනපතා ර...
01/10/2026

Online සීසන් එකක් ලබා ගැනීම සඳහා දුම්රිය මගීන් දැනගත යුතු කරුණු සහ පියවරෙන් පියවර Season Ticket ලබාගන්නා ආකාරය 👇

දිනපතා රැකියාවට, අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරන මගීන්ට Season Ticket එකක් ලබාගැනීම හරහා නිරන්තරයෙන් සාමාන්‍ය ටිකට් ලබා ගැනීමේ දුෂ්කරතා අවම වී එක් වරකදී වාර ප්‍රවේශය පත්‍රයක් ලබා ගෙන දුම්රිය ගමනාගමනය සඳහා පහසුකමක් ලබාගැනීමේ හැකියාව ඈත අතීතයේ සිටම පැවතුණි. දුම්රිය ස්ථානයකට ගොස් රස්තියාදු වී පෝලිම් වල සිටගෙන සිටිමින් ,වාර ප්‍රවේශපත්‍ර නිකුත් කරන කාලසටහනට අනුගත වෙමින් ඒ වේලාවන් තුල අනෙකුත් වැදගත් කටයුතු වලින් ඉවත් වී මේ සඳහාම යම් අයෙකුට යොමු වීමේ පිරිවැය දැන් මගී ඔබ විද දරාගත යුතු නැත. වත්මන් රජයේ පත්වී කිහිප දිනකින් ඩිජිටල් කටයුතු නි.ඇමතිවරයා සහ මෙම සමූහය සමග පැවති සාකච්ඡාවලදී මෙම ෆෝල්ඩර සහ වාර ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී මගීන් විසින් මුහුණ දෙන ගැටලු සහ යල් පැන ගිය ක්‍රමවේදය පිළිබදව අවධානයට යොමු කරන ලදි.පසුව ඩිජිටල් කටයුතු පිළිබදව ජනාධිපති උපදේශක වරුන් සමග පැවති සාකච්ඡා වලදීද මේ සම්බන්ධ අවධානය යොමු කරන ලදි. කෙසේ හෝ කාලයක් ගතවී මේ සම්බන්ධව අවශ්‍යතා මූලිකත්වයෙන් ගෙන කටයුතු කරන ලද එකී නොකී සියලුම දෙනාගේ සතුටට හේතුවන ලෙස 2026 ඔක්තෝබර් මාසයේ සිට සීසන් ඔනලයින් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් හඳුන්වා දී ඇති Online Season Ticket Service හරහා, සුදුසුකම් සපුරා ඇති මගීන්ට මේ මාසයේ සිට Season Ticket එකක් Online ක්‍රමයට ලබාගැනීමට හැකියාව දැන් උදා වී ඇත.

මෙම ලිපිය මගින් Online Season Ticket එකක් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු පියවර, අවධානය යොමු කළ යුතු කරුණු සහ සීසන් Ticket එක නිකුත් වූ පසු එහි භාවිතය පිළිබඳව සරලව පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත.

🟦 පියවර 01 - දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ වෙබ් අඩවිය වෙත පිවිසීම සහ තොරතුරු විමසීම

ශ්‍රී ලංකා දුම්රිය Online Ticketing වෙබ් අඩවියට පිවිසීමෙන් පසු Season Passenger යන විකල්පය තෝරාගත යුතුය. ඒ සදහා පහත මාර්ගත දිගුව භාවිතා කල හැක. 👇

https://seatreservation.railway.gov.lk/mtktwebslr/

මෙම මාර්ගත දිගුවට ගිය පසු ඔබට මෙම ඕස්ට් එක සමග අමුණා ඇති ඡායාරූප අංක 01 ලෙස එම වෙබ් අඩවිය දිස් වේ. එහි සීසන් පැසෙන්ජර් තෝරා ගැනීමට පෙර උඩින්ම ඇති Login තුලින් ඔබගේ රේල් වේ පැසෙන්ජර් ප්‍රොපයිල් එකට ලොගින් වී සිටීම අනිවාර්යය වේ. ප්‍රොපයිල් එකක් නොමැතිනම් ඉතා පහසුවෙන් Sing in තුලින් ඔබට ප්‍රොපයිල් එකක් නිර්මාණය කර ගත හැක.

