Bureau of Rehabilitation

Call Directions Website Contact the organization

Bureau of Rehabilitation පුනරුත්ථාපන කාර්යාංශය
புனர்வாழ்வுப் பணியகம்

ප්‍රජාව දැනුවත් කිරීමේ  අත්පත්‍රිකා බෙදාදීම  - උදයපුරම් ප්‍රදේශය - යාපනය යාපනය දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්ය...
12/11/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීම - උදයපුරම් ප්‍රදේශය - යාපනය

යාපනය දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි මේජර් එත් ඒ ආර් එන් පෙරේරා සහ කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් යාපනය උදයපුරම් ප්‍රදේශයේ දී 2026.10.21 දින සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு துண்டுப்பிரசுரங்கள் விநியோகம் - உதயபுரம் பகுதி - யாழ்ப்பாணம்

யாழ்ப்பாணம் மாவட்டப் புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் மேஜர் H.A.R.N. பெரேரா மற்றும் ஊழியர்களின் வழிகாட்டலில், புனர்வாழ்வுச் செயல்முறை மற்றும் போதைப்பொருள் ஒழிப்பு பற்றிய விழிப்புணர்வுத் துண்டுப்பிரசுரங்களை விநியோகிக்கும் நிகழ்வு யாழ்ப்பாணம் உதயபுரம் பகுதியில் 2026.10.21 அன்று நடத்தப்பட்டது.

Community Awareness Leaflet Distribution Programme – Udayapuram, Jaffna

A leaflet distribution campaign aimed at raising awareness on the rehabilitation process and drug prevention was conducted on 21 October 2026 in the Udayapuram area, Jaffna.

The initiative was carried out under the leadership of Major H.A.R.N. Perera, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Jaffna, along with office staff members.

භෝජනාගාර සහයක පාඨමාලාව 2026 III අවසන් පරීක්‍ෂණය - නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර සේනපුර නව...
12/11/2026

භෝජනාගාර සහයක පාඨමාලාව 2026 III අවසන් පරීක්‍ෂණය - නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර

සේනපුර නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනය වනු ලබන පුනරුත්ථාපනලාභීන් සදහා පවත්වන ලද 2026 තෙවන අදියරේ භෝජනාගාර සහයක පාඨමාලාවේ NVQ 3 වන මට්ටමේ අවසන් පරීක්ෂණය 2026.10.19 දින තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ඇගයීම්කරුවන් වන ආර්එම් ලක්‍ෂ්මන් මහතා සහ කේඑස් සුමනවීර මහතාගේ අධීක්ෂණයෙන් පවත්වන ලදී.

உணவக உதவியாளர் பாடநெறி 2026 மூன்றாம் கட்ட இறுதிப் பரீட்சை - நவோதாவ மூன்றாம் நிலைக்கல்வி மற்றும் தொழில்வாண்மைப் பயிற்சி நிலையம் - சேனபுர

சேனபுர நவோதாவ மூன்றாம் நிலைக்கல்வி மற்றும் தொழில்வாண்மைப் பயிற்சி நிலையத்தில் புனர்வாழ்வு பெறுபவர்களுக்காக நடாத்தப்பட்ட 2026 ஆம் ஆண்டின் மூன்றாம் கட்ட உணவக உதவியாளர் பாடநெறிக்கான NVQ தரம் 3 இன் இறுதிப் பரீட்சையானது, மூன்றாம் நிலைக்கல்வி மற்றும் தொழிற்கல்வி ஆணைக்குழுவின் மதிப்பீட்டாளர்களான திரு. R.M. லக்ஷ்மன் மற்றும் திரு. K.S. சுமனவீர ஆகியோரின் மேற்பார்வையில் 2026.10.19 அன்று நடாத்தப்பட்டது.

Steward Course 2026-III Final Examination – "Navodawa" Tertiary and Vocational Literacy Training Centre, Senapura

The NVQ Level 3 final examination for Phase III of the 2026 Steward Course for beneficiaries undergoing rehabilitation was held on 19 October 2026 at the "Navodawa" Tertiary and Vocational Literacy Training Centre in Senapura.

