Divisional Secretariat ,Pallepola

Divisional Secretariat ,Pallepola

Share

Divisional Secretariat ,Pallepola

24/03/2026
Photos from Divisional Secretariat ,Pallepola's post 16/02/2026

රාජ්‍ය සේවයේ නියුතු සහෘද නිලධාරීන් වෙනුවෙන් පල්ලේපොල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපතිතුමන් හා පල්ලේපොල සියළුම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කල "රත්න ශ්‍රී ගී සර" වැඩසටහන සම්මානනීය ගී පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026/12/13 දින අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීය.
මෙම අවස්ථාවට මිල්ලවාන මහ විද්‍යාලයේ විදුහල්පති ස්වාමින් වහන්සේ , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා, මාතලේ මහ දිසාපතිතුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂතුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රධාන අභ්‍යන්තර විගනක නිලධාරිතුමා, සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමිය ඇතුලු කාර්ය මණ්ඩලය, මාතලේ සහ දඹුල්ල නගරාධිපතිතුමන්ලා, පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුලු දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභාවල සභාපතිතුමන්ලා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර පොලිස් අධිකාරීතුමන්ලා හා පොලිස් ස්ථානාධිපතිවරුන්, ගලේවෙල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුලු විශාල රාජ්‍ය නිලධාරි ප්‍රමාණයක් සහභාගී විය.

Photos from Divisional Secretariat ,Pallepola's post 16/02/2026

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මෙනවියගේ උපදෙස් හා මගපෙන්වීම මත මිල්ලවාන සමෘද්ධි බැංකුව හා සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කරන්නට යෙදුණු ලේ දන්දීමේ වැඩසටහන 2026/02/15 දින ආරියගම තිහාසික දෙතිස්ඵලරුහ බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වීය. මේ අවස්ථාවට ගරුතර විහාරාධිකාරි ස්වාමින් වහන්සේ ඇතුළු සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් ගරු පාර් ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය, මාතලේ දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහා සමෘද්ධි කාර් ය මණ්ඩලය හා රුධිර පරිත්‍යාගශීලීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

06/01/2026

වසරක පමණ කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස වටිනා සේවයක් ඉටුකර පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ස්ථානමාරු ලැබ, අද දින උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලද ආර්.එල්. ජයවර්ධන මහත්මියට පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්..

06/01/2026

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස අද දින සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරන ලද බී.එම්.එම්.ඩබ්ලිව්.එච්. බස්නායක මහතාට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්...

Photos from Divisional Secretariat ,Pallepola's post 06/01/2026

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසරක පමණ කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වටිනා සේවයක් ඉටුකර උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථානමාරු ලැබයන ආර්.එල්. ජයවර්ධන මහත්මියට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්..

Photos from Divisional Secretariat ,Pallepola's post 03/01/2026

2026 නව වසරේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ රාජකාරි ආරම්භය...

Photos from Divisional Secretariat ,Pallepola's post 23/12/2025

පල්ලේපොල ප්‍රාදේශිය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ අධිකරණ සහ ජාතික ඒකාබයද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත පල්ලේපොල උතුර හා පල්ලේපොල දකුණ වසම්වල ආපදාවට ලක් වූ පවුල්වල කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් 2025.12.19 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද මනෝ සමාජීය ආකල්ප සංවර්ධන වැඩසටහනේ අවස්ථා කීපයක්...

Photos from Divisional Secretariat ,Pallepola's post 23/12/2025

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජාතික ළමාආරක්ෂක අධ්කාරියේ ප්‍රතිපාදන මත රුසිගම ඉහළගම වසමේ ග්‍රාමනිළධාරීතුමා,සංවර්ධන නිළධාරී ඇතුලු නිලධාරීන්ගේ පූර්ණ සහයොගය මත රුසිගම ඉහලගම සුරක්ෂිත මධ්‍යස්ථානයේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් "දිට්වා පසු අභියෝග හා ජිවිතය "යන මැයෙන් 2025 /12/18වන දින පැවැත් වු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත සෞන්දර්යාත්මක සොඳුරු හොරාවේ අවස්ථා කීපයක්...

Photos from Divisional Secretariat ,Pallepola's post 23/12/2025

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන මත,අම්බොක්ක වසමේ ග්‍රාම නිලධාරිතුමිය,සංවර්ධන නිලධාරිතුමිය ඇතුළු නිලධාරින්ගේ පූර්ණ සහයෝගය මත අම්බොක්ක සුරක්ෂිත මධ්‍යස්ථානයේ දරුවන් සහ කාන්තාවන් උදෙසා "දිට්වා පසු අභියෝග සහ ජීවිතය "යන මැයෙන් 2025/12/16 වන දින අම්බොක්ක සුරක්ෂිත මධ්‍යස්ථානයේදී පැවැත්වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත සොදුරු හෝරාවේ අවස්ථා කීපයක්...

Photos from Divisional Secretariat ,Pallepola's post 03/10/2025

"ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට" පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීම යටතේ පල්ලේපොල කොට්ඨාසයේ පෙරපාසල් අටක දරුවන් 175 දෙනෙකු පමණ සහභාගි කරගනිමින් 2025.10.02 දින DSP පෙරපාසල් භූමියේ පවත්වන ලද වැඩසටහනේ අවස්ථා කිහිපයක්...

Want your business to be the top-listed Government Service in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Akuramboda Road, Pallepola
Matale

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15