Quizlk

Call Directions

Quizlk We talk about politics

30/10/2026

සත්‍යය බොහෝම කටුකයි..
සුව සුබ උදෑසනක් ඔයාලා හැමෝටම.

28/10/2026
28/10/2026

👉 මේ ඡායාරූපයේ සිටින පුද්ගලයා බොහෝ දෙනෙකුට එකවර හඳුනාගත නොහැකි වුවත් ඔහුගේ සිතුවම්, චිත්‍රකතා සහ කාටූන් රස නොවිඳි හෝ ඇස නොගැටුණු අයෙක් ශ්‍රී ලංකාවේ සිටිතැයි සිතීම පවා අසීරුය.

👉 මේ 1981 සිට අද දක්වාම විජය ළමා පුවත්පත හරහා අප හමුවට එන සුප්‍රකට මල් මාමාගේ චරිතයට පණ දුන් චිත්‍ර ශිල්පියා වන පියල් උදය සමරවීර මහතාය.

👉 1954 දෙසැම්බර් 19 වැනිදා මාතර ප්‍රදේශයේදී උපත ලැබූ පියල් උදය සමරවීර මහතා චිත්‍ර ශිල්පියෙකු ලෙස විජය පුවත්පත් ආයතනයට එක් වූයේ 80 දශකයේ මුල් භාගයේදීය.

👉 1980 ජූලි 20 වැනිදා විජය ළමා පුවත්පතේ මංගල කලාපය නිකුත් වූ අතර එහි ආරම්භක කතුවරයා වූයේ කිත්සිරි සමරනායක මහතාය.

👉 මල්මාමා චිත්‍රකතාවේ පළමු කොටස 1981 ජනවාරි 25 වැනිදා නිකුත් වූ විජය පුවත්පතේ පළමු කාණ්ඩයේ 28 වැනි කලාපයේ පළ විය.

👉 එදා සිට අද දක්වාම වසර 45කට වැඩි කාලයක් විජය පුවත්පත තුළින් මල් මාමා අප හමුවට පැමිණෙන අතර, මෙහි එනුයේ මලක් සිඹීමට ගොස් මල් ඇටයක් නාසයේ සිරවීම නිසා නාසයේ මලක් හට ගත් පුද්ගලයෙකු පිළිබඳ රසවත් ප්‍රබන්ධ කතාවකි.

👉 මල් මාමා කතාවට පමණක් සීමා නොවූ පියල්ගේ සිතුවම් සතුට, සිරිකත, තරුණයා, ලිට්ල් ස්ටාර්, සුරතලා, ලංකාදීප, බිළිඳු ආදි පුවත්පත් තුළින්ද අපට දැකගත හැකි වූ අතර, එදා මෙදා තුර ඔහු අතින් නිර්මාණය වූ කාටූන් චරිත ගණනාවකි.

👉 ඔහු ලංකාදීප පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.
දීර්ඝ කාලයක් විජය පුවත්පත් ආයතනයේ සේවය කිරීමෙන් පසු පියල් උදය සමරවීර මහතා 2019 වසරේ සේවයෙන් විශ්‍රාම ගත්තද ඔහු අද දක්වාම මල්මාමාගේ කතාව විජය පුවත්පත තුළින් අප හමුවට ගෙන එයි.

👉 ශ්‍රී ලංකාවේ දීර්ඝතම චිත්‍ර කතාව කුමක්දැයි නිශ්චිත නැති වුවද එවැනි තේරීමක් කිරීමේදී මල්මාමාගේ කතාවට නිසැක වශයෙන්ම වැදගත් ස්ථානයක් හිමිවනුයේ මුලින්ම මල්මාමා කතාව කියවූ අයගේ දරුවන්ද තවම ඒ කතාවේ අලුත්ම කොටස් රස විඳින බැවිනි.

Address

Anuradhapura

Telephone

+94713179104

Website

Alerts

Be the first to know and let us send you an email when Quizlk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share