Ruwanwella Pradeshiya Sabha

Call Directions Contact the organization

Ruwanwella Pradeshiya Sabha සැමට සමෘද්ධිමත් අනාගතයක් Secretary :- Mr. P.R. Pathirana.

🌟 අන්තර් පාසල් විවාද තරගාවලිය අර්ධ අවසන් වටය🌟ජාතික සාහිත්‍ය හා කියවීම් මාසය වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ මහජන ...
24/10/2026

🌟 අන්තර් පාසල් විවාද තරගාවලිය අර්ධ අවසන් වටය🌟

ජාතික සාහිත්‍ය හා කියවීම් මාසය වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ මහජන පුස්තකාල එක්ව සංවිධානය කළ විවාද තරගාවලියේ අර්ධ අවසන් වටය 2026.10.14 දින ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්විණි .

මෙහිදී විශිෂ්ඨ ජයක් අත්කර ගනිමින්, අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූ රාජකීය විද්‍යාල කණ්ඩායමටත් , වහරක මහා විද්‍යාලීය කණ්ඩායමටත් අපගේ හදපිරි සුබ පැතුම්! 💐👏

මෙම තරගය අතිශය සාර්ථක කරගැනීම සඳහා තම වටිනා කාලය, නිවැරදි මඟපෙන්වීම සහ අගනා සහයෝගය ලබාදුන් ගෞරවනීය විනිසුරු මඬුල්ලට සහ අධීක්ෂණ මණ්ඩලයටත් ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු! 🙏🏻❤️

✨ විනිශ්චය මණ්ඩලය:

• සහකාර අධ්‍යක්ෂ නිමල් මහතා (රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය )
• විමර්ශන නිලධාරී නදීකා සිංහබාහු මහත්මිය (සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය )
• සමථ නිලධාරී ප්‍රමෝදි මිය (රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

✨ විශේෂ අධීක්ෂණ මණ්ඩලය:
• සචිත් බෝගොඩ මහතා (ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී)
• උපාලි සිරිවර්ධන මහතා (ගරු ප්‍රා⁣දේශීය සභා මන්ත්‍රී )

මෙම තරග මාලාව සාර්ථකව සිදුකිරීමට නිරන්තරයෙන් මගපෙන්වීම් කරන ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට සහ විෂය නිලධාරී චලනි සෙනරත් මිය ඇතුළු සියලුම පුස්තකාලවල කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණීය ස්තුතිය පුදකරමු.🙏🙏

CentralLibrary Ruwanwella Ruwanwella Royal College Ruwanwella සුන්දර රුවන්වැල්ල

📚 "පොතක් පරිත්‍යාග කරමු ..නැණ නුවණ වැඩීමට දායක වෙමු!" 🌟රුවන්වැල්ල ප්‍රාදේශීය සභා 🏛️ රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දි...
23/10/2026

📚 "පොතක් පරිත්‍යාග කරමු ..නැණ නුවණ වැඩීමට දායක වෙමු!" 🌟

රුවන්වැල්ල ප්‍රාදේශීය සභා 🏛️ රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලය වෙනුවෙන් අපූරු පොත් එකතු පරිත්‍යාග කරමින්, අපේ අනාගත පරපුරේ නැණ නුවණ පාදන්නට දායක වූ සියලුම දෙනා වෙත රුවන්වැල්ල ප්‍රා⁣දේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ සහ ලේකම්තුමිය ඇතුළු සියලුම පුස්තකාල කාර්ය මණ්ඩලවල හෘදයාංගම ස්තූතිය සහ ගෞරවය පිරිනමමු! 💐📖

ඔබ දුන් ඒ සෑම පොතක්ම තවත් දරුවෙකුගේ, තරුණයෙකුගේ හෝ කියවීම් ප්‍රියකරන හිතවතෙකුගේ ලෝකය එළිය කරන්නට මග කියනු නොඅනුමානයි.

🤝 මේ පුණ්‍යකර්මයට ඔබටත් දායක විය හැකියි!

ඔබගේ නිවසේ කියවා අවසන් වූ, හොඳ මට්ටමේ පවතින පොත් පත තවමත් තිබේ නම් ඒ පොත් අල්මාරියක තනි වන්නට නොදී, අන් අයගේ දැනුම වැඩිදියුණු කිරීම උදෙසා අපගේ රුවන්වැල්ල , ඉඹුලාන, ගෝණගල්දෙණිය,ගලපිටමඩ, අමිතිරිගල මහජන පුස්තකාල වෙත පරිත්‍යාග කල හැක. අපි ඔබගේ නිවසටම පැමිණ එම පොත් පරිත්‍යාග භාරගැනීමට සූදානම්. (071) 922 9578 .036-2266275

