Divisional Secretariat Welipitiya

Call Directions Website Contact the organization

Divisional Secretariat Welipitiya Official page of Divisional secretariat, Welipitiya

03/11/2026
27/10/2026
🌸 “ස්නේහ අභිනන්දන” – 2026 ප්‍රාදේශීය වැඩිහිටි උත්සවය 🌸2026.10.09 දිනවැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය ක...
21/10/2026

🌸 “ස්නේහ අභිනන්දන” – 2026 ප්‍රාදේශීය වැඩිහිටි උත්සවය 🌸

2026.10.09 දින

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද “ස්නේහ අභිනන්දන” ප්‍රාදේශීය වැඩිහිටි උත්සවය පැනෑටියන චේතියාරාම විහාරස්ථානයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් ආර්.එස්. දිල්හානි නදීකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී චන්දන ජයවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කෙරිණි.

පැනෑටියන බටහිර ග්‍රාම නිලධාරී කුමුදු ගමගේ මහත්මියගේ මඟපෙන්වීමෙන් සහ සද්ධාතිස්ස වැඩිහිටි සමිතියේ සභාපති එන්.වී. ඥානපාල මහතා ප්‍රමුඛ සාමාජිකයන්ගේ සංවිධායක දායකත්වයෙන් උත්සවය පැවැත්විණි.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 38 නියෝජනය කරමින් වැඩිහිටි සමිති සාමාජිකයන් සහභාගී වූ මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ළහිරු සංකල්ප මහතා ද එක්විය.

අප සමාජයේ අත්දැකීම්වලින් පිරිපුන් වැඩිහිටි පරපුරට ගෞරවය, ආදරය සහ සතුට පිරුණු අර්ථවත් දිනයක් උරුම කර දෙමින් මෙම උත්සවය සාර්ථකව නිමාවට පත්විය.

වැඩිහිටියන් සුරකිමු! ගෞරවයෙන් සලකමු! ආදරයෙන් රැකගනිමු! ❤️🌼

මාධ්‍ය අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – වැලිපිටිය.

2026.09.29වැලිපිටිය, ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය  - 2026.සමාරම්භක මොහොත....
29/09/2026

2026.09.29
වැලිපිටිය, ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2026.
සමාරම්භක මොහොත....

2026 සාහිත්‍ය කලා මහෝත්සවය,මාර/වටගෙදරමුල්ල මහා විද්‍යාලයේදී,2026.09.29 දින, පෙව. 9.00 ට. සැමට ආරාධනා.. 🙏
28/09/2026

2026 සාහිත්‍ය කලා මහෝත්සවය,
මාර/වටගෙදරමුල්ල මහා විද්‍යාලයේදී,
2026.09.29 දින, පෙ
ව. 9.00 ට. සැමට ආරාධනා.. 🙏

🌿 ගෞරවණීය සමුගැනීමක්… නව පරිපාලන පියවරකට සුබ පැතුමක්… 🌿2026.08.31 දිනමාතර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්...
01/09/2026

🌿 ගෞරවණීය සමුගැනීමක්… නව පරිපාලන පියවරකට සුබ පැතුමක්… 🌿

2026.08.31 දින

මාතර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි කරමින්, තම සේවා කාලය තුළ කාර්යාලයට වටිනා ආලෝකයක් වූ අරවින්ද සමරවික්‍රම මැතිතුමා, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්ව, නව වගකීමක් භාර ගැනීම සඳහා අප කාර්යාලයෙන් නික්ම යන අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමුදීමේ උත්සවයක් පැවැත්විණි. 💐

රාජකාරියේදී පෙන්වා දුන් ගැඹුරු තීක්ෂණභාවය, මනා නිරවද්‍යතාවය, කාර්යය පිළිබඳ වගකීම සහ විනය, එතුමාගේ පරිපාලන හැකියාවන්හි සුවිශේෂී ලක්ෂණ විය.

එමෙන්ම, නිල තනතුරේ බලය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයෙන් පිරි හැඟීම, සියලු දෙනා කෙරෙහි දැක්වූ සමානාත්මතාවය, සහ අවශ්‍ය අවස්ථාවල කිව යුතු දේ සෘජුව හා නිර්භීතව ප්‍රකාශ කිරීමේ ස්වභාවය එතුමාගේ සේවා දිවියට සුවිශේෂී අනන්‍යතාවයක් එක් කළේය.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාලය තුළ එතුමා තුළින් ප්‍රකට වූ පරිපාලන දැක්ම සහ නායකත්ව ලක්ෂණ දෙස බලන විට, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තවත් ඉහළ වගකීම් සහිත තනතුරු කරා පියවරෙන් පියවර ඉදිරියට යා හැකි නායකත්ව පෞරුෂයක් එතුමා සතු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

එතුමාගේ නව පත්වීම, අප කාර්යාලයට සමුගැනීමක් වුවද, එය අලුත් වගකීමක්, අලුත් අභියෝගයක් සහ තවත් පුළුල් සේවා මෙහෙවරක් කරා තැබූ වැදගත් පියවරකි. 🌱

මෙම සුවිශේෂී අවස්ථාව, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් දිල්හානි නදීකා මැතිණියගේ නායකත්වයෙන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්යාලගත සියලුම නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන අංශයේ නිලධාරී ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම ගෞරවනීය සමුදීමේ උත්සවය පැවැත්විණි. 🌸

අරවින්ද සමරවික්‍රම මැතිතුමනි,

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔබ තැබූ සේවා සටහන් අපගේ මතකයේ සදා රැඳෙනු ඇත.

ඔබගේ නව වගකීම සාර්ථක වේවා!
ඔබගේ පරිපාලන ගමන තව තවත් ශක්තිමත් වේවා!
ජනතා සේවය වෙනුවෙන් ඔබ සතු දැනුම, හැකියාව සහ මනුෂ්‍යත්වය තවදුරටත් පුළුල් මෙහෙවරකට යොදාගැනීමට හැකි වේවා!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම තලයන් කරා පියවර තබමින්, සාර්ථකත්වයේ දිගු ගමනක් යාමට හෘදයාංගම සුබ පැතුම්! 💐🌿

සුබ ගමන්… සුබ අනාගතයක්…! ❤️

━━━━━━━━━━━━━━━━━━
වැඩසටහනේ සංවිධාන ශක්තිය
සේවක සුබසාධක සංගමය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – වැලිපිටිය.
==================
මාධ්‍ය ඒකකය, ප්‍රා.ලේ.කා. වැලිපිටිය.

2026.08.31
31/08/2026

2026.08.31

Address

Weligama

Opening Hours

Monday 08:30 - 04:00

Telephone

+94412250238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Welipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Welipitiya:

Shortcuts

Share

Nearby government services