18/10/2026
බංගලාදේශ සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ ( Socialist Student's Front - SSF) 06 ජාතික සමුළුව පසුගිය ඔක්තෝබර් 07 සහ 08 දෙදින තුළ බංගලාදේශයේ ඩකා නගරයේදී පැවැත්විණ. මේ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික දිලාන් අරෝෂ සහෝදරයා සම්බන්ධ විය.
එහිදී බංගලාදේශ සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ 06 වන ජාතික සමුළුව වෙනුවෙන් සහ එහිදී පත්වූ SSF හි නවක වගකීම් සහෝදරත්වය වෙනුවෙන් අපගේ සුබපැතුම් එක්කරන ලදී. මීට සමගාමීව "දකුණු ආසියාවේ ප්රජාතන්ත්රවාදී සහ අධ්‍යාපනික අයිතිවාසිකම් උදෙසා ශිෂ්‍ය නැගිටීම්" යන මාතෘකාව යටතේ පැවැත්වූ සම්මන්ත්‍රණයට අපගේ අදහස් එකතු කරන ලද අතර මේ සඳහා සහභාගී වූ අනෙකුත් දකුණු ආසියාතික ශිෂ්‍ය සංවිධාන සමඟද ද්විපාර්ශවික සාකච්ඡා පවත්වමින් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා කටයුතු සිදුකරන ලදී.
සමාජවාදී ශිෂ්‍ය සංගමය (SSU)