National Aquaculture Development Authority of Sri Lanka

Directions Website

National Aquaculture Development Authority of Sri Lanka Official News & Updates from National Aquaculture Development Authority of Sri Lanka

වවුනියාව දිස්ත්‍රික් මිරිදිය ධීවර සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම 2026 ඔක්තෝබර් මස 31 වන දින පැවැත්විණි. මේ සඳහා ජාතික ...
13/11/2026

වවුනියාව දිස්ත්‍රික් මිරිදිය ධීවර සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම 2026 ඔක්තෝබර් මස 31 වන දින පැවැත්විණි. මේ සඳහා ජාතික ධීවර සම්මේලනයේ ලේකම් අජන්ත කුමාර මහතා සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ කූගන් මහතා සහභාගී වූහ.

මෙහිදී දිස්ත්‍රික් සම්මේලනයේ කටයුතු සහ වවුනියාව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසිණි.

The Annual General Meeting of the District Freshwater Fisheries Federation of Vavuniya District was held on 31 October 2026, with the participation of Mr. Ajantha Kumara, Secretary of the National Fisheries Federation, and Mr. Kugan, Assistant Director of the Agrarian Insurance Board.

The meeting provided an opportunity to discuss matters relating to the federation and the development of the freshwater fisheries sector in the district.

මන්නාරම දිස්ත්‍රික් මිරිදිය ධීවර සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම 2026 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්විණි. මේ සඳහා ජාතික ධ...
13/11/2026

මන්නාරම දිස්ත්‍රික් මිරිදිය ධීවර සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම 2026 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්විණි. මේ සඳහා ජාතික ධීවර සම්මේලනයේ ලේකම් අජන්ත කුමාර මහතා සහ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් අමල් ඥානරත්න මහතා සහභාගී වූහ.

මෙහිදී දිස්ත්‍රික් සම්මේලනයේ කටයුතු සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසිණි.

The Annual General Meeting of the District Freshwater Fisheries Federation of Mannar District was held on 30 October 2026, with the participation of Mr. Ajantha Kumara, Secretary of the National Fisheries Federation, and Mr. Amal Gnanarathna, Coordinating Secretary of the District Coordinating Committee, Mannar District.

The meeting provided an opportunity to discuss matters relating to the federation and the development of the freshwater fisheries sector in the district.

13/11/2026
දිට්වා අරමුදල් යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ සන්නාර් වැවට ගිෆ්ට්  තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලන් 39,000ක් තැන්පත් කරන ලදී. ප්‍ර...
11/11/2026

දිට්වා අරමුදල් යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ සන්නාර් වැවට ගිෆ්ට් තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලන් 39,000ක් තැන්පත් කරන ලදී.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි එස්. සුදර්ශිනී මහත්මිය සහභාගී වූවාය. මෙම අවස්ථාවට විඩත්තල්තිවු ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි එස්. සුදර්ශිනී මහත්මිය සහභාගී වූවාය.

39,000 GIFT Tilapia fingerlings were stocked in Sannar Tank, Mannar District, under the Ditwah Fund. The event was attended by Ms. S. Sutharshini, Member of the Pradeshiya Sabha representing Vidataltivu.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද ධාරිතා සංවර්ධන නේවාසික පුහුණු වැඩසටහනක් 2026 නොවැම්බර් 04 සිට...
11/11/2026

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද ධාරිතා සංවර්ධන නේවාසික පුහුණු වැඩසටහනක් 2026 නොවැම්බර් 04 සිට 06 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.

A residential capacity development training programme organized by the Ministry of Fisheries, Aquatic and Ocean Resources was successfully conducted from 4 to 6 November 2026 at the National Cooperative Development Training Centre, Polgolla, with the participation of 20 fishers from Kandy District.

ප්‍රජා ශක්ති ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ, ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිත ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අර...
11/11/2026

ප්‍රජා ශක්ති ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ, ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිත ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 නොවැම්බර් 09 දින යාන්ත්‍රික ධීවර බෝට්ටුවක් සඳහා Yamaha 25 HP එන්ජිමක් සහ දැල් ලබාදීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති උපුල් කිත්සිරි මැතිතුමා, ඇඹිලිපිටිය නගරාධිපතිතුමා ඇතුළු නගර සභා නිලධාරීන්, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීන්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගී වූහ.

