11/20/2025
ජාතික ජන බලවේගය - New York
Political Organization
11/20/2025
10/28/2025
පළමු මාස නවය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි වූ යහපත් තත්ත්වයක් දැක ගත හැකි වීමේ විභවයක් පෙන්නුම් කරනවා.
රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම්
පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 3,835ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 31.0%ක වර්ධනයක්. බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32.5%කින්ද, බදු නොවන ආදායම් 14.9%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590ක මුදලින් 77.6%ක්ම (රුපියල් බිලියන 3,563ක්) දැනටමත් එකතු වී අවසන්. මේ අනුව, මෙම වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා යන බව පැහැදිලියි. සමස්ත ආදායම් හා ලැබීම් සැලකුවද, ඉලක්කය වන රුපියල් බිලියන 4,990ක මුදලින් 76.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. බදු ආදායම් මෙපමණ ඉහළ යාමට හේතුව වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමයි.
රාජ්‍ය වියදම්
රජයේ ලැබීම් ඉහත සඳහන් පරිදි විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 9.7%කින් පමණයි. පුනරාවර්තන වියදම් 11.2%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් 1.7%කින් පහළ ගොස් තිබෙනවා. හරියටම කියන්නට කල් වැඩි වුනත්, මෙම වසර තුළ නාමික දදේනිය වර්ධනය වීමට ඉඩ තිබෙන්නේ 10%කට ආසන්න වේගයකින්. එබැවින්, දදේනි අනුපාතයක් ලෙස පුනරාවර්තන වියදම තරමක් ඉහළ යාමේ විභවය බැහැර කළ නොහැකියි. එසේ වුවද, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත රාජ්‍ය වියදම දදේනි අනුපාතයක් ලෙස පෙර වසරේ පැවති මට්ටම ආසන්නයේම පැවතිය හැකියි. කෙසේ වුවද, අවසන් මාස තුනක කාලය තුළ රාජ්‍ය වියදම් සිදු වන ආකාරය අනුව, මෙම තත්ත්වය කවර අතකට වුවද වෙනස් විය හැකියි.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ පළමු මාස නවයේ පුනරාවර්තන වියදම වන රුපියල් 3,821ක මුදලින් 50.0%ක් හෙවත් රුපියල් බිලියන 1,907ක්ම පොලී වියදම් බවයි. සමස්ත රාජ්‍ය වියදම සැලකුවද, පොලී වියදම එයින් 44.6%ක් තරම් විශාල කොටසක්.
පළමු මාස නවයේ පොලී වියදම් පෙර වසරට සාපේක්ෂව 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. රජයට මෙම වියදම අඩු කරගත හැක්කේ පොලී අනුපාතික තවදුරටත් පහත වැටේනම් පමණයි. එහෙත්, එය රජයේ පාලනයෙන් තොර, වෙළඳපොළ සාධක මත නිර්ණය වන්නක්. වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් පොලී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් මහ බැංකුව සතුව ඇතත්, එවැන්නක් කිරීම මහ බැංකුවේ විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ අභිප්‍රායට බාධාවක් බැවින් සිදු වීමේ හැකියාවක් නැහැ. මෙම පසුබිම තුළ, දේශීය වෙළඳපොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කර තිබීම හොඳ අත්හදා බැලීමක් විය හැකියි.
සමස්ත අයවැය හිඟය
වියදම් වැඩි වන වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 441කට සීමා වී තිබෙනවා. පෙර වසරේ පළමු මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා වුනා.
ප්‍රාථමික අයවැය අතිරික්තය
ප්‍රාථමික අයවැය ශේෂය යනු පොලී වියදම් හැර අයවැය ශේෂයයි. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමට (එනම් දදේනියෙන් 2.3%කට) ඉහළින් පවත්වා ගැනීමයි. පළමු මාස නවයක කාලය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,465ක් ලෙස වාර්තා වෙනවා. මෙම අතිරික්තය අයවැයෙන් ඉලක්ක කර තිබුණු රුපියල් බිලියන 750ක අතිරික්තය මෙන් දෙගුණයකට ආසන්න මුදලක්. මේ අනුව, දදේනියෙන් 4% ඉක්මවන හා 5%කට ආසන්න විය හැකි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වීමේ විභවයක් පෙන්නුම් කරනවා. මෙවැනි තත්ත්වයක් වසර කිහිපයක් පැවතුනහොත්, වැඩි කල් නොයා සමස්ත අයවැය තුලනය කර ගැනීම සිහිනයක් නෙමෙයි.
