Polgasowita Ambalangoda YMBA

Polgasowita Ambalangoda YMBA

Share

Social services

Photos from Polgasowita Ambalangoda YMBA's post 16/04/2026

දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් වූ මාතලේ දිස්ත්‍රීක්කයට අයත් අලවතුගොඩ විලාන් නන්දන කිනිටු විදුහලේ දරුවන් වෙනුවෙන් පාසල් උපකර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දිනෙක සිදු කරන ලදී. මෙම පාසලෙහි පාසල් දරුවන් 200 කට වඩා වැඩි පිරිසක් ඉගෙනුම ලබන අතර මෙම සුළි කුණාටු තත්ත්වය මත නිවෙස් හා දේපල හානි සිදුවී අධ්‍යාපන කටයුතු අඩාල වූ දරුවන් රාශියක් ද වෙති.

විද්‍යාලය තුළ අවුරුදු උත්සවයක් පවත්වා ත්‍යාග වශයෙන් අප පිරිනැමූ ආධාර කොටසක් ලබා දුන් අතර සෙසු ආධාර විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී හා වාර්ෂික විවිධප්‍රසංගය අවස්ථාවේදී ප්‍රදානය කිරීමට නියමිතයි.

මෙම ආධාර ලබාදීම වෙනුවෙන් සහයෝගය දැක්වූ සුධර්මාරාම විහාරස්ථ දායක පිරිසටත් තරුණ බෞද්ධ සංගමයට හා දහම් පාසලටත් පිං දෙමි. තෙරුවන් සරණයි!

Photos from Sri sudharma daham pasala ambalangoda Polgasowita's post 20/01/2026
19/01/2026

අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට තරුණ බෞද්ධ සංගමයේ ගරු ලේකම් තුමාට පිංවන්ත සුබ උපන් දිනයක් වේවා! තෙරුවන් සරණයි!

16/01/2026

වාර්ෂික සත්වරු පිරිත් පිංකම සහ #දේවදූත #පෙරහැර මංගල්‍යය.

ඔබටත් #සත්වරුපිරිත් පිංකමට හා #අලිඇතුන් සහිත පෙරහැරෙහි #නර්තනකණ්ඩායම් සඳහා දායක විය හැකියි.

පෙරහැර සංවිධාන කමිටුව

ශ්‍රී සුධර්මාරාමය
අම්බලන්ගොඩ
පොල්ගස්ඕවිට
0112704507
0717945770

තෙරුවන් සරණයි!

#පෙරහැර #සතිපිරිත

02/01/2026

තෙසැත්තෑ ඤාණ වන්දනාව

හෙට දුරුතු පුර පසළොස්වක පොහොය දින සවස 6.00 සිට..

2026 නව වර්ෂයට සෙත් පැතීම හා ආපදාවෙන් විපතට පත් සැමට ආශිර්වාද කිරීම වෙනුවෙන් පිංකම පැවැත්වේ.

පහනක් රැගෙන සුදුවතින් සැරසී පිංකමට සම්බන්ධ වෙන්න සැදැහැති ඔබ සැමට ආරාධනා.

සංවිධානය - ශ්‍රී සුධර්මා දහම් පාසල අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට

Sudharmaramaya Ambalangoda Polgasowita, සුධර්මාරාමය අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට

#තෙසැත්තෑඤාණපුජාව

31/12/2025

උදා වූ 2026 වර්ෂය ඔබ සැමට පුණ්‍යවන්ත සුබ නව වසරක් වේවා! තෙරුවන් සරණයි!

31/12/2025

හෙට දිනයෙන් ආරම්භ වන 2026 වර්ෂයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ හා සත් බුදු ප්‍රථිමා වහන්සේලා සහිත සත්බුදු මැදුර සම්බුදු සසුනට පූජා කිරීමේ උතුම් පුණ්‍ය කර්මය හෙට දිනයේ දී සිදු කෙරේ.

උදෑසන 6.00 ට කිරි ආහාර සහිත සම්බුද්ධ පූජා පිංකම

සවස 6.00 ට සත්බුදු පූජා පිංකම හා ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනාව.

මෙම උතුම් පිංකමට සම්බන්ධ වන මෙන් ප්‍රදේශවාසී ඔබ සැමට මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිමු.

තෙරුවන් සරණයි!

ශ්‍රී සුධර්මාරාමය
අම්බලන්ගොඩ
පොල්ගස්ඕවිට

31/12/2025

2026 නව වර්ෂයේ පෙර පාසල් ශ්‍රේණියේ සිට සියලුම ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනේ. වැඩි විස්තර සඳහා 0783277212 අංකයෙන් වට්ස්සැප් හරහා සම්බන්ධ වන්න. තෙරුවන් සරණයි!

29/11/2025

මේ මොහොතේ පුළුවන් හැමෝම උපකාරී වන්න.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo
01