Smyrna Church Galle

Smyrna Church Galle

Share

Declare to the world unspeakable Love of Almighty God who came in the human form of Lord Jesus Christ and induce the to become disciples of Christ and ther

05/04/2026

අවමංගල්‍යය නිවේදනයයි !

කිතුලමිපිට්ය පදිංචි, සහෝදරි චමරිගේ ස්වාමි පුරුෂයා වූද, සහෝදර ඉසුරු හා සහෝදරී චමෝදනීගේ වැඩුමහල් සහෝදරයා වූද, ⁣

සහෝදර නයන හරේන්ද්‍රගේ (1986-2026)ස්වර්ගස්ථ විම සංවේගයෙන් දැනුම්දෙමු..

දේහය පිලිබදව අවසන් කටයුතු රැගත්
දේවමෙහෙය සදුදා (06)දින සවස 03:00 ට කිතුලම්පිටිය පිහිටි නිවසේදි පැවැත්වෙන අතර,

භූමදානය පස්වරු 5:00 දඩල්ල මිහිදන්අරණ සුසානභුමියේදි සිදු කරනු ලැබේ.
(වැඩි විස්තර සඳහා - 0777806818/ 768425283)

පවුලේ අය උදෙසා යාචිඥා කරමු. එමෙන්ම සියලු දෙනා එයට සහභාගි වි ඔහුන් ධෛර්යමත් කරමු.

11/03/2026
Photos from Smyrna Church Galle's post 23/02/2026

congratulations to our wonderful sisters,
D.M. Inishiya and

W.H.R. Samankumari, for successfully completing their Advanced Certificate in Psychology & Counseling! 🎓✨

දේශීය තාක්ෂණ විද්‍යා සහ නීති පදනම් (NTSL) අයතනය මගින් මෙහෙයවන

මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ උසස් සහතිකපත්‍ර

පාඨමාලාව ඉතා සාර්ථකව නිම කල අපගේ සභාවේ සහෝදරියන් දෙපළට ස්මර්ණා දේවස්ථානයයේ සුබ පැතුම්...!

06/02/2026

සැටපස් වසරක අභිමානවත් දිවි ගමනක, ස්මර්ණ ක්‍රිස්තු සභාවේ පුරෝගාමී මෙහෙවරෙහි නොමැකෙන සලකුණක් තැබූ ගෞරවණීය ටයිටස් නානායක්කාර පියාණන් සමිඳුන් අභියස සැතපී අදට වසර 19ක් සපිරේ. 1939 වසරේ ජනිත වී, තම ජීවිතයේ වැඩි කාලයක් දේව රාජ්‍යයේ ව්‍යාප්තිය උදෙසාත්, අසරණ සිත් සුවපත් කිරීම උදෙසාත් කැප කළ එතුමාණෝ, සැබෑ එඬේරකු ලෙස අප සැමට මඟ පෙන්වූහ. 2007 වසරේදී අපෙන් සමුගත්තද, එතුමාණන් වපුළ දහම් බීජ අද මහා වෘක්ෂයක් වී දිනුම්පල දරමින් පවතී. 2026 වසරේ එළඹෙන මෙම 19 වන ගුණානුස්මරණ මොහොතේදී, එතුමාණන්ගේ අසීමිත කැපවීමත්, පීතෘ සෙනෙහසත් බැතියෙන් සිහිපත් කරන අතර, එවන් ශ්‍රේෂ්ඨ නායකයෙකු අපට දායාද කිරීම පිළිබඳව අපි දෙවිඳුන්ට ප්‍රශංසා කරමු. ඔබේ මතකය අප හදවත් තුළ සදාකාලිකයි!
දෙවිදුන්ට ප්‍රසංශා වේව...!

Photos from Smyrna Church Galle's post 27/12/2025

අවමංගල්‍ය දැන්වීමයි.

කොළඹ ඇල්වින් පෙදෙස කාලයක් (Pastor Christie & Sis Rita) සමග කාලයත් ජීවත් වුණු, මුල් යුගයේ අපේ සභාවේ සාමාජිකාවක් වූ, යේසු ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථිර ඇදහිල්ලෙහි ජීවත් වූ.

රානි මගලිගස්පේ සහෝදරිය (1935-2025)
ස්වර්ගස්ථවීම සංවේගයෙන් දැනුම් දෙමු.
දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැ 27 දින,

* ප:ව 2:30 දේවමෙහෙය - බොරැල්ල ජයරත්න මල්ෂාලාවෙ දී හා,

* ප:ව 4 ට අවසන් කටයුතු යි බොරැල්ල ආදාහනාගාරයේදී
සිදුවන බව ඔබට සැමට සංවේගයෙන් දැනුම් දෙමු

Photos from Smyrna Church Galle's post 06/12/2025

Let us come together as one nation – to heal, to rebuild, and to rise again.

Our relief team helping the lighthouse church in Gampola.

Photos from Smyrna Church Galle's post 05/12/2025

Thank you church....! 🇱🇰🤝🙏
you are providing immediate, life-saving support to people impacted by this disaster.

your contribution gone through the relief operations to support affected families in Lahugala Ampara.

Thank you Smyrna Relief Team...🙏

ආදරණීය ස්මර්ණ සභාවේ සහෝදරයා සහෝදරිය,

ගාල්ල සභාව මූලික කරගෙන සහනාධාර එකතු කර ගනිමින් දුෂ්කර පළාත්වලට බෙදා දීමට සැලසුම් කල අතර ඔබ විසින් ලබාදුන් වියළි ආධාර
* හාල්
* පරිප්පු
* පාන්පිටි
* තේ කොළ
* සෝයා මීට් පැකට්
* දියලුණු කුඩු පැකට්
* හාල්මැස්සො
* මිරිස්, තුනපහ, කහ, ගම්මිරිස්
* මදුරු දඟර
* පැනඩෝල්

ඇතුලු ඔබගේ මුලම්‍ය සහ වටිනා පරිත්‍යාගයන්, පීඩාවට පත්ව ඇති පුරවැසියනට අම්පාර ලාහුගල දි ගරු දේවගැති සුමේධගේ තුමන්ගේ මගපෙන්වීම මත බෙදාහරින ලද බව දන්වමු...!

මෙහි දායකත්වය දුන් සියලුමදෙනාට දේවාසිරි පතමු...!

Photos from Smyrna Church Galle's post 05/12/2025

2025 end of November and December 1st week, Cyclone (Ditwah) has left a trail of destruction across our Land , causing over 470 deaths, leaving hundreds missing, and displacing more than 230,000 people. The storm triggered widespread flooding and landslides, destroying homes, roads, and critical infrastructure

Pics: copied from Internet

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Havelock Place
Galle
80000