🟦 පියවර 02 - දුම්රිය සේවයේ පැසෙන්ජර් ප්‍රොපයිල් එකක් නිර්මාණය කර ගැනීම

පහත මාර්ගගත දිගුව හරහා ගොස් ඔබ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඔබගේ ප්‍රොපයිල් එක නිර්මාණය කර ගැනීමට අවස්‍ථාව ලබා දී ඇත.

https://seatreservation.railway.gov.lk/mtktwebslr/memberlogin?user=seasonPassenger

යූසර් නේම් ලෙස ඔබගේ Email ලිපිනය සහ මුර පදය ලෙස ඔබට පහසු ඉලක්කම් අකුරු සහ විශේෂ අකුරු සහිත මුර පදයක් ලබා දිය හැක. ප්‍රොපයිල් එකක් නිර්මාණය කිරීමේදී ඔබගේ විද්‍යුත් ලිපිනයට පැමිණෙන Profile Created Email පණිවිඩයේ Click වෙරිෆිකේශන් තුලින් සාමාන්‍ය ප්‍රොපයිල් එක තහවුරුව කිරීම ලබා ගත යුතු වේ. දැනටමත් සාමාන්‍ය පැසෙන්ජර් ප්‍රොපයිල් එකක් පවතීනම් මෙම පියවර සිදු කිරීම අවශ්‍ය නොවේ.

🟦 පියවර 03 – Season Passenger Profile එක

ඔනලයින් සීසන් ටිකට් එකක් ලබා ගැනීමේ වැදගත්ම පියවර වන්නේ මෙය වේ.පහත මාර්ගගත දිගුව හරහා ගොස් ඔබ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඔබගේ සීසන් ප්‍රොපයිල් එක නිර්මාණය කර ගත යුතුවේ.

https://seatreservation.railway.gov.lk/mtktwebslr/memberlogin?user=seasonPassenger

එහිදී General Passenger, Warrant Passenger, Pension Warrant Passenger සහ Season Passenger වැනි විකල්ප දැකගත හැක.
ඔබ තෝරාගත යුත්තේ සීසන් පැසෙන්ජර් යන දිගුව වේ.

Season Passenger Profile එක නිර්මාණය කිරීමේදී මගියාගේ පහත මූලික තොරතුරු සහ Uplod කල යුතු පහද දෑ දක්වා ඇත.

උදාහරණයක් ලෙස,

• සම්පූර්ණ නම
• NIC අංකය
• ජංගම දුරකථන අංකය
• Email ලිපිනය
• ලිපිනය
• මුහුණත් පෙන්නුම් කරනු ලබන ඡායාරූපයක්
• ජාතික හැදුනුම්පතෙහි ඉදිරිපස සහ පසු පස ඡායාරූප

ඉහත තොරතුරු සහ ඡායාරූප Upload කිරීම සීසන් ප්‍රොපයිල් එක නිර්මාණය කර ගැනිමට අත්‍යවශ්‍යම වේ.ඡායාරූප Upload කිරීමේදී JPEG ස්වරූපයේ පැහැදිලි ඒවා යාවත්කාලීන කල යුතු වේ.ඔබගේ ඡායාරූපය නැවත වෙනස් කල නොහැකි බැවින් පැහැදිලි ඔබව හදුනාගත හැකි ඔබ කැමති ආකාරයේ වැදගත් ඡායාරූපයක් එක් කිරීම සුදුසු වේ.

Profile එකේ නම සහ අනෙකුත් තොරතුරු NIC අනුව නිවැරදිව ඇතුළත් කර තිබීම ඉතා වැදගත්ය. එසේ ඇතුලත් කර අවසානයේදී Proceed යන්න Click කර ප්‍රොපයිල් එක නිර්මාණය කර අවසන් කර ගත හැකි වේ.

සීසන් ප්‍රොපයිල් එක නිර්මාණය කර අවසන් වූ පසු ලියාපදිංචියට එක් කල දුරකථන අංකයට පහත ටෙක්ස්ට් පණිවිඩය ලැබෙනු ඇත.

"Your season ticket profile has been successfully created. Please visit mTicketing-enabled railway station to verify your account before purchasing a season ticket."

🟦 පියවර 04 – සීසන් ප්‍රොපයිල් එක වෙරිෆයි කර ගැනීම

ඉහත පියවර මගින් ප්‍රොපයිල් එක සාදා ගත් පසුව සීසන් ප්‍රොපයිල් Pending ලෙස ඔබ ඇතුලත් කර ගත් සියලුම තොරතුරු සමග සාරාංශයක් දක්නට ලැබේ. අදාල වෙබ් අඩවිය තුල දක්නට ලැබේ.
සීසන් ප්‍රොපයිල් එක Verified වන තුරු සීසන් ටිකට් මිලදී ගැනීම සිදු කල නොහැකිය.
මෙම ප්‍රොපයිල් එක වෙරිෆයිඩ් කරගැනීම සදහා ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත ආසන වෙන් කිරීමේ කාල සීමාව තුලදි එම පහසුකම් සහිත දුම්රිය ස්ථානයකට ඔබ යා යුතු වේ.

