01/05/2026
FMTC සූර්ය මංගල්‍යය
ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සුබසාධක සංගමය විසින් සංවීධානය කල 2026 සූර්ය මංගල්‍යය අවුරුදු ජන ක්‍රීඩා රැසක් සමගින් පැවැත්විය
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Farm Mechanization Tranining Center - Anuradhapura, Government Organization, Puliyamkulama, Anuradhapura.
01/05/2026
FMTC සූර්ය මංගල්‍යය
ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සුබසාධක සංගමය විසින් සංවීධානය කල 2026 සූර්ය මංගල්‍යය අවුරුදු ජන ක්‍රීඩා රැසක් සමගින් පැවැත්විය
30/04/2026
පීඩන ජල සම්පාදන පද්ධති (ක්ෂුද්‍ර) සැලසුම් කිරීම සහ ක්ෂේත්‍ර සංස්ථාපනය පිලිබඳව දින තුනක පුහුණු වැඩසටහක් ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසු දරු දැරියන් හට 2026.04.27 සිට 29 දින දක්වා පැවැත්විය. එහිදී පීඩන ජල සම්පාදනය පද්ධතියක් සැලසුම් කිරීමට අදාළ ගණනය කීරීම්, පීඩන ජලසම්පාදන පද්ධතියක් සැලසුම් කිරීම, ක්ෂේත්‍රයේ සංස්ථාපනය, පද්ධති නඩත්තුව කිරීම හා ගැටලු සාකජ්චා කිරීම සිදුකරන ලදි. මේ සඳහා සම්පත් දායකයින් ලෙස ප්‍රධාන කෘෂි විශේෂඥ (ව්‍යාප්ති) ආර්.එස්.සී.ඩබ්.එම්.ඒ.බී.එම්.විජයතුංග මහතා, ගො.යා.අ.ම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් දායකත්වය ලබාදෙනන ලදී
உயர் அழுத்த நீர்பாசன அமைப்புகள் (துளி நீர்ப்பாசனம்) வடிவமைத்தல் மற்றும் கள நிறுவல் தொடர்பான மூன்று நாள் பயிற்சி நிகழ்ச்சி, இலங்கை ரஜரட்டப் பல்கலைக்கழகத்தின் விவசாய பீட மாணவர்களுக்கு 2026.04.27 முதல் 29 வரை நடைபெற்றது.
இப் பயிற்சி நிகழ்ச்சியின் போது, அழுத்த நீர் வழங்கல் அமைப்பை வடிவமைப்பதற்கான கணக்கீடுகள், அமைப்பு வடிவமைத்தல், களத்தில் நிறுவல், அமைப்பு பராமரிப்பு மற்றும் ஏற்படும் பிரச்சினைகள் தொடர்பான கலந்துரையாடல்கள் மேற்கொள்ளப்பட்டன.
இந்நிகழ்ச்சிக்கு வளவாளர்களாக பிரதான விவசாய நிபுணர் (விரிவாக்கம்) திரு ஆர்.எஸ்.சி.டபிள்யூ.எம்.ஏ.பி.எம். விஜயதுங்க, FMTC இன் உதவி விவசாய பணிப்பாளர்கள் மற்றும் விவசாய ஆலோசகர்கள் தங்கள் பங்களிப்பை வழங்கினர்
20/04/2026
මුලතිවු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ ඉල්ලීම පරිදි
නවීන තාක්ෂණය භාවිතාකර බිම මට්ටම් කිරීම තුලින් ජල කලමනාකරනය ඉහළ නැංවීම හා යාන්ත්‍රිකරණය පහසු කිරීම සඳහා ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් මුලතිවු පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී 2026.04.09 සහ 10 දෙදින තුල පැවැත්විය. මෙහිදී ලේසර් ලෑන්ඩ් ලෙවලය (laser land leveler) භාවිතා කර වගා භූමියක් මට්ටම් කරගන්නා ආකාරය පිලිබඳව ක්ෂේත්‍ර ආදර්ශය හා ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක එස්.එස් කුමාර මහතා විසින් සිදුකරන ලදි.
முல்லைத்தீவு விவசாய அபிவிருத்தி திணைக்களத்தின் பிரதி ஆணையாளர் அவர்களின் கோரிக்கைக்கு இணங்க,
நவீன தொழில்நுட்பத்தை பயன்படுத்தி நிலத்தை சமப்படுத்துவதன் மூலம் நீர் முகாமைத்துவத்தை மேம்படுத்தி, இயந்திரமயப்படுத்தலை எளிதாக்கும் நோக்கில் விவசாயிகளுக்கு அறிவூட்டும் பயிற்சி நிகழ்ச்சி ஒன்று 2026.04.09 மற்றும் 10 ஆகிய இரு தினங்களில் முல்லைத்தீவு புதுக்குடியிருப்பு பிரதேசத்தில் நடத்தப்பட்டது.