The assessment was conducted under the supervision of Mr. R.M. Lakshman and Mr. K.S. Sumanaweera, Assessors from the Tertiary and Vocational Education Commission (TVEC).

ප්‍රජාව දැනුවත් කිරීම - (විදේශගත ශ්‍රමිකයින්ගේ ළගම ඥාතීන් සදහා) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කැස්බෑවකැස්බැව අවට විදේශගත...
11/11/2026

ප්‍රජාව දැනුවත් කිරීම - (විදේශගත ශ්‍රමිකයින්ගේ ළගම ඥාතීන් සදහා) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කැස්බෑව

කැස්බැව අවට විදේශගත වී සිටින ශ්‍රමිකයින්ගේ ළගම ඥාතීන් වෙත මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලදී 2026.10.20 වන දින පවත්වන ලදී.

එහිදී විදෙස් රැකියාවල නියුතු අයවළුන්ගේ පවුලේ අයවළුන් ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන විෂ මත්ද්‍රව්‍ය වෙළදාම පිළිබදවත්, විෂ මත්ද්‍රව්‍ය වල ඇති අහිතර බලපෑම්, මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු , තම පවුලට ඇති වන ආර්ථික ගැටළු පිළිබඳව සහ ස්වේච්ඡා පුනරුත්ථාපනය පිළිබදව කොළඹ දකුණ දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ඕවීඑස්අයිආර්කේ විතානගේ හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිත ගිෂානි උමෙංගා මහත්මිය විසින් සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு நிகழ்ச்சி - (வெளிநாட்டுத் தொழிலாளர்களின் நெருங்கிய உறவினர்களுக்கு) - பிரதேச செயலகம் - கெஸ்பேவா

கெஸ்பேவா மற்றும் அதனைச் சுற்றியுள்ள பகுதிகளில் வெளிநாடு சென்றுள்ள தொழிலாளர்களின் நெருங்கிய உறவினர்களுக்கு, போதைப்பொருள் ஒழிப்பு பற்றிய விழிப்புணர்வு நிகழ்ச்சி ஒன்று கெஸ்பேவா பிரதேச செயலகத்தில் 2026.10.20 அன்று நடத்தப்பட்டது.

இதன்போது, வெளிநாடுகளில் பணிபுரிபவர்களின் குடும்பத்தினரை இலக்கு வைத்து நடத்தப்படும் சட்டவிரோத போதைப்பொருள் வியாபாரம், போதைப்பொருட்களின் தீய விளைவுகள், போதைப்பொருள் சார்ந்த பிரச்சினைகள், அதனால் குடும்பத்திற்கு ஏற்படும் பொருளாதாரச் சிக்கல்கள் மற்றும் தன்னார்வப் புனர்வாழ்வு ஆகியவை குறித்து கொழும்பு தெற்கு மாவட்டப் புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் O.V.S.I.R.K. விதானகே மற்றும் தேசிய தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் திருமதி கிஷானி உமேங்கா ஆகியோரால் விளக்கமளிக்கப்பட்டது.

Community Awareness Programme (For Next of Kin of Migrant Workers) – Divisional Secretariat, Kesbewa

An awareness programme on drug prevention for the next of kin of migrant workers residing in and around Kesbewa was conducted on 20 October 2026 at the Divisional Secretariat, Kesbewa.

Focusing on families of individuals employed overseas, the session covered illicit drug trafficking targetting such households, the adverse impacts of dangerous drugs, drug-related issues, economic challenges affecting families, and voluntary rehabilitation options. The awareness was delivered with resource support provided by Lieutenant Colonel O.V.S.I.R.K. Vithanage, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo South, along with Mrs. Gishani Umenga, Representative from the National Dangerous Drugs Control Board (NDDCB) at the Divisional Secretariat – Kesbewa.

පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබද දේශනය -  නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර සේනපුර නවෝදාව තෘතී...
11/11/2026

පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබද දේශනය - නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර

සේනපුර නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ දී අධිකරණ නියෝග මත සහ ස්වෙච්ඡාවෙන් පුනරුත්ථාපනය වන පුනරුත්ථාපනලාභීන් සදහා පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබද දේශනයක් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරින් වන ජී වීරසේන මහතා සහ ඒඩබ්ලිව් නිහාල් කරුණාතිලක මහතාගේ සම්පත් දායකත්වයෙන් යුතුව 2026.10.21 දින සිදු කරන ලදි.

சுற்றுச்சூழலைப் பாதுகாப்பதன் முக்கியத்துவம் பற்றிய சொற்பொழிவு - சேனபுர நவோதாவ மூன்றாம் நிலைக்கல்வி மற்றும் தொழில்வாண்மைப் பயிற்சி நிலையம்

சேனபுர நவோதாவ மூன்றாம் நிலைக்கல்வி மற்றும் தொழில்வாண்மைப் பயிற்சி நிலையத்தில் நீதிமன்ற உத்தரவுகள் மற்றும் தன்னார்வ அடிப்படையில் புனர்வாழ்வு பெறுபவர்களுக்காக, சுற்றுச்சூழலைப் பாதுகாப்பதன் முக்கியத்துவம் பற்றிய சொற்பொழிவானது, மத்திய சுற்றுச்சூழல் திணைக்களத்தின் பிராந்திய சுற்றுச்சூழல் அதிகாரிகளான திரு. G. வீரசேன மற்றும் திரு. A.W. நிஹால் கருணாதிலக ஆகியோரின் வளப்பங்களிப்புடன் 2026.10.21 அன்று நடாத்தப்பட்டது.

Environmental Conservation Lecture – "Navodawa" Tertiary and Vocational Literacy Training Centre, Senapura

A lecture on the importance of environmental conservation was conducted on 21 October 2026 for both court-ordered and voluntary rehabilitation beneficiaries at the "Navodawa" Tertiary and Vocational Literacy Training Centre in Senapura.

The session was delivered with resource support provided by Mr. G. Weerasena and Mr. A.W. Nihal Karunatilake, Regional Environmental Officers from the Central Environmental Authority (CEA).

ප්‍රජාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන -  අනුරාධපුර නව බස්නැවතුම්පලදිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර...
11/11/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන - අනුරාධපුර නව බස්නැවතුම්පල

දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය අනුරාධපුරහි පුනරුත්ථාපන නිළධාරී ලුතිතන් කර්නල් එම්එන්කේ කුමාර සහ කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් අනුරාධපුර නව බස් නැවතුම්පළ ආසන්න ප්‍රදේශයේ ප්‍රජාව සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමක් 2026.10.13 දින සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வுத் துண்டுப்பிரசுரங்கள் விநியோக நிகழ்ச்சி - அனுராதபுரம் புதிய பேருந்து நிலையம்

அனுராதபுரம் மாவட்டப் புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் M.N.K. குமார மற்றும் ஊழியர்களின் நெறிப்படுத்தலில், அனுராதபுரம் புதிய பேருந்து நிலையத்திற்கு அருகிலுள்ள பகுதியில் வசிக்கும் மக்களுக்காகப் புனர்வாழ்வுச் செயல்முறை மற்றும் போதைப்பொருள் ஒழிப்பு பற்றிய விழிப்புணர்வுத் துண்டுப்பிரசுரங்களை விநியோகிக்கும் நிகழ்வு 2026.10.13 அன்று நடத்தப்பட்டது.

Community Awareness Leaflet Distribution Programme – New Bus Stand, Anuradhapura

A leaflet distribution campaign aimed at raising awareness on the rehabilitation process and drug prevention among the community was conducted on 13 October 2026 in the vicinity of the New Bus Stand, Anuradhapura.

The initiative was carried out under the leadership of Lieutenant Colonel M.N.K. Kumara, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Anuradhapura, along with office staff members.

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන -  ආනන්ද විද්‍යාලය - මරදාන - කොළඹ 10කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු  හට ම...
11/11/2026

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - ආනන්ද විද්‍යාලය - මරදාන - කොළඹ 10

කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු හට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය කොළඹ උතුරහි පුනරුත්ථාපන නිලධාරි කර්නල් පීපීඑස් වීරසූරිය ගේ මෙහෙයවීමෙන් 2026.10.21 දින පවත්වන ලදී.

மாணவர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி - ஆனந்தக் கல்லூரி - மருதானை - கொழும்பு 10

கொழும்பு 10, ஆனந்தக் கல்லூரியைச் சேர்ந்த 450 மாணவர்களுக்குப் போதைப்பொருள் ஒழிப்பு பற்றிய விழிப்புணர்வு நிகழ்ச்சி, கொழும்பு வடக்கு மாவட்டப் புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரிய அவர்களின் 2026.10.21 அன்று நடத்தப்பட்டது.

School Student Awareness Programme – Ananda College, Maradana, Colombo 10

An awareness programme on drug prevention was conducted on 21 October 2026 for 450 students at Ananda College, Colombo 10.

The session was led by Colonel P.P.S. Weerasuriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North.

ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන - මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - ඔරුගොඩවත්තඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ...
11/11/2026

ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන - මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - ඔරුගොඩවත්ත

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ පාඨමාලා හදාරනු ලබන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.10.08 සහ 2026.10.09 දිනයන්හි දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය - කොළඹ උතුර හි පුනරුත්ථාපන නිලධාරි කර්නල් පිපීඑස් වීරසුරියගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.

சமூக விழிப்புணர்வு நிகழ்ச்சி - தொழிற்பயிற்சி அதிகார சபை - ஒருகொடவத்தை

ஒருகொடவத்தை தொழிற்பயிற்சி அதிகார சபையில் பாடநெறிகளைப் பயிலும் மாணவர்களுக்காக, போதைப்பொருள் ஒழிப்பு மற்றும் புனர்வாழ்வுச் செயல்முறை பற்றிய விழிப்புணர்வு நிகழ்ச்சி ஒன்று, 2026.10.08 மற்றும் 2026.10.09 ஆகிய திகதிகளில் கொழும்பு வடக்கு மாவட்டப் புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரிய அவர்களின் நெறிப்படுத்தலில் நடத்தப்பட்டது.

Community Awareness Programme – Automotive Engineering Training Institute (AETI) – Orugodawatta

An awareness programme on drug prevention and the rehabilitation process was conducted on 08 and 09 October 2026 for students following courses at the Automotive Engineering Training Institute (AETI) - Orugodawatta

The sessions were led by Colonel P.P.S. Weerasuriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North.

පුනරුත්ථාපන කාර්යාංශයේ සේවය සදහා නව පත්විම් ලිපි ප්‍රදානය කෙරේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කර යහමගට ගැනීමේ...
10/11/2026

පුනරුත්ථාපන කාර්යාංශයේ සේවය සදහා නව පත්විම් ලිපි ප්‍රදානය කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කර යහමගට ගැනීමේ ජාතික මෙහෙවරක නිරත පුනරුත්ථාපන කාර්යාංශයේ පවතින පුරප්පාඩු සදහා පැවති සම්මුඛ පරික්ෂණයෙන් තෝරාගත් නව කාර්ය මණ්ඩලය සදහා පත්විම් ලිපි ප්‍රදානය 2026.11.10 දින පුනරුත්ථාපන කාර්යාංශ ශ්‍රවනාරයේ දී පැවැත්විණි.

පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නව පත්විම් ප්‍රදානය කරන ලද අතර, මෙහි දි සහකාර කොමසාරිස් (ප්‍රසම්පාදන), පාලක සභා ලේකම්, තොරතුරු තාක්ෂණ නිලධාරි, තොරතුරු තාක්ෂණ සහකාර, ශාරිරික අභ්‍යාස උපදේශක, සෞඛ්‍ය සහකාර, විදුලි කාර්මික, ජලනල කාර්මික, රියදුරු, කාර්යාල කාර්ය සහයක සහ කරණවෑමි යන තනතුරු සදහා ⁣පත් වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