ආසන වෙන් කිරීමේ දුම්රිය ස්ථානයකට ඔබ යන විට පහත දේ රැගෙන යා යුතු වේ.

• ජාතික හැදුනුම්පත
• ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
• වෙරිෆයිඩ් නොවූ පෙන්ඩින් ලෙස සටහන් වූ ප්‍රොපයිල් එක අසල ඇති ප්‍රොපයිල් ID නම්බර් එක.
• ඉල්ලු විටකදී එම රේල් වේ වෙබ් අඩවියේ ප්‍රොපයිල් එක තුලට ආසන්න අවස්ථාවේ ලොග්වී සිටින අවස්ථාවේ ඔබගේ දුරකථනය .

දුම්රිය ස්ථානයේ අදාල කාර්‍ය නියුතු නිළධාරී මහතා ඉහත තොරතුරු විමසා ඔහු අප සාදාගත් ප්‍රොපයිල් එක VERIFIED කිරීම සිදු කරනු ලැබේ.

ඒ අවස්ථාවේ සිටම ඔබගේ Profile එක සාර්ථකව සත්‍යාපනය වූ පසු “VERIFIED” යන සලකුණ පෙන්වනු ලැබේ.Profile එක Verified වූ පසු Purchase Season Ticket යන කොටසට පිවිසිය හැක.

වෙරිෆයිඩ් වූ පසු ටෙක්ස්ට් මැසේජ් එකක්ද පහත ලෙසම ඔබට ලැබෙනු ඇත.

Dear Customer, your account has been verified successfully. You can now log in to the website and purchase a new season ticket. Thank you for using our service.

🟦 පියවර 05 – පලමු වරට ONLINE සීසන් මිලදී ගැනීම

මෙහිදී Season Ticket එකට අදාළ ප්‍රධාන තොරතුරු තෝරාගත යුතුය.

🚉 Start Station
ගමන ආරම්භ කරන දුම්රිය ස්ථානය.

🚉 End Station
ගමන අවසන් කරන දුම්රිය ස්ථානය.

🎫 Class
ගමන් කිරීමට අවශ්‍ය පන්තිය.

📅 Season Type
Weekly හෝ Monthly Season ලෙස වන පරිදි තෝරාගත යුතු වේ.

උදාහරණයක් ලෙස Season Ticket එක සඳහා,
පහත ලෙස සාරාංශය දිස්වනු ඇත.

Start Station: Mirigama
End Station: Kompannavidiya
Class: Third Class
Season Type: Monthly
Validity From :Oct 01 2026
Validity To : 31 Oct 2026

ලෙස දැක්වේ.

පසුව පර්චස් ටිකට් යන්නෙන් සීසන් එක මිලදී ගැනීම සිදු කල යුතු වේ.

⚠️ විශේෂ අවධානය

Start Station සහ End Station නිවැරදිව තෝරාගැනීම ඉතා වැදගත්ය.නිවරදි නොවන ඇතුලත් කිරීමක් සිදු කර වරක් මිලදී ගත් පසු නැවත එය වෙනස් කිරීම සිදු කල නොහැක.

🟦 පියවර 06 – ගාස්තුව පරීක්ෂා කිරීම

Purchase Ticket තෝරාගත් පසු Review Your Season Purchase පිටුවට පැමිණේ.
එහිදී,

• Base Fare
• Service Charge
• Total Amount

යන තොරතුරු පෙන්වනු ලැබේ.

උදාහරණක් ලෙස මුල් අදියරේදී,

Base Fare – Rs. 3,400.00
ලෙස පෙන්වා ඇති අතර, අවසාන Ticket එකේ,
Total Amount – Rs. 3,570.00
Service Charge – Rs. 170.00

ලෙස දැක්වේ. ඔන්ලයින් සීසන් ලබා ගැනීමේදී සේවා ගාස්‍තුවක් අය කිරීම සිදු කරනු ලැබේ.