இதன் போது, லேசர் நில மட்டமாக்கி (Laser Land Leveler) பயன்படுத்தி பயிரிடும் நிலத்தை எவ்வாறு சமப்படுத்துவது தொடர்பான களப் பயிற்சியும், விவசாயிகளுக்கான விழிப்புணர்வு நிகழ்ச்சியும், விவசாய இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் விவசாய ஆலோசகர் எஸ். எஸ். குமார அவர்கள் மூலம் நடத்தப்பட்டது.
10/04/2026
අනුරාධපුර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර්පලාත්) මඟින් සවිධානය කරන ලද, බිම් සැකසීමට අපහසු වගල් කුඹුරු සඳහා බෝට්ටු ට්‍රැක්ටරය මඟින් බිම්සැකසීමේ ආදර්ශයක් කුට්ටම්පොකුණ පුබුදු තරුණ ගොවිසමාජයේ අවශ්‍යතාවය පරිදි එම ක්ෂේත්‍රයේදී 2026.04.08 දිනය පුරා පැවැත්විය. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය මඟින් ලබාදෙන ලදි.
08/04/2026
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන් සඳහා නවීන කෘෂි තාක්ෂණය භාවිතාකිරීම තුලින් කාලය ශ්‍රමය ඉතිරිකර ගනිමින් සරු අස්වැන්නක් ලබාගැනීම සහ අස්වනු නෙලීමේදී සිදුවන පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා අස්වනු නෙලන යන්ත්‍ර භාවිතා කරන ආකාරය පිලිබඳව පුහුණු වැඩසටහනක් 2026.03.30/31 දෙදින පැවැත්විය.
මේ සඳහා සම්පත් දායකයින් ලෙස ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ. සෙනෙවිරත්න මහතා සහ එම කාර්ය මණ්ඩලය, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය ස්වර්ණා හේරත් මහත්මිය සහභාගීවිය.
திருகோணமலை மாவட்ட விவசாயத் திணைக்களத்தின் பிரதி பணிப்பாளர் அலுவலகத்தில் பணியாற்றும் தொழில்நுட்ப அதிகாரிகளுக்காக, நவீன விவசாய தொழில்நுட்பங்களைப் பயன்படுத்தி நேரத்தையும் உழைப்பையும் மிச்சப்படுத்தி அதிக விளைச்சலைப் பெறுதல் மற்றும் அறுவடைச் செயல்முறையின் போது ஏற்படும் பிந்தைய இழப்புகளை குறைப்பதற்காக அறுவடை இயந்திரங்களைப் பயன்படுத்தும் முறைகள் தொடர்பான பயிற்சி நிகழ்ச்சி ஒன்று நடத்தப்பட்டது.
இந்நிகழ்ச்சிக்கு வளவாளர்களாக, பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் பிரதி பணிப்பாளர் கலாநிதி எஸ்.எஸ்.ஜே. செனவிரத்ன அவர்கள் மற்றும் அவர்களின் குழுவினரும், களப் பயிர் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிலையத்தின் உதவி இயக்குநர் கலாநிதி ஸ்வர்ணா ஹேரத் அவர்களும் கலந்து கொண்டனர்.
31/03/2026
2026 යල කන්නය සඳහා පෙර කන්න පුහුණුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අන්තර්පලාත් කාර්යාලයේ (අනුරාධපුර) තාක්ෂණික නිලධාරීන් සඳහා පැවති පෙරකන්න පුහුණු වැඩසටහන දින තුනක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුනද, අප රටේ පවතින තත්වයන්ට අනුව එය දින දෙකක වැඩසටහනක් ලෙස සැලසුම් කොට ඉන් එක් දිනක් අප ආයතනට තුලදී සහ අනෙක් දීනය මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්විය.
මේ සඳහා සම්පත් දායකයින් ලෙස ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා සහ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මහඉලුප්පල්ලම, ස්වභාවික සම්පත් කලමනාකරන මධ්‍යස්ථානය ගන්නෝරුව, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය බතලේගොඩ, ආහාර පර්යේෂණ ඒකකය ගන්නෝරුව යත ආයතන වලින් නිලධාරීන් සහබාගී විය.
2026 ஆம் ஆண்டின் சிறுபோக (யாலா )பருவகாலத்திற்கான முன் பருவ பயிற்சிநெறி.
