08/06/2023
BihiDora
creating stronger communities and helping to build a happier society for everyone
08/06/2023
05/19/2023
ගිය සතියේ දවසක එක ගැහැණු කෙනක් මට කථා කරලා එයාට තියන ආර්ථික ප්‍රශ්න ගැන කියල උදව් කරන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද කියලා ඇහුවා .
දරුවෝ හතර දෙනෙක්ම ඉන්නවා කියපු නිසා කරන්න පුළුවන් දෙයක්නම් කොහොමහරි කරනවා කියලා හිතාගෙන කථාව අහන් හිටියා .
වෙච්ච දේ වෙච්ච විදිහටම කියන්නම්කො .👇🏾👇🏾
එයා - මට අවුරුදු 29 යි . මහත්තයට 31 යි . මහත්තයට හරි හමන් රස්සාවක් නැහැ , ඉස්සර හාඩ්වෙයාර් එකක වැඩ කළා , ඒක වැහුවා .දැන් ඔය එක එක කුලී වැඩ කරන්නේ . ඒ හම්බෙන ගාන කන්නත් මදි ,
අපි ඉන්නේ මහත්තයාගේ ගෙදර , එයාගේ අක්කයි අම්මයි ගැනත් බලන්නේ අපි , ළමයින්ට හොඳට කන්න වේලක් දීපු දවසක් මතක නැහැ ,ඉස්කෝලේ යවාගන්නත් බැරි තරමට අඩු පාඩු , ලයිට් බිල ගෙවල නැතුව ලයිටුත් කපලා ,අනේ පුලුවන්නම් මට උදව් ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්නකෝ .
මම - දැන් මෙහෙමනේ , ඔයාට මේ මාසෙට විතරක් උදව් කරන්න කෙනක් හොයාගත්තට වැඩක් වෙන්නේ නැහැ නේ , ඊළඟ මාසේ ආයෙත් ඕකම වෙලා ඔයාලා ආයෙත් හිර වෙනවනේ , අපි මේකට ස්ථිර විසඳුමක් හොයාගමු , මම දන්න කෙනෙක්ට factory එකක් තියනව , ඒකෙ ඔයාට මොකක් හරි රස්සාවක් හොයල දෙන්නම් , ඔයා තාම තරුණ නිසා ඕන දෙයක් ඉක්මනට වැඩ පුරුදු වෙන්නත් පුළුවන්නේ , එතකොට ඔයාලට කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් .අපි එහෙම කරමු
එයා - අනේ මිස් රස්සාවක් කරන්න බෑනෙ , මම රස්සාවල් කරලම නෑ ,අනික එතකොට ළමයි බලාගන්නේ කව්ද ?
මම - ඇයි දැන් ඔයා කිව්වේ අම්මයි අක්කයි ඉන්නෙත් ඔයාල එක්ක එයාල රස්සාවල් කරන්නෙත් නැහැ කියල , ඉතින් රස්සාවක් කරන්නෙත් නැති එකේ එයාලට ළමයි බලාගන්න කියලා ඔයාට වැඩට යන්න පුළුවන්නේ .
එයා - ඒ උනාට මිස් , මග යන එන වියදම් ගියාම අතේ ඉතුරු වෙන්නේ පොඩි ගානක්නේ , ඒ ගාන හම්බකරන්නත් මාසයක්ම මැරෙන්න එපෑ , ඒකයි මම මේ උදව් කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැලුවේ ...
මම - ඒ කියන්නේ ඔයාට මහන්සි වෙලා ජීවත් වෙන්න කැමැත්තක් නැද්ද , දැන් බලනකොට ඔයාලට ජීවත් වෙන්න විදිහක් නැති එක පුදුමයක් නැහැ , ගෙදර වැඩිහිටියෝ ඔච්චර ඉඳල එක මිනිහනේ රස්සාවක් කරන්නේ . එහෙම කොහොමද ජීවත් වෙන්නෙ ..?