💳 Payment

පද්ධතිය මගින් ලබාදෙන Credit/Debit Card Payment පහසුකම භාවිත කර ගෙවීම සිදු කළ හැක.
ගෙවීමට පෙර Final Amount එක පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම වාගේ වැදගත් වේ.

🟦 පියවර 07 – Season Ticket Purchase Successful

Payment එක සාර්ථක වූ පසු,Season Purchase Successful යන පණිවිඩය පෙන්වනු ලැබේ. ඒ සමගම ලියාපදිංචි දුරකථන අංකයට පහත ආකාරයේ කෙටි පණිවිඩයක් ද ලැබෙනු ඇත.

You have successfully obtained your monthly season ticket. Your reference number is SSN1,000,1**1 - SLR.

එමගින් Season Ticket එක සාර්ථකව නිකුත් වී ඇති බව තහවුරු කරගත හැක.

සාර්ථකව ඔබ මිලදී ගත් සීසන් ටිකට් පිටුව Download Season Ticket විකල්පය භාවිත කර Ticket එක PDF ආකාරයෙන් ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට Save කරගත හැක.

🟦 පියවර 08 – දැන් ඔබ සතුව ONLINE සීසන් එකක් අදාල මාසය සඳහා පවතී.

Download කළ PDF Season Ticket එකේ මගියාට අදාළ වැදගත් තොරතුරු රැසක් ඇතුළත් වේ. ඒවා නිවරදිදැයි පරීක්ශා කරන්න.

උදාහරණයක් ලෙස,

• මගියාගේ නම
• ඡායාරූපය
• NIC අංකය
• Season Reference Number
• QR Code
• From Station
• To Station
• Class
• Season Type
• Issue Date
• Validity Period
• ගෙවූ මුදල

ආදී තොරතුරු දැක්වේ.

🚆 Season Ticket එක භාවිත කිරීමේදී මතක තබාගත යුතු කරුණු

1️⃣ Online සීසන් එක තෝරාගත් මාර්ගය සදහා පමණක් වලංගු වේ.

Season Ticket එකේ සඳහන් කර ඇති From Station සහ To Station අතර ගමන සඳහා පමණක් එය වලංගු වේ.

2️⃣ Online සීසන් ටිකට් එක වලංගු කාලය තුළ පමණක් භාවිතා කල යුතුවේ.

Ticket එකේ සඳහන් Valid From – Valid To දිනයන් අතර පමණක් Season Ticket එක භාවිත කළ හැක.

3️⃣ දිනකට ගමන් වාර දෙකක් සදහා භාවිතා කිරීම සාමාන්‍ය නීතිය වේ.

Season Ticket එකෙන් සාමාන්‍යයෙන්,
එක් ගමනාන්ත ගමනක් + එක් ආපසු ගමනක්
ලෙස දිනකට උපරිම ගමන් වාර 2ක් සඳහා භාවිත කළ හැක.

4️⃣ Ticket එක ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින්න

බලයලත් දුම්රිය නිලධාරියෙකු ඉල්ලා සිටින අවස්ථාවක Season Ticket එක පරීක්ෂාව සඳහා ජාතික හැදුනුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.ඒ සදහා ඔබගේ යෙදවුමේ PDF ආකාරයෙන් තබාගත් සීසන් ටිකක් එක ප්‍රමාණවත් වේ.

ඔබගේ යෙදවුමේ යම් ගැටලුවක් පවතින විටදී ඉල්ලූ විටක පෙන්වීමට නොහැකි වේ යැයි සිතේනම් PDF ටිකට් එක මුද්‍රිතව ඔබ සතුව ගමන් කිරීමේදී තබා ගන්න.

5️⃣ Ticket එක වෙනත් පුද්ගලයෙකුට භාවිත කිරීමට ලබා නොදෙන්න.

Season Ticket එක ලියාපදිංචි කළ මගියා සඳහා පමණක් භාවිත කළ යුතුය.

📅 Monthly Season එකක් මිලදී ගැනීමට හැකි කාලය

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ Online Season Ticket කොන්දේසි අනුව Monthly Season Ticket එකක් සාමාන්‍යයෙන්,පෙර මාසයේ 25 වන දින සිට අදාළ මාසයේ 11 වන දින දක්වා
මිලදී ගැනීමට හැකියාව ඇත.