2026 ஆம் ஆண்டின் சிறுபோக (யாலா) பருவத்திற்கான முன் ஆயத்த பருவ பயிற்சி திட்டமானது விவசாயத் திணைக்களத்தின் மாகாண அலுவலகம் (அனுராதபுரம்) காரியாலயத்தில் சேவையாற்றும் தொழில்நுட்ப உத்தியோகத்தர்களுக்கான மூன்று நாட்களுக்கான பயிற்சி நிகழ்ச்சியாக நடாத்த திட்டமிடப்பட்டிருந்தது. எனினும், நாட்டில் நிலவும் தற்கால சூழ்நிலைகளைக் கருத்தில் கொண்டு, அது இரண்டு நாட்களுக்கு மட்டுப்படுத்தப்பட்ட நிகழ்ச்சியாக மாற்றப்பட்டது. அதில் ஒரு நாள் எங்கள் நிறுவன வளாகத்திலும், மற்றொரு நாள் நிகழ்நிலை முறையிலும் நடைபெறச் செய்யப்பட்டது.
இந்த பயிற்சிக்கான வளவாளர்களாக, விவசாய இயந்திர பயிற்சி நிலையத்தின் பிரதி பணிப்பாளர் கலாநிதி எஸ்.எஸ்.ஜே. செனெவிரத்ன அவர்கள் மற்றும் மஹஇலுப்பல்லமாவில் உள்ள களப் பயிர் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிலையம், கன்னோறுவாவில் உள்ள இயற்கை வள முகாமைத்து நிலையம், பதலேகொடாவில் உள்ள நெல் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிறுவனம், கன்னோறுவாவில் உள்ள உணவு ஆராய்ச்சி அலகு ஆகிய நிறுவனங்களிலிருந்து அதிகாரிகள் கலந்து கொண்டனர்.
27/03/2026
FMTC ගොවිබිමේ මහ කන්නයේ අස්වනු නෙලීමෙන් පසු සිදුකරන කිරි ඉතිරවීමේ චාරිත්‍රය..
13/03/2026
ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ බෝජනාගාර සහායක ලෙස සේවය කරමින් සිටි ඩී.ටී.ජේ.කේ.කේ දිසානායක (දිසා) හදිසි අනතුරකින් 2026.03.12 දින අප අතරින් වියෝ විය. එතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමු...
12/03/2026
නවීන තාක්ෂණය භාවිතාකර බිම මට්ටම් කිරීම තුලින් ජල කලමනාකරනය ඉහළ නැංවීම හා යාන්ත්‍රිකරණය පහසු කිරීම සඳහා ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් මඩකළපුව පලාත් සභා බල ප්‍රදේශයේ තුල පැවැත්විය. මෙහිදී ලේසර් ලෑන්ඩ් ලෙවලය (laser land leveler) භාවිතා කර වගා භූමියක් මට්ටම් කරගන්නා ආකාරය පිලිබඳව ක්ෂේත්‍ර ආදර්ශය ගො.යා.අ.ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා විසින් සිදුකරන ලදි.
நவீன தொழில்நுட்பங்களை பயன்படுத்தி நிலத்தை சமப்படுத்துவதன் மூலம் நீர் முகாமைத்துவத்தை மேம்படுத்துவதும், விவசாய இயந்திரங்களின் பயன்பாட்டை எளிதாக்குவதும் குறித்த விழிப்புணர்வை உருவாக்கும் பயிற்சி நிகழ்ச்சி ஒன்று கிழக்கு மாகாண சபையின் மட்டக்களப்பு மாவட்டத்தில் நடத்தப்பட்டது.
இந்நிகழ்வில், லேசர் நில மட்டப்படுத்தி (Laser Land Leveler) பயன்படுத்தி பயிர் செய்கை நிலத்தை எவ்வாறு சமப்படுத்துவது என்பதற்கான கள விளக்கக் காட்சி, (FMTC)பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிறுவனத்தின் பிரதி பணிப்பாளர் கலாநிதி எஸ். எஸ். ஜே. செனவிரத்ன அவர்களால் நடத்தப்பட்டது.
05/03/2026
🚜🚜 කෘෂි යාන්ත්‍රිකරණ ක්ෂේත්‍ර දිනය 🌾🌾
ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන “කෘෂි යාන්ත්‍රිකරණ ක්ෂේත්‍ර දිනය” 2026.මාර්තු 04 සහ 05 යන දෙදින තුල පවත්වන ලදි. එහි දෙවන දිනය වන අද දින ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන්, කෘෂිකර්ම විද්‍යාල වල සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසී ගොවි මහත්ම මහත්මීන්ගේ සහබාගීත්වයෙන් සාර්ථකව පැවැත්විය.
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |