31/10/2026
36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව දියගමදී ඇරඹේ!!!
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව 36වන වරටත් සංවිධානය කළ 'ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (30) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
තාරුණ්‍යය බල ගන්වන, සාමුහිකත්වය දිනවන මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට සභානායක/ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ගිහාන් ප්‍රියසාද්, අධ්යක්ෂ මණ්ඩල සාමාජික රුවන් හේවාසිංහ, චන්ද්‍රලතා උනන්තැන්න ඇතුලු නිලධාරීන් සහ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි යූත් ක්ලබ් තරුණ තරුණියන් සහභාගී වූහ.
මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 දක්වා පැවැත්වේ.