Divisional Irrigation Engineer's Office - Weeraketiya

Call Directions Contact the organization

Divisional Irrigation Engineer's Office - Weeraketiya වැසිදිය හසුරුවා සිරිලක සසිරිමත් කරමු

මුරුතවෙල ජලාශයේ දිය නෑමෙන් වළකින්න! ⚠️පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ ගොස් ඇති අතර, ර...
14/08/2026

මුරුතවෙල ජලාශයේ දිය නෑමෙන් වළකින්න! ⚠️

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ ගොස් ඇති අතර, රොන්මඩ තැන්පතු සහ අවිධිමත් පතුල් තත්ත්වය හේතුවෙන් ජලාශයට බැසීම අතිශය අවදානම් සහිතය.

දිය නෑමට සුදුසු බව පෙනුණත්, ජලය අඩුවීමත් සමඟ ඇති වී තිබෙන සැඟවුණු අවදානම් ඔබේ ජීවිතයට තර්ජනයක් විය හැකියි.

🚫 වටිනා ජීවිතය අවදානමට නොදමන්න.
🚫 මුරුතවෙල ජලාශයේ දිය නෑමට නොයන්න.

🙏 ඔබත් ආරක්ෂා වී, අන් අයවත් දැනුවත් කරන්න.

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය – වීරකැටිය.

වැහි පිරිත් සජ්ඣායනාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මුරුතවෙල නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්...
09/06/2026

වැහි පිරිත් සජ්ඣායනාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මුරුතවෙල නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය සහ මුරුතවෙල/ ඌරුබොකු ඔය ඒකාබද්ධ ගොවි සංවිධාන එක්ව සංවිධානය කරනු ලබන වැහි පිරිත් සජ්ඣායනාව ජුනි මස 09 දින එනම් අද දින රාත්‍රී මුරුතවෙල ජලාශ පරීශ්‍රයේ පිහිටි මිනුවන්ගමුව රජමහා විහාරයේදී පැවැත්වේ. හෙට දින උදෑසන සංඝගත දක්ෂිණාව සිදුවේ.

2026 යල කන්නයේ අපේක්ෂිත මහවැසි බලාපොරොත්තු වූ පරිදි ලැබී කන්නයේ කටයුතු සාර්ථකවී සශ්‍රීකත්වය අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම මහා පිංකම සිදුකරනු ලැබේ.

මේ සඳහා සහභාගීවීමට ඔබ සියලුදෙනාට බැතිසිතින් යුතුව ආරාධනා..🙏

කිරම කෝංගල්ආර ව්‍යාපාරයට නව ඇල පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු ඇරඹීම..කිරමඔය-කෝංගල්ආර ව්‍යාපාරයේ කෝංගල්ආර ඇලෙහි නිරන්තරයෙන් ජ...
14/05/2026

කිරම කෝංගල්ආර ව්‍යාපාරයට නව ඇල පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු ඇරඹීම..

කිරමඔය-කෝංගල්ආර ව්‍යාපාරයේ කෝංගල්ආර ඇලෙහි නිරන්තරයෙන් ජල දුෂ්කරතාවයට මුහුණදෙන අගාවතේ පිහිටි කුඹරු අක්කර 100කට පමණ ගැටලුවකින් තොරව කිරම ඔයෙන් වාරි ජල පහසුකම් සැලසීම සඳහා මෙම ඇල පද්ධතිය ඉදිකරනු ලැබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මෙම නව ඇල මාර්ගය ඉදිකිරීම අද (14) දින ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා, බෙලිඅත්ත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලිය සඳරුවන් මදරසිංහ මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින්, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රතිලාභී ගොවි සංවිධාන සාමාජික ගොවි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබීය.

මෙම නව ඇල පද්ධතිය මඟින් කිරම ඔය වරකවෙල අමුණේ සිට
කෝංගල්ආර තොටින්නගෙ අමුණ දක්වා වාරි ජලය රැඟෙන යාම සිදුවෙනවා. මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තු සෘජු ශ්‍රමය යටතේ සිදුකරනු ලබයි.

පසුගිය කන්නයට අදාළව කෝංගල්ආර ව්‍යාපාරයේ ඇළවේලී පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පූර්ණ මැදිහත්වීමෙන් යුක්තව වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ප්‍රතිපාදන වෙන් කරදෙනු ලැබීය.

ඒ සඳහා උපහාරය දැක්වීමද මූලික කරගත් චාම් උත්සවයක් ගොවි සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

Happy Birthday to our respected Director of Irrigation, Hambantota..🙏Thank you for your guidance and for leading the way...
08/05/2026

Happy Birthday to our respected Director of Irrigation, Hambantota..🙏

Thank you for your guidance and for leading the way toward excellence.❤️

Best wishes from the Divisional Irrigation Engineer's Office, Weeraketiya.💐

අද (22) දින බැදිගම විහාරස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ.ලේ දන්දීමට කැමති ඔබ සවස 2.00ට පෙර එම විහාරස්ථානයට ගොස් එම පු...
22/04/2026

අද (22) දින බැදිගම විහාරස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ.