රාජ්‍ය සේවයේ කොටස්කරුවකු වශයෙන් සිය කාර්ය භාරය විය යුත්තේ කුමක්ද? විනයානුකූල සහ කාර්යාක්ෂම රාජ්‍ය සේවයක් සදහා කැප වි ක්‍රියා කිරිම, පුනරුත්ථාපනලාභින් හා සමග පුනරුත්ථාපන ක්‍රියාවලිය සදහා දායකත්වය ලබා දිම යනා දි කරුණු ඔස්සේ සිය නව රැකියාවේ වගකිම පිළිබදව නව පත්විම්ලාභින් ඇමතු සභාපතිනිය විසින් අවධාරණය කරන ලදි.

මෙම පත්විම් ප්‍රදානය කිරිමේ අවස්ථාව සදහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, කොමසාරිස් (පාලන) බ්‍රිගේඩියර් ඉන්දික ඒකනායක ඇතුළු කාර්යාංශයේ සියලු නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සහභාගි වන ලදි.

புனர்வாழ்வுப் பணியக சேவைக்காக புதிய நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன

போதைப்பொருட்களுக்கு அடிமையானவர்களைப் புனர்வாழ்வளித்து நல்வழிப்படுத்தும் தேசியப் பணியில் ஈடுபட்டுள்ள புனர்வாழ்வுப் பணியகத்தில் நிலவும் வெற்றிடங்களுக்காக நடத்தப்பட்ட நேர்முகத் தேர்வின் மூலம் தெரிவுசெய்யப்பட்ட புதிய பணியாளர்களுக்கான நியமனக் கடிதங்கள் வழங்கும் நிகழ்வு 2026.11.10 ஆம் திகதி புனர்வாழ்வுப் பணியகத்தின் கேட்போர் கூடத்தில் நடைபெற்றது.

புனர்வாழ்வுப் பணியகத்தின் தலைவி சிரேஷ்ட பேராசிரியர் வசந்தா சுபசிங்க அவர்களின் தலைமையில் புதிய நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன. இதன்போது, உதவி ஆணையாளர் (கொள்வனவு), ஆளுநர் சபையின் செயலாளர், தகவல் தொழில்நுட்ப உத்தியோகத்தர், தகவல் தொழில்நுட்ப உதவியாளர், உடற்பயிற்சி பயிற்றுவிப்பாளர், சுகாதார உதவியாளர், மின்சாரத் தொழில்நுட்பவியலாளர், நீர்க்குழாய் பொருத்துநர், சாரதி, அலுவலகப் பணியுதவியாளர் மற்றும் சிகையலங்கார நிபுணர் ஆகிய பதவிகளுக்கான நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன.

இதன்போது புதிய நியமனங்களைப் பெற்றவர்களுக்கு உரையாற்றிய பணியகத்தின் தலைவி, அரச சேவையின் ஓர் அங்கமாகத் தமது கடமைகள் மற்றும் பொறுப்புகள் என்னவாக இருக்க வேண்டும் என்பதையும், ஒழுக்கம் மற்றும் வினைத்திறன் மிக்க அரச சேவையை வழங்குவதற்கு அர்ப்பணிப்புடன் செயற்பட வேண்டியதன் அவசியத்தையும் வலியுறுத்தினார். அத்துடன், புனர்வாழ்வு பெறுவோரின் புனர்வாழ்வுச் செயன்முறைக்கு முழுமையான பங்களிப்பை வழங்குவதன் முக்கியத்துவம் குறித்தும் எடுத்துரைத்தார்.

இந்நியமனக் கடிதங்கள் வழங்கும் நிகழ்வில் புனர்வாழ்வு ஆணையாளர் நாயகம் பிரிகேடியர் எம்.எஸ். அமித், மேலதிக புனர்வாழ்வு ஆணையாளர் நாயகம் பிரிகேடியர் பிரசன்ன பிரியலால், ஆணையாளர் (நிர்வாகம்) பிரிகேடியர் இந்திக ஏக்கநாயக்க உள்ளிட்ட பணியகத்தின் அனைத்து அதிகாரிகளும் பணியாளர்களும் கலந்துகொண்டனர்.

