Dhamma Dissanayake

  • Home
  • Dhamma Dissanayake
Directions Contact the organization

Dhamma Dissanayake Official page of Dhamma Dissanayake

20/10/2024

අප ද මිනිසුන් ය
නීතියෙන් පිළිගත්

කෑම නැති
වතුර නැති
ඇඳුම් නැති
ගෙවල් නැති

ජාතියෙන් රසවත්
ආගමෙන් පොහොසත්
මායාව බලවත්

ඉතින්අ අපි මිනිසුන් ය
නීතියෙන් පමණක් ෴

ධම්ම/පද
20.10.2024

17/10/2024

මා ඉපදුන දින මතක්ව
සුබ පැතූ ආදරණීය ඔබ සැමට ගොඩාක් ස්තුතියි.

28/09/2024

"පහල මැද පන්තිය"

විඳිනවා දුක්
මහ මෙරක්
දවස තිස්සෙම,
ඊට වැඩියෙන්
විඳිනවා දුක්
වසන් කෙරුමට
පෙනෙන දුක් ගිනි.

ධම්ම/පද 28.9.2024

25/09/2024

"අපේ කොලනිය"

බදුලුඔය
ඉරිගේසන් එකෙ ලොක්කෙක්
කියනවා ලු
නිග්ලෙක්ටඩ් කොලනියක් ලු
අපේ කොල්ල කීවේ මට
විශ්වවිද්දියාලෙ ඉන්න
ගියාලු දවසක
ලොකු උස්සවේකට
කතාවක් කරන්නට
ලෝක ජල දිනේ ගැන
ඉරිගේසමේ
මහ කන්තෝරුවට
ඇමතියෝයි නිලදාරියි
හිටියාලු ජේත්තුවට
දෙන්නැති උන් වතුර
අපේ ගමේ හැටියට නම්
වෙනවලු තඩි උකුස්සෝ
ආනමඩුවෙ මාතලෙ නම්
ඇටි කුකුලෝ කෑදැත්තෝ
බලා ඉන්නේ අපේ එකා
ඉහළ අහසෙ ජාවත්තේ
හරි හරියට එක යායට
ඇටිකුකුලෝ කෑඳැත්තෝ උකුස්සෝ
පියාඹනා හැටි බලන්න
ඒ විස්තර මට කියන්න

ධම්ම/පද 25.9.2024

11/09/2024

මේ කවියට නමක් දෙන්න.

"දැනෙන දුක් පීඩා
පිට කෙළෙමි පිට කරමි
උණුසුමට සීතල ද
සීතලට උණුසුම ද
ගෙනාවේ ඔබම මිස වෙන කවුද
මඳ පින්න පොද වැස්ස
නොනවතින මහ වැස්ස
මඳ සුළඟ මහ සුළඟ
පෙන්වුයේ ඔබය මට
මල් පිපී ලෙලෙන විට
සුවඳ සැරිසරන විට
තටු ගසන කුරුළු රැල
අහස් ගැබ සරන විට
ඔබ රැඳී මා අසල
ඇහැරවයි හිත දෑස
කොපමණක් නම් සුසුම්
දරාගෙන මුනිවතින්
ඈත හිස් ලෝකයට
රැගෙන ගොස් ඔබ තරම්
මා ලිහිල් කළ කෙනෙක්
මේ දියත නැති තරම්
වැසූ කළ ඔබ
අසලකම ඉඳ
බලා සිටිනා ප්‍රේමයක් ම ය
රැගෙන පිරි දුක
මා නිවන්නට."

ධම්ම/පද 11.9.2024

සතුටින් දන්වා සිටිමි. "හිත් මං කඩ " දෙවැනි මුද්‍රණය ළඟදී ම සරසවි ප්‍රකාශකයන් වෙතින්.
01/09/2024

සතුටින් දන්වා සිටිමි. "හිත් මං කඩ " දෙවැනි මුද්‍රණය ළඟදී ම සරසවි ප්‍රකාශකයන් වෙතින්.

