Divisional Secretariat Ambalantota

Call Directions Website Contact the organization

Divisional Secretariat Ambalantota Services provided by DS Ambalantota and Latest news attached to DS Ambalantota

16/11/2026
14/11/2026

අභියාචනා කාලය 15 වන දා තෙක් !
#ජන මාධ්‍ය නිවේදනය # Press Release

සුබ උපන්දිනයක් වේවා ප්‍රාදේශීය ලේකම්තුමියනි! 💐✨අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් චින්තා පී.ඩබ්. වන්...
14/11/2026

සුබ උපන්දිනයක් වේවා ප්‍රාදේශීය ලේකම්තුමියනි! 💐✨
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් චින්තා පී.ඩබ්. වන්නිආරච්චි මැතිනියගේ ජන්ම දිනය අද දිනට යෙදී තිබේ.
අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීමට ඔබතුමිය ලබා දෙන විශිෂ්ට නායකත්වය සහ කැපවීම අපි ඉතා අගය කොට සලකමු.
අද දින සමරන ඔබතුමියගේ ජන්ම දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ මෙන්ම ඉදිරි රාජ්‍ය සේවා කටයුතු තවදුරටත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය හදවතින්ම සුබ පතන්නෙමු! 🎂🎉

2026 වර්ෂයේ අස්වැසුම  ලාභීන් සවිබලගැන්වීමේ  වැඩසටහන   යටතේ වෘතීය  පුහුණුවට  යොමු කර  RSM ආයතනයේ බරවාහන  පිලිබද පුහුණුව  ...
13/11/2026

2026 වර්ෂයේ අස්වැසුම ලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ වෘතීය පුහුණුවට යොමු කර RSM ආයතනයේ බරවාහන පිලිබද පුහුණුව ලැබූ පුහුණු ලාභියෙකු සදහා NVQ සහතිකය පිරිනැමීම (2026-11-12 දින) ප්‍රාදේශීය ලේකම් තුමිය සුරතින් සිදු කරන ලදී .

උඩවලව ජලාශයේ එක් වාන්  දොරටුවක් වසා දැමූ  අතර දැනට අඩිය බැගින් දොරටු 3ක් පමණක් විවෘතව පවතී.
13/11/2026

උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් වසා දැමූ අතර දැනට අඩිය බැගින් දොරටු 3ක් පමණක් විවෘතව පවතී.

[12/11, 3:49 pm] 00000: උඩවලව ජලාශයේ අඩ් 2 ක්ව තිබු වාන් දොරටු දෙක අඩිය දක්වා අඩු කර ඇත ..නමුත් රාත්‍රි කාලයේ දී වර්ශාවත...
12/11/2026

[12/11, 3:49 pm] 00000: උඩවලව ජලාශයේ අඩ් 2 ක්ව තිබු වාන් දොරටු දෙක අඩිය දක්වා අඩු කර ඇත ..නමුත් රාත්‍රි කාලයේ දී වර්ශාවත් සමග වෙනස් වීමට හැකි බැවින් ..විමසිල්ලෙන් සිටින්න ...

ආපදා සහන සේවා අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අම්බලන්තොට

12/11/2026

ලියන්ගස්තොට අමුණ හරහා වලවේ ගග වෙත මුදා හැරෙන ජලය ( 2.00 P.M. - 2026.11.12 )

උඩවලව ජලාශයේ ජලමට්ටම ක්‍රමානුකූලව ඉහල යන බැවින් අද දින (2026-11-12) පෙ.ව.4.00 ට දැනට විවෘත කර ඇති වාන් දොරටු 4 න්  වාන් ...
12/11/2026

උඩවලව ජලාශයේ ජලමට්ටම ක්‍රමානුකූලව ඉහල යන බැවින් අද දින (2026-11-12) පෙ.ව.4.00 ට දැනට විවෘත කර ඇති වාන් දොරටු 4 න් වාන් දොරටු 2 ක තවත් අඩි‍ එකක් දක්වා විවෘත කරනු ලැබේ. (වාන් දොරටු 04ක අඩි 6 ක් වන පරිදි)

එබැවින් ජලාශයෙන් පහළ වලවේ ගඟ දෙපස ජනතාව වැඩිවන ජල මට්ටම පිළිබඳව ඉතා අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙමි.

ආපදා සහන සේවා
ප්‍රා.ලේ.කා
අම්බලන්තොට .

🌈️ ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා! 🌈️තිස් පස් වසරක ප්‍රශංසනීය රාජ්‍ය සේවයකින් අනතුරුව විශ්‍රාම ලබන, අම්බලන්තොට ප්‍රාදේශීය...
30/10/2026

🌈️ ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා! 🌈️

තිස් පස් වසරක ප්‍රශංසනීය රාජ්‍ය සේවයකින් අනතුරුව විශ්‍රාම ලබන, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ග්‍රාම නිලධාරී එස්.කේ.ජී. හර්ෂන් රංජිත් මහතාණෙනි, ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා!

දීර්ඝ කාලයක් මුළුල්ලේ දැඩි කැපවීමෙන්, වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතුව ඔබ ඉටුකළ අමිල ජනතා මෙහෙවර මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දක්වන ලද දායකත්වය සැමදා අප අගය කොට සලකන්නෙමු.

ඔබගේ ඉදිරි විශ්‍රාමික දිවිය නිදුක්, නිරෝගී, සතුට පිරි වාසනාවන්ත එකක් වේවායි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමස්ත ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන මෙසේ පිරිනමන්නෙමු!

💐 ඔබට සුභ විශ්‍රාම දිවියක් වේවා! 💐

Address

Malpettawa
Ambalantota
82100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472223238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Ambalantota:

Shortcuts

Share

Nearby government services


Other Government Organizations in Ambalantota

Show All