Appointment Letters Awarded for New Recruits of the Bureau of Rehabilitation

The awarding of appointment letters to newly selected staff, chosen through recent interviews to fill vacancies at the Bureau of Rehabilitation—which carries out the national mission of rehabilitating and guiding substance-dependent individuals towards a better path—took place on 10th November 2026 at the Bureau of Rehabilitation Auditorium.

Chaired by the Chairperson of the Bureau of Rehabilitation, Senior Professor Wasantha Subasinghe,appointment letters were presented for several posts, including Assistant Commissioner (Procurement),Secretary to the Council, Information Technology Officer, Information Technology Assistant, Physical Training Instructor, Health Assistant, Electrician, Plumber, Driver, Office Assistant, and Barber.

Addressing the new appointees on their duties and responsibilities, the Chairperson highlighted what their role ought to be as part of the public service. She emphasised the importance of committing to a disciplined and efficient public service, as well as contributing effectively to the rehabilitation process alongside the rehabilitants.

The event was attended by Commissioner General of Rehabilitation Brigadier M.S. Amith, Additional Commissioner General of Rehabilitation Brigadier Prasanna Priyalal, Commissioner (Administration) Brigadier Indika Ekanayake, along with senior officers and staff members of the Bureau.

ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව හෝටල් ක්⁣ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය දැනුවත්කිරිමේ තෙවන වැඩසටහන හොටෙල් ස...
09/11/2026

ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව හෝටල් ක්⁣ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය දැනුවත්
කිරිමේ තෙවන වැඩසටහන හොටෙල් සිගිරිය පරිශ්‍රයේ දී

පුනරුත්ථාපන කාර්යංශය සහ බ්‍රවුන්ස් හෝටල් ජාලය එක්ව සංවිධානය කරනු ලබන ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරිමේ තෙවන වැඩසටහන සීගිරිය හොටෙල් සීගිරිය, ද පැරඩයිස්, ආයුගිරි වෙල්නස් රිසෝට් හි කාර්ය මණ්ඩලය වෙනුවෙන් හොටෙල් සීගිරිය පරිශ්‍රයේ දි 2026.11.09 දින පැවැත්විණි.

එම හෝටල් ජාලයේ ආරාධනයකට අනුව එහි ප්‍රධාන විධායක නිළධාරි එක්සත් විජේරත්න මහතාගේ අනුශාසනාවෙන් හෝටලයේ සාමාන්‍යාධිකාරි හරින්ත ජයවර්ධන, මෙහෙයුම් කළමණොකරු කුමාර මාපා මහතා සහ පරිපාලන කළමනාකරණ විශ්‍රාමික බ්‍රිගේඩියර් ලකි රේමන්ඩ් මහතාගේ ආරාධනාවෙන් පැවති මෙම දැනුවත් කිරිමේ දී අති⁣රේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල් මහත⁣ා විසින් රටට විදේශ විනිමය ගෙන එන සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙන තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සදහා යොමු වීමේ ප්‍රවනතාවයන්, ඔවුන්ගේ රාජකාරිමය හා සමාජයිය වගකිම, වගකීම රහිතව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විම තුළ රාජකාරි කිරිමේ දි සිදුවන ආදිනවයන්, රාජකාරි ස්ථානයට ඇතිවන්නා වූ හානිය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ස්වේච්ඡා පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබදව සහභාගි වූවන් දැනුවත් කරන ලදී.

තවද මෙම වැඩසටහනේ විශේෂ සම්පත් දායකයකු වශයෙන් එක් වු ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද විරසිරිවර්ධන මහතා,ඇබ්බැහිය යනු කුමක්ද, මොළයේ ක්‍රියාකාරිත්වය සහ එමගින් මත්ද්‍රව්‍ය හා විවිධ විෂමාචාරයන්ට යොමුවන ආකාරය, චිත්තවේග පාලනය,ආතති වර්ග කිරිම, චර්යාත්මක බලපෑම් මෙන්ම සුරක්ෂිත රාජකාරිමය වටපිටාවක් සඳහා උපදේශනය ලබා දීම පිළිබඳව මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය.