එයා - නැහැ මේ මන් බැලුවේ ඔය පිටරටවල් වල ඉන්න අයට සල්ලි තියනවනෙ ,එයාල හරියට මිනිස්සුන්ට උදව් කරනවනේ , එහෙම කෙනක් හොයාගන්න පුලුවන්ද කියලා ..
ඊට පස්සේ මම එයාට දීපු උත්තරේ ගැන අහන්න එපා . ☹️
හැබැයි ඒ උත්තරේ පොඩ්ඩක් එහාට මෙහාට කරලා හැමෝටම කියන්න හිතුනා , මොකද හුඟක් මිනිස්සු හිතන් ඉන්නේ පිටරටවල් වල ඉන්න මිනිස්සු රස්සාව විදිහට කරන්නේ සල්ලි පැළ හිටවනවා කියලා .
පහුගිය කාලේ අපේ රට තිබ්බටත් වඩා අහේනියකට මුහුණ දීපු නිසා ජීවත් වෙන එක හැමෝටම එක විදිහටම අමාරුඋන එක ඇත්ත ,
මිනිස්සු තමන්ට ලැබෙන විදියට හැමදේම කළමනාකරණය කරගන්න දන්නෙ නෑ. අතපය හොල්ලන්න ආස නෑ. ණය වෙලා හරි hi - fi විදියට තමයි ඉන්න ඕනෑ. ඒ හින්දම වෙනදට වඩා මිනිස්සු හිඟමනට වැටිලා ,
කිසිම ලජාවක් නැතුව කඩවල් ළඟ , ෆුඩ් සිටි ළඟ , රෙදි කඩ ළඟ ඉඳගෙන අත දික්කරලා සල්ලි ඉල්ලන්න පුළුවන් මට්ටමට මිනිස්සුන්ගේ ඔලුව හැදිලා ,ලැජ්ජාව බය කියන ඒවා නැත්තටම නැති වෙලා, වැදගත් කියන මිනිස්සු පවා ජීවිතය balance කර ගන්න බැරිව කථා කලොත් හිතවත් කම් නෙවෙයි ලැජ්ජා නැතිව අඩුපාඩු කියාගෙන යනවා . ඒවට විසදුම තමන් හොයා ගන්නෙ නෑ. මුහුණු පොතේ වුණත් සියයට අනූ නවයක්ම ඉන්නේ අඩුපාඩු මුදල් අඳෝනා ගැන කතා කරන මිනිස්සු විතරයි..කතා කලොත් සතුටු සාමීචිය ඇත්තෙම නෑ අඩුපාඩු කියාගෙන යනවා වැඩිපුරම සල්ලි ගරා ගන්න මාන බලන එකයි මොනවා හරි අවශ්‍යතාවක් කියන එක තමයි වැඩේ ඇත්තටම අප්‍රසන්නයි. මිනිස්සු කම්මැලියි.. ලද දෙයින් සතුටු වෙන්නෙ නෑ. අනුන්ගෙන් මොනවා හෝ අවශ්‍යතාවක් අඳෝනාවක් කියල
බොරු කතන්දර හදල කියල
ගසා කන්නමයි බලන්නේ.. ඒ අතර සමහරු බොරුවට ආදරය පෙන්නල
ගානට නොදැනෙන්න සුද්ධ කරනවා..
ගෙදර සතුටින් ජීවත්වන අතර..
එහෙම ඉල්ලන මිනිස්සු අස්සේ නැත්තටම නැති ,ඇත්තටම හිඟාකන කිහිප දෙනෙක් ඇති .