තවදුරටත් පෝලිම් වල කාලය කා නොදමන්න.නිවසේ සිට කාර්යාලය සිට මාසය පටන් ගැනීමටත් පෙර ඔබගේ ඔන්ලයින් වාර ප්‍රවේශපත්‍රය මිලදී ගන්න.ඔනලයින් සීසන් ටිකට් එකක් තවත් එක් අයෙකුට හෝ නිර්මාණය කර දීමට සහය වන්න.ඩිජිටල් දැනුම රහිත වැඩිහිටි දුම්රිය මගීන්ට මේ සම්බන්ධව දැනුවත් කරන්න. මෙවැනි සේවාවන් ප්‍රවර්ධනය සඳහා මගී ඔබගේ සහය ලබා දෙන්න.අනාගත ඩිජිටල් දුම්රිය සේවය දැන් ඔබගේ ඇගිලි තුඩින් ආරම්භ කරන්න.

සටහන ✒️
© m rupasinghe

මෙහෙම ඒවා අහුලපු අය කෝ බලන්න 😁
29/09/2026

මෙහෙම ඒවා අහුලපු අය කෝ බලන්න 😁

🔴 ඔක්තෝම්බර් 02 සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පේරාදෙණිය සහ ගම්පොල දක්වා දීර්ඝ කෙරේ. ❤️💪© Locomotive Officers' Associ...
27/09/2026

🔴 ඔක්තෝම්බර් 02 සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පේරාදෙණිය සහ ගම්පොල දක්වා දීර්ඝ කෙරේ. ❤️💪

© Locomotive Officers' Association

දුම්රිය දෙකක්‌ මුහුණට මුහුණ ගැටී සිදුවූ ලංකාවේ මුල්ම දුම්රිය අනතුර අනතුර සිදුවූයේ අවුරුදු 103 කට පෙර!සිද්ධියෙන් ජීවිත 27...
26/09/2026

දුම්රිය දෙකක්‌ මුහුණට මුහුණ ගැටී
සිදුවූ ලංකාවේ මුල්ම දුම්රිය අනතුර

අනතුර සිදුවූයේ අවුරුදු 103 කට පෙර!

සිද්ධියෙන් ජීවිත 27 ක්‌ වැනසේ...
- ලිපිය උපුටා ගත්ෙත් දිවයින පත්රෙයනි -

865.01.14 ගොංගිතොට අනතුර, 1923.01.21 දා සිදු වූ මැදවච්චිය අනතුර, මීරිගම විල්වත්ත සිදුවූ (1964.10.14 දා) අනතුර, කුරුණෑගලදී 1981.01.05 දා සිදු වූ අනතුර, හා 1998.04.25 දා බුඡ්ජොමුව දුම්රිය අනතුර ශ්‍රී ලංකා දුම්රිය අනතුරු දිනපොතේ ප්‍රධාන අනතුරු වේ. ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මුල්වරට දුම්රිය දෙකක්‌ එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්‌ වූයේ 1928 මාර්තු මස 12 දාය. මේ වනවිට එම අනතුරට වර්ෂ 86 කි. ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුකුරුන්ද වෙට්‌ටුමකඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරය.

මෙම 1928 මාර්තු 12 දා කටුකුරුන්දේ සිදු වූ අනතුර ප්‍රබල එකකි. පසුගිය දා පොතුහැර දී සහ අලුත්ගමදී සිදු වූ අනතුරු දෙක දුම්රිය එකිනෙක ගැටීම් වුවද ඒවායේ එක්‌ දුම්රියක්‌ ධාවනය නොවී නවතා තිබුණු අතර අනෙක්‌ දුම්රිය ධාවනය වී පැමිණ ගැටීමෙන් සිදු වූ අනතුරුය. එහෙත් අප මෙහිදී කතා කරන කටුකුරුන්ද අනතුර ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු අතර සුවිශේෂී අනතුරක්‌ වන්නේය. හේතුව එම අනතුරට ලක්‌ වූ දුම්රිය දෙකම එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරු වන අතර එම දුම්රිය දෙකම ධාවනය වෙමින් තිබුණු දුම්රියන් වීම නිසාය. එනිසාම අනතුරින් වූ හානිය අති විශාලය. ඉන් සිදුවූ ජීවිත හානි ගණන 27 කි. එය ශ්‍රී ලංකාවේ දුම්රිය එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ජීවිත හානි වැඩිම ගණනක්‌ වාර්තා කළ අනතුරද වේ.

