14/05/2026
SYU Wattala Youth Day
Night Camp
මීගමු කලපුවේ වියානා රිසෝට් පරිශ්‍රයේදී විනෝද වෙන්න!
දිනය: මැයි 17
වේලාව: සවස 2ට
ස්ථානය: ඇලකන්ද හංඳිය
ඇලකන්දේ සිට බෝට්ටු සවාරියට සෙට් වෙන්න!
සම්බන්ධීකරණය
ශෂිනි: 075 620 7786
කවිඳු: 078 651 2692
NPP Wattala Youth NPP - Wattala npp wattala
11/05/2026
වත්තල වැලිකඩමුල්ල කොට්ඨාශයේ NPP කොට්ඨාශ සභාව විසින් සංවිධානය කළ බක් මහ උළෙල, ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා හා නගරික මන්ත්‍රින්ගේ සහාබාගිත්වයෙන් අති උත්කරශවත් ලෙස පැවතුනි.
வத்தளையின் வெலிக்கடமுல்ல பிரிவின் NPP பிரதேச சபையால் ஏற்பாடு செய்யப்பட்ட பக் மகா திருவிழா, கௌரவ அறிவியல் மற்றும் தொழில்நுட்ப அமைச்சர் திரு. கிரிஷாந்த அபேசேன மற்றும் மாநகர சபை உறுப்பினர்கள் முன்னிலையில் நடைபெற்றது.
The Buck Maha Festival organized by the NPP Divisional Council of the Welikadamulla Division of Wattala was held with great enthusiasm in the presence of the Hon. Minister of Science and Technology, Mr. Krishantha Abeysena and the Municipal Councilors.
05/04/2026
55 වැනි අප්‍රේල් විරු සමරුම අවස්ථාව 2026 අප්‍රේල් 5 වන දින වත්තල ජාතික ජන බලවේග කාර්යාලයේදී පැවැත්විණි.
55வது ஏப்ரல் விரு சமரும நிகழ்வு, 2026 ஏப்ரல் 5 ஆம் தேதி வத்தளை NPP அலுவலகத்தில் நடைபெற்றது.
55th April Wiru Samaruma instance occation was held at Wattal NPP office on 5th of April 2026.
12/01/2026
මාබෝල මැලේ සංගමයේ ප්‍රධානත්වයෙන් මාබෝල කොට්ඨාස සභාව, වැලිකඩමුල්ල කොට්ඨාස සභාව සහ ජාතික තරුණ සේවා සභාව (NYSC)විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2026.
ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා හා වත්තල ප්‍රාදේශය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්දීන් මහතා සම්බන්ධ විය.
1000 කට අධික පිරිසක් සහභාගී වී සේවාව ලබා ගත්හ.
மாபோல மலாய் சங்கம், மாபோல கொட்டாச சபை, வெலிகடமுல்ல கொட்டாச சபை மற்றும் தேசிய இளைஞர் சேவை மன்றம் (NYSC) ஆகியவற்றால் ஏற்பாடு செய்யப்பட்ட மருத்துவ முகாம் 2026.
அறிவியல் மற்றும் தொழில்நுட்ப அமைச்சர் டாக்டர் கிருஷாந்த அபேசேன மற்றும் வத்தளை பிரதேச சபையின் தலைவர் பிரிஹான் அப்தீன் ஆகியோர் பிரதம விருந்தினராகக் கலந்து கொண்டனர்.
1000க்கும் மேற்பட்டோர் கலந்து கொண்டு சேவையைப் பெற்றனர்.
Mabola Malay Association in Collaboration with Mabola Kottasa Sabawa, Welikadamulla Kottasa Sabawa & National Youth Service Council Organized
Medical Camp 2026.
The event was attended by The Chief Guest Minister of Science and Technology, Dr. Krishantha Abeysena, and the Chairman of the Wattala Pradeshiya Sabha, Brihan Abdeen.
More than 1000 people participated and received the service.
30/07/2025
ඓතිහාසික වැදගත්කමකින් යුතු හැමිල්ටන් ඇළ වෙත අවිධිමත් ලෙස කසල හා අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවන් මේ වන විට දූෂණයට ලක්වී ඇත. ඇළ මාර්ගය අවට ජීවත්වන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ප්‍රදේශවාසි ජනතාවගේ සෞඛ්‍ය තහවුරු කිරීම වෙනුවන් විධිමත් යාන්ත්‍රණයක් හරහා එම ඇළ පිළිසකර කිරීම ගැන අවධානය.
29/07/2025
වත්තල, උස්වැටකෙයියාව සාගර සිරිගම, තොටුපල වෙරළ තීරය කලක් තිස්සේ විශාල ලෙස වෙරළ ඛාදනයට ලක්වෙමින් පවති. ඒ බව සොයා බැලීමට පසුගියදා එහි නිරීක්ෂණයක විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා නිරත විය.
