Department Of Civil Security - Sri Lanka

Directions Website Contact the organization

Department Of Civil Security - Sri Lanka Department of Civil Security is an auxiliary force comes under the purview of the Ministry of Defenc

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෙන්නවත්ත බලකායේ නිල සංචාරයක.-----------------------------------------------...
12/10/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෙන්නවත්ත බලකායේ නිල සංචාරයක.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ආයතන ආරක්ෂාව සඳහා භට පිරිස් යෙදවීම සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් හා වෙන්නවත්ත බලකායේ රාජකාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී 2026 ඔක්තෝබර් මස 12 වන දින වෙන්නවත්ත බලකායේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී අධ්‍යක්‍ෂ ජනරාල්, භට පිරිස් අමතමින්, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සිවිල් ආරක්‍ෂක සාමාජික සාමජිකාවකගේම වගකීම වන්නේ නීත්‍යානුකූලව, කාර්යක්ෂමව සහ අපක්ෂපාතීව මහජනතාවට සේවය කිරීම වන අතර, ගන්නා සෑම තීරණයකටම සහ ඉටුකරන සෑම රාජකාරියකටම ආයතනයටත්, සමස්ත රටටත්, මහජනතාවටත් සෘජුවම වගවීමට සියලු දෙනා බැඳී සිටින බැවින් වගකීමෙන් සේවය කරමින්, තමන්ගේ ක්‍රියාවන්ට සම්පූර්ණයෙන්ම වගවෙන, සුපිළිපන්න හා විනයගරුක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම තුළින් දෙපාර්තමේන්තුවේ අභිමානය සහ ගෞරවය ඉදිරියටත් සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.

මෙම සංචාරයේදී අධ්‍යක්‍ෂ ජනරාල් විසින් එම බලකායේ ක්‍රියාකාරීත්වය, ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳවද දීර්ඝ ලෙස සොයා බැලූ අතර මෙම අවස්ථාව සඳහා වෙන්නවත්ත බලකා අණදෙන නිලධාරී කපිතාන් (නාහ) ආර්එල් බාලසූරිය ජ්‍යෙෂ්ඨ නිලධාරී, දිස්ත්‍රික් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

බලකා ව්‍යාපෘති නිරීක්ෂණයට හා සාමාජික සුභසාධනය සොයා බැලීමට අධ්‍යක්ෂ ජනරාල් ක්ෂේත්‍ර සංචාරයක.-----------------------------...
08/10/2026

බලකා ව්‍යාපෘති නිරීක්ෂණයට හා සාමාජික සුභසාධනය සොයා බැලීමට අධ්‍යක්ෂ ජනරාල් ක්ෂේත්‍ර සංචාරයක.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හා සේවා මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී 2026 ඔක්තෝබර් මස 04 සහ 05 යන දෙදින තුළ වැලිඔය, හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව බලකායන්හි නිල සංචාරයක නිරත වෙමින් එම බලකායන්හි ක්‍රියාකාරීත්වය, ව්‍යාපෘති සහ සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීය.

මෙම නිල සංචාරයේදී අදාළ බලකායන් මගින් පවත්වාගෙන යනු ලබන කෘෂිකාර්මික හා වෙනත් ව්‍යාපෘති නිරීක්ෂණය කළ අධ්‍යක්ෂ ජනරාල්, එම ව්‍යාපෘතිවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු කළේය.

තවද, බලකා සාමාජික සාමාජිකාවන්ගේ දෛනික රාජකාරි ගැටලු පිළිබඳව සෘජුවම සොයා බැලූ අධ්‍යක්ෂ ජනරාල්, එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම මෙන්ම ඔවුන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කළේය.

මෙම අවස්ථාවන් සඳහා අධ්‍යක්‍ෂ ව්‍යාපෘති කර්නල් එස්බීආර් රාජපක්‍ෂ, හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරී කර්නල් ඩබ්එම්එස් වර්ණසූරිය, වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්ආර්එස්එච් රත්නායක සහ කැබිතිගොල්ලෑව බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්එම්කේඩබ් විජේරත්න ඇතුළු අදාළ නිලධාරීන් සහභාගී වූහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වමඩු, කිලිනොච්චි සහ මුලතිව් බලකාවල නිල සංචාරයක.-----------------------...
07/10/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වමඩු, කිලිනොච්චි සහ මුලතිව් බලකාවල නිල සංචාරයක.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී, 2026 ඔක්තෝබර් 03 සහ 04 යන දෙදින තුළ විශ්වමඩු, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශවල පිහිටි සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන සහ කඳවුරු නිරීක්ෂණය කිරීමේ නිල සංචාරයක නිරත විය.