ලේ දන්දීමට කැමති ඔබ සවස 2.00ට පෙර එම විහාරස්ථානයට ගොස් එම පුණ්‍යකර්මය සිදුකරගන්නා ලෙස ආරාධනා කරමු..🙏

කටුවන, ඌරුබොකුඔය ශුද්ධ කිරීම හා ඉවුරු ඛාදන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීම..👇කටුවන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වූ දීර්ඝ කා...
21/04/2026

කටුවන, ඌරුබොකුඔය ශුද්ධ කිරීම හා ඉවුරු ඛාදන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීම..👇

කටුවන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවති කටුවන ඌරුබොකු ඔය ආශ්‍රිත ගංවතුර තත්වයට බලපාන ඔය තුල පිහිටි බාධක ඉවත්කිරීම හා ඔය ඉවුරු පුනරුත්ථාපනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්
කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ⁣ ඉදිරිපත් කර ඇත.

ඒ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ මැඳිහත්වීමෙන් සිදුකරන අතර එහි මුල් අදියර යටතේ ඔයෙහි ජල ප්‍රවාහයට පවතින බාධක ඉවත්කිරීම සිදුකරයි. ඒ සඳහා රු. මිලියන 2.5ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර මේ වනවිට මුලික ප්‍රතිපාදන වෙන්කරනු ලැබ තිබේ.

එම කෙටිකාලීන විසඳුම් යටතේ ඔය ශුද්ධ කිරීමේ කටයුතු අප්‍රේල් 21 (අද) දින පෙ.ව 9.30ට කටුවන පාලම අසලදී නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තු සෘජු ශ්‍රමය යටතේ යටතේ සිදුකරනු ලබයි.

ව්‍යපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා, කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආනන්ද කුලසුන්දර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරන මහජන නියෝජිතයින්, හම්බන්තොට වාරිමාර්ග අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, කටුවන ප්‍රාදේශීය ලේකම්, කටුවන පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් සහභාගී විය.

දිඟුකාලීන විසඳුම් යටතේ ඛාදනය වී ඇති ඉවුරු පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භකිරීමට කටයුතු සිදුකෙරේ.

කටුවන වෙළඳ සංගමය හා ප්‍රදේශවාසීන් එක්ව ව්‍යාපෘති සමාරම්භය වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

ඒ වෙනුවෙන් මැදිහත් වූ කැපවූ සියලුදෙනාට අපගේ ප්‍රණාමය පුදකරමු..🙏

මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක ලෙස අවසන් කර ගැනීමට අදාළ සියලුම පාර්ශවයන්ගේ සහයෝගය මැදිහත් වීම අපේක්ෂා කෙරේ..👍

බක්මහේ අපේ අවුරුදු මේසය..👌2026 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත රාජකාරියට වාර්තා කල කාර්ය මණ්ඩලය සතුට බෙදාගැ...
21/04/2026

බක්මහේ අපේ අවුරුදු මේසය..👌

2026 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත රාජකාරියට වාර්තා කල කාර්ය මණ්ඩලය සතුට බෙදාගැනීම සඳහා අවුරුදු කෑම මේසයක් සමඟ කෙටි හමුවක් පවත්වන ලදි.

වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් යූ මාදුවාගොඩ මහතාගේ ආමන්ත්‍රණයෙන් උද්යෝගීමත්ව ඉදිරියේදීද සුවිශාල මෙහෙවරක් අනලස්ව, නොපැකිළව, නීත්‍යානූකූලවත් සිදුකිරීමේ අපේක්ෂාවෙන් නව වසරේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.

කටුවන නඟරය ආශ්‍රිත ඌරුබොකුඔය ඉවුරු ඛාදන සඳහා ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා වන මූලික සැලසුම් කටයුතු මේවනවිට අවසන්කර තිබේ....
09/04/2026

කටුවන නඟරය ආශ්‍රිත ඌරුබොකුඔය ඉවුරු ඛාදන සඳහා ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා වන මූලික සැලසුම් කටයුතු මේවනවිට අවසන්කර තිබේ.

කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ මැඳිහත්වීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම ගැටළුව සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ⁣වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ කෙටිකාලීන විසඳුම් යටතේ ජල ප්‍රවාහයට පවතින බාධා ඉවත්කිරීම සඳහා ඔය ශුද්ධ කිරීමේ කටයුතු අප්‍රේල් මස අවසාන සතියේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

දිඟුකාලීන විසඳුම් යටතේ ඉවුරු පුනරුත්ථාපන කටයුතු අගෝස්තු මාසය පමණ වනවිට ආරම්භකිරීමට කටයුතු කරමින් පවතී.

Address

Wiraketiya

Telephone

+94472246237

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's Office - Weeraketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's Office - Weeraketiya:

Shortcuts

Share