CentralLibrary Ruwanwella

📚👵👴 සොඳුරු මතක අතරට... සොඳුරු අකුරු සුවඳ...💐💐ℳ𝒾𝓃𝒾 ℒ𝒾𝒷𝓇𝒶𝓇𝓎 𝒸ℴ𝓃𝒸ℯ𝓅𝓉💐ඔවුන්ගේ වියපත් දෑස් වල නැවතත් කියවීමේ ආශාව දල්වමින්, ර...
22/10/2026

📚👵👴 සොඳුරු මතක අතරට... සොඳුරු අකුරු සුවඳ...💐

💐ℳ𝒾𝓃𝒾 ℒ𝒾𝒷𝓇𝒶𝓇𝓎 𝒸ℴ𝓃𝒸ℯ𝓅𝓉💐

ඔවුන්ගේ වියපත් දෑස් වල නැවතත් කියවීමේ ආශාව දල්වමින්, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලය විසින් සංවිධානය කළ 'Mini Library⁩ ස්ථාපිත කිරීමේ තවත් එක් අදියරක් ලෙස සොඳුරු පොත් මංසල' වැඩසටහන මොරාවත්ත ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසයේදී සාර්ථකව පවත්වන ලදී.

රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද සුවිශේෂී සමාජ සත්කාරයක් වන මෙම වැඩසටහනේ අරමුණ වූයේ, මොරා වත්ත, රුවන්වැල්ල හි පිහිටි ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට නැවතත් පොත්පත් කියවීමේ අවස්ථාව සලසා දීමයි.
කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන අතර, වියපත් වීමත් සමඟ එය එක්තරා අයුරකින් මානසික සුවයක් සහ මතකය අලුත් කිරීමක් ද සිදු කරයි. මෙම වැඩසටහන හරහා, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට නව්‍යතාවයක්, දැනුමක් සහ විනෝදයක් එක් කිරීමට හැකිවීම අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි.

මෙම වැඩසටහන මගින් පහත දැක්වෙන තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals - SDGs) සපුරාලීමට අප දායක වුණෙමු:

✅ 🎯 SDG 4: ගුණාත්මක අධ්‍යාපනය (Quality Education)
සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් සඳහා ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම. (විශේෂයෙන් වැඩිහිටි සාක්ෂරතාවය සහ දැනුම යාවත්කාලීන කිරීම).
✅ 🎯 SDG 3: යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම (Good Health and Well-being)
කියවීම මානසික සෞඛ්‍යයට සහ යහපැවැත්මට ධනාත්මකව බලපාන බැවින්, වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය නංවාලීම.
✅ 🎯 SDG 10: අසමානතා අවම කිරීම (Reduced Inequalities)
වැඩිහිටියන් ඇතුළු සමාජයේ කොන්වීමට ලක්විය හැකි කණ්ඩායම්වලට දැනුම සහ අධ්‍යාපනික සම්පත් වෙත සමාන ප්‍රවේශයක් ලබා දීම.

මෙම උදාර කාර්යය සඳහා මූලිකත්වය දුන් රුවන්වැල්ල ප්‍රා⁣දේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට, සංවිධාන කටයුතු කළ විෂය නිලධාරී චලනි සෙනරත් මියට සහ රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලයේ සියලුම කාර්ය මණ්ඩලයට, උපකාර කළ සියලු දෙනාටත්, විශේෂයෙන්ම ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු. 💐

🌿පිරිසිදු නගරයක් ලස්සන රටක් ...සුවපත් ජීවිතයක්..... ඔබේ දරුවාට උරුම කරදීමට🌿 යන තේමාව මුල් කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ ව...
17/10/2026

🌿පිරිසිදු නගරයක් ලස්සන රටක් ...සුවපත් ජීවිතයක්..... ඔබේ දරුවාට උරුම කරදීමට🌿
යන තේමාව මුල් කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.

මේ සඳහා මග පෙන් වු ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මිට, සංවිධාන කටයුතු සිදුකළ විෂය නිලධාරී නිරෝෂණී මහත්මියට,,පරිසර කමිටුවේ ගරු මන්ත්‍රීවරුන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂක කසුන් සමරසිංහ මහතාට,විමර්ශන
නිලධාරී රුවන් මහතාට සහ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තුතිය පුද කර සිටිමු.