ජංගම ගිණුමේ අතිරික්තය
පළමු මාස නවයක කාලය තුල රාජ්‍ය අයවැය ගිණුමේ ජංගම ගිණුම් ශේෂය තුලනය වී තිබීම ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මෙම ගිණුම රටේ විදේශ අංශය හා අදාළව කතා කරද්දී අවධානයට යොමු කෙරෙන ජංගම ගිණුම හා පටලවා නොගත යුතු අතර, මෙයින් අදහස් වන්නේ පොලී වියදම්ද ඇතුළු සියලු පුනරාවර්තන වියදම් සලකා බලන අතර ප්‍රාග්ධන වියදම් නොසලකා හරිමින් ගණනය කරන අයවැය ශේෂයයි. එනම් සමස්ත රාජ්‍ය ආදායම (ප්‍රදාන හැර) සහ සමස්ත පුනරාවර්තන වියදම අතර වෙනසයි. වර්ෂාවසාන තත්ත්වය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුනත්, පළමු මාස නවයක කාලය අවසන් වන විට ඉහත ගිණුමෙහි රුපියල් බිලියන 6ක සුළු අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට ඉඩක් නොලැබුණත්, මෑත ඉතිහාසයේ මෙවැනි අතිරික්තයක් වාර්තා වූ අවස්ථාවක් මගේ මතකයට එන්නේ නැහැ.
රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එයින් ඔබ්බට ගොස් ජංගම ගිණුමේ අතිරික්තයක්ද පවත්වා ගත හැකිනම් එමගින් දිගුකාලීන ආර්ථික වර්ධනය හා අදාළව සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. පෙර ලිපි කිහිපයක විස්තර කර ඇති පරිදි, ජාතික ඉතිරි කිරීම් අනුපාතය රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. එම අනුපාතය ඉහළ යන තරමට දදේනියට සාපේක්ෂව රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. මෙතෙක් කල් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට රාජ්‍ය අංශයෙන් ලැබී තිබුනේ සෘණ දායකත්වයක් බැවින් රටේ ජාතික ඉතිරි කිරීම් අනුපාතය පැවතුනේ පෞද්ගලික අංශයේ ඉතිරි කිරීම අනුපාතයට වඩා පහළින්.
ජාතික ඉතිරි කිරීම් අනුපාතය අඩු මට්ටමක පැවතීම රටක ආයෝජන අනුපාතය සීමා කර ආර්ථික වර්ධන වේගයද සීමා කරනවා. පසුගිය කාලය මුළුල්ලේම ලංකාව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කළේ විදේශ ණය ලබා ගැනීම මගින් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට වඩා ඉහළින් ආයෝජන අනුපාතය පවත්වා ගැනීමයි. රටේ විදේශ අංශය තුළ ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වීමද මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්. රට අර්බුදයකට ගෙන ගියේ මෙම ක්‍රමයයි.
#ඉකොනොමැට්ටා
10/01/2025
Excellent
09/26/2025
09/24/2025
මගේ රටේ ජනතාවට සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනයයි.
- එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනපති කියයි -
09/22/2025
Welcome to New York
09/13/2025
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්, හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇත. රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් නීති විරෝධී ලෙස උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබේ.
022 ජනවාරි 1 වැනිදා සිට 2023 නොවැම්බර් 14 වැනිදා දක්වා වූ කාලය තුළදී රුපියල් 296,500,000කට අධික මුදලක් වටිනා දේපළ උපයාගෙන ඇති බවත්, ඉන් රුපියල් 275,302,616.06ක වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමෙන් දූෂණ විරෝධි පනත යටතේ වරදක් සිදු කර ඇති බවත් අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
චෝදනා පත්‍රයට අනුව, රමිත් රඹුක්වැල්ල නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් අතරට කොළඹ 7, ධර්මපාල මාවතේ පිහිටි කැපිටල් රෙසිඩන්ස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 8ක් සහ කෝටි 6.5ක් වටිනා නිවාස දෙකක් ඇතුළත් වේ. මීට අමතරව, ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ නමට පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අටක් සහ රුපියල් කෝටි 1.8කට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් ද මෙම වත්කම් අතරට ඇතුළත් බව සඳහන්ය.
මෙම කාලය තුළ ඔහු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
New York, NY
