Student Association of National Diploma In Engineering Sciences

Call Directions Website

Student Association of National Diploma In Engineering Sciences Student Association Of National Diploma In Engineering Sciences Official page

වස්සානයේ ඉම කඨිනෙට පෙළ ගැසෙනාචීවර දරන් පෙරහැර පේරුවෙ වඩිනාකප් රුක් නැගී දෙව් විමනට මග සැදෙනාවප් පෝ දිනෙහි පින්බර පුර හඳ ...
25/10/2026

වස්සානයේ ඉම කඨිනෙට පෙළ ගැසෙනා
චීවර දරන් පෙරහැර පේරුවෙ වඩිනා
කප් රුක් නැගී දෙව් විමනට මග සැදෙනා
වප් පෝ දිනෙහි පින්බර පුර හඳ නැගුනා

ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා ! 🤍🌙

As the Vassana season draws to an end, devotees gather in reverence for the Kathina ceremony.
Adorned with robes, the sacred procession moves gracefully along its path.
The Kap Ruk rises high, symbolizing the heavenly path of blessings.
On this sacred Vap Full Moon Poya Day, the full moon shines brightly, spreading peace and serenity.

Wishing you all a blessed and meritorious Vap Full Moon Poya Day! 🤍🌙



ශිල්ප වර්ෂා'3🖊️📚මතු පරපුරක නැණමං සවිමත් කිරීම උදෙසා.🫶✨පාසල්වල අධ්‍යාපනය හදාරන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට අත්වැ...
22/10/2026

ශිල්ප වර්ෂා'3🖊️📚

මතු පරපුරක නැණමං සවිමත් කිරීම උදෙසා.🫶✨

පාසල්වල අධ්‍යාපනය හදාරන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වීම හා ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ අපේක්ෂා පෙරදැරිව ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපනික කමිටුව 2026 (Educational Committee of SANDES 2026) විසින් සංවිධානය කරනු ලබන ශිල්ප වර්ෂා අධ්‍යාපනික වැඩසටහනේ තෙවන අදියර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි පළමු අදියර ලෙස 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සහ දෙවන අදියර ලෙස 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් කටුනායක රෝමානු කතෝලික මහා විද්‍යාලයේ හා කටුනායක මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා ගණිතය හා විද්‍යාව සම්මන්ත්‍රණ මාලාවක් වර්ෂ දෙකකදීම සාර්ථක ලෙස පැවැත්වූ අතර එහි තෙවන අදියර ලෙස 2026 අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය ඉලක්ක කර ගනිමින් කටුනායක රෝමානු කතෝලික මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා ගණිතය හා විද්‍යාව සම්මන්ත්‍රණ මාලාව කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 2023 සහ 2024 ශිෂ්‍ය කණ්ඩායම්වල අධ්‍යාපනික කමිටුවේ සහ මාධ්‍ය සංසදයේ සාමාජික සාමාජිකයන්ගේ හා ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් එළඹෙන ඔක්තෝබර් මස 23 වන දින පැවැත්වීමට නියමිතය.

-Educational Committee of SANDES 2026-



# IETKatunayake

නරුමයන් සිල් ගද්දිසොබාධම  හඬනවාරිදුණා යැයි කියන අයඅකුරු කර ලියනවාස‍ංඝයොත්  යුධ වදිනබිමක මල් නොපිපෙනානොමිනිසුන් පව් වලටදෙ...
16/10/2026

නරුමයන් සිල් ගද්දි
සොබාධම හඬනවා
රිදුණා යැයි කියන අය
අකුරු කර ලියනවා
ස‍ංඝයොත් යුධ වදින
බිමක මල් නොපිපෙනා
නොමිනිසුන් පව් වලට
දෙවිවරුත් බිලිවෙනා..!🥀


Behind every successful student, there is an amazing teacher...Happy Teachers' Day...! 👩‍🏫📚You didn't just hold a chalk,...
06/10/2026

Behind every successful student, there is an amazing teacher...

