Divisional Secretariat Dodangoda

Call Directions Website Contact the organization

Divisional Secretariat Dodangoda දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්වයක්...

08/10/2026
2025/26 ජාතික ආර්ථික සංගණනයේ (කෘෂිකාර්මික) කළුතර දිස්ත්‍රික් සමාරම්භය නෑබඩින් ඇරඹේ​ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව...
06/10/2026

2025/26 ජාතික ආර්ථික සංගණනයේ (කෘෂිකාර්මික) කළුතර දිස්ත්‍රික් සමාරම්භය නෑබඩින් ඇරඹේ

​ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, ව්‍යුහය සහ අනාගත සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 2025/26 ආර්ථික සංගණනයේ (කෘෂිකාර්මික) කළුතර දිස්ත්‍රික් ආරම්භක අවස්ථාව අද (2026.10.06) පෙ.ව. 9.30 ට ​කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 807 නෑබඩ ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ කෙරිණි.

​ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සෑම වසර 10කට වරක්ම සිදුකරනු ලබන මෙම ජාතික කර්තව්‍යය හරහා 2025/26 මහ කන්නය සහ 2026 යල කන්නය අයත්වන පසුගිය වගා වර්ෂය ආවරණය වන පරිදි තොරතුරු රැස්කිරීම සිදු කෙරේ. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම සංගණනයේදී ග්‍රාමීය මට්ටමේ කුඩා බිම් කොටස් මෙන්ම මහා පරිමාණ වතු ද ගවේෂණය කිරීමට නියමිතය.

​ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකෙරෙන මෙම සංගණනයේදී ප්‍රධාන ප්‍රශ්නාවලිය සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමේ ප්‍රශ්නාවලිය යන ප්‍රධාන කාණ්ඩ දෙක යටතේ ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

*​ගොවිකාරකයින් සහ ගොවි කාණ්ඩ( හිමිකාරිත්වය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම්)

*​භූමි භාවිතය සහ බෝග වගාව (වී, තේ, රබර්, පොල්, කුළුබඩු සහ අනෙකුත් බෝග)

*​සත්ව පාලනය(ගව, එළුවන්, කුකුළු ගහණය සහ කිරි/බිත්තර නිෂ්පාදනය)

*​ජලජීවී වගාව(මිරිදිය හා කරදිය මත්ස්‍ය වගාව)

*​තාක්ෂණය හා යෙදවුම්( යන්ත්‍රෝපකරණ, පොහොර, කෘමිනාශක සහ ජලසම්පාදනය)

​මෙමඟින් ලබාගන්නා නිවැරදි හා යාවත්කාලීන දත්ත, ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කෘෂිකාර්මික හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට මහත් පිටිවහලක් වනු ඇත.

​මෙම අවස්ථාව සඳහා දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා, දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න මහතා, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඉසංක යූ.කේ. ලියනගේ මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.බී.ජේ. වික්‍රමාරච්චි මහතා, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී පී.කේ. ජයතිලක මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන නිලධාරී, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් සහ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

" තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ​ලෝක ජනාවාස සතියට සමගාමීව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනු...
05/10/2026

" තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"

​ලෝක ජනාවාස සතියට සමගාමීව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නව නිවාස අයිතියට පත්කිරීමේ උත්සවය

​"සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" යන මෙවර ලෝක ජනාවාස දින තේමාව පෙරදැරි කරගනිමින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව නිවාස 03ක් ප්‍රතිලාභීන් වෙත අයිතිය පත්කිරීම 2026 ඔක්තෝබර් මස 01 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදී.

​දොඩංගොඩ කොට්ඨාසයේ ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පිරිනැමුණු මෙම නිවාසවල හිමිකම් ලබාගත් ප්‍රතිලාභීන් වුයේ,

​🔹 800 අයි නැගෙනහිර දොඩන්ගොඩ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ඩබ්. ජී. චතුරිකා සංජීවනී

🔹 800 සී බටහිර දොඩන්ගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ සමිත ප්‍රසාද්

🔹 728 බෝම්බුවල දකුණ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ අජිත් ඉරෝෂන යන මහත්ම මහත්මීන්ය.