එම වකවානුවේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පැවතියේ වාෂ්ප දුම්රිය ඒන්ජින්ය. දුම්රිය ස්‌ථානාධිපති හා රියදුරු අතර පණිවුඩ හුවමාරුව සිදු වූයේ ටැබ්ලට්‌ ක්‍රමය මගිනි. මෙම අනතුර සිදුව ඇත්තේ අංක 547 හා අංක 250 දරන දුම්රිය දෙක අතරය. අංක 547 දරන දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන ඇරඹිණි. ඒ මරදාන දුම්රිය ස්‌ථානයෙනි. එය අලුත්ගම දුම්රිය ස්‌ථානය දක්‌වා ධාවනය කිරීමට නියමිතව තිබිණි. අංක 250 දරන දුම්රිය මාතර සිට කොළඹ දක්‌වා ධාවනය වෙමින් තිබිණි. එම දුම්රියේ මගී මැදිරි 08 ක්‌ විය. එයට ඊට අමතරව මාළු ප්‍රවාහන ගැලක්‌ හා රෝද 04 හි බඩු පෙට්‌ටි 03 ක්‌ ද සවිකර තිබිණි. අංක 547 දුම්රියටද මගී මැදිරි 08 ක්‌ සහ මාළු ප්‍රවාහන ගැලක්‌ සවිකර තිබිණි. ගැටලුව ඇති වීමට පෙර අංක 250 දරන දුම්රිය මාතර සිට පයාගල දුම්රිය ස්‌ථානයට පැමිණ තිබූ බවත් අංක 547 දුම්රිය මරදාන සිට කළුතර දකුණ දක්‌වා පැමිණ තිබූ බවත් සාක්‍ෂි මගින් පැහැදිලිව ඇත. එම දුම්රිය ස්‌ථාන දෙක අතර දුම්රිය දෙක ධාවනය විය යුතු ආකාරය දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ පණිවුඩවලට අනුකූලව සිදුවීමට තිබූ අතර ඒ වකවානුවේ සිට මුහුදු බඩ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක්‌ව නොතිබිණි. එම නිසා දුම්රිය දෙකක්‌ එකම මාර්ගයක දිශා දෙකට ගමන් කිරීමේදී ඉතා ඉවසිලිවන්තව හා අවබෝධයෙන් ක්‍රියා කොට රාජකාරියේ වගකීම හරිහැටි තේරුම්ගෙන කටයුතු කළ යුතුව තිබුණු නමුත් එම කාර්ය නිසි පරිදි ඉටු වී නොතිබූ බවට වාර්තා වේ.

ටැබ්ලට්‌ ක්‍රමය මගින් සන්නිවේදනය සිදුකොට අදාළ දුම්රිය ධාවනය කිරීම එකල සිදුවිය. එම ක්‍රමය ඉතාම සාර්ථක සන්නිවේදන ක්‍රමයක්‌ ලෙස තිබුණු නමුත් යම් තැනකදී සන්නිවේදනය දුර්වල වී ඇත. ඒවන විට වේලාව රාත්‍රී 8.00 පමණ විය. කොළඹ සිට පැමිණි දුම්රිය කළුතරින් නැවත අලුත්ගම දක්‌වා ගමන ඇරඹුවේ පැයට සැතපුම් 20-25 අතර වේගයකිනි. කටුකුරුන්ද, පයාගල ප්‍රදේශවල පොල් වගාව විශාල වශයෙන් සිදුකර තිබීම නිසාත් ඒ පොල් වගා අතරින් දුම්රිය මාර්ගය ඉදිකර තිබීම නිසාත් දුම්රිය මාර්ගය අඳුරු සහිත බවකින් යුක්‌ත විය. ඒ නිසාම ඈතින් එන දුම්රියක්‌ එකවර දර්ශනය නොවේ. ඒ අඳුර මැදින් අලුත්ගම පසුකර පයාගලට ළඟා වූ මාතර කොළඹ දුම්රිය නැවත ගමන් ඇරඹීය. එසේ නොවන්නට දුම්රිය දෙක දුම්රිය කාලසටහන් අනුව මාරුවීම තිබී ඇත්තේ පයාගල දුම්රිය ස්‌ථානයේදීය. එහෙත් කොළඹ සිට පැමිණි දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයකින් කළුතර දක්‌වා පැමිණ තිබීම නිසා කළුතර සහ පයාගල දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ එකඟතාවය මත කළුතරදී දුම්රිය මාරු කිරීමට තීරණය කර තිබූ බවටද වාර්තා විය.

