23/10/2026
🌿 ‘මන සුව’ මත් නිවාරණ හා පුනරුත්ථාපන වැඩසටහන
මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් යොමු කරන ලද ආඥාලාභීන් 30 දෙනෙකුගේ සමාජ පුනරුත්ථාපනය, මානසික සවිබල ගැන්වීම, චිත්තවේගීය සුවය සහ පවුල් සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ‘මන සුව’ එක්දින වැඩසටහන 2026.10.09 දින පානදුර පරිවාස කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පානදුර ප්‍රජා විශෝධන කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මාලිඟාකන්ද ප්‍රජා විශෝධන නිලධාරී හිරාන් කාවින්ද මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් උපදේශන නිලධාරී බුද්ධි එරංගිකා මෙනවිය සම්පත්දායකත්වය ලබා දුන්හ.