United National Party

Directions Website Contact the organization

United National Party This is the official UNP page. United National Party - UNP was launched on the 6th of September 1946 but its roots date back to 1912.

The official UNP page

එක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනය
19/10/2026

එක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනය

19/10/2026

මහා සංඝරත්නයට පහරදීම අප තරයේ හෙළා දකිනවා
රජය තවදුරටත් රට තුළ ජාතිවාදය වපුරන්නේ නැතුව මේ තත්ත්වය අවසන් කිරීමට කටයුතු කළ යුතුයි

We vehemently condemn the attack on the venerable Maha Sangha, the government should refrain from spewing communal violence

18/10/2026

"අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය."

මිහින්තලය මිහිඳු මහ සෑ රඳුන්ගේ කොත්වහන්සේ නිරාවරණ උත්සවය අමතා Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය
18/10/2026

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය

12/10/2026

"සමාවදීම කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක්"
නිරාගමික පාලකයින්ට එහි අර්ථය තේරුම් ගැනීමට නොහැකි වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්

කොළඹ - මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
10/10/2026

කොළඹ - මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස්

ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එවිට එතැන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියාචනාධිකරණය හාමුදුරුවන්ට සිරදඬුවම දුන්නා.

එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලතා අතුකෝරළ එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැව්ව ලිපිය මා ළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණි.

අවුරුද්දක් ගියාට පසු ඇතැම් සංඝයා වහන්සේලා මාව හම්බවෙලා කිව්වා 'දැන් ඉතින් කොහොමත් ඥාණසාර හාමුදුරුවන්ට අපේ ආශ්‍රයේ වැඩකටයුතු කරන්න සිදුවෙනවා. අනෙක සිවුර අරින එක බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පාරාජිකා තත්ත්වයට පත්වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පාරාජිකා ක්‍රියාවක් නොවෙයි කියාත් ස්වාමීන් වහන්සේලා මා සමග පැවසුවා.

සංඝයා වහන්සේලා මෙසේත් කියා සිටියා,

සාමාන්‍යයෙන් එහෙම එකක් සිදුවුණා නම් ඒ සංඝයා වහන්සේ කැඳවා, අවවාද කර අදාළ නිකාය නැතිනම් පාර්ශවයේ කාරක සභා වලින් පසු භාවනා කරන්න හරි අප කල් දෙනවා. මේ අනුව තමයි කරන්නේ. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා 9 වැනි වගන්තියට පටහැනියි බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබු එක 1972 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යයිද සංඝරත්නය වැඩිදුරටත් මට සිහිපත් කර සිටියා.

මා කිව්වේ මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා බුද්ධාගම, බුද්ධ ශාසනය ආදී ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න. එතුමාට තමයි ජනාධිපති ලෙස මේ වගකීම තිබෙන්නේ. ඒ අය ගිහින් එතුමා එක්ක කතා කළා. අප අතරත් සාකච්ඡා වුණා, අපත් එතුමාත් එක්ක කතා කළා. අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයට යවනවාද, නැතිනම් අවුරුද්ද ගිය දඬුවමක් දුන්න නිසා සමාව දී පිට කරනවාද? හැමදාම හාමුදුරුවන් මේ තත්ත්වයේ තියාගන්න බැහැනේ. කවුරු හරි මේක ප්‍රශ්න කරයි.

එතුමාගේ තීරණය වුණේ දැන් අවුරුද්දක් ගත කළා, සමාව දී පිට කරමු කියලායි. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒ ගැන ඉස්සෙල්ලා අප අතර කතා කළා මේකයි හොඳම එක කියා කැබිනට් එකේදීත් කතා කළා. අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියද සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟ උඩට දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණයා කළා. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒක දුන්නේ නව වැනි වගන්තිය යටතේයි.

මා කාටවත් සමාව දුන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නිදහස් දිනයේ, වෙසක් දිනයේ එහෙම සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කරනවා. ඒවාට හේතු දුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වුණේ ලේකම්තුමා ඇවිල්ලා මොකක්ද කරන්නේ වෙසක් එකට කියා අහනවා.

විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ'පුළුවන් තරම් පිට කරන්න, මේක පිරිලා තිබෙන්නේ, තව ගන්න බැහැ කියලයි. මා කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට කතා කර පුළුවන් හැම කෙනාටම සමාව දෙන්න කියලයි. මා වාචිකව කිව්වා මිස වෙන මොකුත් ලියන්න ගියේ නැහැ. වෙසක් දිනයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම කළා. මේක විතරක් නොවෙයි, ඇත්ත වශයෙන්ම අනෙක් කරුණුවලදී ද අප හේතු ලියන්නේ නැහැ.

එංගලන්තයේ එක එක හේතු ලියනවා. හුඟක් රටවල්වල එහෙම නැහැ. අප කතා කරන්නේ ලේකම් සමගයි. දැන් ලේකම්ට හැන්ඩ්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවනි. අනෙක් අය ඊමේල් දානවා, මේගොල්ලෝ අද ඔක්කොම ඊමේල් කරනවානේ? එහෙම යනවිට මිනිට් (සටහන්) තියාගන්න එක ප්‍රශ්නයක් වෙනවා. AI ඇහුවාම මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ.

මා දන්නවා අනෙක් රටවල්වලත් සටහන් තියන්නේ නැහැ. මා නම් ඒක කර නැහැ, අගමැති හැටියටවත් සටහන් තබා නැහැ. සාම ගිවිසුමේ මා මිනිට් (සටහන්) තැබුවා කරුණා අප සමග ඉන්නවද?

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෙතැන ප්‍රශ්නයක් ඇහුවා.

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරතුමාට 'දලිත්' කියා පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ. නිකන් සපත්තුවෙන් ගැහුවේ නැහැ, දලිත් කියා ගැහුවා. ඒ කුලය මතක් කරලයි. ඉන්දියාවේ හුඟක් වෙලාවට අවවාද කරනවා, නැතිනම් මාසයක් විතර තියාගෙන පිට කරනවා.

ප්‍රශ්නය නිසා අනෙක් ආගම්වලට හානියක් වුණේ නැහැ. මේ ප්‍රශ්නය නිසා ඥාණසාර ස්වාමීන් වහන්සේට දඬුවමක් දුන්නා. ඊට පසුව ඇති වු ප්‍රශ්නය වූයේ විනය කඩ කර සිවුර අයින් කරනවාද, විනය ආරක්ෂා කර පිට කරනවාද යන්නයි. මෙය ආගමික ප්‍රශ්නයක් වනවා. මෙතැනදී බෞද්ධ මතය ප්‍රකාශ වුණා. ඒ බහුතරයේ මතයයි. කොහොමද ඒකට විරුද්ධව CPA යන්නේ? මේවට නම් අපට සහයෝගය දෙන්න බැහැ. මේක හරි නැහැ. ඒක වැරදියි. මේක ආගමික ප්‍රශ්නයක් වෙලා.

උන්වහන්සේට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිටකය පිළිබඳ පිළිබඳ ප්‍රශ්නයකැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

08/10/2026

ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම ඉතාම ඛේදනීය තත්ත්වයක්. වර්තමාන ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්තිය උල්ලංඝණය කරලා.

01/10/2026

මාධ්‍යවේදියා ඇත්තටම පහර දුන්නේ ආරක්ෂක නිලධාරියාටද, එහෙම නැතිනම් හිටපු ජනාධිපතිවරයාටද කියා බරපතල සැකයක් මතුව තිබෙනවා

හිටපු පා.ම. සමන් රත්නප්‍රිය

Address

400 Kotte Road
Pita Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when United National Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to United National Party:

Shortcuts

Share