එදින රාත්‍රී අට පසු වී මඳ වේලාවකින් කටුකුරුන්ද නැමති කළුතර හා පයාගල අතර පිහිටි ප්‍රදේශයක මහා ගිගුරුම් හඬක්‌ ඇසුණේය. හඬ ඇසුණු සැණින් ඒ වෙත දිව ආ පිරිස්‌ ද සිට ඈතත් අද වන විට ඒ පුවත ඇසින් දුටු අයකු කටුකුරුන්ද ප්‍රදේශයේ නොවීය. මේ ගිගුරුම් හඬ කුමක්‌ද? එනම් ශ්‍රී ලංකා දුම්රිය සේවා ඉතිහාසයේ විශාලතම ජීවිත හානිය සිදු කරමින් මුහුණට මුහුණලා දුම්රිය දෙකක්‌ ගැටුණු ප්‍රථම දුම්රිය අනතුරය. ලේ වැගිරෙමින් තුවාලකරුවන් පසුවිය. අනතුරින් මිය ගිය ජීවිත ගණන 27 කි. එවන් සිදුවීමක්‌ අද සිදු වී නම් සිදුවන හානිය අති මහත්ය. එහෙත් එකල දුම්රිය ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිතා වූ බවක්‌ නොපෙනේ. එනිසාම ජීවිත හානි 27 ට සීමා විය.

වාෂ්ප එන්ජින් දෙකක ගැටීමේ ප්‍රබලතාවය අනුව මාතරින් කොළඹට පැමිණි දුම්රියට වැඩි හානි සිදුව තිබිණි. ඊට හේතුව එහි වේගය ප්‍රබලව තිබීමය. අනතුර සිදුවීමෙන් පසුව අද මෙන්ම එදා ද පරීක්‍ෂණ පැවැත්වීය. අද නම් පරීක්‍ෂණය කමිටුවකට භාර කොට බලධාරීන් වගකීමෙන් නිදහස්‌ වනු අප දැක තිබේ. පොතුහැර දුම්රිය අනතුරු කමිටුවද ඊට උදාහරණයි. කෙසේ වෙතත් එදා 1928 මාර්තු 12 දා කටුකුරුන්ද දුම්රිය අනතුර පිළිබඳව කළ පරීක්‍ෂණ ප්‍රතිඵල මෙසේය.

දුම්රිය අංක 250 සහ අංක 547 යන දුම්රිය දෙකෙහිම රියදුරු දෙපළ අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත. එන්ජින්වරු ද ජීවිතක්‍ෂයට පත්ව තිබිණි. අනතුර සිදු වූ ස්‌ථානයෙන් ටැබ්ලටයක්‌ හමුවිය. එහි සඳහන් පරිදි රාත්‍රී 7.55 ට පයාගල දුම්රිය ස්‌ථානධිපතිගෙන් අංක 250 දරණ දුම්රියට ටැබ්ලටයක්‌ ලැබී ඇත. ඊට අනුව එම දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට විධාන ලබාගෙන තිබේ. පයාගල සිට කටුකුරුන්ද දුම්රිය අනතුර සිදු වූ ස්‌ථානය දක්‌වා සැතපුම් 04 කට ආසන්න දුරක්‌ පවතී. එහෙත් කළුතර දකුණ සිට කටුකුරුන්ද අනතුර සිදු වූ ස්‌ථානය දක්‌වා ඇත්තේ සැතපුමකට වඩා අඩු දුරකි. ඒ අනුව පැහැදිලි වන්නේද පයාගල සිට ටැබ්ලටය ලබාගෙන කොළඹ බලා පිටත් වූ අංක 250 දුම්රිය නිසි ධාවනයක නිරත වූ බවය. මෙම අනතුර සම්බන්ධව කළ පරීක්‍ෂණවලට ප්‍රධාන බාධාව වූයේ දුම්රිය දෙකෙහිම රියදුරන් හා ඒන්ජින්වරු අනතුරින් මිය යැමය. එබැවින් ඔවුන්ගේ සාක්‍ෂි පරීක්‍ෂණවලට නොතිබිණි. කළුතර දුම්රිය ස්‌ථානාධිපතිවරයා විසින් එම අංක 547 දුම්රියට ටැබ්ලටයක්‌ ලබාදී නැවත ලබාගත් බව ද කියෑවේ. එහෙත් එය පරස්‌පර විරෝධී බවද සඳහන් වේ. තවත් ප්‍රකාශයකින් ලැබුණු තොරතුර වන්නේ කළුතර දුම්රිය ස්‌ථානාධිපති විසින් එම අංක 547 දුම්රියට පසු පසට ගැනීම සඳහා විධාන ලබාදී තිබියදී දුම්රිය ඒ අණ නොතකා ඉදිරියට ගමන් කිරීම නිසා මේ අනතුර සිදු වූ බවය. කෙසේ වෙතත් පරීක්‍ෂණවලින් සනාථ වූයේ දුම්රිය රියදුරන් සහ දුම්රිය ස්‌ථානාධිපතිවරුන් අතර පණිවුඩ හුවමාරුව නිසි පරිදි සිදු වී නැති බව පමණි. එමෙන්ම කළුතර දුම්රිය ස්‌ථානයේදී වරදක්‌ සිදු වී ඇති බවද තහවුරුව තිබේ.

