Dr.Ramesh Pathirana

  • Home
  • Dr.Ramesh Pathirana
Directions Contact the organization

Dr.Ramesh Pathirana A Medical Doctor by profession with a bachelor's degree of MBBS and postgraduate degree of MBA.

While being a member of the Parliament since 2010, Mr Pathirana is currently the Minister for Plantation and Export Agriculture in Sri Lanka.

12/09/2026

ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින ජනසටන | අනුරාධපුර මහා ජන රැළිය

සුවහසක් සිත් ගායනයෙන් මුසපත් කල හෙළයේ මාතෘ ගායිකා,නන්දා මාලනී මැතිනියනිඅජරාමර නිවනින් සැනසීම ලැබේවා...!!!
22/08/2026

සුවහසක් සිත් ගායනයෙන් මුසපත් කල
හෙළයේ මාතෘ ගායිකා,
නන්දා මාලනී මැතිනියනි
අජරාමර නිවනින් සැනසීම ලැබේවා...!!!

දීර්ඝ  කාලයක් තිස්සේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අත්‍යාවශව පැවති ආදාහනාගාරයක් ලබා දීමට මූලිකත්වය ගැනීමට හැකි...
09/08/2026

දීර්ඝ කාලයක් තිස්සේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අත්‍යාවශව පැවති ආදාහනාගාරයක් ලබා දීමට මූලිකත්වය ගැනීමට හැකි වීම පිළිබදව මා ඉතා සතුටට පත් වෙමි.

2022 වසරේ දී නමුණුකුල වැවිලි සමාගමට අයත් සිට්‍රස් වතු යායෙන් ඉඩම් කොටසක් ලබා ගෙන ප්‍රදේශිය සභාවට පවරා දී එම ආදාහනාගාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අපට හැකි විය. ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරුණු ප්‍රසම්පාදන ක්‍රියාවලිය දී ඇති වූ යම් යම් ප්‍රමාදයන් හේතුවෙන් එහි වැඩකටයුතු ආරම්භ කිරීම 2023 වර්ෂය දක්වා පමා විය. 2024 වසරේ නව රජය බලයට පත් වන විට අදාල ආදාහනාගාරයෙහි වැඩ කටයුතු 75% පමණ නිම වී තිබු අතර ඒ වන විට බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ඒ සදහා වැය වන සම්පූර්ණ ප්‍රතිපාදන මුදල, ප්‍රාදේශිය සභා මන්ත්‍රී චමින්ද ගමගේ මහතාගේ යෝජනාවක් අනූව එවකට එහි සභාපතිව සිටි දිල්රුක් අභේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන් කර තිබින.

අදාල ස්ථානයෙහි පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එම සිට්‍රස් වත්ත මාර්ගය සම්පූර්ණයෙන් කාපට් අතුරා සකස් කර දීමටද 2024 වර්ෂයේ දී මට හැකි විය. අද දිනයේ දී මහජනතාව සදහා විවෘත කරන බව දැන ගැනීමට ලැබූ එම ආදාහනාගාරය කෙටි කලක් ප්‍රමාද වී හෝ ජනතා සේවය වෙනුවෙන් අත්කර දීම සතුටට කාරණයකි. අදාළ අවස්ථාවට මා වෙත ආරාධනය කිරීම වර්තමාන ජාතික ජන බලවේගයේ පාලන අධිකාරිය මගින් ප්‍රතික්ෂේප කරන ලද බව කණගාටුවෙන් උවද සදහන් කිරීමට කැමැත්තෙමි.

එම ආදාහනාගාරයෙන් ප්‍රදේශයේ ජනතාවට ඉදිරියේ දී සිදුවන සේවාව පිළිබද ඉමහත් සතුටට පත් වෙමි.

රුහුණු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශ්‍රි ලංකාවේ ප්‍රථම සම සෞබ්‍ය පීඨය ස්ථීර ගොඩනැගිලි සංකීර්ණයකට ප්‍රවිශ්ඨ වී ජුලි මසට වස...
22/07/2026

රුහුණු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශ්‍රි ලංකාවේ ප්‍රථම සම සෞබ්‍ය පීඨය ස්ථීර ගොඩනැගිලි සංකීර්ණයකට ප්‍රවිශ්ඨ වී ජුලි මසට වසර 2ක් සම්පූර්ණ වේ.