තවද සම්පත් දායකත්වයෙන් මෙම අවස්ථාවට එක් වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා විසින් මත්ද්‍රව්‍ය වර්ගීකරණය, තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය නිසා අත් කරගන්නා විනාශකාරී තත්ත්වයන්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක පැතිකඩ, එහි සමාජ බලපෑම, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය තත්ත්වයන් පිළිබඳව කාලීන සහ හරවත් දේශනයක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා එම ආයතනයන්හි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලය සහභාගි වන ලදි.

ஹோட்டல் துறையின் பணியாளர்களுக்கான போதைப்பொருள் தடுப்பு மற்றும் புனர்வாழ்வு தொடர்பான மூன்றாவது விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் ஹோட்டல் சிகிரியா வளாகத்தில்

புனர்வாழ்வுப் பணியகமும் பிரவுன்ஸ் ஹோட்டல் குழுமமும் இணைந்து ஏற்பாடு செய்யும், அடிமைத்தனம், போதைப்பொருள் தடுப்பு மற்றும் புனர்வாழ்வு தொடர்பான பணியாளர்களுக்கான மூன்றாவது விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம், சிகிரியா ஹோட்டல் சிகிரியா, தி பரடைஸ் மற்றும் ஆயுகிரி வெல்னஸ் ரிசோர்ட் ஆகியவற்றின் பணியாளர்களுக்காக 2026.11.09 ஆம் திகதி ஹோட்டல் சிகிரியா வளாகத்தில் நடைபெற்றது.

குறித்த ஹோட்டல் குழுமத்தின் அழைப்பின் பேரில், அதன் பிரதம நிறைவேற்று அதிகாரி திரு. எக்சத் விஜேரத்ன அவர்களின் ஆலோசனை மற்றும் வழிகாட்டலின் கீழ், ஹோட்டலின் பொது முகாமையாளர் ஹரிந்த ஜயவர்தன, செயற்பாட்டு முகாமையாளர் திரு. குமார மாபா மற்றும் நிர்வாக முகாமைத்துவப் பொறுப்பாளர் ஓய்வுபெற்ற பிரிகேடியர் லக்கி ரேமண்ட் ஆகியோரின் அழைப்பில் இவ்விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் ஏற்பாடு செய்யப்பட்டது.

இதன்போது, மேலதிக புனர்வாழ்வு ஆணையாளர் நாயகம் பிரிகேடியர் பிரசன்ன பிரியலால் அவர்கள், நாட்டிற்கு அந்நியச் செலாவணியை ஈட்டித்தரும் சுற்றுலாத்துறையில் பணியாற்றும் இளைஞர்கள் போதைப்பொருள் பாவனைக்குத் திசைதிரும்புவதற்கான போக்குகள், அவர்களின் தொழில்சார் மற்றும் சமூகப் பொறுப்புகள், பொறுப்பற்ற முறையில் போதைப்பொருட்களுக்கு அடிமையாவதால் பணியிடத்தில் ஏற்படக்கூடிய பாதிப்புகள், நிறுவனத்தின் செயற்பாடுகளுக்கு ஏற்படும் இழப்புகள், போதைப்பொருள் பழக்கத்திற்கு அடிமையானவர்களைப் புனர்வாழ்வளித்தல் மற்றும் புனர்வாழ்வுப் பணியகத்தின் தன்னார்வப் புனர்வாழ்வு செயன்முறை ஆகியவை தொடர்பாகப் பங்கேற்பாளர்களுக்கு விரிவான விளக்கமளித்தார்.