වෙරළ ඛාදනය නිසා පෙර තිබුණු නැංගුරම් පලද විනාශ වී ඇති බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ ධිවර කටයුතු සිදුකිරිමට අපහසු වෙමින් පවති
මේ පිලිබදව ධීවර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අදාල බලධාරින් දැනුවත් කර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටද දන්වමින් කඩිනම් විසදුම් ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ උස්වැටකෙයියාව ප්‍රාදේශිය මන්ත්‍රී ජුඩ් ක්‍රිස්ට්‍රෝපර් මහතා, බෝපිටිය කොට්ඨාස මන්ත්‍රි සේනාරත්න වනසිංහ මහතා, පරණ අම්බලම ධීවර සංවිධානයේ ධිවර ප්‍රජාව ඇතුළු පිරිසක් එක් විය.
29/07/2025
වත්තල, පමුණුගම කොට්ඨාසයේ , සේදවත්ත ග්‍රාම නිළධාරි වසමේ තෝරා ගත් අඩු ආදයම් ලාභි පවුල් ද්විත්වයක් සදහා නව නිවාස ඉදිකරදීම සදහා මුල්ගල් තැබිම.
මෙම අවස්ථාවට පමුණුගම ශාන්ත ජෝසප් දේවස්ථානයේ පියතුමන්, වත්තල ප්‍රාදේශීය සභාවේ පමුණුගම කොට්ඨාස මන්ත්‍රී සුමිත් දිසානායක, බෝපිටිය කොට්ඨාස මන්ත්‍රී ඇතුළු පිරිසක් සහභාගි විය.
17/07/2025
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයට අයත් කෘෂීකර්ම, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන, පශු සම්පත් හා සත්ව නිෂ්පාදන යන ක්ෂේත්‍රයන්ට ආදාල නිලධාරින් සමග සාකච්ඡාවක් අද දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රදානත්වයෙන් වත්තල ප්‍රදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දි පැවැත්විය. ඒ සඳහා වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම් මහතා ද සහභාගි විය.
ඒ ඒ ක්ෂේත්‍රයන්ට ආදාල වු ගැටලු නිරාකරණය කිරීමටත් ඉදිරියේදි මෙම සේවාවන් වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කිරිමටත් එහිදී සාකච්චා කළේය.
17/07/2025
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBBS උපාධිය ලබා ලබාගත් එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර හතරක සේවයෙන් පසු, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සම්බන්ධ විය. එහිදී ඔහු වෛද්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ වසර 27 ක් සේවය කළේය. එම වසර 14 තුළ, ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස විශිෂ්ට ලෙස කටයුතු කළ අතර, 2018 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු බවට පත්විය. ශ්‍රී ලංකාවේ, උපාධි සහ පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපනය යන විෂයමාලා දෙකම සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීමට ඔහුගේ දායකත්වය ලබා දුනි.
මහාචාර්ය අබේසේන මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ බහුවිධ අධ්‍යයන මණ්ඩලය පිහිටුවීමට පුරෝගාමී වූ අතර, එහි පළමු සභාපතිවරයා ලෙස සේවය කළේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම සමාලෝචන කමිටුවලට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන් අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨවල ආචාර ධර්ම සමාලෝචන කමිටුවල සාමාජිකයෙකු ද විය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීතන කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ MBBS ප්‍රතීතන ඒකකයේ උපාධි විෂයමාලා සමාලෝචකයෙකු ලෙස ද සේවය කළේය.
වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) ප්‍රජා වෛද්‍ය අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIIM) අධ්‍යක්ෂවරයා ලෙස සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) හි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහුගේ නායකත්වය ලබාදී ඇත.
සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවේ ශූරයෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ එය ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර හොඳම පර්යේෂකයා සඳහා වන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
20/06/2025
ශ්‍රී ලංකාව සහ චීනය අතර විද්‍යා, තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවට අවබෝධතා ගිවිසුමක්...
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දින චීනයේ චෙන්ග්ඩු හිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ චීන රජය වෙනුවෙන් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙජුන් (Yin Hejun) මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය. දෙරටෙහි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයන් මෙම ගිවිසුමට වගකීමෙන් බැඳී සිටින පාර්ශ්වකරුවන් ලෙස නම් කර තිබේ.
• දෙරටෙහි විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය දිරිගැන්වීම සහ ඒ සඳහා සහය ලබා දීම,
• තිරසර සංවර්ධනය, තාක්ෂණික නවෝත්පාදන සඳහා විශේෂ අවධානය යොමු කිරීම හා දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම.
• සමානාත්මතාවය, අන්න්‍යොන්‍ය ප්‍රතිලාභ සහ අන්න්‍යොන්‍ය එකඟතාවය මත දෙපාර්ශ්වය අතර විද්‍යාව හා තාක්ෂණය හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනය.
යන අරමුණු ඉටුකරගැනීමට මෙම ගිවිසුම මගින් අපේක්ෂා කෙරේ.
ආහාර, කෘෂිකර්මාන්තය සහ ජෛවතාක්ෂණය, දේශගුණ විපර්යාස සහ ජෛව විවිධත්වය, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව, උසස් ද්‍රව්‍ය හා නැනෝ තාක්ෂණය, සහ කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් පරිවර්තනය යන සහයෝගීතා ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතා වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරේ.