Thilak C A Dhanapala

Directions

Thilak C A Dhanapala Senior Deputy Inspector General of Police. (North Central Province)

85 වන අන්තර් පොලිස් කොට්ඨාස මලල ක්‍රීඩා උත්සවය 2026 - ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්. 💐💐 👍👍
25/09/2026

85 වන අන්තර් පොලිස් කොට්ඨාස මලල ක්‍රීඩා උත්සවය 2026 - ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්. 💐💐 👍👍

වංචාවලට හසු නොවෙමු.පළමු කොටස:දිනක් මගේ ජංගම දුරකථනයට හිතවත් මහතෙක් කතා කළා. "හෙලෝ මල්ලි" මම ප්‍රතිචාර දැක්වුවා. මගේ සැපද...
09/09/2026

වංචාවලට හසු නොවෙමු.

පළමු කොටස:

දිනක් මගේ ජංගම දුරකථනයට හිතවත් මහතෙක් කතා කළා. "හෙලෝ මල්ලි" මම ප්‍රතිචාර දැක්වුවා. මගේ සැපදුක් විමසීමෙන් පසු ඔහු "අයියේ, මාත් වංචාවකට හසු වුණා නේ". කීවා.

මේ ඔහුගේ කතාව.

එක්තරා ප්‍රසිද්ධ වෙබ් අඩෙවියක කාර් එකක් විකිණීමට දැන්වීමක් පළ කර තිබුණා. මේ තරුණයාත් කාර් එකක් මිළ දී ගැනීමට සොයමින් සිටියෙ. හොඳ කාර් එකක්. සාධාරණ අඩු මිළක්. ඔහු හිතුවා.

එම දැන්වීමෙ තිබ්බ නම්බර් එකට ඔහු කතා කළා. අනෙක් පැත්තෙන් ප්‍රතිචාර දැක් වූ පුද්ගලයා තමා වෛද්‍යවරයෙක් බවත්, දැනට දුෂ්කර ප්‍රදේශයක සේවය කරන බවත් පැවසුවා. "කාර් එක තියෙන්නේ මොනරාගල. බලන්න එනවා නම් ඇඩ්වාන්ස් එකක් කරලා ම එන්න. මොකද මේකට දැනටම කීප දෙනෙක් කතා කරලා තිබෙනවා. "

රු. 25,000/= ක් ඇඩ්වාන්ස් කළ ඔහු කාර් බලන්න මොනරාගල ගියා. ඒත් එහි එවැනි කාර් එකක් හෝ වෛද්‍යවරයෙක් සිටියේ නැහැ. තමා වංචාවකට හසුවී ඇති බව ඔහුට වැටහී ගියා.

මාගේ උපදෙස් පරිදි ඔහු මේ ගැන පොලීසියට පැමිණිලි කළා. දීර්ඝ විමර්ශනයක් කල කළ පොලීසිය, මෙම පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව අනාවරණය කර ගත්තා. ඔහු වෛද්‍යවරයෙක් නෙමෙයි. සමාන්‍ය පුද්ගලයෙක්.

තම කාමරයේ පරිගණකයක් තබාගෙන වාඩි වී සිටින මොහු මෙම දැන්වීමට කතා කරන පුද්ගලයන්ගෙන් ඇඩ්වාන්ස් මුදල් ලබා ගන්නවා. ඒක ඔහුගේ වෘත්තිය කරගෙන හිටියෙ. වෙනත් කෙනෙකුගේ නමට සකස්කර කර ඇති බැංකු ගිණුමකට මුදල් ලබාගෙන, තවත් පුද්ගලයෙක් ලවා ATM කාඩ් එකක් මගින් ක්ෂණිකව එම මුදල් ලබා ගන්නවා.

සූක්ෂම ලෙස කටයුතු කළ පොලිසිය, මොහු තවත් එවැනි වංචාවට හසු වූ පුද්ගලයෙකුගේ මුදල් ATM යන්ත්‍රයෙන් ලබා ගන්නා අවස්ථාවේ දී පළමු සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රධාන සැකකරු හා වංචාවට භාවිතා කළ දේපළ බාරයට ගත්තා.

මෙවැනි වංචාවලට හසු නොවී සිටීමට දැනුවත් වෙමු.

