Divisional Secretariat - Elpitiya

Call Directions Website Contact the organization

Divisional Secretariat - Elpitiya Official Fan Page of Divisional Secretariat - Elpitiya
Copyright © 2026

නොවැම්බර් 01 දින සිට වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පොත හිමිකරුගෙ TIN  සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ...
01/11/2026

නොවැම්බර් 01 දින සිට වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පොත හිමිකරුගෙ TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ...

KIST රසවත් වගේම හරවත් මොහොතක් With Thisara TVකාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් කොට්ඨාශය පුරා විසිරී සිටින ක...
30/10/2026

KIST රසවත් වගේම හරවත් මොහොතක් With Thisara TV

කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් කොට්ඨාශය පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයන් සඳහා KIST ආයතනය හා තිසර TV ආයතනය අනුග්‍රහකත්වය මත පවත්වන ලද නව ආහාර නිෂ්පාදන පුහුණු වැඩසටහන

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් වනිතා සංවර්ධන නිලධාරිතුමිය විසින් සංවිධානය කරන ලදී

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයතොරතුරු යථාවත් කිරීම i අදියර - 2025වැඩි විස්තර සඳහා https://wbb.gov.lk/ සබැඳියෙන්...
30/10/2026

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය
තොරතුරු යථාවත් කිරීම i අදියර - 2025

වැඩි විස්තර සඳහා https://wbb.gov.lk/ සබැඳියෙන් පිවි‍සෙන්න

සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියනි, ඔබට සුභ උපන් දිනක් වේවා ! 🎂🎂
26/10/2026

සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියනි, ඔබට සුභ උපන් දිනක් වේවා ! 🎂🎂

25/10/2026

ජාත්‍යන්තර වැඩිහිටි සැමරුම් උත්සවය වර්ණවත් කල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය

25/10/2026

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල අත...
24/10/2026

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ 03 වැනි ස්ථානය හිමිකර ගත් වගයි...

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත් ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09ක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ

03 වන ස්ථානය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා ගත්හ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් යන මහත්වරු සහ පළාතේ මහජන නියෝජිතයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රාදේශීය රැකියා පොළ  වැඩසටහන - 2026මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සං...
23/10/2026

ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන - 2026

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන 2026-10-22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී රොෂාන්ත බෝපගේ මයා සහ වෘත්තීය පුහුණු හා වෘත්තිමය පාඨමාලාවන් සදහා බදවා ගැනීමේ ආයතන 26 ක් (රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනද ඇතුළත්ව) සහභාගි විය.

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස්මත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් නිලධාරීතුමිය විසින් සංවිධානය කරන ලදී.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය දැක්වූ (විශේෂයෙන්ම බැනර් මුද්‍රණ කටයුතු සහ ප්‍රචාරණ කටයුතු සිදුකල සෙලින්කො ආයතනය සහ DSI ආයතනය) සියළුම දෙනාට අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නෙමු.....

23/10/2026

ජාත්‍යන්තර වැඩිහිටි සැමරුම් උත්සවය වර්ණවත් කල ග්‍රාම නිලධාරි සුපුන් මහතාගේ නර්ථනය...

Address

Divisional Secretariat/Elpitiya
Elpitiya
80400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912291238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Elpitiya:

Shortcuts

Share

Nearby government services