05/10/2026
ලෝක ජනාවාස දිනයට සමගාමීව මාතර දිස්ත්රික්කයේ නව නිවාස 175 ක් ජනතා අයිතියට - දිස්ත්රික් වැඩසටහන අතුරලිය - වේනගම දී පැවැත්විණි
ලෝක ජනාවාස දිනය නිමිති කරගෙන දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි කළ නව නිවාස 5,000 ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ව්යාපෘතිය යටතේ මාතර දිස්ත්රික්කයේ ඉදිකළ නව නිවාස 175 ක් "අවැසි තරමට සැමට සෙවණත" තේමාව යටතේ අදාළ ප්රතිලාභීන්ගේ අයිතියට පත් කිරීම අද (05) දින සිදු කෙරිණි.
ලෝක ජනාවාස දින මාතර දිස්ත්රික් ප්රධාන වැඩසටහන කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේනගම දී පවත්වන ලදි.
ඉඩමක අයිතිය පැවතුණ ද දැනට පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් වන, කුඩා දරුවන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවමින් සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම ව්යාපෘතිය යටතේ ඉදිවන වර්ග අඩි 550 කින් සමන්විත සෑම නිවසක් ම සාලය, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත වේ. එක් නිවසක් සඳහා රජය මඟින් රුපියල් ලක්ෂ 10 ක මූල්යාධාරයක් සහ තාක්ෂණික සහාය නොමිලේ සපයන ලද අතර, ඉතිරි මුදල ප්රතිලාභියාගේ මෙන්ම ප්රජාවගේ ද්රව්යමය හා ශ්රම දායකත්වයෙන් සම්පූර්ණ කර ඇත.
මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, ප්රතිලාභී පවුල්වල සාමාජිකයින්, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලාල් ප්රේමනාත් මහතා, අතුරලිය ප්රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක මහතා ඇතුළු මහජන නියෝජිතයින්, අතුරලිය ප්රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්රික් කළමනාකරු ශ්රියානි මල්ලිකා මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.