තවත් මෙවැනි අත්දැකීමක් බෙදාගැනීමට හමු වෙමු.

Commemorating 160 Years of excellence.
03/09/2026

Commemorating 160 Years of excellence.

අද (සැප්තැම්බර් 2) දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොලොන්...
02/09/2026

අද (සැප්තැම්බර් 2) දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොලොන්නරුව සහ අනුරාධපුර පොලිස් කොට්ඨාසවල අභිනවයෙන් ඉදිකරන ලද හා නවීකරණය කරන ලද පහත සඳහන් පොලිස් ගොඩනැගිලි විවෘත කරන ලදී.

1). මනම්පිටිය, තිරප්පනේ සහ හිදෝගම පොලිස් ස්ථානාධිපති නිල නිවාස.
2).පොලොන්නරුව මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාව, විවිධ පැමිණිලි අංශය සහ භෝජනාගාරය
3).පොලොන්නරුව කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නිකේතනය
4). අළුත්වැඩියා කරන ලද මින්නේරිය පොලිස් ස්ථානය

Today, I had the honour of attending the 42nd War Heroes' Commemoration Ceremony of the Police Special Task Force (STF) ...
01/09/2026

Today, I had the honour of attending the 42nd War Heroes' Commemoration Ceremony of the Police Special Task Force (STF) in Anuradhapura as the Senior Deputy Inspector General of Police, North Central Province.

We paid solemn tribute to the brave STF heroes who made the supreme sacrifice in the line of duty, beginning with the first four courageous officers who laid down their lives at Tikkam on 1 September 1984.

Their unwavering courage, dedication and selfless service remain a lasting inspiration to every member of the Sri Lanka Police.

We remember their sacrifice with gratitude and reaffirm our commitment to uphold the values they so courageously defended.

විශ්‍රාම ලැබූ උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීම.පුරා වසර 40 ට ආසන්න කාළයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සේ...
31/08/2026

විශ්‍රාම ලැබූ උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීම.

පුරා වසර 40 ට ආසන්න කාළයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සේවයට කැප වූ, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීමේ චාම් උත්සවයක් අද දින මාගේ කාර්‍යාලයේ දී පවත්වන ලදී.

ඉතා දක්ෂ, අවංක හා කාර්‍යශූර නිල­ධා­රියෙක් වූ ඒ මහතා 1986 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳී මෙහෙයුම් කලාප ඇතුළු ප්‍රදේශ රැසක පොලිස් ස්ථාන හා පොලිස් කාර්‍යාලය ගණනාවක සේවය කිරීමෙන් අනතුරුව, අවසන් වරට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට අනුයුක්තව විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.

ඒ මහතාගෙ විශ්‍රාම දිවිය නිදුක්, නිරෝගී, චිර ජීවනය උදා වන දිවියක් ම වේවා. 🙏🙏

පිනවන සවන් මියු ගී පද වැල් ගෙතුවා...දන මන පුබුදු කර නිවනට මග සැදුවා....රඹුකන සිදත් හිමි ගී ලොව රජ වූවා...සමුගෙන යන්න අවස...
19/08/2026

පිනවන සවන් මියු ගී පද වැල් ගෙතුවා...
දන මන පුබුදු කර නිවනට මග සැදුවා....
රඹුකන සිදත් හිමි ගී ලොව රජ වූවා...
සමුගෙන යන්න අවසර දෙනු හිත නැතුවා...
🙏🙏🙏🙏

10/08/2026

A relaxing and engaging leisure activity that sharpens focus, improves coordination and offers great enjoyment with others.

අද (08) දින අනුරාධපුරයේ දී පැවති 34 වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින්. කොබ්බෑකඩු...
08/08/2026

අද (08) දින අනුරාධපුරයේ දී පැවති 34 වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින්. කොබ්බෑකඩුව මැතිනිය ද ඡායාරූපයේ සිටී.

Remembering Lt. Gen. Denzil Kobbekaduwa on his 34th death anniversary. A true patriot and leader whose legacy lives on.​...
08/08/2026

Remembering Lt. Gen. Denzil Kobbekaduwa on his 34th death anniversary. A true patriot and leader whose legacy lives on.
​May he attain the supreme bliss of Nibbana. 🙏🙏

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Thilak C A Dhanapala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share