Happy Teachers' Day...! 👩‍🏫📚

You didn't just hold a chalk, you held our future.
Thank you for your endless patience, for seeing our potential before we did, and for turning our journey into a world of dreams.♥️

You are our everyday heroes...!
👩‍🏫💫


NAITA -National Apprentice and Industrial Training Authority Anura Kumara Dissanayake Harini Amarasuriya
05/10/2026

NAITA -National Apprentice and Industrial Training Authority
Anura Kumara Dissanayake
Harini Amarasuriya

වසර හතළිහකටත් වැඩි කාලයක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින,ඉංජිනේරු ක්ෂේත්‍රයට දහස් ගණනක් ඉංජිනේරුවන් දායාද කල කටුනායක IET ය ,නව උපාධි පාඨමාලවක් සදහා නව්‍යකරණය වී දැනට වසර හයකට ආසන්නය..මේ වන විටත් නව උපාධි විෂය නිර්දේශයක් යටතේ පාඨමාලාව ආරම්භ කර (2020 වර්ෂයේ ඔක්තෝබර් මස 26 වන දින සිට) වසර හයකට ආසන්න වූවද එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට අදාල කාල සීමාව අවසානයේත් ඔවුන්ට පිරිනමන උපාධිය පිළිබඳව බලධාරීන්ගේ සෘජු පිළිතුරක් තවමත් ලැබී නොමැත.

මේ වනවිටත් 2020 ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයන් රැකියාවල නියුතු අතර එහෙත් ඔවුන්ගේ අධ්‍යාපන සහතිකය පිළිබඳව නිසි තීන්දුවක් නොමැති වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබේ.
දැනටමත් සිසුන්ගේ කාලය මහත් සේ අපතේ ගොස් අවසන් ය..බලධාරීන් තවතවත් කල්නොමර ශිෂ්‍යයින්ට ඉක්මනින්ම සාධාරණය ඉෂ්ඨ කළ යුතුය....නැතහොත් දිනෙන් දින ආගාධයට යන්නේ සිසුන් දහස් ගණනකගේ අනාගතයයි...!

Anura Kumara Dissanayake
Harini Amarasuriya


උපාධි සිහින පෙන්නා සිසුන් මුලා කිරීම තවමත් විසඳුමක් නැති ගැටලුවක් වී අවසන්.. !2020 ශිෂ්‍ය කණ්ඩායම අවසන් කර්මාන්ත  පුහුණු...
03/10/2026

උපාධි සිහින පෙන්නා සිසුන් මුලා කිරීම තවමත් විසඳුමක් නැති ගැටලුවක් වී අවසන්.. !
2020 ශිෂ්‍ය කණ්ඩායම අවසන් කර්මාන්ත පුහුණුවත් නිමා වී වසරකට වැඩි කාලයක් මේ වන විට ගෙවී අවසන්ව ඇති නමුත් තවමත් උපාධි සිහිනයට නිසි විසදුමක් ලැබී නොමැත.
දවසින් දවස ඔවුන්ගේ වටිනා කාලය නාස්ති වී යද්දී ඔවුන්ට සිදු වී ඇත්තේ පොරොන්දු දුන් අයෙක් නොමැතිව පොරොන්දුවලින් හෙම්බත් වී සිටීමටය.
රටේ අනාගතයට වග කියන මතු පරපුර විනාශ කිරීමේ මෙවැනි සාපරාධී මුලාවන් අවසන් වන්නේ කවදාද...?
නිදා සිටින බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?

