Agricultural & Agrarian Insurance Board

Call Directions Website Contact the organization

Agricultural & Agrarian Insurance Board කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 2026 ජනවාරි සිට දක්වා ගාල්ල, මාතර හම්බන්තොට, මොනරාගල සහ ඇඹිලිපිටිය යන දිස්ත්‍රික් කා...
24/09/2026

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 2026 ජනවාරි සිට දක්වා ගාල්ල, මාතර හම්බන්තොට, මොනරාගල සහ ඇඹිලිපිටිය යන දිස්ත්‍රික් කාර්යාල වල ප්‍රගති සමාලෝචනය කිරීමේ රැස්වීම 2026.09.24 වන දින කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් මාතර දී පවත්වන ලදී.

මේ සඳහා ඉහත දිස්ත්‍රික් කාර්යාල ප්‍රධානීන් සහ සංවර්ධන සහ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි වූ අතර ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) වැ.බ, අධ්‍යක්ෂ(මුදල්) වැ.බ,
අධ්‍යක්ෂ (විශ්‍රාම වැටුප්) වැ.බ සහ සහකාර අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත්) සහභාගී විය.

23/09/2026
නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම අරඹයි 🔷නියඟය ඇතුළු විවිධ තත්ත්වයන් හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රක්...
23/09/2026

නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම අරඹයි 🔷

නියඟය ඇතුළු විවිධ තත්ත්වයන් හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම ආරම්භ කර තිබේ. වගා හානි පිළිබඳව ගොවීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව නිලධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකර, හානියට පත් වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි ගෙවීමට කටයුතු කර ඇත.

මෙම වන්දි ගෙවීම සඳහා රු. මිලියන 3000ක් පමණ රජය විසින් වෙන්කර තිබේ. මේ වන විට ගොවීන් 2712 දෙනෙකුගේ හානියට පත් වගා බිම් ඒකක 3110ක් සඳහා රුපියල් මිලියන 71ක් පමණ ගෙවා අවසන් කර ඇත.

✅ ජනතාවට වැදගත් කරුණු:
* වගා හානි සඳහා රක්ෂණ වන්දි ගෙවීම සිදුකෙරේ.
* බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් ඇතුළු බෝග සඳහා වන්දි ලබාදීම සිදුකෙරේ.
* හෙක්ටයාර් 01ක් සඳහා රු.100,000/- බැගින් උපරිම ඒකක 05ක් සඳහා වන්දි ලබාදේ.

📞 වැඩි විස්තර සඳහා:1918 – Hot Line

🏛️කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම  සඳහා පැවැත්වෙන පුහුණු වැඩසටහන් මාලාව යටත...
17/09/2026

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම සඳහා පැවැත්වෙන පුහුණු වැඩසටහන් මාලාව යටතේ පශු රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026.09.17 - 18 දෙදින පොල්ගොල්ල, සමූපකාර පුහුණු ආයතනයේදී පවත්වන ලදී.

මේ සඳහා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ප්‍රධාන කාර්යාලයේ විෂය ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් කාර්යාල වල ප්‍රධානීන් ඇතුළු සංවර්ධන හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල සහභාගී විය.

A meeting was held today at the Head Office of the Agricultural & Agrarian Insurance Board (AAIB) with officials of Carg...
10/09/2026

A meeting was held today at the Head Office of the Agricultural & Agrarian Insurance Board (AAIB) with officials of Cargills Food & Beverage Co. Ltd. to discuss the provision of appropriate insurance coverage for the Kist Passion Fruit Out-Grower Development Project, implemented by Cargills Food & Beverage Co. Ltd. in partnership with the World Bank-assisted RUBAN Project.

The meeting focused on exploring suitable insurance solutions to provide coverage for the farmers engaged in the said Out-Grower Development Project and to identify the necessary arrangements for implementing the proposed insurance scheme.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් හා බෙම්මුල්ල ගොවිජන සේවා මාධ්‍යස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව ...
09/09/2026

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් හා බෙම්මුල්ල ගොවිජන සේවා මාධ්‍යස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව සංවිධානය කරන ලද වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ නියෝජිතයන් ඉලක්ක කර ගොවි විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන 2026/09/08 දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 11.30 දක්වා පැවැත්වීය.

Address

117, Subadhrarama Road, Gangodawila
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112384000

Alerts

Be the first to know and let us send you an email when Agricultural & Agrarian Insurance Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agricultural & Agrarian Insurance Board:

Shortcuts

Share