හැබැයි මන් වගකීමෙන් කියනවා අපේ රටේ බහුතරයක් ඉන්නේ , කරන්න දෙයක් නැති කමට හිඟාකන මිනිස්සු නෙමෙයි කරන්න දේවල් ඕන තරම් තියෙද්දී ඒ එකක්වත් නොකර ලේසියට හිඟාකන්න පුරුදු වෙච්ච මිනිස්සු .🥲🥲
එයාල හිතන් ඉන්නේ , පිටරටවල් වල ඉන්න මිනිස්සු කිසිම වැඩක් නොකර පුදුම සැපක් ගන්නවා ඇති කියලා ,
මිනිස්සු දකින්නෙ ඒ මිනිස්සු බුකියට දාන පොටෝ වල තියන ලස්සන කොටස දිහා විතරයි .ලස්සනට ඇඳලා , හොඳට කාලා බීලා , ජොලියේ ඇවිදින පොටෝ වලට යටින් තියන පැය ගණන් නින්දක් නැතුව මහන්සි වෙන කොටස , උදේ රෑ නැතුව ගෙදර වැඩිහිටියෝ විතරක් නෙමෙයි අවුරුදු දාසය පිරිච්ච ළමයි පවා පාර්ට් ටයිම් රස්සාවල් වල දුක් විඳින කොටස ,
පොඩි එවුන් ඩේ කෙයා චයිල්ඩ් කෙයා වල දාලා අම්මලා රස්සාවල් වලට දුවන කොටස වගේම
කාත් කවුරුවත් නැතුව පිට රටක ගේමක් ගහන්න විඳවන කොටස
ඒ අයට මග ඇරෙනවා. ඒ අමාරු කොටස පිටින් ඉන්න මිනිස්සු දකින්නෙ නැහැ .ඉතින් එයාල හිතන් ඉන්නේ රට ඉන්න මිනිස්සු සල්ලි කොළ පාරෙන් ඇහිඳ ගන්නවා කියල .
රජයේ වියදමින් පෙකණි වල කපලා ,ත්‍රිපෝෂ ටික දීලා , සමෘධි දීලා ,පොත් ටික නිකන් දීලා උගන්නලා , මහපොළ දීලා උගත්තු කලාට පස්සෙත් ,ඔය ඔක්කොම කලානම් රස්සවලුත් දියව් කියලා උද්ගෝෂණ කරන තත්වෙටම මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි යැපෙන මානසිකත්වයෙන් පිරිලා .
එහෙම මිනිස්සුන්ට බිලී කොකු වලින් වැඩක් නෑ ,ඉල්ලන්නෙ මාළු පන්සීයක් විතරයි .
ඔන්න ඔතනදි කුහකකම , ඉරිසියාව , වයිරය විතරක් නෙමේ , හොරකම , බ.ලුකමට , එහා ගිහින් හිඟා කන්න උනත් ඔලුව හදාගන්න එක මිනිස්සුන්ට එච්චර අමාරු වෙන්නෙ නැහැ .
නිකමට මම කියනවට , ඉතා සාදාරණ පැහැදිලි හේතුවක් නැතුව , මට රස්සවක් නැහැ , ජීවත් වෙන්න විදිහක් නැහැ , සල්ලි නැහැ ගගා සල්ලි ඉල්ලන මිනිස්සුන්ට සල්ලි වෙනුවට රස්සාවක් දෙන්නද කියල අහල බලන්න ගත් කටටම කට ඇරලා "එපා "කියලා අපිටත් බැන බැන යනවා .
ඇත්තම කිව්වොත් මේ රට මේ තත්වෙට වැටුනේ දේශපාලකයො හින්දා විතරක්ම නෙමෙයි , මිනිස්සුන්ගේ කම්මැලි කමත් ,මේ හිතන පතන විදිහත් ඒකට හරි හරියට බලපෑවා .
මාළු පන්සීයට පුරුදූ වෙච්ච ජාතියකට බිලී කොකු වලින් වැඩක් නැහැ .
පිළිගන්න අකමැති උනාට ඒකයි ඇත්ත .🥲
අනිශා ජයකොඩි ✍️Copied
01/03/2023
Sri Lanka cricket- 2023
අන්තිම ලකුණු දෙක
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Bay Area
San Francisco, CA