​මෙම අවස්ථාව සඳහා දොඩංගොඩ - මතුගම සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා, කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී. හේරත් මහතා, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු අජිත් කුමාරප්පෙරුම මහතා, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න මහතා, උප සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පරිපාලන ග්‍රාම නිලධාරී පී.කේ.ජයතිලක මහතා, අදාළ වසම් භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

​ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ සුරක්ෂිත හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

*"දරුවෙකුට දිය හැකි වටිනාම සම්පත භෞතික දේ නොව, අභියෝග හමුවේ නොසැලෙන ශක්තිමත් මනසයි."** ​ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජයීය අභිය...
02/10/2026

*"දරුවෙකුට දිය හැකි වටිනාම සම්පත භෞතික දේ නොව, අභියෝග හමුවේ නොසැලෙන ශක්තිමත් මනසයි."**

​ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජයීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි, මානසිකව සවිමත් දූ දරුවන් පිරිසක් අනාගතයට දායාද කිරීමේ අරමුණින්, 2026 ඔක්තොම්බර් 01 දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කළ *"මනසින් සවිමත් - දරුවන් පොහොසත්"* ඒකාබද්ධ ළමා දින වැඩසටහන කජුදූව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

​දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීමෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කජුදූව ප්‍රාථමික විද්‍යාලය සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් එක්ව මෙය සංවිධානය කරන ලදී. මේ සඳහා දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ලලිත් වන්නිආරච්චි, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී යු.කේ. අජිත් කුමාර, සමාජ සේවා නිලධාරී එරන්ද චන්දන සහ සංවර්ධන නිලධාරි ගයාචනා මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මීන් සම්පත් දායකත්වය ලබාදුන්හ.

​දරුවන්ගේ මානසික සුවතාවය, අයිතිවාසිකම් සහ නිසඟ කුසලතා ඇගයීම මෙහි ප්‍රධාන අරමුණ විය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් පිරි මෙම සොඳුරු මොහොතට දූ දරුවන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් එක්වූහ.

සුන්දර  යෞවනය පිළිබඳව උපදේශන  වැඩසටහන ප්‍රාදේශීය  ලේකම්තුමාගේ උපදෙස්  මත 2026.09.25 දින බෝම්බුවල ශ්‍රී  ධර්මාලෝක විද්‍ය...
02/10/2026

සුන්දර යෞවනය පිළිබඳව උපදේශන වැඩසටහන

ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත 2026.09.25 දින බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පිරිමි දරුවන් සදහා පැවති සුන්දර යෞවන ය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අරමුණ ඇතිව පැවති උපදේශන
වැඩසටහන සදහා සම්පත් දායකත්වය මතුගම උපදේශන නිලධාරි තුමිය විසින්
සිදුකරනු ලැබුණි.

සංවිධානය
දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන තුමිය විසිනි.

අ.පො.ස.උ/පෙළ සිසු සිසුවියන් සදහා "The Next Step" වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන==========================ප්‍රාදේශීය ලේකම්තුම...
01/10/2026

අ.පො.ස.උ/පෙළ සිසු සිසුවියන් සදහා "The Next Step" වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන
==========================
ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව 2026.09.30 දින බප/කළු නෑබොඩ මහ විද්‍යාලයේ උ/පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ට
උසස් පෙළින් පසු ඇති වෘත්තීය අවස්ථා පිළිබද අවබෝධයක් ලබා දීමේ වැඩසටහන විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පවත්වන ලදී.

සංවිධානය සහ සම්පත් දායකත්වය :-
නිපුණතා සංවර්ධන නිලධාරී
මානව සම්පත් සංවර්ධන නිලධාරී

ප්‍රාදේශීය ව්‍යවසායකයින් බලගන්වන "SED Mini Fair" අලෙවි ප්‍රදර්ශනය සාර්ථකව නිමවේ! ​කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාං...
29/09/2026

ප්‍රාදේශීය ව්‍යවසායකයින් බලගන්වන "SED Mini Fair" අලෙවි ප්‍රදර්ශනය සාර්ථකව නිමවේ!

​කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED Division) මගින් සංවිධානය කරන ලද "SED Mini Fair" විශේෂ වෙළෙඳ හා අලෙවි ප්‍රදර්ශනය 2026 සැප්තැම්බර් 28 වන දින දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

​දොඩම්ගොඩ බලප්‍රදේශයේ ප්‍රාදේශීය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිපැයුම් අගයමින්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කරදීම සහ පාරිභෝගිකයින් වෙත කෙළින්ම ළඟා වීමට මඟපෑදීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ විය.