Under the Praja Shakthi Livelihood Development Programme, a Yamaha 25 HP engine for a motor boat and nets were provided on 9 November 2026 to support and strengthen the livelihoods of the fishing community of Chandrika Wewa in Embilipitiya.

Hon. Upul Kithsiri, Member of Parliament and Chairman of the Embilipitiya Divisional Coordinating Committee; the Mayor of Embilipitiya Urban Council and other officials; officers of the District Aquaculture Extension Office; officers of the Embilipitiya Divisional Secretariat; and representatives of the Mahaweli Authority were participated.

උඩවලව මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මඟින් 2026 නොවැම්බර් 03, 04 සහ 05 යන තෙදින තුළ මධ්‍යම පළාතේ ජලජීවී වග...
11/11/2026

උඩවලව මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මඟින් 2026 නොවැම්බර් 03, 04 සහ 05 යන තෙදින තුළ මධ්‍යම පළාතේ ජලජීවී වගා නිෂ්පාදකයින් 19 දෙනෙකු සඳහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය පිළිබඳ මූලික නේවාසික පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

මෙම පුහුණු වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, මිරිදිය ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ලබා දෙන ලදී.

The Fish Nutrition Research, Development and Training Division at Udawalawe conducted a three-day residential basic training programme on fish feed production from 3 to 5 November 2026 for 19 aquaculture producers from the Central Province.

The programme was financially supported by the Central Provincial Ministry of Agriculture, Minor Irrigation, Animal Production and Development, Agrarian Development, Inland Fisheries, Environmental Affairs, Hindu Cultural Affairs and Estate Infrastructure Facilities.

අභිනවයෙන් තෝරා ගනු ලැබූ නව ජලජීවී වගා සහකාර සහ  ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී කණ්ඩායම සඳහා පුහුණු වැඩසටහනක් මේ වන විට කලා...
11/11/2026

අභිනවයෙන් තෝරා ගනු ලැබූ නව ජලජීවී වගා සහකාර සහ ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී කණ්ඩායම සඳහා පුහුණු වැඩසටහනක් මේ වන විට කලාවැව ජාතික මිරිදිය ධීවර හා ජලජීවී වගා පුහුණු ආයතනය හිදී පැවැත්වේ.

A training programme for newly selected Aquaculture Assistants and Aquaculture Extension Officers is currently being conducted at the National Inland Fisheries and Aquaculture Training Institute, Kalawewa.

වවුනියාව දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි, මරුතෝඩෙයි ප්‍රදේශයේ පිහිටි සෙන්තමිලන් ඒකාබද්ධ නිෂ්පාදන ඒකකය 2026 නොවැම්බර් 02  නිල ...
09/11/2026

වවුනියාව දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි, මරුතෝඩෙයි ප්‍රදේශයේ පිහිටි සෙන්තමිලන් ඒකාබද්ධ නිෂ්පාදන ඒකකය 2026 නොවැම්බර් 02 නිල වශයෙන් විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මත්ස්‍ය නිෂ්පාදන පොකුණට ගිෆිට් තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලන් 5,000ක් තැන්පත් කිරීම ද සිදු කරන ලදී.

The Senthamilan Integrated production unit, located in Maruthodai, Nedunkerny, Vavuniya District, was officially inaugurated on 2 November 2026. Marking the occasion, 5,000 GIFT Tilapia fingerlings were stocked in the fish production pond.

දියේ ගිලීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් පුහුණු වැඩසටහනක් 2026 නොවැම්බර් 0...
09/11/2026

දියේ ගිලීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් පුහුණු වැඩසටහනක් 2026 නොවැම්බර් 05 දින මාගල්ල ජලාශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා මාගල්ල, නාන්නේරිය, උස්ගල සහ දැදුරුඔය යන ජලාශ ආශ්‍රිත ධීවර ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.

A training programme on preventing drowning incidents was conducted on 5 November 2026, in Magalla Reservoir. The programme was attended by members of the fishing communities of Magalla, Nanneriya, Usgala and Deduru Oya reservoirs.

Address

National Aquaculture Development Authority Of Sri Lanka, Battaramulla
Colombo
10120

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when National Aquaculture Development Authority of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share