10/11/2026
🎉 2027 වර්ෂය සඳහා වූ ආදයම් වියදම් ඇස්තමේන්තුව ( අයවැය )යෝජනාව වැඩි ඡන්ද 04 කින් සභා සම්මත වෙයි! 🎉
✌ අයගම ප්‍රාදේශීය සභාව ✌
2026.11.10 වන දින පැවැති අයගම ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම ගරු සභාපති අරුණ උපුල් පියසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී 2027 වර්ෂයට අදාළ ආදායම් වියදම් ඇස්තමේන්තුව (අයවැය) යෝජනාව ගරු සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
📊 2027 ආදායම් වියදම් ඇස්තමේන්තුවේ (අයවැයේ) ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු
🔹 ඇස්තමේන්තුගත ආදායම – රු. 126,778,136.45
🔹 ඇස්තමේන්තු ගත වියදම – රු. 126,777,080.87
🔹ශේෂය. - රු. 1,055.58
ගරු සභාපති අරුණ උපුල් පියසේන මැතිඳුන් විසින් ඉදිරිපත් කරන ලද 2027 ආදායම් වියදම් ඇස්තමේන්තු (අයවැය )යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ඩී.තුසිත කුමාර මැතිතුමා විසින් ස්ථිර කරන ලදී.
අනතුරුව ජාතික ජන බලවේගය නියෝජනය කරන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.සී. වික්‍රමණායක මැතිතුමා විසින් බෙදීමක් සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමත් සමඟ එය ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී ඩබ්. සමන් ප්‍රියන්ත මැතිතුමා විසින් ස්ථිර කිරීමෙන් අනතුරුව අයවැය පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණි.
🗳️ ඡන්ද විමසීමේ ප්‍රතිඵල
🟢 අයවැයට පක්ෂව – ඡන්ද 10
🔴 අයවැයට විපක්ෂව – ඡන්ද 06
🏆 ඒ අනුව වැඩි ඡන්ද 04 කින් 2027 වර්ෂය සඳහා වූ අයගම ප්‍රාදේශීය සභාවේ ආදායම් වියදම් ඇස්තමේන්තුව (අයවැය ) යෝජනාව සභා සම්මත විය.
ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා හඳුනාගනිමින්, ඉදිරි වර්ෂය තුළ සංවර්ධන කටයුතු සහ මහජන සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා මෙම අයවැය මඟින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසමින් මහජන සේවය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම තම අපේක්ෂාව බව ගරු සභාපති අරුණ උපුල් පියසේන මැතිතුමන් විසින් ප්‍රකාශ කළ අතර එහිදී අයවැය සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතියද පුදකර සිටියහ.
👉 අයගම ප්‍රාදේශීය සභා 2027 වර්ෂයට සකස් කරන ලද ආදායම් වියදම් ඇස්තමේන්තුව ඔබගේ පරිශීලනය සදහා අයගම ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයේ සහ අයගම ප්‍රාදේශීය සභා කාර්‍යාලයේ ප්‍රදර්ශනය කෙරේ.
අයගම ප්‍රාදේශීය සභාව
ජනතා සේවය උදෙසා තවත් ඉදිරි පියවරක් සාර්ථකව නිමකළ බව ඉතා සතුටින් දැනුම්දෙමි .💚
Aruna Upul PiyasenaChampika Kumara Senevirathna