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ​,ගණකාධිකාරි තුමිය,පරිපාලන නිලධාරි තුමා මෙම අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් සහභාගී වෙමින්, ව්‍යවසායකයින් දිරිගන්වමින් අවශ්‍ය සියලු උපදෙස් හා සහයෝගයන් ලබාදුන් අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් රැසක් පැමිණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන මිලදී ගනිමින් ඊට සක්‍රියව දායක වූහ.

2026.09.22 දින බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක  මහ  විද්‍යාලයේ සිසු සිසුවියන් සදහා පැවති වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන  # # # # # #...
24/09/2026

2026.09.22 දින බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහ විද්‍යාලයේ සිසු සිසුවියන් සදහා පැවති වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන
# # # # # # #
9 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සදහා ළමුන් 101 ක් සහභාගී වූ අතර මෙහිදී වෘත්තීය අභිප්‍රේරණය සිදුකර ඔවුන්ට 10 ශ්‍රේණියේදී තෝරා ගැනීමට නියමිත ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීමට පහසුවක් වීම සදහා "හැකියා ලැදියා" මනෝමිතික පරීක්ෂණය සිදු කරන ලදී.

සංවිධානය හා සම්පත් දායකත්වය :
# නිපුණතා සංවර්ධන නිලධාරී
# මානව සම්පත් සංවර්ධන නිලධාරී

726A රෙමුණගොඩ උතුර සේවා පියස ප්‍රතිසංස්කරණය නිමිත්තෙන් මහා සංඝරත්නය උදෙසා පැවැත්වුණු  වූ දානමය පුණ්‍යකර්මය ​726A රෙමුණගො...
24/09/2026

726A රෙමුණගොඩ උතුර සේවා පියස ප්‍රතිසංස්කරණය නිමිත්තෙන් මහා සංඝරත්නය උදෙසා පැවැත්වුණු වූ දානමය පුණ්‍යකර්මය

​726A රෙමුණගොඩ උතුර සේවා පියසේ අලුත්වැඩියා කටයුතු සාර්ථකව අවසන් කිරීම සපල කරමින්, ඒ වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා විශේෂ දානමය පුණ්‍යකර්මය සාර්ථකව පැවැත්විණි.

​ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවාවක් සමීප කිරීමේ අරමුණින් සේවා පියස පරිශ්‍රය අලුත්වැඩියා කර මෙලෙස අලුතින් වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා හා ආශීර්වාද ලබාගැනීම මෙහිදී සිදු කෙරිණි.

​මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ග්‍රාම නිලධාරී වසමේ රාජකාරී කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

🌿 *අත්තම – 02 | රන්නගල ඇල්ල අවට පවිත්‍ර කිරීමේ වැඩසටහන* 🌿“පුරවැසි සාමූහිකත්වයෙන් දැකුම්කළු දිවයිනක් – සතුටින් පිරි ජනතාව...
22/09/2026

🌿 *අත්තම – 02 | රන්නගල ඇල්ල අවට පවිත්‍ර කිරීමේ වැඩසටහන* 🌿

“පුරවැසි සාමූහිකත්වයෙන් දැකුම්කළු දිවයිනක් – සතුටින් පිරි ජනතාවක්” යන දැක්ම පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක අත්තම වැඩසටහනේ දෙවන අදියර ලෙස රන්නගල ඇල්ල හා අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ වැඩසටහන 2026 සැප්තැම්බර් 19 දින දොඩංගොඩ හා මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව සාර්ථකව පවත්වන ලදී. 🌱

මෙම අවස්ථාව සඳහා දොඩංගොඩ–මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සංජීව රණසිංහ මැතිතුමා, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා, මතුගම ප්‍රාදේශීය ලේකම් මදූශ සංකල්ප මැතිතුමා, දොඩංගොඩ ප්‍රාදේශීය සභා සභාපති නිලූශ කවිරත්න මහතා, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Address

Dodangoda
12020

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Dodangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Dodangoda:

Shortcuts

Share

Nearby government services