08/08/2024

ලියන්නට
කියන්නට
කිසිත් නැත
කිසිත් නැත.
රිදුන තරමට
දැනුන තරමට
දැනුනෙ ගැඹුරට
ආදරේ වග.
බියට පත්
වන සතෙකු සේ
හිස ම ගිනි ගත්
අයෙකු වී
සිටින මොහොතක
කැළඹුනා මිස
ඊ තලය නුඹ වෙත නොවේ.
මිඳී ගිය පසු
හීය දුන්නෙන්
නැවත හරවනු
නොහැක ක්ෂණයෙන්
විඳවනව මිස
සිහි අසිහියෙන්
නොමැත පිහිටක්
අහස පොළොවෙන්.

8.8.2024

29/07/2024

කවි මඬුව හරි හැඩයි
කවිය නුඹ වුණා නම්
බණ මඬුව පිළිවෙළයි
නුඹ එතැන හිටිය නම්,
දඬු අඬුව තද කළා
සේ හිරව හිතට මං
වෙර දරමි පිළිවෙළක්
පෙන්නන්න හැකි තරම්,
යාල වන අරණ සේ
දිගෑරුණු මගේ හිත
අයාලේ නොයන්නට
හොඳින් තද කරමි වැට,
මාල බැඳි ගිරා රැල
වැටට ඉහළින් ගිය ද
පොළොව මිස උරුමයක්
නුඹට මට වෙන කුමට?

ධම්ම/පද 29.7.2024

19/07/2024

පිපුරුණා ගල් විසි වුණා
දෙපා එකතැන පැටලුනා
ක්ෂණයකින් රෑ බෝ වුණා
ගෙදර ඉණි වැට ගැලවුණා

වෙල් දෙනියේ ඉර හැංගුනා
ලපටි මල් පැල වේලුනා
කොරිය මැද හඳ දිලිසුනා
ගලත් මොහොතක් හිනැහුණා

දෑස් ගිනිගෙන ඇවිලුනා
මිටිය දෑතට බය වුනා
ගලේ සිනහා වේලුනා
හඳ ම එකවර ඉර වුණා.

ධම්ම/පද 19.7.2024

05/07/2024

ඔබ කොහේ සිටියද
ඒ ලොවේ යම් තැනක
දැනේ තනිකම
දැනේ පාළුව
පැරණි හින්දයි
මගේ ලෝකය
මතක සැමරුම්
පැරණි කාමය
කොටුවෙලා මේ
භූමි කොටුවට
කොටු කඩාගෙන
ලොවම හිනැහෙන
දිනෙක හමුවෙමු
හිත් බදා ගෙන.

ධම්ම/පද 5.7.2024
මාකොළ, ශ්‍රී ලංකාව

02/07/2024

නාකපන අනෝරා වැහි මෙහෙට
පිනි වැස්ස වැටුනොතින්
ඔබ ඉන්න ඉසව්වට
මල් පිපී හිනාවෙයි
දොර කවුළු අරින විට.

ධම්ම/පද
2.7.2024

30/06/2024

මල් යටකර
පෙති අතුරා
රේණු තලා
ඔප දමලා
උණු උණුවෙම
පැණි වක්කර
තැනු පාර
හරි ලස්සන
මල් හැඬුවා
පෙතිත් එක්ක
රේණු සුසුම්
මහපොලොවෙම
පැණි දියවුණු
මද්දහනක
සමනලයෙක්
පාරේ ඇලුන

ධම්ම/පද 30.6.2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dhamma Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dhamma Dissanayake:

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share

DHAMMA DISSANAYAKA

The Official page of Mr. Dhamma Dissanayake. Senori Lecturer in Political Science, Department of Public Policy and Political Science, Faculty of Arts, University of Colombo and the 11th Governor of Sabaragamuwa Province, Sri Lanka.