👴👵 ලෝක වැඩිහිටි දිනයට සමගාමීව, අපේ වැඩිහිටි පරපුරේ සෞඛ්‍ය සුවසෙත වෙනුවෙන්... 🌿රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ ඉඹුලාන මහජන ...
06/10/2026

👴👵 ලෝක වැඩිහිටි දිනයට සමගාමීව, අපේ වැඩිහිටි පරපුරේ සෞඛ්‍ය සුවසෙත වෙනුවෙන්... 🌿

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ ඉඹුලාන මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ නොමිලේ ආයුර්වේද ජංගම සායනය සාර්ථකව පවත්වා අවසන් කෙරිණි. මෙහිදී ප්‍රදේශවාසී වැඩිහිටි පිරිස සියයකට ආසන්න පිරිසක් සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් ඖෂධ ලබාදෙන ලදී.
🙏අප වෙත පැමිණි සියලුම වැඩිහිටි මාපියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු! 🙏

මේ සඳහා දායකත්වය සැපයූ ගලපිටමඩ ආයුර්වේද මධ්‍යස්ථානයේ සියලුම වෛද්‍යවරුන්ට සහ ඉඹුලාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය පුදකරමු.💐💐

මෙවැනි ප්‍රජා සේවා වැඩසටහන් සිදුකිරීමට නිරන්තරයෙන් මගපෙන්වීම් කරන ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට සහ සංවිධාන කටයුතු සිදුකරන විෂය නිලධාරී චලනි සෙනරත් මිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණීය ස්තුතිය පුදකරමු.🙏🙏

#ඉඹුලානපුස්තකාලය #ජාතිකපුස්තකාලය

🎉 "Kids Library" සංකල්පයේ පළමු අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීම! 🎈📚 ළමා කාලයේදීම පොත්පත් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟමින්, "කි...
05/10/2026

🎉 "Kids Library" සංකල්පයේ පළමු අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීම! 🎈📚

ළමා කාලයේදීම පොත්පත් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟමින්, "කියවීම විනෝදාංශයක්" බවට පත්කිරීමත්, පරිගණක/ජංගම දුරකථන තිරවලින් ඔබ්බට පොත්පත්වල සුන්දරත්වය පෙන්වා දෙන්නටත් ,කුතුහලයෙන් පිරි නිර්මාණශීලී අනාගත පරපුරක් බිහිකිරීමත් අරමුණු කරගෙන 🏛️ රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලය විසින් Kidslibrary සංකල්පය රුවන්වැල්ල ප්‍රාදේශීය සභා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඔක්තෝබර් 01 ලෝක ළමා දිනය නිමිති කරගෙන සාර්ථකත්ව ආරම්භ කරන ලදී.

💪මෙම වැඩසටහනේ දෙවැනි අදියර රුවන්වැල්ල ප්‍රාදේශීය සභා අඟුරුවැල්ල පූර්ව ළමාවිය මධ්‍යස්ථානය වෙතත් තෙවනුව බල ප්‍රදේශයේ අනෙකුත් සියලුම පෙරපාසල් වෙත ව්‍යාප්ත කිරීමත්
අපගේ බලාපොරොත්තුවයි 🙏

මෙවැනි ප්‍රජා සංවර්ධන වැඩසටහන් සිදුකිරීමට නිරන්තරයෙන් මගපෙන්වීම් කරන ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට සහ සංවිධාන කටයුතු සිදුකරන විෂය නිලධාරී චලනි සෙනරත් මිය ඇතුළු සියලුම පුස්තකාලවල කාර්ය මණ්ඩලයට සහ පෙර පාසල් ගුරු මණ්ඩලයට, දරුදැරියන්ට සහ දෙමාපියන්ට අපගේ ගෞරවණීය ස්තුතිය පුදකරමු.🙏🙏

🌟 පුස්තකාල මට්ටමේ විවාද තරගය අවසන් වටය🌟ජාතික සාහිත්‍ය හා කියවීම් මාසය වෙනුවෙන් රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය ආදර්ශ ම...
03/10/2026

🌟 පුස්තකාල මට්ටමේ විවාද තරගය අවසන් වටය🌟

ජාතික සාහිත්‍ය හා කියවීම් මාසය වෙනුවෙන් රුවන්වැල්ල ඩිජිටල් සහ ස්වයංක්‍රීය ආදර්ශ මහජන පුස්තකාල අන්තර් පාසල් විවාද තරගාවලියේ II වන වටයේ තරගය කෑ/දෙහි රාජකීය විද්‍යාලය සහ කෑ/දෙහි ශ්‍රී වික්‍රම කණිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායම අතර පසුගියදා පැවැත්විණි .

