Divisional Secretariat-Nivithigala

Call Directions Website Contact the organization

Divisional Secretariat-Nivithigala Divisional Secretariat - Nivithigala

තමන්ගේ තැනක්  -  ලස්සන ජීවිතයක් : නිවිතිගල තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිම...
09/10/2026

තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක් : නිවිතිගල

තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාඨාසයේ වතුපිටිය ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවාසය හිමිකරු වෙත භාරදීම පසුගියදා (2026/10/05) සිදු කෙරිණ.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිවිතිගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මන්ත්‍රීතුමිය , නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඩිෂාන් නෙරංජ කරූණාරත්න , වතුපිටිය ග්‍රාම නිලධාරී , ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරී , නිවාස නිලධාරී ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම නිවාස ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් වෙන්කරන ලදී .

තමන්ගේ තැනක්  -  ලස්සන ජීවිතයක් : නිවිතිගල තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිම...
08/10/2026

තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක් : නිවිතිගල

තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාඨාසයේ පිංකන්ද ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවාසය හිමිකරු වෙත භාරදීම 2026/10/05 දින සිදු කෙරිණ.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිවිතිගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මන්ත්‍රීතුමිය , නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඩිෂාන් නෙරංජ කරූණාරත්න , නිවාස නිලධාරී ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම නිවාස ඉදිකිරීම සඳහා වැය කරන ලදී.

තමන්ගේ තැනක්  -  ලස්සන ජීවිතයක් : නිවිතිගල තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිම...
08/10/2026

තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක් : නිවිතිගල

තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාඨාසයේ කොලොම්බුගම ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවසක් එහි හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා සිදු කෙරිණ.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිවිතිගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මන්ත්‍රීතුමිය , නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඩිෂාන් නෙරංජ කරූණාරත්න , නලින් හේවගේ , කොලොම්බුගම ග්‍රාම නිලධාරී , නිවාස නිලධාරී ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය

ආර්ථික සංගණනය 2025/26 - කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබ...
08/10/2026

ආර්ථික සංගණනය 2025/26 - කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ආර්ථික සංගණනය 2025/26 - කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආරම්භ කර ඇත.

මෙම සංගණනයට අදාළ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමේ කටයුතු 2026 ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 15 වන දින දක්වා දිවයින පුරා සිදු කිරීමට නියමිතය.

ඔබත් කෘෂිකාර්මික හෝ ගොවිජන කටයුතුවල නියැලෙන්නෙකු නම්, තොරතුරු රැස්කිරීම සඳහා ඔබේ නිවසට හෝ ආයතනයට පැමිණෙන ගණන් ගන්නා නිලධාරීන්ට පහත අංශ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දී සහය වන්න:

* කෘෂිකාර්මික හෝ ගොවි වගාවන් පිළිබඳ තොරතුරු

* සත්ව පාලනය සහ ජලජීවී වගාවන් පිළිබඳ තොරතුරු

* වගාවන් සඳහා යොදාගනු ලබන ඉඩම් පිළිබඳ තොරතුරු

⚠️ විශේෂ සටහන: ඔබ විසින් ලබා දෙන සියලුම තොරතුරුවල රහස්‍යභාවය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පූර්ණ ලෙස සුරක්ෂිත කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල සෞභාග්‍යමත් කෘෂිකාර්මික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් නිවැරදිම තොරතුරු සපයමින් මෙම සංගණනය සාර්ථක කර ගැනීමට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටි.

සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුටපිරී ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා ඉරෝෂා මහත්මිය!
08/10/2026

සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුටපිරී ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා ඉරෝෂා මහත්මිය!

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායකවන්න. අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් අල්ලස් ඉල්ලනවාද? දූෂණ ක්‍රියාවක් සිදුකරනවාද...
08/10/2026

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායකවන්න.
අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් අල්ලස් ඉල්ලනවාද? දූෂණ ක්‍රියාවක් සිදුකරනවාද? වෙනත් අක්‍රමිකතාවයක් සිදුකරනවාද? එසේ නම් අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න. ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අපි බැඳී සිටින්නෙමු.
පහත link එක හරහා හෝ QR එක scan කර ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/OTBIT

නිවිතිගල ජල සම්පාදන ක්‍රමයේ පිරිපහදු ධාරිතාව වැඩිදියුණු කිරීම ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවිතිගල ජල සම්පාදන ක්‍රමයේ පිරිප...
07/10/2026

නිවිතිගල ජල සම්පාදන ක්‍රමයේ පිරිපහදු ධාරිතාව වැඩිදියුණු කිරීම

ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවිතිගල ජල සම්පාදන ක්‍රමයේ පිරිපහදු ධාරිතාව වැඩිදියුණු කිරීම මගින් පාරිභෝගික සේවා උසස් කිරීම සඳහා ජල පිරිපහදු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය 2026/10/05 දින ආරම්භ කරන ලදී.

දේශගුණික වෙනස් වීම් නිසා ඇතිවිය හැකි නියං තත්ත්වයන් තුළ ඇති වන තත්ත්වය අවම කිරීම සඳහා අන්තර් කාලීන විසදුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට නිවිතිගල ශ්‍රී ක්ෂේත්‍රාරාමාධිපති පූජ්‍ය දොළොස්වල ධම්මික ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් හා නිවිතිගල සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය , නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ඩිෂාන් නෙරංජ කරුණාරත්න, ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන් , ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සබරගමුව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහතා ප්‍රධාන ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන නිවිතිගල දොළොස්වල කරවිට මහා පරිමාණ ජල ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි කාලය තුළ එම ව්‍යාපෘතිය ද සම්පූර්ණ කිරීමට නියමිතය.

මෙම සියලුම ව්‍යාපෘති ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සභාපති , සාමාන්‍යාධිකාරි හා සබරගමු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු ජල සම්පාදන මණ්ඩලයේ උපදෙස් මඟ පෙන්වීම යටතේ සම්පාදන මණ්ඩලය මගන් ක්‍රියාත්මක කරනු ලබයි.

සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුටපිරී ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා රුවන්කුමාර මහතා!
06/10/2026

සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුටපිරී ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා රුවන්කුමාර මහතා!

තමන්ගේ තැනක්  -  ලස්සන ජීවිතයක් : නිවිතිගල තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිම...
06/10/2026

තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක් : නිවිතිගල

තමන්ගේ තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ලෝක ජනාවාස දිනය නිමිතිකොට ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාඨාසයේ වතුපිටිය ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවසක් එහි හිමිකරුවන් වෙත භාරදීම ඊයේ දින සිදු කෙරිණ.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිවිතිගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මන්ත්‍රීතුමිය , නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩිෂාන් නෙරංජ කරූණාරත්න , වතුපිටිය ග්‍රාම නිලධාරී , ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරි , නිවාස නිලධාරී ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම නිවාස ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් වෙන්කරන ලදී .


(2026/10/06)

04/10/2026

සිතුවිලි පවුර 26

විහඟුන් ගී නොගයන කල
අප කුමක් කරන්නෙමු ද
එය මරා දැමිය හැක ..

එනමුත්...

වසන්තය ආ විගස
මල් පිපී හිනැහෙන විට
ගී ගයාවි ..
දිනෙක ..
වසන්තය පිරී ගිය
පාරාදීසයක...

Address

Nivithigala
Ratnapura
70400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452279238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat-Nivithigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat-Nivithigala:

Shortcuts

Share