Divisional Secretariat Ratnapura

Directions Contact the organization

Divisional Secretariat Ratnapura ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රත්නපුර
මාධ්‍ය ඒකකය | Media Unit |
Divisional Secretariat, Ratnapura®
©RPDS Media All Rights Reserved

   #රැකියාවෙළදපොළ
07/11/2026

#රැකියාවෙළදපොළ

අස්වැසුම තොරතුරු යථාවත් කිරීම සහ නව සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ කිරීම 2026- සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය
04/11/2026

අස්වැසුම තොරතුරු යථාවත් කිරීම සහ නව සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ කිරීම 2026

- සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

"මෙහෙවර පැසසුම්" - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙවන ස්ථානය.​🏆 ​මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සැපයීමේ...
01/11/2026

"මෙහෙවර පැසසුම්" - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙවන ස්ථානය.​🏆

​මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

​ඒ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වූ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීම වෙනුවෙන් පැවති “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

​මෙම අවස්ථාවේදී, ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් දෙවන ස්ථානය දිනා ගැනීමට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය. 🥇👏

ජනතාවට කැපවීමෙන් හා කාර්යක්ෂමව සේවය සැලසූ අපගේ කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම සුබපැතුම්! 🎉🤝

​"மெஹெவர பசசும்" - இரத்தினபுரி பிரதேச செயலகத்திற்கு இரண்டாம் இடம்! 🏆

​பொதுமக்களுக்கு மிகவும் திறமையான மற்றும் விரைவான சேவையை வழங்கும் நோக்கில், ஜனாதிபதி நிதியத்தின் சேவைகளை பிரதேச செயலக மட்டம் வரை பரவலாக்கும் திட்டம் நடைமுறைப்படுத்தப்பட்டு வருகிறது.

​அதன் கீழ், 2025 ஆம் ஆண்டில் அதிகபட்ச செயல்திறனைக் காட்டிய சபரகமுவ மாகாணத்தின் பிரதேச செயலகங்களைப் பாராட்டி கௌரவிக்கும் “மெஹெவர பசசும்” (Mehewara Pasasum) விழா, சபாநாயகர் வைத்ய ஜகத் விக்ரமரத்ன அவர்களின் தலைமையில் இரத்தினபுரி மாவட்ட செயலகத்தில் இன்று வெகு விமர்சையாக நடைபெற்றது.

​இவ்விழாவில், ஜனாதிபதி நிதியத்தின் சேவைகளைப் பரவலாக்கியதில் மிகச்சிறந்த செயல்திறனை வெளிப்படுத்தி, இரத்தினபுரி மாவட்டத்தின் பிரதேச செயலகங்களுக்கு இடையே இரண்டாம் இடத்தைப் பெற்றுக்கொள்ள இரத்தினபுரி பிரதேச செயலகம் சமர்த்தானது. 🥈👏

​பொதுமக்களுக்கு அர்ப்பணிப்புடனும் திறமையுடனும் சேவையாற்றிய எமது செயலகத்தின் அனைத்து ஊழியர்களுக்கும் எங்களது மனமார்ந்த வாழ்த்துகள்! 🎉🤝

​

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.

ஊடகப் பிரிவு,
பிராந்திய செயலகம், இரத்தினபுரி.

Media Unit | Divisional Secretariat, Ratnapura®
Copyright 2026 © All Rights Reserved
[ © 2026 RPDS Media ]

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හ...
31/10/2026

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රජයේ සේවයේනියුතු නොවන සෙසු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියටබඳවා ගැනීම.

උක්ත බඳවා ගැනීමට අදාළව 2026.10.14 දින පළ කරන ලද ලේඛන අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය, වේලාව, ස්ථානය හා සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අංකය පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛන, එක් එක් පළාතට හා මාධ්‍යයට අදාළව (පූර්ණකාලීන ආබාධ සහිත අයදුම්කරුවන් ද ඇතුළුව) 2026.10.30 දින සිට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.