மேலும், இந்நிகழ்ச்சியின் விசேட வளவாளராகக் கலந்துகொண்ட சிரேஷ்ட உளவள ஆலோசகரும் உளவியல் சிகிச்சை நிபுணருமான வைத்தியர் சமிந்த வீரசிறிவர்தன அவர்கள், அடிமைத்தனம் என்றால் என்ன, மூளையின் செயற்பாடுகள் மற்றும் அவற்றின் தாக்கத்தினால் போதைப்பொருள் உள்ளிட்ட பல்வேறு தவறான நடத்தைகளுக்கு ஒருவர் எவ்வாறு ஈர்க்கப்படுகிறார், உணர்ச்சிகளைக் கட்டுப்படுத்துதல், மன அழுத்தத்தின் வகைகள், நடத்தை ரீதியான தாக்கங்கள் மற்றும் பாதுகாப்பான தொழில் சூழலை உருவாக்குவதற்கான உளவள ஆலோசனைகளின் முக்கியத்துவம் ஆகியவை தொடர்பாக உளவியல் ரீதியான விளக்கங்களை வழங்கினார்.

அத்துடன், வளவாளராகக் கலந்துகொண்ட பொலிஸ் போதைப்பொருள் ஒழிப்புப் பணியகத்தின் பிரதிப் பொலிஸ் மா அதிபர் திரு. அசோக தர்மசேன அவர்கள், போதைப்பொருட்களின் வகைப்பாடு, இளம் தலைமுறையினர் போதைப்பொருள் பாவனையில் ஈடுபடுவதால் ஏற்படும் அழிவுகரமான விளைவுகள், போதைப்பொருள் பரவல், போதைப்பொருள் பாவனையின் ஆபத்தான விளைவுகள், அதன் சமூகத் தாக்கங்கள் மற்றும் போதைப்பொருள் தொடர்பான சட்ட நிலைமைகள் குறித்து காலத்திற்கேற்ற பயனுள்ள விரிவுரையொன்றை நிகழ்த்தினார்.

இந்நிகழ்ச்சித்திட்டத்தில் குறித்த ஹோட்டல் நிறுவனங்களின் அனைத்துப் பிரிவுகளையும் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் பணியாளர்கள் கலந்துகொண்டனர்.

Third Awareness Programme on Addiction, Drug Prevention, and Rehabilitation for Hotel Industry Staff Held at Hotel Sigiriya Premises

Jointly organised by the Bureau of Rehabilitation and Browns Hotels & Resorts, the third staff awareness programme on addiction, drug prevention, and rehabilitation was held on 9th November 2026 at the Hotel Sigiriya premises. The programme was conducted for staff members of Hotel Sigiriya, The Paradise, and Ayugiri Wellness Resort.

Organised following an invitation from the hotel chain under the guidance of its Chief Executive Officer, Mr Eksath Wijeratne, and upon the invitation of Hotel General Manager Mr Harintha Jayawardena, Operations Manager Mr Kumara Mapa, and Manager Administration Brigadier (Retd) Lucky Raymond, the session featured an address by Additional Commissioner General of Rehabilitation, Brigadier Prasanna Priyalal. He enlightened participants on the tendencies of youth working in the foreign-exchange-earning tourism sector falling into drug addiction, their professional and social responsibilities, the adverse consequences of working while addicted to drugs, the resulting damage to the workplace, the rehabilitation of individuals affected by addiction, and the voluntary rehabilitation process offered by the Bureau of Rehabilitation.

Furthermore, Senior Psychological Counsellor and Psychotherapist Dr Chaminda Weerasiriwardena, who joined as a key resource person, provided a comprehensive psychological explanation of the nature of addiction, brain function and how it leads to substance abuse and misconduct, emotional management, stress classification, behavioural impacts, and counselling for maintaining a safe working environment.

In addition, Deputy Inspector General of Police (DIG) Asoka Dharmasena of the Police Narcotic Bureau, also serving as a resource person, delivered a timely and insightful lecture covering the classification of illicit drugs,the destructive consequences of substance abuse on the youth, the proliferation of narcotics, the dangerous aspects and social impacts of drug use, and the prevailing legal framework.

Staff members representing all operational departments of the respective establishments participated in the programme.

06/11/2026

නීතියේ රැහැනට හසුවීමට පෙර ස්වේච්ජාවෙන්ම ඉදිරිපත් වෙන්න

Address

No 462/2, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Telephone

+94112883891

Alerts

Be the first to know and let us send you an email when Bureau of Rehabilitation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bureau of Rehabilitation:

Shortcuts

Share