විශ්වමඩු බලකා අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්එම්පීඑම් අපොන්සු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අත්යන්ත්‍ර සාරි නිෂ්පාදන ව්‍යාපෘතිය, තල්කොළ ආශ්‍රිත අත්කම් නිර්මාණ ව්‍යාපෘතිය, පාපිසි ව්‍යාපෘතිය හා වට්ටකච්චි ගොවිපළ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිරීක්ෂණය කරන ලදී.

ඉන් අනතුරුව, කිළිනොච්චි බලකා අණ දෙන නිලධාරී කර්නල් අයිපීකේ ප්‍රියංකරගේ සහ මුලතිව් බලකා අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් කේඑම්කේජීආර් කෝනාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින්, එම බලකායන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ නිෂ්පාදන හා සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කර ඒවායේ ප්‍රගතිය විමසා බැලීමට කටයුතු කළේය.

තවද, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අධ්‍යක්ෂ ව්‍යාපෘති සමඟ සාකච්ඡා කර, එම ව්‍යාපෘති තවදුරටත් ඵලදායී ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් හා උපදෙස් ලබා දෙන ලදී.

මෙම බලකා නිරීක්ෂණ සංචාරයේදී බලකා සාමාජික සාමාජිකාවන් ඇමතූ අධ්‍යක්ෂ ජනරාල්, විශේෂයෙන්ම, රට තුළ කාර්යක්ෂම හා සුපිළිපන්න රාජ්‍ය සේවයක් ජනතාවට ලබා දීම සඳහා සියලුම නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් වගකීමෙන් හා විනයගරුකව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවධාරණය කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන පාඨමාලාවේ 3 වන අදියර සාර්ථකව නිමා කරමින් සාමාජිකයින් 65 දෙනෙක් විසිරයති.----...
06/10/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන පාඨමාලාවේ 3 වන අදියර සාර්ථකව නිමා කරමින් සාමාජිකයින් 65 දෙනෙක් විසිරයති.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකය සඳහා බලකා මට්ටමින් තෝරාගත් සාමාජික සාමාජිකාවන් 65 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු තුන්වන අදියරේ විශේෂ විමර්ශන පුහුණු පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලිය 2026 ඔක්තෝම්බර් මස 02 වන දින ගල්කිරියාගම පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

මාසයක කාලයක් පුරා පැවැති මෙම පාඨමාලාව තුළින් පුහුණුව ලත් සාමාජිකයින් වෙත පහත සඳහන් ක්ෂේත්‍රයන් යටතේ විශේෂ දැනුම හා පුහුණුව ලබා දෙන ලදී:

• දෙපාර්තමේන්තු ප්‍රතිරූපය නංවාලීම: සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම උදෙසා බලකා සහ පුහුණු පාසල් අණදෙන නිලධාරීන්ගේ පාලන කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමට සහාය වීම.

• ආයතනික නීති රීති: ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි මෙන්ම දෙපාර්තමේන්තු නියෝග හා උපදෙස් පරිදි සාමාජිකයින්ගේ ඇඳුම, පෙනුම හා විනය නිසි පරිදි පවත්වාගෙන යාම.

• විශේෂ රාජකාරී පුහුණුව: ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව විශේෂ ආරක්ෂක රාජකාරි, ප්‍රභූ පරිවාරක රාජකාරි සහ උත්සව චාරිත්‍රානුකූල රාජකාරි ඇතුළුව විනයාරක්ෂක රාජකාරි සාර්ථකව ඉටු කිරීම.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, අධ්‍යක්ෂ පුහුණු, අධ්‍යක්ෂ ව්‍යාපෘති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම විසිර යාමේ පෙළපාලිය පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්, දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ඉහළ නංවාලීම වෙනුවෙන් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි ඉටුකරන ලෙසත්, සියලුම විනයාරක්ෂක සාමාජිකයින් තමන්ගේ වගකීම් හා වගවීම මනාව හඳුනාගෙන ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කළේය.

පාඨමාලාව අතරතුර දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකාවන් දෙදෙනෙකු මෙහිදී විශේෂ කුසලතා සහතික හිමිකරගන්නා ලදී.