එසේම, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සම්බන්ධ උපදෙස් ඇතුළත් G3සහ G4 උපදෙස් පත්‍රිකා හා සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතු ලේඛනවලට අදාළ F2, F3, F4 සහ F5 ආකෘති පත්‍ර ද ඉහත ලේඛන සමග පළ කර ඇති අතර, එකී උපදෙස් පරිදි නියමිත දින නියමිත වේලාවට අදාළ ලේඛන ද සමඟ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි. තවද මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි එක් එක් අයදුම්කරු විසින් අයදුම්පත්‍රහි දක්වන ලද ලිපිනයන් වෙත 2026.11.02 දින සිට ලියාපදිංචි තැපෑල මගින් යොමු කිරීමට ද මෙම‍ අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව ද දන්වමි.


නාලක කලුවැව
ලේකම්


நாட்டின் தேசிய மற்றும் மாகாணப் பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூலமான ஆசிரியர் வெற்றிடங்களுக்காக அரச சேவையில் ஈடுபட்டுள்ள பட்டதாரிகள் மற்றும் அரச சேவையில் ஈடுபடாத ஏனைய பட்டதாரிகளை இலங்கை ஆசிரியர் சேவையின் 3-I (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்தல்.

மேற்படி ஆட்சேர்ப்பிற்கு அமைவாக 2026.10.14 ஆம் திகதி வெளியிடப்பட்ட ஆவணங்களின் படி நேர்முகப் பரீட்சைக்குத் தகைமை பெற்ற விண்ணப்பதாரர்களுக்கான நேர்முகப் பரீட்சை நடாத்தப்படும் திகதி, நேரம், இடம் மற்றும் நேர்முகப் பரீட்சைச் சபை இலக்கம் தொடர்பான தகவல்கள் அடங்கிய ஆவணங்கள், ஒவ்வொரு மாகாணத்திற்கும் மொழி மூலத்திற்கும் உரியவாறு (முழுநேர அங்கவீனமுற்ற விண்ணப்பதாரர்கள் உட்பட) 2026.10.30 ஆம் திகதி முதல் கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சின் உத்தியோகபூர்வ இணையத்தளத்தில் காட்சிப்படுத்த நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது.

மேலும், நேர்முகப் பரீட்சைக்கு சமூகமளிப்பது தொடர்பான அறிவுறுத்தல்கள் அடங்கிய G3 மற்றும் G4 அறிவுறுத்தல் பத்திரங்கள் மற்றும் நேர்முகப் பரீட்சையின் போது சமர்ப்பிக்கப்பட வேண்டிய ஆவணங்களுக்குரிய F2, F3, F4 மற்றும் F5 மாதிரிப் படிவங்களும் மேற்கண்ட ஆவணங்களுடன் பதிவேற்றப்பட்டுள்ளதுடன், குறித்த அறிவுறுத்தல்களுக்கு அமைவாக குறிப்பிட்ட திகதியில் குறிப்பிட்ட நேரத்தில் உரிய ஆவணங்களுடன் நேர்முகப் பரீட்சைக்கு சமூகமளிக்குமாறு அறியத்தருகின்றேன். அத்துடன் இந் நேர்முகப் பரீட்சைகளுக்கான அழைப்புக் கடிதங்கள் ஒவ்வொரு விண்ணப்பதாரராலும் விண்ணப்பப்படிவத்தில் குறிப்பிடப்பட்ட முகவரிகளுக்கு 2026.11.02 ஆம் திகதி முதல் பதிவுத் தபாலில் அனுப்பிவைக்க இவ்வமைச்சினால் நடவடிக்கை எடுக்கப்படும் என்பதையும் அறியத்தருகின்றேன்


நாலக களுவெவ
செயலாளர்

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විමධ්‍යගත අයවැය 2026 වැඩසටහන|මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමා...
27/10/2026

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විමධ්‍යගත අයවැය 2026 වැඩසටහන|

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විමධ්‍යගත අයවැය 2026 වැඩසටහන යටතේ ජාතික තරුණ සේවා සභාවේ රත්නපුර ප්‍රාදේශීය තරුණ බල මණ්‌ඩලයේ යෞවන සාමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබාදීම රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා, ප්‍රාදේශීය ලේකම් චින්තන උදාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී රත්නපුර නගර සභා මන්ත්‍රීනි ජයන්ති ප්‍රේමතිලක මහත්මිය, රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි රසිකා ප්‍රියන්ති මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂ, ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ, ක්‍රීඩා නිලධාරී සහ වසම්භාර ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්ගේ හා ක්‍රීඩා සමාජයන්හි නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු විය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.