දුම්රිය ස්‌ථානාධිපතිවරුන් අතර පණිවුඩ හුවමාරුව සිදුවන ටැලිගෆ් ක්‍රමය මගින් කටුකුරුන්දට ඒ බව දැන්වීමට ගත් උත්සාහයේදී එහි සිටි නිලධාරියාගේ අනවබෝධය නිසා ඒ බව තහවුරු නොවූ බවද සඳහන් වේ. කළුතරින් ඔබ්බට ටැලිගෆ් ක්‍රමය ක්‍රියාත්මක වූයේ නැති බවද කියෑවේ. කෙසේ වෙතත් අවසානයේ පරීක්‍ෂණවල නිගමන අනුව වැරදිකරුවන්ට දඬුවම් දීමට නොහැකි වූයේය. ඊට හේතුව එම අනතුරින් දුම්රිය දෙකේ සමස්‌ත කාර්ය මණ්‌ඩලයම මියගොස්‌ සිටීමය.

මේ ගානට දීපු එක සාධාරණයි කියපු හරකුත් හිටියා 😂මෙහෙ ව|රෙ|ල්|ලා හලාවත රුපියල් අටසිය පනහෙ ෆොටෝ කොපියට වැඩේ හරි 😂. කෙ|ලි|යා ...
26/09/2026

මේ ගානට දීපු එක සාධාරණයි කියපු හරකුත් හිටියා 😂

මෙහෙ ව|රෙ|ල්|ලා හලාවත රුපියල් අටසිය පනහෙ ෆොටෝ කොපියට වැඩේ හරි 😂. කෙ|ලි|යා නේද තරණ කැල එහෙට මෙහෙට Share කරලා ඒක දැකපු පාරිභෝගික අධිකාරියේ මහත්තරු අද කඩේට ගිහින් එතුමව බැහැදකින්න. පැය 24ක් ගියෙත් නෑ වෙන්න ඕනෙම දේවල් මේ ගානට වෙනවා කියද්දි පට්ටම සතුටුයි 👌. මෑන්ස් කිව්වනෙ පුළුවන් නම් නඩු දාන්න කියලා. ඒ කිව්ව විදියටම ඉදිරි දින කීපය තුල හලාවත උසාවියේ නඩු පවරන්න පාරිභෝගික අධිකාරිය කටයුතු කරලා 💪. මේ කඩේ විතරක් නෙමේ තව කඩ ඕන තරම් ඇති. ඒවා ගැන පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීම අනිවාර්යයෙන් පාරිභෝගිකයයින්ගෙ වගකීමක්👍. ඒකට ඔන්න මේ නම්බර් එකට 1977 කතා කරලා ඔයාලට විස්තර දෙන්න පුලුවන්. මේවත් පාඩමකට අරන් ඔය වගේ වැඩ කරන කලු කඩ මුදලාලිලා හැදෙන්නෙ නැතෑ.🫤🙏

© na

බස් එකේ නුවර යන අන්තිම සිකුරාදා ??? 🙄© Shenal Kaweesha Dias
25/09/2026

බස් එකේ නුවර යන අන්තිම සිකුරාදා ??? 🙄

© Shenal Kaweesha Dias

Sri Lanka's rail network was built by the British in the second half of the 19th century. Brush Bagnall Traction Ltd of ...
25/09/2026

Sri Lanka's rail network was built by the British in the second half of the 19th century. Brush Bagnall Traction Ltd of Loughborough took this photo (from a film they made) to celebrate the delivery of the first main line diesel locomotives to the island. Designed for the testing monsoon conditions these locomotives ran on into the 1980s.

© Sri Lankan Railway: Fan's Forum

Address

Colombo 10
Maradana
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Rail Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category