• කාර්යක්ෂම විනයාරක්ෂක සාමාජිකයා: පුත්තලම බලකායේ සිවිල් ආරක්ෂක සාමාජික M 037038 ඩී.එම්.එම්. දිසානායක

• දක්ෂතම විනයාරක්ෂක සාමාජිකාව: මුලතිව් බලකායේ කාන්තා සිවිල් ආරක්ෂක F 032627 එම්. මංචුලා
විශේෂ විමර්ශන ඒකකයේ අණභාර නිලධාරී කපිතාන් (විඅ)

ප්‍රභාත් නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් සහ ගල්කිරියාගම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ප්‍රදීප් ලක්සිරි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් මෙම පාඨමාලාව ඉතා සාර්ථකව පවත්වන ලදී.

“මනසින් සවිමත් - දරුවන් පොහොසත්” තේමාව යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විරුමුතු පෙරපාසල් මඟින් ලෝක ළමා දිනය සමරයි.-----...
01/10/2026

“මනසින් සවිමත් - දරුවන් පොහොසත්” තේමාව යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විරුමුතු පෙරපාසල් මඟින් ලෝක ළමා දිනය සමරයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

දරුවන්ගේ මානසික සෞඛ්‍යය, සුබසාධනය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” ළමා දින තේමාව පෙරදැරි කරගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද ලෝක ළමා දින විශේෂ වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වන ලදී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී රේණුකා ප්‍රනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම හා මෙහෙයවීම යටතේ, දිවයින පුරා ක්‍රියාත්මක වන විරුමුතු පෙරපාසල් මඟින් මෙම වැඩසටහන් ඉතා උත්කර්ෂවත් අයුරින් ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රධාන ළමා දින උත්සවය 2026 ඔක්තෝම්බර් මස 01 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය මඟින් පවත්වාගෙන යනු ලබන විරුමුතු පෙරපාසලේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

කුඩා දරුවන්ගේ විවිධ කලා හා නිර්මාණ කුසලතා එළිදැක්වෙන අංග රැසකින් වර්ණවත් වූ මෙම විශේෂ ළමා දින වැඩසටහන සඳහා ලංකා බැංකුව මොරටුමුල්ල ශාඛාව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මොරටුමුල්ල ශාඛාව මඟින් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, මූලස්ථාන අණදෙන නිලධාරී, නීති නිලධාරිනී, දිස්ත්‍රික් නිලධාරීන් ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම දෙමාපියන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ශ්‍රම දායකත්වයක්--------------------------...
01/10/2026

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ශ්‍රම දායකත්වයක්
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන් 2026 සැප්තැම්බර් 19 වන දින සිට 25 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලද ජාතික සමුද්‍රීය සම්පත් සංරක්ෂණ සතිය 2026 නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු වෙරළ සංරක්ෂණ හා පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

රටේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සහ වෙරළ තීරයන්හි පිරිසිදුභාවය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින්, සිදුකෙරුණු මෙම වැඩසටහන් සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම හා අනුමැතිය මත අම්පාර සහ පහළලන්ද බලකා අණදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අම්පාර - මඩකලපුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, පොළොන්නරුව බලකා මූලස්ථානය මඟින් වාලච්චේනය ආරුගම්බේ වෙරළ තීරය ද, පහළලන්ද බලකා මූලස්ථානය මඟින් පානම විස්කි පොයින්ට් වෙරළ තීරය ද පිරිසිදු කරන ලදී.

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්.----...
30/09/2026

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද "පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය - 2026 වැඩසටහනට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම බලකා මගින් ප්‍රජා සංවර්ධන, පරිසර හා සෞඛ්‍ය සත්කාරක වැඩසටහන් මාලාවක් සිදුකරන ලදී.

ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පොලිස් ස්ථාන, රෝහල් බලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාවගේ පූර්ණ සහයෝගය ඇතිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත බලකා අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන් මගින් මහජන සුභසාධනය හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කෙරිණි.

මෙම පළාත් පාලන සතිය තුළ දිවයින පුරා පිහිටි සිවිල් ආරක්ෂක බලකායන් මගින් ඉටුකරන ලද වැඩසටහන් පහත පරිදි වේ.

• ත්‍රිකුණාමල බලකාය: කන්තලේ ප්‍රාදේශීය සභාව හා එක්ව සීනිපුර පොදු ළිඳ පිරිසිදු කිරීම, කන්තලේ වේන්ද්‍රාසන් වැව අභියස රුක් රෝපණය, කින්නියා ජුම්මා පල්ලිය, කන්නියා උණුදිය ළිං සංචාරක කලාපය මෙන්ම කන්තලේ-ත්‍රිකුණාමලය සහ ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ග දෙපස සුද්ද පවිත්‍ර කිරීම.

