Krushi Radio

Directions Website Contact the organization

Krushi Radio Krushi Radio—Sri Lanka’s First Social Audio & Video Media Network for agriculture. Let’s grow together!

Tune in for expert insights, farming tips, market trends, and more, empowering farmers one broadcast at a time.

01/10/2026

Diploma Awarding Ceremony 2026
Srilanka School of Agriculture

30/09/2026

Live from PGRC

30/09/2026

🔴 LIVE ASDA 2026

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සොයා ගැනීම් එලිදක්වන ASDA මහ සමුළුව ගන්නෝරුවේදී...කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික මහ සමුළුවේ ස...
29/09/2026

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සොයා ගැනීම් එලිදක්වන ASDA මහ සමුළුව ගන්නෝරුවේදී...

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික මහ සමුළුවේ සමාරම්භය අද (29) පෙරවරුවේ ගන්නෝරුවේදී පැවැත්විණි.

ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රවීන් තුෂාර වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි.

දෙපාර්තමේන්තුවේ සංවර්ධන, පර්යේෂණ අංශයන්හි විවිධ සොයා ගැනීම් සිදු කළ නිලධාරීන් විසින් මෙහිදී සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ.

ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධයස්ථානයේදී මෙම පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීම සිදු කෙර්.

මෙම පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශනයක් ලෙස එලිදැක්වීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

2026 වසරේ හොදම කෘෂි විද්‍යාඥයා, හොදම කෘෂි විශේෂඥයා යන සමමාන පිරිනැමීමට ද නියමිතව තිබේ.

එමෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් සිද කළ සේවය වෙනුවෙන් කීර්තිමත් විශිෂ්ඨයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සම්මානය පිරිනැමීමද මෙයට සමගාමීව සිදු කෙරේ.

වාර්ෂික මහ සමුළුවේ සමාප්ති උත්සවය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී හෙට (30) පැවැත්වේ.

KRUSHI TV,KRUSHI RADIO සහ දෙපාර්තමේන්තුවේ නිල FACEBOOK පිටුව ඔස්සේද, www.doa.gov.lk යන කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේද සජීවී ව විකාශය කෙරේ.

කෘෂි ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෘෂි ඇමති සුරතින්  අද පොල්ගොල්ලේදි... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පි...
29/09/2026

කෘෂි ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෘෂි ඇමති සුරතින් අද පොල්ගොල්ලේදි...

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිලිබද ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුන් සදහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය අද සිදු කෙරේ.

ඒ මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදීය.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රවීන් තුෂාර වික්‍රමාරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද මේ අවස්ථාව සදහා එක්ව සිටිති.

එමෙන්ම, දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිසිර කුමාර ,ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනුර විජයතුංග යන මහත්වරුන් ඇතුළු කෘෂි නිලධාරීන් පිරිසක් ද උත්සවයට සහභාගී වී සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කෘෂිකර්ම විද්‍යාල 11 ක සාර්ථකව ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් 330 දෙනෙකු අද සහතිකපත් ලබන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ඩිප්ලෝමාධාරීන් සදහා දෙස් විදෙස් රැකියා අවස්ථා බොහොමයක් විවරව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

28/09/2026

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය ASDA - 2026 හෙට හා අනිද්දා දෙදින (2026.09.29 හා 30) ගන්නෝරුවේදී පැවැත්වේ..
“සුහුරු කෘෂිකර්මාන්තය තුළින් කෘෂි ව්‍යවසායකත්වයට” යන තේමාවෙන් මෙවර සම්මේලනය පැවැත්වීමට නියමිතයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව පර්‍යේශණ , සොයාගැනීම් පිළිබඳ දැනුම හා තාක්ෂණය හුවමාරුකර ගැනීමේ වේදිකාවක් වන මෙම සමුළුවට Krushi TV සහ Krushi Radio සමාජ මාධ්‍ය ඔස්සේ ඔබටත් සම්බන්ධ විය හැකියි..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල, NVQ 6 සහ NVQ 5 ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය හෙට දින පොල්ගොල්ලේදී පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවය කෘෂිකර්ම අමාත්‍යතුමාගේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළදාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

23/09/2026

Krushi TV හා Krushi Radio ඒකාබද්ධ සජීවී විකාශය

21/09/2026

Elnino තත්වය එක්ක බීජ නැතිවුනොත් මොකද වෙන්නෙ?

18/09/2026

පොහොර නෑ නෑ නෑ නෑ නෑ නෑ කිව්වට පෝර තියනවා... 😏

Address

Krushi Radio, Television & Farm Broadcasting Service, National Agriculture Information And Communication Center
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Krushi Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Krushi Radio:

Shortcuts

Share