කරාපිටියට ආසන්න තාවකාලික ගොඩනැගිලි පරිශ්‍රයන්හි පවත්වාගෙන ගිය සම සෞබ්‍ය පීඨය ඉදි කිරීමේ කටයුතු වෙනුවෙන් 2020 අප රජය බලයට පත්වි ප්‍රමුඛ කාරණයක් හැටියට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට හැකිවීම පිළිබඳ ව මම ඉතා සතුටට පත් වෙමි.

රුහුණු විශ්ව විද්‍යාලයේ එවක උපකුලපති ධූරය දැරූ මහාචාර්ය සූජීව අමරසේන මැතිතුමන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සක්‍රිය මැදිහත් වීමෙන් සාපේක්ෂ වශයෙන් ඉතාමත් කෙටි කාලයක් තුල ඉතා දර්ශනීය ඉතා වටිනා ගොඩනැගිලි සංකීර්ණයක් අක්මීමණ ආසනයේ වළහන්දූව ප්‍රදේශයේ ස්ථාපනය කර ගැනීමට එම ප්‍රයත්නය නිසා අපට හැකිවිය.
අදවන විට එම සම සෞබ්‍ය පීඨය තුළ සිසුන් සිය ගණනක් තම අධ්‍යාපන කටයුතු වල නියැලෙන අතර එම සම සෞබ්‍ය පීඨය විවෘත වීමත් සමග ම වලහන්දූව යග්ගහ ඇතුළු අවශේෂ ප්‍රදේශ වල විශාල සමාජ ආර්ථික පරිවර්ථනයක් සිදු විමටත් නව ස්ථාපනය දායක වී ඇත.ඒ වෙනුවෙන් කැපවූ මහජන නියෝජිතයෙකු හැටියට මා හට නිහතමානී සතුටක් ඇති අතර එම පීඨයෙහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු සාර්ථක වේවායි පතමි.

එමෙන්ම මෙම සම සෞබ්‍ය පීඨය අක්මීමණ ආසනය තුළ ස්ථාපිත රුහුණු විශ්ව විද්යාලය අනුබද්ධිත තුන්වන පීඨය වන අතර මීට පූර්වගාමීව කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිකිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මැතිතුමාන් හා හපුගල ඉංජිනේරු පීඨය ඛිහිකළ ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමාත් ගෞරවයෙන් සිහිපත් කරමි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ඔබ අමතන කොට්ඨාස රැස්වීම කුඩා ඌරගහ දී....
03/07/2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ඔබ අමතන කොට්ඨාස රැස්වීම කුඩා ඌරගහ දී....

බෙන්තර ඇල්පිටිය ආසනයේ පසුගිය මැතිවරණයන්හි දී‍, විවිධ දේශපාලන මතිමතාන්තර දැරූ‍, සියලුම මහජන නියෝජිතයින් නැවත ශ්‍රී ලංකා  ...
06/06/2026

බෙන්තර ඇල්පිටිය ආසනයේ පසුගිය මැතිවරණයන්හි දී‍, විවිධ දේශපාලන මතිමතාන්තර දැරූ‍, සියලුම මහජන නියෝජිතයින් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වී‍, ඉදිරි ජනාධිපතිවරණයේ දී‍, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට එක්වීම නෙලුම් මාවත‍, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී ඊයේ සිදුවිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ජයසිංහ මහතා
බෙන්තොට ප්‍රාදේශීහ සභාවේ හිටපු සභාපති සරත් ආනන්ද මහතා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ජයසේන නාගොඩවිතාන මහතා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති. කේ ශාන්තතිලක මහතා
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් අල්විස් මහතා
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී සෞම්‍ය කුමාර මහතා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිමල් ගුණවර්ධන මහතා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඒ. ජී. සාගරතිලක මහතා
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිලූක ගුණසේකර මහතා
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පි. එල්. සෝමසිරි මහතා

එම සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර ඔවුන්ගේ දේශපාලන අනාගතයට සුභ පතිමි.

මෙම අවස්ථාවට පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මැතිතුමා‍, ගාල්ල දිස්ත්‍රික් නායක නීතිඥ මොහාන් පි. ද සිල්වා මැතිතුමා ඇතුලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ද සහභාගී විය.