• පහළලන්ද බලකාය: බලකා මූලස්ථාන පරිශ්‍රයේ පොල් පැළ 20 ක් රෝපණය කිරීම සහ දමන ප්‍රාදේශීය සභාව හා එක්ව පහළලන්ද මාතෘසායන මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැත්වූ සෞඛ්‍ය හා ලේ දන් දීමේ වෛද්‍ය වැඩමුළුව සඳහා දායකත්වය දීම.

• වවුනියාව බලකාය: මාමඩුව ග්‍රාමීය රෝහල, උළුක්කුලම ග්‍රාමීය රෝහල, මාමඩුව ධීවර ගම්මාන ප්‍රජා ශාලා භූමිය සහ මහ කච්චකොඩිය - ඇටම්බගස්කඩ අතුරු මාර්ගය පිරිසිදු කිරීම.

• සේරුවිල බලකාය: ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථාන භූමියේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම සහ වාන් ඇල හා සේරුවිල ග්‍රාමීය රෝහල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සිදු කිරීම.

• කැබිතිගොල්ලෑව බලකාය: වාහල්කඩ පොලිසිය, රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාව සමග එක්ව වාහල්කඩ ග්‍රාමීය රෝහල් භූමිය පිරිසිදු කිරීම.

• විශ්වමඩු බලකාය: බලකා මූලස්ථාන පිවිසුම් මාර්ගය දෙපස කුඹුක් පැළ රෝපණය කිරීම සහ වට්ටකච්චි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ශ්‍රමදාන පැවැත්වීම.

• උහන බලකාය: උහන සුසාන භූමිය, උහන-වීරගොඩ ප්‍රධාන මාර්ග දෙපස පිරිසිදු කිරීම, උහන ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇතුළු උප බලකායන්හි රුක් රෝපණය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව සෞඛ්‍ය ජංගම සේවා සිදු කිරීම.

• කිලිනොච්චිය බලකාය: කිලිනොච්චිය රෝහල් පරිශ්‍රයේ සහ කිලිනොච්චිය බලකා මූලස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන කටයුතු සිදු කරීම.

• වැලිඔය බලකාය: පලුගස්වැව සති පොළ භූමිය, පදවි ශ්‍රීපුර ප්‍රධාන මාර්ගය හා පදවි ජලාශය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන පැවැත්වූ අතර ශ්‍රී පුර රෝහලේ කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් බෝ නොවන රෝග සායනයක් පැවැත්වීම.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අභිමානවත් 20 වන සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරයි.----------------------------------------...
24/09/2026

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අභිමානවත් 20 වන සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරයි.
------------------------------------------------------------------------------


මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් අභිමානවත් සේවා කාලයක් සම්පූර්ණ කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 20 වන සංවත්සර සැමරුම් උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.
1980 දශකයේ ආරම්භ වූ ජනවාර්ගික ගැටුම් හමුවේ පීඩාවට පත් ජනතාවගේ ගම්බිම් ආරක්ෂා කිරීම සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ 'ස්වදේශාරක්ෂක සේවයෙන්' ඇරඹී, 1986 වර්ෂයේදී 'ග්‍රාමාරක්ෂක සේවය' ලෙස ශ්‍රී ලංකා පොලිසියට හා සන්නද්ධ හමුදාවන්ට පරිපූරක හමුදාවක් ලෙස එක්වූ මෙම සේවය, අනතුරුව 2006 සැප්තැම්බර් 13 වන දින 'සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව' ලෙස ප්‍රතිෂ්ඨාපනය විය.
20 වන සංවත්සර සැමරුමේ ප්‍රධාන උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2026 සැප්තැම්බර් මස 23 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී භටපිරිස් අමතමින් අධ්‍යක්ෂ ජනරාල් විසින්, දෙපාර්තමේන්තුව අද පවතින තත්ත්වයට ගෙන ඒම සඳහා දශක තුනක ක්‍රියාන්විත සමයේ මව්බිම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ උදාරතර රණවිරුවන්, රණක්ෂිතයට පත් රණවිරුවන් මෙන්ම විශ්‍රාමික හා වර්තමාන සාමාජික සාමාජිකාවන් ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය. තවද, දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ සුභසාධනය සහ වෘත්තීය අභිවෘද්ධිය නංවාලීම උදෙසා ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන කාර්යයන් රැසක් ද මෙහිදී අනාවරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පරිපාලන සේවා හා ගණකාධිකාරී සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, දිස්ත්‍රික් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා පොලිස් සෙසු නිලයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියාමක, නියාමක, උප නියාමක සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.
සියලුම බලකා, පුහුණු පාසල් හා විශේෂ ව්‍යාපෘති අණදෙන නිලධාරීන්ගේ අධීක්ෂණ සහ බලකා සාමාජික සාමජිකාවන්ගේ කැපවීම මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 20 වන සංවත්සරයට සමගාමීව, පුණ්‍ය හා සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරන ලදී.