මෙහිදී විශිෂ්ට ජයක් අත්කර ගනිමින්, අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූ රාජකීය විද්‍යාල කණ්ඩායමටත්, දෙවෙනි ස්ථානය ජයග්‍රහණය කළ ,ශ්‍රී වික්‍රම කණිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායමටත් අපගේ හදපිරි සුබ පැතුම්! 💐👏

මෙම තරගය අතිශය සාර්ථක කරගැනීම සඳහා තම වටිනා කාලය, නිවැරදි මඟපෙන්වීම සහ අගනා සහයෝගය ලබාදුන් ගෞරවනීය විනිසුරු මඬුල්ලට සහ අධීක්ෂණ මණ්ඩලයටත් ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු! 🙏🏻❤️

✨ විනිශ්චය මණ්ඩලය:
• එම්. ඩබ්ලිව්. ඩී. රාජපක්ෂ මිය (දෙහිඕවිට ප්‍රාදේශීය සභාව)
• එම්. ඩී. ඩී. ප්‍රියංගා ගුණරත්න මිය (යටියන්තොට ප්‍රාදේශීය සභාව)
• එස්. ඡී. චලනි සෙනරත් මිය (රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව)

✨ විශේෂ අධීක්ෂණ මණ්ඩලය:
• සචිත් බෝගොඩ මහතා (ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී)
• ජයරත්න ජයකොඩි මහතා (විශ්‍රාමික ගුරු)

මෙම තරග මාලාව සාර්ථකව සිදුකිරීමට නිරන්තරයෙන් මගපෙන්වීම් කරන ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට සහ විෂය නිලධාරී ඇතුළු සියලුම පුස්තකාලවල කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණීය ස්තුතිය පුදකරමු.🙏🙏

CentralLibrary Ruwanwella Ruwanwella Royal College Ruwanwella සුන්දර රුවන්වැල්ල

📖✨ පුංචි පැටවුන්ගේ පුංචි ලෝකයට ලස්සන කතන්දර පැයක්✨📚කුඩා දරුවන්ගේ පරිකල්පනය, භාෂා හැකියාව සහ සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ ...
02/10/2026

📖✨ පුංචි පැටවුන්ගේ පුංචි ලෝකයට ලස්සන කතන්දර පැයක්✨📚

කුඩා දරුවන්ගේ පරිකල්පනය, භාෂා හැකියාව සහ සිතීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සහ රුවන්වැල්ල ඩිජිටල් සහ ආදර්ශ මහජන පුස්තකාලය විසින් රුවන්වැල්ල සහ අඟුරුවැල්ල ප්‍රාදේශීය සභා පෙරපාසල් දූ දරුවන් 100 ට අධික ප්‍රමාණයක් සඳහා සංවිධානය කළ කතන්දර පැය වැඩසටහන පසුගියදා පැවැත්විණි .👧🧒🎨

මේ සඳහා මඟ පෙන්වීම් සිදුකළ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සචිත් ⁣බෝගොඩ මහතා සහ අමිත මහතාටත්, ලේකම් නදීමා ඒකනායක මහත්මිය සහ ප්‍ර.ක.සේ නිලධාරී සන්ධ්‍යා මහත්මියටත්, සංවිධානය කළ විෂය නිලධාරී චලනි ⁣සෙනරත් මහත්මිය ඇතුළු සියලුම පුස්තකාල කාර්ය මණ්ඩලයටත් , පෙරපාසල් ගුරු මණ්ඩලයේ සියලුම දෙනාට සහ දෙමාපියන්ටත් ස්තුතිය පුදකරමු💐💐💐
CentralLibrary Ruwanwella Ruwanwella සුන්දර රුවන්වැල්ල

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් මෙහෙයවනු ලබන පළාත් පාලන ආයතන අතර විවාද තරගාවලිය තෙවන වතාවට පසුගියදා පැවැත්ව...
29/09/2026

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් මෙහෙයවනු ලබන පළාත් පාලන ආයතන අතර විවාද තරගාවලිය තෙවන වතාවට පසුගියදා පැවැත්විණි.

💐මෙහිදි සිංහල මාධ්‍ය ජාතික මට්ටමේ අනුශූරතාවය රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව දිනා ගන්නා ලදී.

💐මෙම තරඟය සඳහා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා සභික මණ්ඩලයේ ගරු මන්ත්‍රී සචිත් බෝගොඩ මහතා කණ්ඩායම් නායක වශයෙන් කටයුතු කළ අතර, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි සිරිවර්ධන මහතා , ගරු මන්ත්‍රිනී ස්වර්ණතිලකා මහත්මිය,ගරු මන්ත්‍රී කමල් දේශප්‍රිය මහතා සහ රුවිනි ලක්ෂ්මි මහත්මියගේ සහභාගීත්වයෙන් ආයතනය වෙත වටිනා ජයග්‍රහණයක් ගෙන එන ලදී.

💪මෙම ජයග්‍රහණය වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රා⁣දේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ සහ ලේකම් නදීමා ඒකනායක මහත්මිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්💐💐💐💐

The debate competition between local government authorities, organized by the Federation of Sri Lankan Local Government Authorities, was held for the third time recently.

The runner-up was won by the RuwanwellaPradeshiya Sabha.

Address

Ruwanwella
71400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94362266275

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwanwella Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruwanwella Pradeshiya Sabha:

Shortcuts

Share