ஊடகப் பிரிவு,
பிராந்திய செயலகம், இரத்தினபுரி.

| , ®
©
[ © ]

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වියනොහැකි සිසුන් තම විදුහල්පතිවරුන් මගින් කලාප අධ...
27/10/2026

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වියනොහැකි සිසුන් තම විදුහල්පතිවරුන් මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දෙන්න. ඒ අයට වෙනත් දිනයක් ලබාදෙනු ඇත.

විභාග කොමසාරිස් ජනරාල්

27/10/2026

මුවගම පාලම අසලින් කළු ගඟ
2026/10/27 උදෑසන 08.32

❝ දැනුවත් වීමෙන් - දැනුවත් කිරීමෙන් හානි අවම කරගනිමු ❞

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කළු ගඟෙහි ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම (Alert Flood Level) දක්වා පැමිණ ඇත. නැවතත් වැසි ඇති වියහැකි බැවින් පහත් බිම් හා ගඟ අවට ජනතාව අවධානයෙන් සිටින්න.



ගංවතුර නැරඹීමට නගරයට පැමිණීමෙන් වළකින්න..!! ⚠️ ️ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න. තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු...
27/10/2026

ගංවතුර නැරඹීමට නගරයට පැමිණීමෙන් වළකින්න..!! ⚠️ ️ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න. තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. උපදෙස් පිළිපදින්න..!!

வெள்ளத்தைப் பார்க்க நகரத்திற்கு வருவதைத் தவிர்க்கவும்..!! ⚠️ ️பாதுகாப்பான இடங்களில் தங்கியிருங்கள். உங்கள் பாதுகாப்பில் கவனமாகச் செயல்படுங்கள். அறிவுறுத்தல்களைப் பின்பற்றுங்கள்..!!
මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.

ஊடகப் பிரிவு,
பிராந்திய செயலகம், இரத்தினபுரி.

Media Unit | Divisional Secretariat, Ratnapura®
​Copyright 2026 © All Rights Reserved
[ © 2026 RPDS Media ]

“ඔර්නබ්” (Arnab) ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වේ.|2026 ඔක්තෝබර් මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය2026 ඔක්තෝබර් මස 2...
27/10/2026

“ඔර්නබ්” (Arnab) ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වේ.|

2026 ඔක්තෝබර් මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2026 ඔක්තෝබර් මස 27 දින උදෑසන 5.30 ට නිකුත් කරන ලදී

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Arnab) ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී අද (2026 ඔක්තෝබර් 27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනි. මෙය අද (2026 ඔක්තෝබර් 27) දින ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, 2026 ඔක්තෝබර් 28 වන දින පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 27 October 2026
Issued at 5.30 a.m. on 27 October 2026

The Severe Cyclonic Storm “Arnab” over West central Bay of Bengal intensified into a ‘Very Severe Cyclonic Storm’ and lay centered at 02.30 a.m. of today, the 27th October, 2026 over the near latitude 15.9°N and longitude 85.4°E about 890 km to the north-east of Kankasanthurai. It is very likely to continue to move west-northwestwards till 05.30 p.m. of 27th October and thereafter, it is very likely to move northwestwards and cross the Indian land through Andhra Pradesh coast as a very severe cyclonic storm by 11.30 a.m. of 28th October, 2026.

Although this system is not expected to have a direct impact on Sri Lanka, the showery condition over the southwestern parts of the island is expected continue today, as the wind flow associated with the system extends across the island.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Southern and North-western provinces and in Kandy and Nuwara-Eliya districts and, fairly heavy falls above 75 mm are likely at some places in these areas.

Showers or thunder showers will occur at a few places after 1.00 p.m. in the Eastern province.

Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, Northern, North-central and North-western provinces and in Trincomalee and Hambantota Districts.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

Address

New Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Ratnapura:

Shortcuts

Share

Nearby government services


Other New Town government services

Show All