දශක තුනක ක්‍රියාන්විත සමයේ දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් පුණ්‍යානුමෝදනා කිරීම.

රණක්ෂිතයට පත්, විශ්‍රාමික සහ වර්තමාන සාමාජිකයන් මෙන්ම දෙපාර්තමේන්තුව වෙත සෙත් පතා ආගමික වතාවත් සිදුකිරීම.

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට දායක වෙමින් රට පුරා විවිධ සමාජ සත්කාර සහ සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

පූනරුදයේ පුරවර" පළාත් පාලන සතියට සමගාමීව කටුබැද්ද ඇවිදින මංතීරුව සහ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන.............
18/09/2026

පූනරුදයේ පුරවර" පළාත් පාලන සතියට සමගාමීව කටුබැද්ද ඇවිදින මංතීරුව සහ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන.............................................................................................................

පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ තේමාව යටතේ ජීවත් වීමේ වටපිටාව සුරක්‍ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම සහ අනාගත දැක්ම සුරක්‍ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරමේ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරිසරය සුරැකීම, මහජන සේවාවන් සහ ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් දිවයින පුරා විවිධ ප්‍රජා සේවා වැඩසටහන් සංවිධානය කර ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ, 2026 සැප්තැම්බර් 14 වන දින සිට සැප්තැම්බර් 19 වන දින දක්වා ක්‍රියාත්මක වන පළාත් පාලන සතියට සමඟාමීව මෙම වැඩසටහන් දියත් කෙරිණි.

ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූලිකත්වයෙන් 2026.09.18 වන දින කටුබැද්ද ඇවිදින මංතීරුව සහ ඊට අනුබද්ධ ඇළ මාර්ග පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන මගින් මහජනතාවගේ දෛනික ව්‍යායාම හා විවේකය උදෙසා භාවිත වන ඇවිදින මංතීරුව සහ අවට ඇළ මාර්ග පද්ධතියේ අපද්‍රව්‍ය ඉවත් කර සුන්දර හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ අණදෙන නිලධාරී සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් සහ කැපවීමෙන් මෙම පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස පැවැත්විය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 20 වන සංවත්සරය සහ රණවිරු උපහාර උළෙල-------------------------------------------------------...
17/09/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 20 වන සංවත්සරය සහ රණවිරු උපහාර උළෙල
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

දශක තුනකට අධික කාලයක් පැවති සිවිල් යුද සමයේදී මෙන්ම යුද්ධයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී ද සුවිශේෂී දායකත්වයක් ලබාදුන්, දැනට මෙරට පවතින එකම පරිපූරක හමුදාව වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 20 වන සංවත්සර සැමරුම අභිමානවත් අයුරින් සමරන ලදී.

මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ උදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකිරීමේ උත්සවය 2026 සැප්තැම්බර් මස 16 වන දින මිහින්තලය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

ග්‍රාමාරක්ෂක සේවය ප්‍රධාන අවධි තුනක් ඔස්සේ විකාශනය වෙමින් පැමිණ “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිස්ථාපනය වී වසර 20ක් සපිරීම නිමිත්තෙන් මෙම සංවත්සර වැඩසටහන් සංවිධානය කරන ලදී.

මාතෘභූමියේ ඒකීයභාවය සුරැකීමේ සටනේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් 535 දෙනෙකු සහ සාමාජිකාවන් 11 දෙනෙකු ඇතුළුව සමස්ත රණවිරුවන් 546 දෙනෙකු සිය ජීවිත පූජා කර ඇත. තවද, එක් සාමාජිකයෙකු අතුරුදහන් වී ඇති අතර, යුද්ධයේදී කැපවීම් කළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 425 දෙනෙකු රණක්ෂිතයට පත්ව, 14 දෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ක්‍රියාන්විත රාජකාරීන්හිදී තම ජීවිතය කැප කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුදකිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මැතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් කීර්ති බණ්ඩාර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.

එමෙන්ම, ක්‍රියාන්විත රාජකාරීයේදී මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ අනුරාධපුර, විල්පත්තුව, වව්නියාව හා ගල්කිරියාගම බලකා අණදෙන නිලධාරීන්, දිස්ත්‍රික් නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට එක්වෙමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළහ.

Address

Jaya Mawatha, Katubedda
Moratuwa
12000

Alerts

Be the first to know and let us send you an email when Department Of Civil Security - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Civil Security - Sri Lanka:

Shortcuts

Share