NPP Eheliyagoda

Call Directions Website

NPP Eheliyagoda ජාතික ජන බලවේගයේ (NPP)
ඇහැලියගොඩ ආසන නිල ෆේස්බුක් පිටුව

🎉 ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලය වැඩබාරගනී! 🤝✨​ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ  නව අධ්‍යක...
08/11/2026

🎉 ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලය වැඩබාරගනී! 🤝✨

​ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලය වැඩබාරගැනීම 2026.11.06 වන දින උදෑසන සිදු කෙරිණි. පැවැති ප්‍රාදේශික මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කළ අප කණ්ඩායම අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර, එකී තෝරා පත්වූ මහ සභා නියෝජිතයින් අතරින් අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා ඉදිරිපත් වූ අප කණ්ඩායමේ සියලුම අපේක්ෂකයෝ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා බහුතර ඡන්දයෙන් තේරී පත් වූහ. 🏆✌️

​මෙම අවස්ථාව සඳහා,
🔹 රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න සහෝදරයා
🔹 ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුනුවිල සහෝදරයා
ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් සහ සමූපකාර සමිතියේ නිලධාරීහු සහභාගි වූහ. 👥🌾

​ග්‍රාමීය ආර්ථිකය බලගන්වමින් පොදු මහජනයාගේ අවශ්‍යතා සපුරාලීමට සමූපකාර ව්‍යාපාරය සක්‍රීයව මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳවත්, වත්මන් රජය විසින් සමූපකාර ක්ෂේත්‍රය නැංවීම උදෙසා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න සහෝදරයා විසින් සභාව දැනුවත් කරන ලදී. 💡🇱🇰
​ ✊🌾

සිරිසමන්පුර NPP මහා සභාව රැස්වේ....ජාතික ජන බලවේගයේ ඇහැලියගොඩ ආසනයේ,  සිරිසමන්පුර වසමේ "NPP මහා සභාව"  නොවැම්බර් 29 දින ...
30/10/2026

සිරිසමන්පුර NPP මහා සභාව රැස්වේ....
ජාතික ජන බලවේගයේ ඇහැලියගොඩ ආසනයේ, සිරිසමන්පුර වසමේ
"NPP මහා සභාව" නොවැම්බර් 29 දින පන්සල ලග අනුර සහෝදරයාගේ නිවසේදී රැස් විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බංධුලසේන දුණුවිල සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

දකුණු කරදන මන්ත්‍රි වසන්ත සේනාරත්න සහෝදරයා. පලිගල කොට්ඨාස මන්ත්‍රි නදුන් සමිර සහෝදරයා. සිරිසමන්පුර සංවිධායිකා චන්දිමා ප්‍රසාදනි සහෝදරිය හා වෙනසක් පතන ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීහු මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඉතා උද්‍යෝගයෙන් යුතුව මේ සඳහා එක්ව සිටියහ.

ජනතා බලය පෙරටම!

ඇරූපොල NPP මහා සභාව රැස්වේ....ජාතික ජන බලවේගයේ ඇහැලියගොඩ ආසනයේ,  ඇරූපොල වසමේ "NPP මහා සභාව"  නොවැම්බර් 29 දින මහවත්ත ජිව...
30/10/2026

ඇරූපොල NPP මහා සභාව රැස්වේ....
ජාතික ජන බලවේගයේ ඇහැලියගොඩ ආසනයේ, ඇරූපොල වසමේ
"NPP මහා සභාව" නොවැම්බර් 29 දින මහවත්ත ජිවන්දර සහෝදරයාගේ නිවසේදී රැස් විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බංධුලසේන දුණුවිල සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

හිදුරංගල කොඨ්ඨාස මන්ත්‍රි සේකර සහෝදරයා.
පලිගල කොට්ඨාස මන්ත්‍රි නදුන් සමිර සහෝදරයා. මිට්පොල කොට්ඨාස මන්ත්‍රි චමිලා සුරියආරච්චි සහෝදරිය බෝපැත්ත මන්ත්‍රි ගයානි දේවෙන්ද්‍ර සහෝදරිය හා වෙනසක් පතන ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීහු මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඉතා උද්‍යෝගයෙන් යුතුව මේ සඳහා එක්ව සිටියහ.

ජනතා බලය පෙරටම!

ඇහැලියගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද දින (10/29) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ඇහැලියගොඩ ප්‍රාදේශි...
29/10/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද දින (10/29) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ඇහැලියගොඩ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රධානත්වයෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී රැස් විය.

ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ 2026 වර්ෂයට අදාල ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන, සමෘද්ධි වැඩසටහන, නිවාස ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන් හි ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනයත්, ප්‍රදේශයේ පවතින ගැටලු සඳහා ලබාදුන් විසඳුම් වල ක්‍රියාත්මක වීමේ ප්‍රගතියෙහිත් මෙහිදී සමාලෝචනයක් සිදුකල අතර නගර සංවර්ධන වැඩසටහන, සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන, මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ජාතික වැඩසටහනෙහි ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ප්‍රගතියත්, ප්‍රදේශිය සභාව විසින් සිදුකරන ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රගතියත්, ඒ ඒ ආයතන නියෝජනය කරමින් සම්බන්ධ වුන ආයතන ප්‍රධානීන්, නිලධාරීන් විසින් ඉදිරිපත් කලහ.

මේ සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති බන්දුලසේන දුණුවිල සහෝදරයා, උප සභාපති මහේෂ් රත්නායක සහෝදරයා, අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව පියසේන මහතා, ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ද, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් දිල්රුක් මහත්මිය, ප්‍රාදේශිය සභාවේ ලේකම් නලින් දිසානායක මහතා ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්, මාධ්‍යවේදී මහත්ම මහත්මීන් මෙයට සම්බන්ධ විය.

28/10/2026
🏆🤝 ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ නිලවරණය - 2026 🗳️💐🎉 අභිනවයෙන් තේරී පත්වූ ඇහැ...
24/10/2026

🏆🤝 ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ නිලවරණය - 2026 🗳️

💐🎉 අභිනවයෙන් තේරී පත්වූ ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම්.... 👏❤️

🔰 ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර පත් වූ නව අධ්‍යක්ෂක මණ්ඩලය මෙසේය 👇

🏅 U.D.C.සමරපාල සහෝදරයා ( සභාපති )

🏅 හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික H.W.ධනසිංහ සහෝදරයා

🏅 ව්‍යාපාරික චමින්ද කුමාර සහෝදරයා

🏅 ව්‍යාපාරික සදිත් මහීෂාන් සහෝදරයා

🏅 ව්‍යවසායිකා මාධවී ඉරේෂා හිරිපිටිය සහෝදරිය
🏅 සිවිල් ඉංජිනේරු දමිත් වරුණ කුලසිංහ සහෝදරයා

🏅පාඨශාලාචාර්ය චන්දිම ජීවන් කුමාර සහෝදරයා

🤝 සාමූහිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව සහ සහයෝගීතාව යන සමූපකාර වටිනාකම් පෙරදැරි කරගනිමින්, සාමාජික ජනතාවගේත් ප්‍රදේශයේ සමස්ත ජනතාවගේත් ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමට නව අධ්‍යක්ෂ මණ්ඩලයට ශක්තිය, ධෛර්යය හා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමු! ❤️

එක්ව ගොඩනඟමු – ජනතාවට සේවය කරන ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක්! ✊🤝

හොරුන්ට - දූෂිතයන්ට - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට එරෙහිව කුමන්ත්‍රණය පරදමු...-ජනවරමේ පුරවැසියන්-2026.10.20 - ...
21/10/2026

හොරුන්ට - දූෂිතයන්ට - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට එරෙහිව කුමන්ත්‍රණය පරදමු...
-ජනවරමේ පුරවැසියන්-

2026.10.20 - ඇඹිලිපිටිය

කාවන්තිස්ස හස්තියා මෙරට ජාතික වස්තුවක්
19/10/2026

කාවන්තිස්ස හස්තියා මෙරට ජාතික වස්තුවක්

19/10/2026

කෙටිකාලීන, මධ්‍යකාලීන ව්‍යාපෘති 25 කින් සමන්විත ඇහැලියගොඩ නගර සංවර්ධන ( ජීවන නගර 10 ) වැඩසටහනෙහි පළමු ව්‍යාපෘතිය වන නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස පදික වේදිකාව ක්‍රමවත්ව ඉන්ටර්ලොක් අල්ලා සේවා කොරිඩෝවක් ලෙස සකස්කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ලංසුකරුවන්ට ආරාධනා...

(C4 හෝ ඊට ඉහල සුදුුසුකම් ලත් 2026.10.19 සිට 2026.11.09 දින දක්වා ලංසු සඳහා ඉදිරිපත් විය හැක.)
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රසම්පාදන කමිටුව
4 වන මහල,
මාර්ග සංවර්ධන අධිකාරිය,
අංක 215,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.

Address

Thoranakada
Eheliyagoda
70600

Telephone

+94703228877

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby government services