14/05/2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස අභිනවයෙන් පත්වීම් ලද‍, නලීන් ප්‍රියදර්ශන මැතිතුමාට‍,සම්පත් අතුක...
11/05/2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස අභිනවයෙන් පත්වීම් ලද‍,
නලීන් ප්‍රියදර්ශන මැතිතුමාට‍,
සම්පත් අතුකෝරළ මැතිතුමාට‍,
ප්‍රසාද් වීරක්කොඩි මැතිතුමාට‍,
අනුර නාරංගොඩ මැතිතුමාට‍,
සමන් ද සිල්වා මැතිතුමාට‍,
මාගේ සහෝදාරාත්මක සුභ පැතුම්.

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රි ලංකා වාසී සියළු දෙනාටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා......!!!!
14/04/2026

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රි ලංකා වාසී සියළු දෙනාටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා......!!!!

ශ්‍රි ලංකාවේ අග්‍රගන්‍ය මාතෘ රෝහල විවෘත කර වසර දෙකකි. විවෘත කිරීමට නොහැකි වෙතැයි දීර්ඝ කාලයක් තිස්සේ ගාලු ජනතාව විස්වාස ...
29/03/2026

ශ්‍රි ලංකාවේ අග්‍රගන්‍ය මාතෘ රෝහල විවෘත කර වසර දෙකකි.

විවෘත කිරීමට නොහැකි වෙතැයි දීර්ඝ කාලයක් තිස්සේ ගාලු ජනතාව විස්වාස කළ ජර්මන් ශ්‍රි ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල විවෘත කර වසර දෙකකි.

පැරණි වාරිමාර්ග දෙපාර්තමේන්තු වැඩබිමෙහි 2006 වසරෙහි වැඩ ආරම්භ කොට 2008 වසර වන විට සම්පූර්ණයෙන් වැඩ නතර වී තිබුනු මෙම රෝහලේ වැඩකටයුතු නැවතත් ආරම්භ කර ගැනීමට 2010 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එවක සෞබ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සුවිශේෂී උත්සාහයක් දරණ ලදී.

එහි ප්‍රතිඑලයක් හැටියට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් නව ණය යෝජනා ක්‍රමයක් රෝහල වෙත ලබා දීමට ජර්මානු ජන රජය සමග සාකච්ඡා කල අතර එහි ප්‍රතිඑලයක් හැටියට දීර්ඝ වෙහෙසකර ව්‍යායාමයකින් පසුව 2015 වසරේදී නැවත එම කටයුතු ආරම්භ කිරීමට හැකි විය.

2015 වසරේ දී නැවත ආරම්භ වී ඉතා මන්දගාමී ව සිදු වූ සංවර්ධන කටයුතු වඩාත් වේගවත් කිරීමට මම නැවත 2020 වසරේ දී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසු එවක සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කල පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනියගේ සහයෝගය අපේක්ෂා කරන ලදී. එහි ප්‍රතිඑලයක් හැටියට වඩාත් වේගවත් වු එම රෝහලෙහි කටයුතු දෛවෝපගතව මා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල 2024 වසරේ දී විවෘත කර ගැනීමට හැකියාව ලැඛිනි.

ශ්‍රි ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ම සුවිශේෂී සියළු පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ නවීන මාතෘ රෝහලක් ගාලු ජනතාව වෙත තිළීණ කිරීමට ප්‍රමුඛ මෙහෙවරක් කිරීමට හැකි වීම පිළිබද ව අද මා භුක්ති විදින්නේ නිහතමානි සතුටකි.

ශල්‍යාගාර 6කින් ඇදන් 410කින් සහ සියළුම පහසුකම් වලින් අනූන මෙම රෝහල එය භාවිතා කරන්නන් විසින් ඉතා ඉහල මට්ටමේ පහසුකම් වලින් සමන්විත පෞද්ගලික රෝහලකට සමාන කරන බව මා ඛොහෝ විට අසා ඇත්තෙමි.

එම රෝහල වඩවඩාත් සංවර්ධනය කර ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් වර්තමාන රෝහල් අධ්‍යකෂතුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් ඒ වෙනුවෙන් කැප වූ සියළුම දෙනාටත් ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවායි පතමි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Ramesh Pathirana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dr.Ramesh Pathirana:

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share