Anura Kumara Dissanayake
Harini Amarasuriya

NAITA -National Apprentice and Industrial Training Authority
NAITA Sri Lanka


Anura Kumara DissanayakeHarini Amarasuriya
02/10/2026

Anura Kumara Dissanayake
Harini Amarasuriya


Institute of Engineering Technology (IET), Katunayake යනු ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු ක්ෂේත්‍රයට දහස් ගණනක් ඉන්ජිනේරුවන් දායාද කරන තෝතැන්නකි.
වසර එකහමාරක කර්මාන්ත පුහුණුවක්ද ලැබෙන මෙම පාඨමාලව සදහා ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ඇත්තේ මහත් පිළිගැනීමකි.. කාලයත් සමග නව්‍යකරනය වූ කටුනායක IET හි NDES පාඨමාලාව 2020 වර්ෂයේදී උපාධි විෂය නිර්දේශයක් දක්වා වෙනස් විය.ඒ අනුව මේ වනවිට ශිෂ්‍ය කණ්ඩායම් හතරක් මෙම උපාධි පාඨමාලාව යටතේ අධ්‍යයන කටයුතු සිදු කරන අතර කණගාටුවට කරුන නම් තවමත් ඔවුන්ට ලැබෙන උපාධිය පිළිබදව නිශ්චිත තීරණයක් නොමැති වීමයි...වසර හතරක උපාධි පාඨමාලාවක් යටතේ අධ්‍යයන කටයුතු සිදු කලත් ඒ සදහා ශිෂ්‍යන්ට සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් එහිදී ඔවුන්ට සිදු වන්නේ දැඩි අසාධාරණයකි...මේ වනවිට මෙම ක්‍රියාපටිපාටියේ අවසන් අදියරේ කටයුතු සිදුවෙමින් පවතින අතර ඒ සදහා අදාල බලධාරීන්ගේ යුහුසුලුවීම අත්‍යවශ්‍ය කාරණාවක් වී ඇත....නැතහොත් දවසින් දවස අගාධයට යන්නේ සිසුන් දහස් ගණනකගේ වටිනා කාලය සහ සිහිනයන්‍ ය...!

Anura Kumara Dissanayake Harini Amarasuriya

සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම සදහා ලබාදුන් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට අයත් Toyota Aqua වර්ගයේ මෝටර් රථය 202...
02/10/2026

සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම සදහා ලබාදුන් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට අයත් Toyota Aqua වර්ගයේ මෝටර් රථය 2021 වර්ෂයේ NAITA උපසභාපති ලෙස කටයුතු කල මහින්ද රූපසිංහ මහතා විසින් තම පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන ගොස් ඇති නමුත් අද වනතුරුත් එය ආයතනය වෙත නැවත භාරදීම සිදුකර නොමැත.ඉන්පසු කිහිපතවතාවක් මේ පිළිබඳව ආදාළ බලධාරීන් දැනුවත් කලද මේ සඳහා තවමත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත...
මේ වනවිටත් 23 ,24 ශිෂ්‍ය කණ්ඩායම්වල යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සඳහා රථයේ අවශ්‍යතාව මතුවී තිබුනත් තවමත් ඒ සඳහා අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි කණගාටුවට කරුණකි..!

NAITA -National Apprentice and Industrial Training Authority

NAITA Sri Lanka


එක් පසෙකින්...තවම අකුරු කරන,සිනහවෙන් මුළු ලොවම එළිය කරනඅපේ හෙට දවසේ බලාපොරොත්තුව... තවත් පසෙකින්...ජීවිතයේ නොමැකෙන පාඩම්...
01/10/2026

එක් පසෙකින්...
තවම අකුරු කරන,
සිනහවෙන් මුළු ලොවම එළිය කරන
අපේ හෙට දවසේ බලාපොරොත්තුව...

තවත් පසෙකින්...
ජීවිතයේ නොමැකෙන පාඩම් කියා දුන්,
තමන් වෙහෙසී අපට පාර තැනූ
අපේ අද දවසේ සෙවණැල්ල...

මල් වැනි පුංචි දරුවන්ට සෙනෙහසත්,
මහ රුකක් වැනි වැඩිහිටියන්ට ගෞරවයත් පිදෙන
අර්ථවත් දිනයක් වේවා...!✨️💚

On one side...
Our hope for tomorrow,
Still learning,
And lighting the whole world with a smile...

On the other side...
Our shade today,
Who taught us unforgettable lessons in life,
And worked hard to make a path for us...

May it be a meaningful day
Filled with love for little children like flowers,
And respect for elders like great trees...! 💫❤️


Address

Katunayaka

Alerts

Be the first to know and let us send you an email when Student Association of National Diploma In Engineering Sciences posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category


Other Social Services in Katunayaka

Show All