26/10/2026
පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අරමුදල් යටතේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ (Youth club) සඳහා ක්‍රීඩා භාණ්ඩ සහ කාන්තා සමිති කිහිපයක් සඳහා අලෙවි කුඩ බෙදා දීම, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද දින 2026/10/26 රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා රත්නපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී සහෝදර සහෝදරියන්, රත්නපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්, රත්නපුර ප්‍රාදේශීය ලේකම්තුමා, ජාතික තරුණු සේවා සභාවේ සබරගමු පළාත් අධ්‍යක්ෂක, සහකාර සහකාර අධ්‍යක්ෂ තුමා, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගි විය.